Buddhism

Dhammapada Wanarathna Wyakya - Thunwani Kandaya - 11-18 Warga
ධම්මපදයේ මෙම තුන්වන කොටසට අයත් වන ජරා වර්ගය, ආත්ම වර්ගය, ලෝක වර්ගය, බුද්ධ වර්ගය, සුඛ වර්ගය, ප‍්‍රිය වර්ගය, ක්‍රොධ වර්ගය, මල වර්ගය යන වර්ගයන් සඳහා වූ පෙළ, සන්නය, පරිකථා, වියරණ සහ නිදාන කථා, ඇතුළත් කරමින් මෙම පොත සැකසී ඇත. විශේෂයෙන් පිරිවෙන් පන්ති සඳහා නියමිත ග‍්‍රන්‍ථයකි. 
Rs 285.00
Dhammapada Wanarathna Wyakya Siuwana Kandaya - 19-26 Warga
 ‘‘ධම්මපදය’’ ජාති, කුල, ආගම් භේදයකින් තොර ව  ඕනෑ ම පුද්ගලයෙකුට තමනගේ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා උපදෙස් ලබාගත හැකි පොතකි. කාලයට ගැළපෙන ග‍්‍රන්ථයක් වූ මෙය දැනට ලෝකයේ විවිධ භාෂාවන් පනහකට වැඩි ප‍්‍රමාණයකට පරිවර්තනය වී තිබේ. ලෝකයේ ම විශිෂ්ටතම කෘතියක් වශයෙන් සැලකෙන මෙය නිවසට ද සිතුමිණකි. පෙළ, සන්න, පරිකථා, වියරණ, නිදාන කථා සහිතය. 
Rs 1,300.00
Dhammapada Wiwaranaya
බුදුන් වහන්සේ විසින් සත්ත්වයාගේ හිත සුව පිණිස දේශනා කරන ලද සියලූ ධර්මයන් ධම්ම පදයෙහි කැටිකොට ඇත. එහි හැම වගන්තියකින් ම උගන්වන්නේ මිනිසාගේ පරලොව සුගතියටත් ඉවහල් වන කරුණුය. බෞද්ධයන් යටත් පිරිසෙයින් දිනකට ධම්ම පදයෙහි එක් ගාථාවක් අර්ථත් සමග ඉගෙන ගන්නේ නම් වඩා යහපත් සමාජයක් ගොඩ නැංවිය හැකිය. 
Rs 2,250.00
Dhammapada Paliya saha Sinhala Dhammapadaya
හෛන්දවයනට භගවත් ගීතාව යම්සේද බෞද්ධයනට ධම්මපදයත් එසේමැයි බොහෝ දෙනාගේ පිළිගැනීමයි. අර්ථ සලකමින් මෙහි ගාථා නිතර සජ්ඣායනා කරන තැනැත්තා කලෙකදී ධර්මය අතින් හොද වැටැහුමක් ඇති ශ්‍රද්ධා බුද්ධි සම්පන්නයෙක් වෙයි. 
Rs 620.00
Dhammapada Samajaya - 1
ධම්මපද සමාජය-1 - බුදුන් වහන්සේගේ ධර්මාවාද රැසක් අඩංගුවන ධම්ම පදය ඇසුරෙන් පූජ්‍ය පාතේගම ඤාණිස්සර හිමියන් සමඟ හේමමාලා රන්දුනු විසින් කරන ලද සාකච්ඡා තුළින් රචිත බුදුසරණ පුවත්පතේ පළවූ ලිපි පෙළක එකතුවකි ධම්මපද සමාජය
Rs 250.00
Pattana Maha Prakarana Sannaya
බුදුන් වහන්සේ හේතුඵල දේශනය සිදු කර ඇත්තේ එක් ක්‍රමයකට නොව ක්‍රම තුනකිනි. එනම් ආර්ය සත්‍යය ක්‍රමය, පටිච්ච සමුප්පාද ක්‍රමය සහ පට්ඨාන ක්‍රමය යනුවෙනි.  එලෙසම පටිච්ච සමුප්පදාය තුළ ද දොළොස් ආකාර වූ හේතුඵලයන් දක්වා ඇත. එහෙත් ඒ කිසි තැනක තෘෂ්ණාව ආදි ධර්‍ම ඵලයට හේතුවන සැටි විනා එලෙස හේතුවන්නේ ඇයි දැයි විස්තර කර නොමැත. නමුත් පට්ඨාන ප්‍රකරණය යනු එලෙස කුඩා ධර්‍ම කොටසක නොනැවතී සිට සෑම හේතුඵල ධර්‍මයන් පිළිබඳව ම බුදුරදුන් කර ඇති දේශනාවයි. මෙය හුදෙක් තවත් ග්‍රන්ථයක් නොව මෙය ඉතා ගැඹුරු වූ ද විශාල වූ ද ධර්‍ම කොටස් නොයෙක් ක්‍රම මගින් විස්තර කොට ඇති හේතුඵල දේශනයයි. එබැවින් නුවණැත්තන් කියවා අවබෝධ කර ගත යුතු ග්‍රන්ථයක් වන මෙම පට්ඨාන ප්‍රකරණ ග්‍රන්ථය  ඉතා ගැඹුරු වූ අර්ථ ඇති බැවින් අවබෝධයෙන් යුක්තවම කියවීම ඉතා වැදගත්ය.මක්නිසාද යත් මෙය එකී පට්ඨාන ප්‍රකරණ පාලි ග්‍රන්ථයට නිර්මාණය කරන ලද සිංහල අනුවාදය බැවිනි.
Rs 1,500.00
Sasanawatharanaya
වර්තමානයේ පැවිදි භූමියට ඇතුළත් වන්නවුන් ඉතා අල්පය. එලෙස අල්ප වූ පිරිසගෙන් ද මෙම පැවිදි දිවිය දිවි ඇතිතෙක් ගත කරන්නෝ ද සීමිතය.  එයට ප්‍රධාන හේතුව වන්නේ පැවිදි ජීවිතයේ ඇති වටිනාකම අවබෝධ කර නො ගැනීමයි. ඒ සඳහා සුදුසු ගුරූපදේශයන් නො ලැබීමයි. ශාසනාවතරණය නම් වූ මෙම ග්‍රන්ථය මගින් පැවිදි වන්නට බලාපොරොත්තු වන්නන්ට ද පැවිදිව ජීවිතය ගත කරන කුඩා සාමණේර භික්ෂුවගේ සිට වැඩිහිටි භික්ෂූන් දක්වාම පැවිදි දිවියේ ඇති වටිනාකම මනාව පැහැදිලි කර දෙයි. පැවිදි දිවිය පිළිබඳ අවබෝධය වැඩි වන්නට වැඩි වන්නට මෙම එහි ඇල්ම ඇති කොට ගෙන වැඩ කටයුතු කෙරෙයි. එහෙයින් මේ ග්‍රන්ථය හැකි සෑම අවස්ථාවකම ගිහි දායක පක්ෂය විසින් සෑම භික්ෂූන් වහන්සේ නමක් වෙතම පූජා කිරීමට උත්සාහ කිරීම ඉතා පින් වැඩෙන පින් කමකි.
Rs 790.00
Shasanavataranaya
What is the purpose of becoming a bhikkhu? How should one get about being a bhikkhu? What are the rituals and meditations which one should observe as a bhikkhu? How should a bhikkhu prepare his robes and behave when accepting alms? – The learned thera explains all, which has been translated into lucid English by D.J. Percy Silva. It is a handbook to be cherished by all the bhikkhus in the Theravada tradition.
Rs 415.00
Dimensions Of Buddhist Thought
This book comprises Francis Story’s contributions to the two serial publications The Wheel and Bodhi Leaves, which belong to his best and most mature writing. With its rich and variegated contents, this book may well serve as an introduction to the Buddha's teachings.
The Buddha once said that his Teaching has only one taste, that of liberation. Yet, being a Teaching of Actuality, Buddhism has also dimensions extending to wide fields of human life and thought. Some of them are mirrored in the essays of this volume. These wide-ranging and penetrative writings offer, therefore, many stimulating approaches to Buddhist thought and its application to problems of our time.
Rs 575.00
Facets Of Buddhist Thought Collected Essays
K.N. Jayatilleke was one of the best-known Buddhist scholars in Asia. This book presents a brilliant account of of Theravada Buddhism and embraces a wide variety of themes ranging from the birth of Buddhism to the Buddha’s prophetic teachings regarding the future of mankind.....
Rs 700.00
Being Nobody Going Nowhere
This popular book explains in simple and accessible language the fundamentals of meditation practice; by the well-known German nun. “This jewel of a book is full of sound practical advice for treading the Buddha's way.” (The Middle Way)
Rs 300.00
Dhathu Saha Butha
සතර මහා භූතයන්ට අනුරුප පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ධාතු සමුහයත් අවකාශය නිරුපනය කරන ආකාශ ධාතුව සහ මනස මුල් කරගෙන ක්‍රියාත්මක වන විගණන ධාතුව ද අඩංගු ධාතු කොටස් 6ක් පිළිබඳව ධර්මයේ සඳහන් වේ. එයද සමග මෙම ධාතු කොටස් එක් වීමෙන් සෑදෙන භූත යන ලක්ෂණය පිළිබඳව මෙහිදී විග්‍රහ කරනු ලබයි.
Rs 195.00
Out-of-Stock
Sathara Paramartha Dharma Wigrahaya
Out-of-Stock
බුදු දහමේ සම්පූර්ණ වශයෙන් ඇතුළත් වන විනය පිටකය, සූත‍්‍ර පිටකය, අභිධර්ම පිටකය යන ත‍්‍රිපිටකයට අයත් අභිධර්මයත්, අභිධර්මයෙහි ප‍්‍රධාන වශයෙන් අඩංගු වන චිත්ත, චෛතසික, රූප, නිබ්බාන යන පරමාර්ථ ධර්ම සතරත් ඉතා පැහැදිලි ලෙස මෙහි විස්තර කර තිබේ. මෙම පොත කියවීමෙන් එම අභිධර්ම පිටකය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගත හැක. එසේම සිත දියුණු කර ගැනීම තුළින් නිවන් අවබෝධ කර ගැනීමේ පිළිවෙල සහ ඊට අනුගත වන ආකාරය ද මෙයින් පැහැදිලි වේ. නිවන් අවබෝධය අපේක්ෂිත සෑම අයෙකු විසින් ම කියවිය යුතු පොතකි. 
Abhidharmaye Mulika Karunu
අභිධර්මය මනාව ඉගෙනීමට නම් අභිධර්මය පිටකය මැනවින් හදාළ යුතුය. එහෙත් එය කළ හැකි ඉතා අපහසු කාරණාවකි. අභිධර්‍මය යන්න වචන පමණකින් අවබෝධ කළ නොහැක්කකි එබැවින් ඒ සඳහා ගුරූපදේශ සහිතව අභිධර්‍මය උගත යුතුය. ඒ සඳහා ශ්‍රී ලංකාවේ නිර්මාණය වී ඇති පත පොත අතරින් මේ අභිධර්මයේ මූලික කරුණු ග්‍රන්ථය පළමු පියවර වේ. අභිධර්මය පිළිබඳ ඉගෙන ගන්නා කෙනෙකුට ඒ පිළිබඳව පිරිසිදු මූලක දැනුමක් අවශ්‍යය වේ එය මේ පොතින් සම්පූර්ණ වේ. තවත අභිධර්‍මය පිළිබඳ කරුණු පහසුවෙන් අවබෝධ කර ගැනීමට වචන මාත්‍රයක් පමණක් ම නොකියා ධර්‍ම විස්තර ද මෙම ග්‍රන්ථය තුළ සඳහන්ව ඇති බැවින් අභිධර්‍මය ඉගෙන ගන්නා කාහට වුවද මෙය අභිධර්‍ම අත්පොතක් ලෙසට භාවිතා කළ හැකිය.
Rs 430.00
Wanchaka Dharma Ha Chiththopalesha Dharma
සිතේ ඇතිවන සිතුවිලි පිළිබඳ නිවැරදි අවබෝධයක් සම්මුති සත්‍යය තුළින් දැකිය නොහැකිය. එහෙත් බුදුන් වහන්සේ ඒ පිළිබඳ පරමාර්ථ සත්‍ය තුළින් පැහැදිලි කරන ලදී. එය අභිධර්‍මය ලෙස හඳුන්වයි. වඤ්චක ධර්‍ම යනු එවැනිම පරමාර්ථ සත්‍යයකි. එ
Rs 480.00
Abhidharmartha Pradeepika - 01
අභිධර්ම පිටකයට අයත් ග්‍රන්ථ හතෙහිම පරමාර්ථයන් සරල සිංහල බසින් ලියා ඇති පොතකි. පාලි පෙළ-සිංහල අනුවාදය, විස්තර වර්ණනා යන අංග තුනෙන්ම සම්පුර්ණ මෙම ග්‍රන්ථය අභිධර්මය ඉගෙන ගන්නා අයට සහ උගන්වන අයටද එකසේ ප්‍රයෝජනවත් ය. 
Rs 3,350.00
Kamma Wacha
 කම්ම වාචා - විනය පිටකයට අයත් ග‍්‍රන්ථයන් වන අතර විශේෂ පොතක් ලෙස සැකසී ඇති ‘‘කම්මා වාචා’’ පොත සංඝයා වහන්සේලාගේ විනය නිසි අයුරු පවත්වාගෙන යාම සඳහා සැකසුණකි. එම විනය කර්මවලදී භාවිත වන පාලි පාඨයන් මෙහි සඳහන් වේ. 
Rs 400.00
Out-of-Stock
Wahalaya Galavanna
Out-of-Stock
උපසපන් භික්ෂුවක් විසින් හික්මිය යුතු භික්ෂු ප්‍රාතිමෝක්ෂයට අයත් සිල්පදයන් ගැන විස්තර සහිතව විනය හදාරන්නෙකුට ඉතා පහසුවෙන් සිල් පද ගැන අවබෝධයක් ගැනීමට හැකිවන අයුරින් ඉතා සරලව කරුණු පැහැදිලි කරමින් රචිත පූජ්‍ය ඇස්වත්තේ රේවත හිමියන්ගේ වහලය ගලවන්න කෘතිය විනය කරුණු හදාරන්නන්ගේ හස්තසාර ග්‍රන්ථයකි. 
Vinaya Karma Athpotha
මෙම ග‍්‍රන්ථය ශාසනික භික්‍ෂු විනය කර්ම හා භික්‍ෂු ජීවිතයේ මූලිකව භාවිතා වන වත්පිළිවෙත් පිළිබඳ ලියැවූ ග‍්‍රන්ථයකි. සාමණේර භික්‍ෂුවක්ව කුල දරුවෙකු ශාසනයට ඇතුළු කරගන්නාවූ විනයට අදාළ ක‍්‍රියා පිළිවෙත හා එබª සාමණේරවරයෙකු විසින් දෛනිකව ඉටුකළ යුතු වත් පිළිවෙත්ද, ස්ථිර පැවිද්ද හෙවත් උපසම්පදාවේදී අනුගමනය කළ යුතු විනය පිළිවෙත හා උපසම්පන්න භික්‍ෂූවකගේ දෛනිකව හා සුලබ ව යෙදෙන වත් පිළිවෙත්, විනය කටයුතු පිළිබඳව ද කරුණු සංගෘහිත ග‍්‍රන්ථයකි.   
Rs 200.00
Heranasika Ha Heranasika Winisa
හෙරණ සිඛ හා හෙරණ සිඛ විනිස - හෙරණ පැවිද්දකු විසින් අත්හළ යුතු වැරදි හා පිළිපැදිය යුතු ගුණධර්ම පිළිබද අවබෝධයක් ලබාදීම මෙම කෘතියේ පරමාර්ථයයි. පිරිවෙන් අධ්‍යාපනය සඳහා නියමිත මෙම පොත ගුරු ශිෂ්‍ය දෙපක්‍ෂය ම අනිවාර්යෙන් කියවිය යුත්තේ විනය, ශාසනයේ පැවැත්ම සඳහා අවශ්‍ය වන බැවින් පමණක් නොව දැනුම දියුණු කර ගැනීම ද අත්‍යවශ්‍ය බැවිනි. වර්තමාන පැවිදි ජීවිතයේ සඵලත්වය අපේක්ෂා කරන හැම කෙනෙකු විසින් ම කියවිය යුතු පැරණි විනය නීති සංග‍්‍රහයකි.
Rs 60.00
Bauddha Kantha Pewidi Sampradaya
බුද්ධාගම තුළ කාන්තාවන්ට ඇති තත්වය පිළිබඳ පැහැදිලි අවබෝධයක් බටහිර ලෝකයෙහි නොපවතින බැවින් ඒ සඳහා රචනා කළ Buddhist Nuns: the Birth and Development of a Women's Monastic Order නම් කෘතියෙහි සිංහල පරිවර්තනය ලෙස මෙය හඳුන්වා දිය හැක.
Rs 300.00
Upasampada Seelaya
සාමණේර දස ශීලය ආරක්ෂා කරන සාමණේර භික්ෂු නම විසිවයස් සම්පූර්ණ වූ පසු අධි ශීලයෙහි පිහිටුවීම මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් සිදු කරනු ලබයි. මෙම අධිශිලයට පත්වීම උපසම්පදාව ලෙස ව්‍යවහාර කෙරෙත්. වර්තමානයේ සම්බුද්ධ ශාසනය තුළ සිදු කරනු ලබන ඉහලම විනය කර්මය ලෙසට ද මෙම උපසම්පදා විනය කර්මය හැඳින්වෙයි. කෙසේ නමුදු ගත පැවිදි කළ හැකි වුවද සිත පැවිදි කිරීම නම් අමාරු කටයුත්තකි. එලෙසම උපසම්පදාවෙහිද එම කටයුත්ත ඉතා අපහසුය. ගත උපසම්පදා කිරීම මහා සංඝරත්නය සිදු කළ ද සිත උපසම්පදා කිරීම නම් ඒ පිළිබඳ අවබෝධයෙන් සිදු කළ යුතුය. එනිසා මෙම උපසම්පදා ශීලය මගින් එකී සිත උපසම්පදා කිරීම සඳහා අවශ්‍යය වන අවබෝධය එකදු අකුරක් නෑරම පැහැදිලි කරයි. උපසම්පදාපේක්ෂකයා හට ද උපසම්පදාවට පත් වූ භික්ෂුන් හට ද එකසේ වැදගත් වන ග්‍රන්ථයක් ලෙසට මෙම උපසම්පදා ශීලය හැඳින්විය හැකිය. 
Rs 760.00
Vinaya Karma Potha
‘‘විනයො නාම සාසනස්ස ආයු“ විනය යනු බුද්ධ සසුනේ ආයුෂයයි. මෙහිදි මෙම විනය කර්‍මයන් ආවට ගියාට සිදු කිරීමක් නැත්තේය. නිවැරදි ලෙස සීමා බන්ධනය කොට විනය කර්‍මයන් සඳහා සුදුසු විනයධර භික්ෂූන් එක්ව එකී විනය කර්‍මයන් සිදු කරයි. එයට හේතුව නම් විනය කර්‍ම සිදු කරන අවස්ථාවන්හි දී විනයාගත ක්‍රම නොඉක්මවා ඉතා පිරිසිදු ලෙසම එය කළ යුතු බැවිනි. මෙලෙස ඉතා පිරිසිදු ලෙස විනය කර්‍මයන් සිදු කරන්නට ඒ පිළිබඳව මනා අවබෝධය අවශ්‍යය වේ. පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රදායන් රැකගෙන විනය කර්‍මයන් සිදු කරනු ලැබුව ද අද වන විට සමහරක් භික්ෂූන් විසින් ශාසන විනයේ ස්වභාවය නොදැන විනය කර්‍ම සිදු කිරීම හේතුවෙන් අවිනය පැතිරීමේ අවස්ථාවන් ඇත. එකී අවස්ථාවන් මඟ හැර දන්නා සහ නොදන්නා හැමට සම්බුද්ධ ශාසනය තුල වූ විනය කර්‍මයන් පිළිබඳ අවබෝධයක් සහ එම විනය කර්‍මයන් පිරිසිදු ව සිදු කරන අකාරය පිළිබඳ ව ද මෙම විනය කර්‍ම ග්‍රන්ථය මගින් දැනගත හැකිය. 
Rs 590.00