Buddhist & Other Novels

Sil Suwada
"ඔබ බ්‍රහ්මචරියාව රකින බවට හා සත්‍යවාදී වන බවටත් ප්‍රතිඥා දී තිබෙනවා?" 
"මම පින්තූරය බැලුවා පමණයි ලොකු හාමුදුරුවනේ." 
"බලා එය සිතින් හැලුවා නම් කමක් නැහැ. එය මගෙන් වසංකොට මුසා බස් ද දෙඩුවා නොවැ? මම ඔබට සෙසු බොහෝ උපාධ්‍යයන් වහන්සේ මෙන් නිරතුරුව කෙවිටිකරන්නේ, දොසක් දුටුවිට බැණවදින්නේ නැහැ නොවැ? මම ඔබට සපයා ඇත්තේ අවවාදයට වඩා ආදර්ශය යි. ඔබ නොසංසුන්. සංසුන්වන්න ආනන්ද. සිත පැවිදි කරන්න. පැවිද්ද බන්ධනයකැ යි සිතෙනවා ඇති? ගිහි ජීවිතය සුන්දර යයි මිහිරි යයි හැඟෙනවා ඇති? ඒ හා ඇලෙන්නත් ආසාවෙන් පසුවෙනවා ඇති? එසේ නොවේ ද ආනන්ද?"... ජයසේන ජයකොඩි මහතාගේ නව කතාවකි.
Rs 900.00
Sudu Neluma
"මායිම් ගම්මානෙක අනාථ දැරියක බව සොයිසා මහතාගෙනුයි දැනගන්න ලැබුණෙ." 
"ඒ වගක් හාමුදුරුවොත් දන්නව එහෙනම්? මගේ මහත්තයා මේකිට අනුකම්පාකරලා උස්සාගෙන ආවෙ නැත්නම් මෙලහට මේකිගෙ ඇටකටුත් නෑ. කරුමදන්ඩක් හාමුදුරුවනේ! මේකිගෙ පවට වෙන්න ඇති පවුලෙ ඔක්කොම කොටි මරාදාන්න ඇත්තෙ. මේකි ඉන්න ගමකටවත් හොඳක් වෙන්නෙ නෑ. හෙට අනිද්දා ළමිස්සි වුණාම මට මුරදාන්නයි වෙන්නෙ." 
"මහත්මියගෙ කැමැත්ත මේ දැරියගෙන් අත්මිදීම ද?" 
"මේකිට මා අතින් මොනව වෙයි ද දන්නෙ නෑ." 
මෙතෙක් වේලා දොර මුල්ලේ ගුලි ගැසී හුන් දැරිය තෙරණුවන් වෙත දණගාමින් පැමිණ පෙරළුණාය. 
"අනේ හාමුදුරුවනේ මේ නෝනා ළඟට මට යන්න බෑ! මට කවුරුවත් නෑ. මාව මරාවි! මේ පන්සලේ මාව තියාගන්න හාමුදුරුවනේ."  ජයසේන ජයකොඩි මහතා විසින් රචිත නව කතාවකි  "සුදු නෙළුම්".
Rs 750.00
Thera Tharanaya SUDU NELUMA -2
තෙර තරණය (සුදු නෙළුම-2) - ඉතාමත් රසවත් නවකතා මාලාවක අවසානය සනිටුහන් කරනු ලබන කතුවරයා රාහුල හිමියන්ගේ චරිතය බෞද්ධ භික්‍ෂුවකගේ අවැසිම සෑම පැතිකඩක්ම පාඨක ඔබ අපට ඉදිරිපත් කිරීමෙහිලා ගෙන ඇති වෑයම අති සාර්ථක වේ.

Rs 450.00
Out-of-Stock
Suwa Asapuwa
Out-of-Stock
සුව අසපුව - ජයසේන ජයකොඩි මහතා විසින් රචිත  මෙම පොත දයාවංශ ජයකොඩි ප්‍රකාශනයකි.
Araliya Mal Aramaya
අරලිය මල් ආරාමය - ජයසේන ජයකොඩි මහතා විසින් රචිත පිච්ච මල නවකතා මාලාවට අයත්  තවත් නව කතාවකි 'අරලිය මල් ආරාමය'.  නව කතා කියවීමට ප්‍රිය ළමා, වැඩිහිටි පාඨකයනට මෙය ද කදිම ග්‍රන්ථයක් වේ.
Rs 650.00
Mahamera
"අර ගෑනි මහ හදිස්සියකට වාගේ  දුවගෙන අවිත්, කවුරු එනවා කියල ද කිව්වේ හාමුදුරුවනේ?" 
"පාදිලිතුමෙක්" 
"මොනවා හාමුදුරුවනේ... පාදිලියො පන්සල්වලට එනවැයි?" 
"කාරි නෑ නොවැ. ඉස්සර මේ අපේ උන්නාන්සේලයි ඒ ඇත්තොයි අතර වාද භේද වාද විවාද බොහොමයි. දැන් ඒවා සමනය වෙලා ඇයි හොඳයිකම් පවා පවත්වනවා. මම ඒ ඇත්තොත් එක්ක තවමත් කතාබහ කර නැහැ. නමුත් එ් ඇත්තො දැනුම් තේරුම් තිබෙන යහපත් උදවිය බව අසා තියෙනවා." 
"ඕකනෙ කියන්නෙ... ඕනෑ වසවර්තියෙක් හාමුදුරුවන්ට හොඳයි. මං අහගෙනයි. පියදාසටත් එන්නෙයි කියලා කියනවා? ඌ එදා කියාපුවා හාමුදුරුවන්ට මතක නම් එන්නෙයි කියලා කියනව ද එහෙම?" 
"මට ඒවා අමතක යි සිංඤප්පු උන්නැහැ."   ජයසේන ජයකොඩි මහතා විසින් රචිත ග්‍රන්ථයකි.
Rs 550.00
Out-of-Stock
Pichchamala
Out-of-Stock
පිච්චමල - නවකතා මාලාවේ පළමුවැන්න මෙය වේ. රසවත් ගැමි බස් වහරක් යොදා ගෙන රචිත මෙය ඕනෑම අයෙකුට කියවා රස විඳිය හැක. මෙයට පසුව එන අරලිය මල් ආරාමය හා බැදේ.
Sen Bodu Katha
සෙන් බොදු කතා - පරිණත ලේඛකයෙකු වූ පර්සි ජයමාන්න තම මාධ්‍ය වූ පුවත්පත් කලාවෙන්, කර්තෘත්වයෙන් එදා මෙදා තුර ගිණිය නොහෙන පිරිසකට අතහිත දුන්නේය. 'නස්රුදීන් සහ සුෆී' උපමා කතාවන්ගෙන් අපට අර්ථවත් රසයක් දායාද කළ මේ ලේඛකයා සෙන් දහම සම්බන්ධ සුනිශිත කතා පෙළකින් පාඨකයාට අනර්ඝ සංග්‍රහයක් කරයි. ධ්‍යාන නම් වූ අර්ථ විශද කරන සෙන් කතා ලෝකයේ බොහෝ දෙනෙකුට සැනසීම සැහැල්ලුව හා ඤාණ මාර්ගය විවෘත කර ඇත. විවෘත මනසකින් මේ කතා කියවා රස විඳින කලිහි පාඨකයාගේ ගුණ නැණ අවදි වෙයි. සිත කය වදන යන තුන්දොර සංවර වෙයි. ශික්ෂිත පුද්ගලයා තමන්ටත් ලෝකයාටත් මහඟු දායාදයකි. සරලව සිංහල බසට නඟා ඇති මේ සෙන් බොදු කතා දැඩි රුචියෙන් කියවා බලා එහි රසරුත් උකහා ගත හැකි ය. මේ මනරම් කතා කියවන පාඨකයාට ලැබෙන ප්‍රයෝජන අපමණ ය. 
Rs 750.00
Dharmaya Soya Walata Giya Palakaya
ධර්මය සොයා වලට ගිය පාලකයා - බෞද්ධ සාහිත්‍ය ඇසුරින් ලියැවුණ සදහම් කෙටිකතා එකතුවක් ලෙසින් මෙම කෘතිය සෝමා ජයකොඩි මහත්මිය විසින් රචනා කොට ඇති අතර මෙහි එන කතා ඉරිදා දිවයින සංග්‍රහයෙහි ද වරින් වර පළ විය.
Rs 200.00
Out-of-Stock
Nanda Ha Sarana
Out-of-Stock
නන්ද හා සරණ - ප්‍රවීණ නවකතාකාරියක වන අනුල ද සිල්වා විසින් රචිත නන්ද හා සරණ කෘතිය 2015 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොදම යොවුන් නවකතාවට හිමි සම්මානය දිනා ගනු ලැබිණි
Out-of-Stock
Vijayaba Kollaya
Out-of-Stock
විජයබා කොල්ලය - ඩබ් ඒ සිල්වා සූරීන්ගේ සැම දෙනා අතරම ප්‍රසිද්ධ විශිෂ්ටතම කලා නිර්මාණයකි. 
Lanka Urumaya
ලංකා උරුමය - ලංකා උරුමය නම් ග්‍රන්ථය ලංකාද්වීපයේ අතීත කතාවන් ඉතාමත් රසැති බස යොදා ගනිමින් ඕනෑම අයෙකු සඳහා කියවා තේරුම් ගත හැකි වන පරිදි ලියැවුණු අගනා කෘතියකි.
Rs 200.00
Out-of-Stock
Asha Nirasha
Out-of-Stock
 ආශා නිරාශා - ඉතා සරළ - නූතන සමාජයට බෙහෙවින් සමීපවන කෙටි කථා ශෛලියෙන් ලියන ලද කෙටි මාතෘකා විසි දෙකකින් සමන්විත කෙටි කතා මාලාවකි.ආශා-නිරශා ග්‍රන්තයෙහි රාග ද්වේශ මෝහ යන අකුසල් මූලික සිත් තුළ පැලපදියම්ව ඇති කෙළෙස් මල මගහරවා ගැනීම අපේක්ෂාවෙන් , බොදු දිවි පෙවෙතට අනුගතව ලියන ලද කථාවත්ථු අවසානයේ කිසියම් උපදේශයක් ආදර්ශයක් මතු කරනු ඇත.
Out-of-Stock
Amma
Out-of-Stock
"අම්මා" රුසියානු හා ලෝක සාහිත්‍යයේ උසස් තැනක් දරණ මාහැඟි කෘතියකි. අද වුව ද එය විප්ලවවාදී සාහිත්‍යයේ මුදුන් මල්කඩකි. ලෝක සාහිත්‍යයේ පළමුවැනි වරට අතිශයින්  ම පැහැදිලි ලෙසත්, කම්කරු පන්තියේ ජීවන තතු පැහැදිලි කළ පළවැනි කෘතිය "අම්මා" ය. ශ්‍රේෂ්ඨ  ඔක්තෝම්බර් සමාජවාදී විප්ලවයේ නායකයාණන් වූ වී.අයි. ලෙනින් "අම්මා" දෘෂ්ටිමය හා දේශපාලනමය අතින් දැවැන්තමය වැදගත් කමක් උසුලන බැව් පැවසීය.
Out-of-Stock
Himalaye Vismitha Sudu Thausa
Out-of-Stock
හිමාලයේ විස්මිත සුදු තවුසා - ආධ්‍යාත්මික ගවේෂක පෝල් බ‍්‍රන්ටන් මේ කෘතියෙන් විස්තර කරන්නේ ඉකුත් ශත වර්ෂයේ තුන්වැනි දශකය ආරම්භයේ දී පමණ තම අවසන් චාරිකාව වූ කෛලාස කූඨ වන්දනාවට තිබ්බත රජය අවසර නොදීම නිසා ඔහු හිමාලයේ උස් කදු මුදුනක පිහිටි පාළු කැලෑ බංගලාවකට වී බවුන් වැඞීමේ දී ලද අසාමාන්‍ය අත්දැකීම් හා පසුව එහි සිට ප‍්‍රතාප්නගර් දක්වා වග වලසුන් ගහණ මහ වනය හරහා තරු එළියෙන් අසු මෙහෙයවමින් හුදකලාව නුහුරු පටු මංපෙත් ඔස්සේ දල බෑවුම්, ගිරි දුර්ග පසු කරමින් සිදු කළ අතිබිහිසුණු ගමන හා ඉනික්බිතව ලද විස්මිත අත්දැකීම් ආදියයි.
Out-of-Stock
Beddegama
Out-of-Stock
”බැද්දේගම” සිංහල ජන දිවිය ඇසුරු කොට ලියන ලද ඉංගී‍්‍රසි නව කථාවන් අතුරෙන් ශ්‍රේෂ්ඨතම කෘතිය බව විචාරකයන්ගේ පිළිගැනීමය. මෙහි චරිත නිරූපණය කොතරම් මනහරදැයි කිව මනා නොවේ. සිනමා සිත්තමට ද නැගුණු විශිෂ්ට නවකතාවකි.
Diwa Mal Diwa Salu
දිව මල් දිව සළු - මෙම පොතට ඇතුළත් වන්නේ සිංහල බණ කථා ය. එසේ කියන්නේ දන්දීම්, සිල් රැකීම්, බණ ඇසීම්, භාවනා කිරීම් ආදී පින්කම්වල ආනිසංස වශයෙන් මිනිස් ලොව භවභෝග සම්පත් ද දෙව් ලොව දිව්‍ය සම්පත් ද සෝවාන් ආදී මාර්ගඵල ද වෙන වෙන ම අත්පත් කර ගත් සිංහල දරුවන්, කුලස්ත්‍රී පුරුෂයන්, උපාසක උපාසිකාවන්, භික්ෂුණීන් පිළිබඳ කථා ප්‍රවෘත්තින් මෙම කථාවල ඇතුළත් වන නිසා ය. 
Rs 220.00
Out-of-Stock
Yati Hithaka Hati
Out-of-Stock
යටි හිතක හැටි - මෙම නවකතාවට පාදක කොට ගෙන ඇත්තේ ග්‍රාමීය පරිසරයක සැදී වැඩුණු තරුණයකු හා ධනවත් පවුලක තරුණියක වටා ගෙතුන කතාන්දරයකි. මෙම ග්‍රන්ථය ස්වාමීන් වහන්සේ 1966 - 1969 අතර කාලයේ මැගසින් බන්ධනාගාරයෙහි වැසිටින කාලයේ ලියන ලද්දකි.
Out-of-Stock
Gum
Out-of-Stock
ගුම් - 2019 වර්ෂයේ ස්වර්ණ පුස්තක අවසන් පොත් පහ අතරට නිර්දේශිත නවකතාව මෙය වේ. බටුවන්ගල රාහුල හිමියන්ගේ තවත් සාර්ථක කෘතියක් ලෙස මෙය හඳුන්වා දිය හැක.
Elara Rajjuruvange Muwa Dadayama
එළාර රජ්ජුරුවන්ගේ මුව දඩයම - ලිඛිත ඉතිහාසයෙන් වසං වූ ජනකතාවලින් ඉස්මතුවන එළාර රජුන් හා ඔරුක්මාන්කුලම වැව සම්බන්ධ රැස් කරගත් ජනශ්‍රැති ඇසුරු කර ගනිමින් මහින්ද කුමාර දළුපොත විසින් රචිත නවකතාවකි එළාර රජ්ජුරුවන්ගේ මුව දඩයම.
Rs 380.00
Mahamolakarayo
මහමොළකාරයෝ -පාසල් වියේ සුන්දරත්වය, දඟකාරකම්, දුෂ්කර අවස්ථාවන්ට මුහුණ දෙන අයුරු කියවෙන අසංක මෙන්ඩිස් මහතාගේ මහ මොළකාරයෝ නවකතාව කොළඹ ප්‍රධාන පෙලේ පාසලක සිසු පිරිසක් වටා ගෙතී ඇත.
Rs 500.00
Out-of-Stock
Mahe Sakkiya
Out-of-Stock
මහේ සාක්කිය - දාඨාසේන යෝධයා එලාර දුටුගැමුණු යුද්ධයේ දී රුහුණ මාගම බල සේනාව වෙනුවෙන් සුවිශේෂ කාර්ය භාර්යක් සිදුකළ අයෙකි. කාවන්තිස්ස යුගයේ සිට අත්දැකීම් බහුල සෙන්පතියෙකු වු ඔහු දසමහ යෝධයන් කිහිප දෙනෙකුගේ ම ගුරුවරයෙකි. කල්යත්ම රාජ උදහසට ලක්වන හේ දිවි බේරා ගැනීමට දඹදිව‌ට පැන යයි. 'රසවාහිනිය' නම් ධර්ම ග්‍රන්ථයේ සඳහන් අයුරින් ඇතෙකු ලවා පාගවා මරා දැමීමට නියමිතව සිටි දාඨාසේන යෝධයා බුදු සසුනේ පැවදිව රහත් භාවයට සපැමිණි අයෙකි. පෙරලා යළි කිසිදු දිනෙක ලක්දිවට නොපැමිණි හෙතෙම උන්මාදනීය යුධ වියරුවේ සිට වීතරාගයේ අමයුර දක්වා පැමිණි මගත් ඒ හා තදනුබද්ධ වූ යථාර්ථයෙහි ද, මායාවෙහි වෙලී බැඳුනු සිද්ධි දාමයන‍ක් 'මහේසාක්කිය'  නව කථාවට ප්‍රස්තුත වීය. 
Charitha Thunak
චරිත තුනක් - මේ නවකතාවෙන් කියැවෙනුයේ පුද්ගලයන් තිදෙනෙකු ගැනය. පිටිසරබද පවුල් බොහොමයක මේ තිදෙනා දක්නට ලැබෙන නමුත් කතුවරයා උත්සාහ කර ඇත්තේ ඔවුන් තිදෙනාගේ මනුෂ්‍යත්වය පිළිබද මූලික ලක්ෂණ නිරූපණය කිරීමට ය.
Rs 1,000.00