Home

New
Srimad Bhagavadgeethave Katha
අනුවාදකගේ සටහන
අධ්‍යාය 18කින් යුතු මහාභාරත මහා කාව්‍යයේ - ලෞකික අංශයේ- නොවෙනස් අනෙත් අංගය ´භගවද්ගීතාව' යි. මෙය භාරතයේ 'දේශීය ග්‍රන්ථය' ද වේ. ජීවනයේ ආධ්‍යාත්මික අංශය ගැන විස්තර කර ඇති මෙහි ශ්ලෝක සංඛ්‍යාව 700 කි. ශ්‍රී කෘෂ්ණ හා අර්ජුන අතර 'මහා භාරතයේ' භීෂ්ම පර්වයේදී ඇති වූ කථා-බස් ගැන විස්තරය මෙයට පාදක වේ.මෙහි අධ්‍යාය සංඛ්‍යාව ද 18 කි. මේ එක-එක අධ්‍යායයෙහි ඇතුළත් ගීතාඥානය පිළිබඳ අධ්‍යයනය, ශ්‍රවණය හා ජීවනයෙහි දරා සිටීම, ගායනය, ආධ්‍යාත්මික අභ්‍යාස මගින් භාවිතය වැනි ක්‍රියාකාරකම් මගින් මෙලොව වශයෙන් සෞභාග්‍යයත්, පරලොව වශයෙන් වෛකුණ්ඨ ධාමයත් හිමි වන විසිතුරු ස්වරූපය මෙහි ඇතුළත් කථා මගින් නිරූපණය වේ.
Rs 1,100.00
New
Chandolankara
පෙරදිග සාහිත්‍ය විචාරය හදාරන විද්‍යාර්ථීන්ගේ ප්‍රයෝජනය උදෙසා සම්පාදිත, ඡන්දස් හා අලංකාර පිළිබඳ මූලාශ්‍රය සාකච්ඡා කෙරෙන මෙම කෘතිය ප්‍රාථමික මූල ග්‍රන්ථාශ්‍රිත විමර්ශනයකි.
Rs 1,121.00
New
Lankave Adi Kalinga Janavasa Matha Mathu Wu Uthure Dravida Shishtacharaya
ලංකාවේ උතුර - නැගෙනහිර වෙසෙන ද්‍රවිඩ ජනයා දැවැන්ත ඉතිහාස විකෘතියක් නිසා අන්‍ය ජාතියක් ලෙස ජිවත් වන මෙරට කාලිංග වැසියෝය. ක්‍රි.පූ. 260 අශෝක රජුගේ කාලිංග යුද්ධයේ දී තම තමන්ගේ ජීවිත ආරක්ෂාවට ලංකාවට පමණක් නොව අග්නිදිග ආසියාව දක්වා ඔවුහු ගියහ. අශෝක රජු නොමග යැවෙන සේ තමන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට ඔවුන් මෙහිදී කතා කළේ දෙමළ බසයි. මේ ඉතිහාසමය පටලැවිල්ල ගැන උතුරේ ජනතාව තවමත් දන්නේ නැත. එදා ලංකාවට පැමිණි කාලිංගයෝ බෞද්ධයෝය; ආර්යයෝය; ක්ෂත්‍රියයෝය; ද්‍රවිඩයෝ නොවේ. ඔවුන්ගෙන් අති බහුතරයක් මෙරට හින්දූන් බවට පත් කරවනු ලැබුවේ එළාර රජතුමාය. මේ ඓතිහාසික පුවත ප්‍රථම වරට ඉතිහාසයට එකතු කරනු ලබන්නේ මෙරට රාජ්‍ය සම්මාන ලාභී ශාස්ත්‍රීය සාහිත්‍යයට ප්‍රමුඛත්වය දෙන ලේඛකයෙකු වූ දිනමිණ පුවත් පතේ හිටපු ප්‍රධාන කර්තෘවරයෙකු වූ බන්දුපාල ගුරුගේ මහතාය. අපේ ඉතිහාසයට අලුතෙන් එකතුවන මෙම සංසිද්ධිය රටේ අනාගත සිංහල, දෙමළ ජාතික එකමුතුව සහෝදර බැම්මකින් බැඳවීමට පියවර ගැනෙනු ඇත.
Rs 2,850.00
New
Lanka Itihasaye Brithanya Yugaya
ශ්‍රී ලංකා ඉතිහාසයේ බ්‍රිතාන්‍ය යුගය යනු 1796 සිට 1948 දක්වා වූ කාලයේ ඉතිහාසයයි. 1796 සිට ඕලන්දයන් යටතේ පැවති මුහුදුබඩ පළාත් බ්‍රිතාන්‍යයන් යටතේ වූ අතර 1815 දී උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතට පත් වීමත් සමඟ මුළු දිවයිනම බ්‍රිතාන්‍ය පාලනය යටතේ විය. එය සමග වසර 2300කටත් වැඩි කාලයක් දිවයිනේ වූ දේශීය රාජාණ්ඩුවේ පාලනය අවසන් කළේය. දිවයිනේ බ්‍රිතාන්‍ය පාලනය 1948 දී නැවත නිදහස ලබා ගන්නා තෙක් පැවතුණි.බ්‍රිතාන්‍ය යුගය තුළ ශ්‍රී ලංකාවේ දේශපාලන, සමාජ, ආර්ථික, පරිපාලන සහ සංස්කෘතික පරිසරය තුළ විප්ලවකාරී වෙනසක් ඇතිවිය. ලංකා ඉතිහාසයේ බ්‍රිතාන්‍ය යුගය නම් මෙම කෘතිය තුළින් ඒ පිළිබදව කරුණු රාශියක් අනාවරණය කර ගත හැකිය.
Rs 1,121.00
New
Dabadiwa wandana Gamanata Athwalak
දඹදිව වන්දනා චාරිකාවේ යෙදෙන කවර තරාතිරමේ අයෙකුට වුව මෙම කෘතියෙන් අවශ්‍ය මග පෙන්වීම මැනවින් ලබා දෙන අතර දඹදිව චාරිකාවේ යෙදෙන්නන්ට මග පෙන්වන විශ්වසනීය මූලාශ්‍රයක් වශයෙනුත් පොදු පාඨකයනට දඹදිව චාරිකා පිළිබඳව දැනුමක් ලබා දෙන හස්තසාර ග්‍රන්ථයක් වශයෙනුත් මෙම කෘතිය හැදින්විය හැකිය.
Rs 472.00
New
Rupasiddhiya - (Dvthiya Bhagaya)
රූපසිද්ධි - පාලි රූපසිද්ධි මහා ව්‍යාකරණ ග‍්‍රන්ථය පරිශීලනයෙහි නියුක්ත ආධුනිකයනට ඇතිවන ගැහැට දුරලීමවස් සම්පාදිත රූපසිද්ධි  ග‍්‍රන්ථයෙහි දෙවන කාණ්ඩය මෙයයි. මෙම ග‍්‍රන්ථය මගින් පාලි ව්‍යාකරණාවබෝධයට සරල මාර්ගයක් ලබාදෙනු ලබන අතර පිරිවෙන් අධ්‍යාපනයේදී ද ආවශ්‍යක ග‍්‍රන්ථයක් ද වේ. 
Rs 1,100.00
New
Protecting Buddhist Heritage of Asia
This book presents a deep and comprehensive examination of the development trends, challenges, and paradoxes facing Buddhism in the South and Southeast Asian region. Through its analysis of communication models based on mindfulness and Buddhist traditions, it effectively reveals the essence of Buddhist communication. The studies focusing on Southeast Asian countries such as Malaysia, Singapore, Myanmar, Laos, and Thailand add particular depth to the book and offer readers a wide range of new perspectives.
Rs 3,500.00
New
Dharma Vinishcaya
“Quoted from the book”
The truth is in you. However you only have to realize it within your very body. Which is about a fathom in size But it is an arduous task you just cannot offer it to another as a degree. The Enlightened one also could only guide you. It has to be realized by your own self.
Rs 600.00
New
Upasampada Silaya English the monastic Code For Theravada Higher Ordination
This Vinaya treatise entitled Upasampadā-sīlaya, which was commenced by us-Rerukāne Chandavimala Mahasthavira-with the intent of guiding aspirants who have undertaken higher ordination (upasampadā) and entered the homeless life in the noble Dispensation (nairyyāņika śāsana) of the Blessed Buddha, the Great Compassionate One, for the purpose of liberation from the suffering of samsāra, is hereby brought to completion.  in sinhala translate
Rs 920.00
New
Twenty Four Great Virtures
There are nine virtues such as Araham Sammāsambuddho in the gem of Buddha. There are six virtues such as Svākkhāto Bhagavato Dhammo in the gem of Dhamma. There are nine virtues such as Supațipanno Bhagavato sāvaka Sangho in the gem of Sangha. When all are added up there are twenty four virtues in the triple gem. It is called "Sūvisi mahā gunaya". This book describing those twenty four virtues is named Süvisi mahā guņaya.  in sinhala ranslate
Rs 1,000.00
NewOut-of-Stock
Sinhala akuru Puranaya
Out-of-Stock
සිංහල භාෂාව ලියා දැක්වීම සදහා භාවිත කරන අක්ෂර මාලාව, සිංහල භාෂාවේ අනන්‍යතාව පෙන්නුම් කරන ප්‍රධාන සාධකයකි. සිංහලය ජීව භාෂාවක් නිසා සිංහල භාෂාව ව්‍යවහාර කරන ජනතාවගේ අවශ්‍යතා අනුව සිංහල අකුරු ද කාලයත් සමඟ වෙනස් වී ඇත. 'සිංහල අකුරු පුරාණය' නම් මේ පොතේ අරමුණ වන්නේ සිංහල අකුරුවල ඉතිහාසය හා විකාශය, අකුරුවල හැඩරුව, අක්ෂර මාලාවේ ප්‍රභේද, අකාරාදි පිළිවෙළ, අක්ෂර වින්‍යාසය, අකුරු හා බැඳුණු සිරිත් විරිත් හා විශ්වාස, අකුරු වල රූපික අනන්‍යතාව, සිංහල අකුරුවල මෑතකාලීන වෙනස්කම් ආදී මාතෘකා තිස් පහක් යටතේ සිංහල අකුරු පිළිබඳ කතාන්තරය සරලව ඉදිරිපත් කිරීම යි. සිංහල භාෂා විෂයක කරුණු සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාඨකයන්ට පමණක් නොව මුද්‍රණ ශිල්පය, පරිගණක විද්‍යාව හා රූපික මෝස්තර කලාව යන අංශවල සිංහල අකුරු පිළිබඳව ගවේෂණය කරන විද්‍යාර්ථින්ට ද මේ කෘතිය වැදගත් මූලාශ්‍රයක් වනු ඇත.
New
Parani Lakdiva Bikshu Bikshuni Arama Prabhavaya Ha Wikashaya
මෙම කෘතිය තුළ පිටකත්‍රය මුලාශ්‍රය කරගනිමින් විනය පිටකය, චුල්ලවග්ග පාළිය මෙන්ම මහාවංසය ආදී ඉතා ඓතිහාසික ග්‍රන්ථ ආශ්‍රය කර ගනිමින් ශාසනික හා  ඓතිහාසික වශයෙන් වැදගත් වන විහාරාරාම සහ මෙහෙණවර රාශියක් පිළිබදව ඉතා වටිනා කරුණු රාශියක් අන්තර්ගතය.
Rs 575.00