Best sellers

Out-of-Stock
Navakatha Wivaranaya
Out-of-Stock
නවකතා විවරණය - ලෝක සාහිත්‍යයෙහි දියුණු වූ නව්‍ය අංගයක් බවට පත් නවකතාව පිළිබඳ පුළුල් අවබෝධයක් ඇතිව සරත්චන්ද්‍ර වික්‍රමසූරිය මහතුන් විසින් සපයන ලද මෙම ග්‍රන්ථය ඉතා කාලෝචිත වූ සාහිත්‍ය සංග්‍රහයකි. ඉංග්‍රීසි ආදී භාෂාවන්ගෙන් දක්නා සුප්‍රසිද්ධ නවකතාවන්ගේ තතු විචාරපූර්වකව පාඨකයා වෙත ඉදිරිපත් කරන අයුරු මනහරය. විචාරාක්ෂියෙන් සිංහල නවකතාව සමීක්ෂණය කොට මෙම ග්‍රන්ථය සපයා තිබීම සඳහන් කළයුතු විශේෂ ලක්ෂණයකි. දිනෙන් දින සංඛ්‍යාවෙන් වැඩී යන සාහිත්‍ය විචාරකයන්ගේ ප්‍රමෝදය පිණිස මෙම කෘතිය හේතුවනු නොඅනුමානය.
Kaika Manasika Suvaya Sadaha Yanthra Manthra Bavithaya
කායික මානසික සුවය සඳහා යන්ත්‍ර මන්ත්‍ර භාවිතය - උඩරට නර්තනය පිළිබඳ ශ්‍රී ලංකාවේ සිටින ප්‍රථම හා එක ම ජ්‍යෙෂ්ඨ මහාචාර්‍යවරයා වන මුදියන්සේ දිසානායකයන් විසින් රචිත කායික මානසික සුවය සඳහා යන්ත්‍ර මන්ත්‍ර භාවිතය නම් වූ මෙම කෘතිය භාරතයේ හින්දු ආගම හා බැඳී යෝගී භාවනා, යන්ත්‍ර මන්ත්‍ර සහ ශ්‍රී ලංකාවේ ඉතා දුලබ යන්ත්‍ර මන්ත්‍ර හා එහි භාවිතය පිළිබඳ විස්තර විවරණය කෙරෙන්නෙකි.
Rs 450.00
Pali Sahithya Adhayayana - 1
පාලි සාහිත්‍ය අධ්‍යයන - 1 - මෙම කෘතිය තුළ පාලි සාහිත්‍යයෙහි විවිධ අංශ පිළිබඳව ප්‍රමාණවත් විවරණයක් සිංහල භාෂාවෙන් ඉදිරිපත් කර ඇත. මෙතෙක් මෙම විෂය පිළිබඳව විවිධ විද්වතුන් විසින් එකතු කොටැති ඥාන සම්භාරය සරල ලෙසත් විධිමත් ලෙසත් මෙහි දී ඉදිරිපත් කරනු ලැබ ඇත.
Rs 250.00
Mehen Enna
මෙහෙන් එන්න - විවිධ භාවනා ක්‍රම, භාවනා පුහුණු ආයතන, විවිධ ගුරුවරු, එකට එකක් වෙනස් භාවනා උපදෙස්, මේ ආදියෙන් පිරුණු සංකීර්ණ නගරයකි, වත්මන් බුදු සසුන. ඒ නගරය තුළ රස්තියාදු නොවී, වෙහෙස පීඩා නොගෙන අදාළ ස්ථානයට : අමා මහ නිවනට අපහසුවකින් තොරව ගමන් කිරීමට ඔබට ආරාධනා කරන කෘතියකි.
Rs 600.00
Sarasvatha Pradeepa
සාරස්වත ප්‍රදීප - මෙයින් දශක කිහිපයකට පෙර සාරස්වත ප්‍රදීපය පිරිවෙන් සිසුන් අතර ඉතා ජනප්‍රිය ග්‍රන්ථයක් ව පැවතිණ. සංස්කෘත භාෂාවෙන් රචිත සාරස්වතව්‍යාකරණයේ දුරවබෝධ තැන් අවබෝධ කරගැනීමට පූජ්‍යපාද කහවේ රතනසාර නාහිමියන් විසින් කරන ලද සාරස්වතව්‍යාඛ්‍යාව මහෝපකාරී වූවකි.සංස්කෘත ව්‍යාකරණය සංක්ෂිප්ත ව ග්‍රහණය කරගැනීම සඳහා පූජ්‍යපාද දමුණුමැයේ ඤාණරතන නාහිමියන් විසින් කරන ලද සාරස්වත ප්‍රදීපය මහත් ආලෝකයක් සපයන ලදී.
Rs 750.00
Rasa Katha
රස කතා - 19 වැනි ශත වර්ශයේ සම්භාවනීය ගත්කරුවන්ගේ ළමා කතා මෙම සංග්‍රහයට අයත් වේ. රුසියානු මහා කවි අලෙක්සාන්දර් පුෂ්කින්, රුසියන් වාගි විශේෂඥයෙක්, නාවිකයෙක්, යුද්ධ හමුදාවේ දොස්තර කෙනෙක්, දේශාටකයෙක් වන ව්ලදීමිර් දාල්, දාර්ශනිකයෙක් සහ සංගීතඥයෙක් වන ව්ලදීමිර් ඔදොයෙව්ස්කි, සම්භාවනීය ශික්ෂණ විද්‍යා විශේෂඥ කොන්ස්තන්තීන් උෂීන්ස්කි සහ තවත් අයගේ කෘති මේ පොතට ඇතුළු වේ.
Rs 750.00
Kes Gas Uda Piduru Gasak
කෙස් ගස් උඩ පිදුරු ගසක් - ජාතක කථා පොත ඈත අතීතයේ සිටම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙයි. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මේ කථාවට පදනම් වූයේ 'කුහක ජාතකය යි'.
Rs 250.00
Andi Hath Denage Kada Haliya
ආඞි හත් දෙනාගේ කැඳ හැළිය - ගැමි නුවණ නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල ගැමියාගේ නැණ නුවණ කතාන්දර මඟින් දරුවන්ට හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීමයි. මේ කතාවලට පදනම් වන්නේ අදත් සිංහලයන් අතර භාවිත වන ප්‍රස්ථාව පිරුළු සමහරකි.
Rs 400.00
Budun Sarana Giya Devathavo
බුදුන් සරණ ගිය දේවතාවෝ - විමාන වත්ථුව පීඨ, චිත්‍රලතා, පර්ච්ඡත්තක, මඤ්ජෙට්ඨක, මහාර්ථ, පායාසි හා සුනික්ඛ්ත්ත යන වග්ග හතකින් ‍යුක්ත වේ. මෙහි මුළු කතා අසූපහෙන් පනහක් ම ස්ත්‍රී විමාන වත්ථු ය. අතුරු කතා ද ඇතුළුව සියලු විමාන වත්ථු කතා එකසිය විසි තුනකි. ලක්දිව අනුලා බිසව ප්‍රමුඛ පන්සියයක් කාන්තාවන් උතුම් සෝතාපන්න තත්ත්වයට පත් වූයේ, මිහිඳු මහ රහතන් වහන්සේගෙන් මෙම කතා ඇසීමෙනි. පවින් මුදවා පිනෙහි පිහිටන බුද්ධ භාෂිත බඳු මෙබඳු කතා කියවා හැඩගැසෙන ජීවිත දෙලොව ම සුගතිගාමී වනු ඇත.
Rs 250.00
Rasa Bana Katha
රස බණ කථා -  පාලි අටුවා ග්‍රන්ථ අතර "ධම්මපදට්ඨ කථාව" ට ඉතා වැදගත් තැනක් හිමිවෙයි. ධම්මපදයට සැකසුණු එම කෘතිය ඉතා හරවත් ධර්ම සංග්‍රහයක් සේම කථා සංග්‍රහයක් බවට ද පත් විය. ධම්මපදය බෞද්ධයාගේ අත්පොතයි. එම ධම්මපදයට ලියැවී ඇති ධම්මපදට්ඨ කථාව ද ඒ තමට ම ජනප්‍රිය වූවකි. ගථා 423ක් ඇතුළත් වග්ග විසි හයකින් සමන්විත ධම්මපදය ඒ ඒ ගාථාවලට පසුබිම් වූ කථා වස්තු 299ක් එහි ඇතුළත් ය.
Rs 300.00
Kavsilumina
කව්සිළුමිණ - කුස ජාතකය පදනම් කරගනිමින් දෙවන පණ්‌ඩිත පරාක්‍රමබාහු රජු විසින් රචිත පද්‍ය කාව්‍යය කව්සිළුමිණ ලෙස සැළකේ.
Rs 1,975.00
Majjima Nikaya Atta Katha - 1
මජ්ඣිමනිකායට්ඨකථා - 1 - ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Rs 780.00
Majjima Nikaya Atta Katha - 2
මජ්ඣිමනිකායට්ඨකථා - 2 - ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Rs 1,030.00
Majjima Nikaya Atta Katha - 3
මජ්ඣිමනිකායට්ඨකථා - 3 - ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Rs 830.00
Majjima Nikaya Atta Katha - 4
මජ්ඣිමනිකායට්ඨකථා - 4 - ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Rs 780.00