Best sellers

Bhawana Deepaniya
භාවනා දීපනිය - ලොව පවත්නා විවිධ භාවනා ක‍්‍රම පිළිබදව දිනමිණ පුවත්පතෙහි පළ වූ ලිපි මාලාවක් ආශ‍්‍රයෙන් සම්පාදනය කළ වටිනා සදහම් ග‍්‍රන්ථයකි.
Rs 840.00
Sathiya Saha Bhawanawa
සතිය සහ භාවනාව - අවධි අවධානයෙන් යුක්ත නුවණ භාවනාවට පමණක් නොව, දෛනික ජීවිතයේ හැම කටයුත්තකට ම යොදාගත යුතුය. එය ක‍්‍රියාවට නගන ආකාරයත් ඉන් ලැබෙන මහගු පලත් මේ කෘතියෙන් මනාව පැහැදිලි වේ. 
Rs 250.00
The Vision of Dhamma
This volume brings between two covers of the author’s original writings from the BPS’s Wheel and Bodhi Leaves series.
Rs 450.00
Out-of-Stock
Pali Sahityadarayo
Out-of-Stock
පාලි සාහිත්‍යධරයෝ - පාලි සාහිත්‍ය සඳහා සේවාවන් ඉටු කළ සාහිත්‍යධරයන් දස දෙනෙකු පිළිබඳ තොරතුරු එක් කොට රචිත ග්‍රන්ථයක් ලෙසින් හඳුන්වා දිය හැක.
Sinhala Sahithya 2
සිංහල සාහිත්‍යය - 02 - සිංහල සාහිත්‍යය කතාව ගෙනහැර දක්වමින් ලියනු ලබන පොත් පෙළේ දෙවැන්නයි මේ. බුදු වසින් 1775 සිට 1827 දක්වා අතර කාලය තුළ ලියැවුණ පත -පොත පිලිබද කතාව මෙයට ඇතුළත් වෙයි. 
Rs 590.00
Dharma Pradeepikava
ධර්ම ප්‍රදීපිකාව - ගුරුළුගෝමිගේ ධර්ම ප්‍රදීපිකාව විද්වත් පාඨකයන් ඉලක්ක කරගත් සිංහල සම්භාව්‍ය කෘතියකි. පාලි ග්‍රන්ථ ග්‍රන්ථයේ උපුටා දැක්වීම් ගණනාවක් ද එහි අඩංගු වේ. මෙම කෘතිය අන්තර්ගතයෙන් සහ භාෂාවෙන් සිංහල සාහිත්‍යයේ කීර්තිමත් ස්ථානයක් හිමිකර ගනී. මෙම කෘතිය ලියා ඇත්තේ ශ්‍රී ලංකාවේ පොළොන්නරු යුගයේ (1070 - 1215) පළමුවන විජයබාහු රජුගේ පාලන සමයේදී ය. ශ්‍රී ලංකාවේ සාහිත්‍ය ඉතිහාසයට අනුව මෙම යුගය සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගයක් දුටු බව කියනු ලැබේ. විද්වතුන්ට අනුව පොළොන්නරු යුගයේ සිංහල සාහිත්‍යයේ කතුවරුන් බුදුදහමේ මූලිකාංග විස්තාරනය කිරීම සඳහා ගද්‍ය රචනා කර ඇත. ධර්ම ප්‍රදීපිකාව කියවීම සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගයක මූලික ලක්ෂණ පාඨකයාට හඳුන්වා දෙයි.
Rs 980.00
Out-of-Stock
Pali Attakatha Adhyayana
Out-of-Stock
පාලි අට්ඨකථා අධ්‍යයන - දැනට ඇති අට්ඨාකතාවන් ඇත්තේ පාලියෙනි. මැදගම්පිටියේ විජිතධම්ම හිමියන් විසින් රචනා කරන ලද මෙම ග්‍රන්ථය පාලි අට්ඨාකතා ආශ්‍රිත විවිධ අධ්‍යනයන් ය. අටුවාවල ඇති වැදගත් කරුණු පර්යේෂණාත්මකව මෙහි දී ඉදිරිපත් කර ඇත.
Saddharmalankaraya
සද්ධර්මාලංකාරය - රසවාහිනී නම් වූ කෘතියට සමානතාවයක් ඇති මෙම කෘතිය බුද්ධ ධර්මය සහ බෞද්ධ සදාචාර ඉගැන්වීම් සාමාන්‍ය පාඨක ජනයාට අවබෝධ කර දීමට සැකසුනු ඉතා අගනා සම්භාවනීය කෘතියකි..
Rs 4,000.00
Out-of-Stock
Sri Saddharmavavada Sangrahaya Sithiyam Sahitha
Out-of-Stock
ශ‍්‍රී සද්ධර්මාවාද සංග‍්‍රහය - බෝධිසත්වයන් නියත විවරණ ගැනීමේ පටන් බුදුවීම හා මහා පරිනිර්වාණය දක්වා වූ සියලූ සිද්ධීන් ඉතාමත් ළගන්නාසුලූ අන්දමින් ව්‍යක්ත භාෂාමය විලාශයකින් ඉදිරිපත් කිරීමකි. මහින්‍දාගමනය ආගමික දියුණුව හා පරිහානිය ද අපාය විස්තර, පින්පල ඇතුළත් මෙම කෘතිය වර්ණ පින්තුර සහිත ඔප කඩදාසි පිටු 550 කින් යුතු අගනා සංස්කරණයකි. 
Sinhala Sahithya Wansaya
සිංහල සාහිත්‍ය වංශය - සිංහල සාහිත්‍ය වකවාණු සියල්ල පුරාතන, මධ්‍යතන, නූතන යනුවෙන් යුග තුනකට බෙදා ඒ ඒ යුගවලට ඇතුළත්වන කාලසීමා, ඒ වකවාණුවල ලියැවුණු ග‍්‍රන්ථ, ඒ ග‍්‍රන්ථාගතබස ඇතුළත් කරුණු හා ග‍්‍රන්ථස්වභාවය ආදිය ගැන ප‍්‍රමාණවත් විස්තරයක්, විචාරවත් තොරතුරු රැසක් මේ අද්විතීය පර්යේෂණාත්මක කෘතියෙහි අන්තර්ගත වී ඇත.  
Rs 5,000.00
Nawa Padya Sinhalaya
නව පද්‍ය සිංහලය - නූතන සිංහල පද්‍යය ස්වාධීනව විභාග කරමින් මේ දක්වා ලියවී ඇති හොඳම විචාර ග්‍රන්ථය "නව පද්‍ය සිංහලය" බව බොහෝ විචාරකයින්ගේ මතයයි. කොළඹ යුගයේ එළිසම පද්‍යය හා නිසඳැස් - නිදහස් පද්‍ය පිළිබඳව පුළුල් විචාරණයක් ඉදිරිපත් කරන මෙම ග්‍රන්ථය සිංහල සාහිත්‍ය හදාරන විද්‍යාර්ථීන්ට මෙන් ම උගතුන්ට ද එකසේ ප්‍රයෝජනවත් ‌වේ.
Rs 350.00
Akshara Vinyasaya
අක්ෂර වින්‍යාසය - සිංහල භාෂාවට අක්ෂර වින්‍යාසයක් අවශ්‍ය ව ඇත්තේ විකල්ප අක්ෂර නමින් අක්ෂර විශේෂයක් පවතින හෙයිනි. එනම්, සමාන ශබ්ද ඇති අක්ෂර කිහිපය බැගින් තිබෙන හෙයින් විකල්ප අක්ෂර විශේෂයක අවශ්‍යතාව මතු වී ඇත. එහිදී මතු වන ගැටළු උදෙසා මෙකී ග‍්‍රන්ථය රචනා වී ඇත. එහෙයින් පාසල් ශිෂ්‍යයින් සහ කාර්යාලයීය ප‍්‍රයෝජනය සඳහා මේ ග‍්‍රන්ථය වඩාත් ප‍්‍රයෝජනවත් වනු ඇත.
Rs 200.00
Pali-Sinhala Pariwarthana Puhunuwa
පාලි - සිංහල පරිවර්තන පුහුණුව - ප‍්‍රාචීන ප‍්‍රාරම්භ සහ මධ්‍යම විභාග සදහා පෙනී සිටින ශිෂ්‍යයන්ට, පිරිවෙන් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලට පෙනී සිටිනා අයටද දහම් පාසල්වල පාලි භාෂාව ඉගෙන ගන්නා ශිෂ්‍යයන්ට ද ප‍්‍රයෝජනවත් වන පරිදි මෙම පරිවර්තන පුහුණු ග‍්‍රන්ථය සම්පාදනය කර ඇත. 
Rs 300.00
Threebhasharathnakaraya
ත‍්‍රිභාෂාරත්නාකරය - පාලි කතා කිරීමට උපකාර වන සේ සම්පාදිත වූ මෙම කෘතියේ මුල් කොටසෙහි ඒ ඒ සමූහවලට අයත් වචන ද මැද කොටසෙහි ඒ වචනවලින් සෑදූ වාක්‍යය ද අග කොටසෙහි පොතේ ඇතුළත් එක්දහස් පන්සියයක් පමණ වූ වචනගෙන ”සිංහල -  පාලි” ”ඉංග‍්‍රීසි -  පාලි” යන පිළිවෙලින් අකාරාදී ක‍්‍රමයෙන් යෙදූ වචනමාලා දෙකක් ද විද්‍යාමාන වේ. 
Rs 300.00
Pali Vyakarana Vivaranaya-9
පාළි ව්‍යාකරණ විවරණය - අ.පො.ස. (උ.පෙළ) සහ පිරිවෙන් භාවිතය සඳහා නිර්දේශයට අනුව මෙම පොත සැකසී තිබේ. සියලූ ම ව්‍යාකරණ විධි වෙන් වෙන් ව පැහැදිලි ව හා සරල ව ඉදිරිපත් කර ඇත. ගුරු සිසු දෙපක්‍ෂයටම ප‍්‍රයෝජනවත් ලෙස ලියැවී තිබේ. විභාගයේ දී පාලි විෂයන් සමත් වීමට මෙම පොත ද පරිශීලනයට ගැනීම ඉතාමත් ප‍්‍රඥාගෝචර බව අවධාරණයෙන් සඳහන් කරමු. 
Rs 725.00
Pali Vyakarana Vivaranaya
පාලි ව්‍යාකරණ විවරණය - ප‍්‍රාචීන විභාග හා වෙනත් උසස් විභාග සදහා සහභාගී වන විද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය සදහා සම්පාදනය කරන ලද පාලි ව්‍යාකරණ ග‍්‍රන්ථයකි. 
Rs 200.00
Thulanathmaka Pali Wyakarana
තුලනාත්මක පාලි ව්‍යාකරණ - කච්චායන ව්‍යාකරණ සම්ප්‍රදායෙහි රුපසිද්ධියත්, මොග්ගල්ලයන ව්‍යාකරණ සම්ප්‍රදායේ පයෝගසිද්ධියත් යන පොත් 2 පිළිබඳව තුලනාත්මක අධ්‍යනයක් මෙහිදී සිදු කර ඇත. පාලි භාෂාවේ අක්ෂර, සන්ධි, නාම, කාරක, ආදී ව්‍යාකරණ ගුරුකුලයේ මතවාදය තහවුරු කර තිබේ. 
Rs 650.00
Out-of-Stock
Sinhalaye Wag Vidyathmaka Svarupaya
Out-of-Stock
සිංහලයේ වාග් විද්‍යාත්මක ස්වරූපය  - මෙම කෘතිය ජර්මන් ජාතික වාග් විද්‍යාඥයකු වූ විහෙල්ම් ගයිගර් (1956-1943) පඬිතුමා විසින් ඉංග්‍රීසි බසින් ලියන ලද 'The Linguistic Character of Sinhalese' නම් නිබන්ධනයේ සිංහලානුවාදයකි.
Awabodayata Avashya Shraddha Bhavanava
ශ්‍රද්ධා ඉන්ද්‍රිය හොඳින් වඩා ගැනීම තුලින් සෝවාන් වීමේ  පසුබිම සකස් වන බවත් , ත්‍රිවිධ රත්නය කෙරෙහි අචල වූ ශ්‍රද්ධාව ඇතිවීමෙන් අරිය කාන්තා ශීලය වැඩීමද සිදු වෙයි. එහෙයින් ශ්‍රද්ධාව ඇතිකරගැනීමේ පදනම පදනම සකස් කිරීම සඳහා වූ කරුණු රැසක් මෙයින් ඉදිරිපත් කරනු ලබයි..
Rs 450.00
Bauddha Shishtacharaya Ha Arthika Darshanaya
බෞද්ධ ශිෂ්ටාචාරය හා ආර්ථික දර්ශනය - බෞද්ධ ශිෂ්ටාචාරය විෂයයක් වශයෙන් හැදෑරීමට සූදානම් වන සිසු-සිසුවියන්ටත්,ගුරු භවතුන්ගේ පහසුවටත්.මෙම විෂය පිළිබදව උනන්දුවක් දක්වන අයටත්,බෞද්ධ ශිෂ්ටාචාරයේ කාලීන හා ප්‍රායෝගික වැදගත්කම ඉස්මතු කොට,මූලාශ්‍ර පිළිබදව,දැනුම ලබාගැනීමට උපකාරවත් වන පරිදි ලියා ඇත.
Rs 130.00
Sinhala Bodhi Wanshaya
සිංහල බෝධි වංශය - ලාංකීය බෞද්ධ ජනයාගේ මුදුන් මල්කඩ වූ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා සම්බන්ධ සියළු පුවත් හා සිද්ධීන්ද බෝධීන්වහන්සේගේ ලංකාගමනය හා අදාල සියළු පුවත් හා සිද්ධීන් පිළිබඳවද තොරතුරු ඇතුලත් ශ්‍රී පරාක්‍රමබාහු විල්ගම්මුල සඟරජ හිමියන් විසින් කුරුණෑගල යුගයේදී  විරචිත බෞද්ධයන්ගේ හස්තසාර ග්‍රන්ථයකි.
Rs 975.00