Best sellers

-10%Out-of-Stock
Araya Ashtangika Margaya
Out-of-Stock
සම්මානිත මහාචාර්ය ඔලිවර් අබේනායකයන් මෑතකාලීන පාලි හා බෞද්ධ අධ්‍යයන විෂයයෙහි තම උපරිමය දායාද කළ ශාස්ත්‍රීය යුග පුරුෂයෙකි. එතුමන්ගේ භාෂා ප්‍රාගුණ්‍යයට නො දෙවනි විචාරාක්ෂිය බෞද්ධ අධ්‍යයන ක්‍ෂේත්‍රයෙහි නව මංපෙන් වෙන දොරගුලු විවර කළ යතුරක් විය. තමන්ට ම ආවේණික ලේඛන හා භාෂණ ශෛලියකට උරුමකම් කියන එතුමා ශාස්ත්‍රීය රචනාවන්ගෙන් මෙන් ම ක්‍ෂේත්‍රයට පිරිමසින ශිෂ්‍ය සමූහයක් නිර්මාණය කිරීමෙන් ද අද්විතීය මෙහෙවරක් කළ ආචාර්ය වරයෙකි. මහාචාර්යතුමන්ගේ විචාරශීලි ගුණයෙහි ප්‍රාමාණිකත්වය විදහා දක්වන ආර්යෂ්ටාංගික මාර්ගය නම් වන මෙම සාකච්ඡා ස්වරූපී කෘතිය බුදු දහමෙහි එන දාර්ශනික සහ ප්‍රායෝගික ඥාන ධාරාව ශාස්ත්‍රීය ස්ථරයේ පටන් සාමාන්‍ය පාඨකයා දක්වා සමස්ත සමාජය ම ඉලක්ක කළ කෘතියකි. අනාශය නොදු මාතෘකාවක් වුවන් මෙහි විවරණය කෙරෙන ධර්ම පර්යාය විශ්මයා වන ය. මෙය සෑම බෞද්ධයකු ම කියවිය යුතු කෘතියක් බවට මෙහි ලා අවධාරණය කරනු කැමැත්තෙමි.
මහාචාර්ය, පූජ්‍ය මැදවච්චියේ ධම්මජෝති හිමිපාණෝ බෞද්ධ අධ්‍යයනාංශය, කොළඹ විශ්ව විද්‍යාලය
Rs 270.00
Rs 300.00
Panchappakaranatta Katha
පඤ්චප්පකරණට්ඨ කථා - 2  - ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Rs 1,200.00
Panchappakarana Attakatha 1
ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ
Rs 1,320.00
Wibhanga Attakatha
ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Rs 1,890.00
-10%
Nawathama shilalipi gaveshanaya
සුගිය කාලය තුළ වගකිවයුතු කිසිවකුගේ ඇස නොගැටුනු මේ ග්‍රන්ථයෙහි එන වැඩි පමණක් ලිපි ගැමියන් මගින් අපට සොයා ගැනීමට හැකිවිය. පුන්‍යාඩි ලිපි හමුදා සෙබල මුළු විසින් රැකවරණය කරන ලද්දේය. මේ නිසා මේවා සොයා ගැනීමේ ගෞරවය ඔවුන් වෙත පිදිය යුතු වෙයි.මෙම ගෞරවය ලැබීමට පණ්ඩිතම්මන්‍යයට හිමි නැත. අපදු කළේ ඒවා පිටපත් කර අරුත් දක්වා පළමු වරට ලොවට දීමකි. මේ අතර අපේ ඇස මිස එවන් කිසිවෙකුගේ ද ඇස නොගැටුනු ලිපි ද වෙයි.ඒවා සොයාගන්නා ලද්දේ අපම විසිනි. දියතිත්ත වැව, මදයා කන්ද, බෙරවායාකන්ද ලිපි ඉන් ප්‍රධානය. මේ සියලු ලිපි ඉතිහාසයේ නව පිටුවක් පෙරලනු ඇත. මේ ලිපි සොයාගෙන මාධ්‍යවලට විස්තර දැක්වූයේ 2006 ජනවාරි මස දීය.
Rs 720.00
Rs 800.00
-10%
Jathiyen sagavee yana polonnaruwe bithusithuwam
ශ්‍රී ලාංකේය ඉතිහාසයේ දෙවන රාජධානිය වන පොළොන්නරු රාජධානියෙහි කලා නිර්මාණ අතර බිතුසිතුවම් වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මහියංගනය, දිඹුලාගල, පුල්ලිගොඩ, ගල් විහාරය, ලංකාතිලකය, තිවංක පිළිමගෙය හා දැදිගම කොටවෙහෙර ආදී බොහෝ ස්ථාන වල මෙම යුගයට අයත් සිතුවම් දැකගත හැකිවන අතර ඒවාට ම අනන්‍ය වූ කලාත්මක අංග භාවිත කර ඇති බවක් ද පෙනේ. විශේෂයෙන් ම දකුණු ඉන්දීය හින්දු බලපෑම මෙම යුගය තුළ සුලබව සිදු වූ නිසා සිතුවම් කලාවට ද එම ආභාෂය ලැබී ඇති බව පෙනේ.
'ජාතියෙන් සැඟවී යන පොළොන්නරු යුගයේ බිතු සිතුවමි' යන මැයෙන් රචිතමෙම ග්‍රන්ථය පූජ්‍ය පිටිහාරාවේ සුගතඥාන හිමියන් විසින් රචිත ඉතා වටිනා ග්‍රන්ථයක් ලෙස හැදින්වීය හැකිය.
Rs 720.00
Rs 800.00
-10%
Alokayen Parinamanaya Wuwo
'TRANSFORMED BY THE LIGHT' නම් කෘතියේ සිංහල පරිවර්ථනය වන 'ආලෝකයෙන් පරිණාමනය වූවෝ' නම් මෙම කෘතිය අධිනීතීඥ කූමාරි ගුණරත්න මහතමිය විසින් සිංහලට පරිවර්ථනය කරන ඇති අතර මෙම කෘතිය තුළින් මරණාසන්න අත්දැකීම් මගින් මිනිස් ජිවිත වලට ඇතිවෙන ප්‍රබල බලපෑම් පිළිබද කරණ ලද අධ්‍යනයක් තුළින් රචනා වූ ඉතා වටිනා කෘතියක් ලෙස ලෝක ජනාදරය දිනා ගත් කෘතියකි.
Rs 427.50
Rs 475.00
-10%
Yali Upan Diyani
'A LITTLE GIRL LOST... BETWEEN DEATH AND LIFE' කෘතිය සිංහල පරිවර්ථනය වන යළි උපන් දියණි නම් මෙම කෘතිය තුළින් මරණයත් ජීවිතයත් අතර අතරමංවුණු දැරියකගේ කතාව කුමාරි ගුණරත්න මහත්මිය විසින් පාඨක ඔබ හමුවේ ගෙන හැර දක්වන අතර මෙය සත්‍ය සිදුවීමක් ඇසුරින් ගෙන හැර දක්වන්නකි.
Rs 1,260.00
Rs 1,400.00
-10%
karumaye arumaya
'කරුමයේ අරුමය' නම් මෙම කෘතිය තුළ කරුමය හා එහි විපාකය මෙලොවදීම අත්විදීම පිළිබදව ලැබූ අත්දැකීම් වලින් රචිත අතර මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමිපාණන් විසින් විරචිත මෑත කාලින සමාජයට ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 247.50
Rs 275.00
-10%
Karma vipakaya Pala Dena hati Saha Ma Labu Athdakeem
'කමර්‍ විපාක පල දෙන හැටි සහ මා ලැබූ අත්දැකීම්' යන මෙම කෘතිය පූජ්‍ය වේන්දළුවේ සෝරත හිමිපාණෝ විසින් රචිත අතර මෙම කෘතිය තුළ කමර්‍ විපාක පල දෙන ආකාරය පිළිබදව ඉතා සරල ලෙස විග්‍රහ කර ඇති කෘතියක් ලෙස හැදින්විය හැකිය
Rs 135.00
Rs 150.00
-10%
Marananusmruthiya Hevath Marena Bawa Nithara Sihikireema
'මරණානුස්මෘතිය හෙවත් මැරෙන බව නිතර සිහිකිරීම' යන මෙම ග්‍රන්ථය පැලෑණේ ශ්‍රී වජිරඤාණ මහා නායක මාහිමිපාණන්වහන්සේ විසින් රචනා කරන ලද අතර මිනිසුන් වන අප සියලු දෙනාට ජීවිතයේ මොනයම් හෝ මොහොතක මොනයම් වූ වෙලාවකදී අන්පේක්ෂිත ලෙස මුහුණ දීමට සිදු වන මරණය පිළිබදව ඉතා නිරවුල්ව සියලු පාඨක ජනතාව හට තේරුම් ගැනීමට හැකි වන අන්දමින් රචනා කරණ ලද ඉතා වටිනා කෘතියක් ලෙස හදින්විය හැකිය.
Rs 198.00
Rs 220.00
-10%
Himalayanu Yogi Swami Ramage Nila Charithapadanaya 3
මෙම කෘතිය පණ්ඩිත් රාජ්මනී ටිගුනායිට් විසින් රචිත 'The Official Biography of Swami Rama of the Himalayas' කෘතියේ අසංක්ෂිප්ත පරිවර්තනයේ අවසන් කොටස වන අතර බටහිර විමතියට පත් කළ හිමාලයානු යෝගී ස්වාමී රාමා තුමාගේ චරිතාපදානය මෙම කෘතිය තුළ අන්තර් ගත වේ.
Rs 765.00
Rs 850.00
-10%
Apatama dakiya haki ilaga bhawaya
කතෘගෙන්...
'' අපටම දැකිය හැකි ඊළඟ භවය - 2" නමැති මෙම දහම පොත නිර්මාණය වූයේ, කලක පටන් මාගේ චිත්තාභ්‍යන්තරයෙහි ගැඹුරුම තැනක හටගෙන පැලපදියම්ව තිබූ වටිනා බණ පොතක් ලිවීමේ අදහස. මල්ඵල ගන්වමින් ඉරිදා ලංකාදීප ප්‍රධාන කර්තෘ, ප්‍රවීණ මාධ්‍ය වේදී ආරියනන්ද දොඹගහවත්ත සූරින් විසින් තම පුවත්පතට දහම් ලිපි පෙළක් ලබා දෙන ලෙස කළ ආරාධනය මූල බීජය කරගෙනය.
Rs 225.00
Rs 250.00
-10%Out-of-Stock
Malaunge lokaye abirahas
Out-of-Stock
මලවුන්ගේ ලෝකයේ අබිරහස් නමැති මෙම ග්‍රන්ථය තුළින් දිවැසිවරුන් හෙළි කළ අමනුෂ්‍ය ලෝකයේ විස්මිත තොරතුරු බොහෝමයක් අන්තර් ගත කර රචනා වූ ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය.
Rs 216.00
Rs 240.00
-10%
Wishva Nyaya Widyava
අපගේ චින්තන ක්‍රමයේ විපර්යාසයක් ඇති කළ අතීත සහ වර්තමාන විද්‍යාත්මක සොයා ගැනීම් අරබයා මා තුළ පුබුදිත තිගැස්ම ඔබ සමඟ බෙදා ගැනීමට මට අවශ්‍ය ට ඇත.¨" මහා පිපිරුමේ (big bang) සිට කෘෂ්ණාවාට (black holes) දක්වා ද, අඳුරු පදාර්ථයේ (dark matter) සිට සිදු විය හැකි යැයි සැලකෙන මහා හැකිළීම (big crunch) දක්වා ද විශ්වය පිළිබඳ ව ඇති අපගේ චිත්ත රූපය අරුමය දනවන ආකල්ප වලින් සහ අපූරු සත්‍යයන්ගෙන් පිරි පවතී." "විශ්වය හා බැඳි මෙම පින්තූරය තුළට මිනිසුන් වන අප අවතීර්ණ වූයේ කෙලෙස දැයි කියැවෙන වෘත්තාන්තය වනාහි, දකින දෙය වටහා ගැනීම සඳහා අප දරන ප්‍රයත්නයේ වෘත්තාන්තය ම වේ.¨
බ්‍රිතාන්‍ය,විශ්ව න්‍යායාචාය්‍ය, ස්ටීවන් ඩබ්ලිව්. හෝකිං
Rs 292.50
Rs 325.00
-10%
Wishwaye Asiriya
කතෘගෙන්...
සත්ත්ව ශරීර නිර්මාණය වන්නේ භෞතික පදාර්ථ වලිනි. මෙම පදාර්ථ වල ශක්තිය, ජීවය යන සාධකවලට අතිරේකව විඤ්ඤාණය නමැති විශේෂ ශක්තියක් අන්තර්ගත ය. භෞතික වේවා, රසායනික වේවා ශක්තිය (Eනෙර්ග්ය්) යනු සෑම පදාර්ථයක ම අන්තර්ගත පියෙවි ඇසට නො පෙනෙන බලවේගයකි. එහෙත් විඤ්ඤාණ ශක්තිය භෞතික පදාර්ථ ගණයට ගත නො හැකි බැවින් විඤ්ඤාණය නාම ධර්මතාවයේ ලා සැලකේ. " විශ්වයේ අසිරිය " නමැති මෙම ග්‍රන්ථය රචනා කිරීමේ මුඛ්‍ය පරමාර්ථය වූයේ ද තත් කරුණු පිළිබඳ පාඨකයාට නිරවුල් දැනුමක් ලබාදීමට ය. එමගින් මා ලබන සතුට අපමණ ය
Rs 180.00
Rs 200.00
-10%Out-of-Stock
Abhirahas Punarbawa
Out-of-Stock
මිනිස් සිරුරේ උපතින් දක්නට ලැබෙන ලප කැළැල් සහ ශාරිරික කොටස් අඩු වීමේ පිළිබඳව පුනර්භව පර්යේක්ෂණ මගින් හෙළි වූ අවස්ථා රැසක් තිබේ. ඇතැම් විට පෙර බවය හෙළි කළ දරුවෝ තම සිරුරේ උපතින් ඇති අඩු පාඩු පෙර බවයට සම්බන්ධ සිදුවීම් නිසා ඇති වූ ඒවා යයි අනාවරණය කළහ. පෙර බවයේදී සිරුරට සිදුවු හානියක් යළි ඉපදීමකදී එලෙසම පිහිටිය හැකිද? පුනර්භවය පිළිබඳව පර්යේෂණ පවත්වන ලොව ප්‍රධාන පෙළේ මනෝ විදහාඥයන්ගේ ද දැඩි අවධානය යොමු වී ඇති එවන් සිදුවීම් අභිරහස් පුනර්භව ලෙස හැඳින්වේ. අතිශය පුදුම උපදවන එ වැනි සිදුවීම් රැසක් ඇතුළත් ශ්‍රී ලංකාවෙන් ප්‍රකාශයට පත්වූ ප්‍රථම ග්‍රන්ථය මෙය වේ.
Rs 234.00
Rs 260.00
-10%
Nopenena Lokaya 5
හරවත් යමක් ලියන, කියන, කරවන කෙනෙකු මේ සමාජයේ මුණ ගැසීමට ලැබෙන්නේ කලාතුරකිනි. මට එබඳු එක් මහා යතිවර පඬිරුවනක් මුණ ගැසිණ. ඒ මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමිපාණන්ය. උන්වහන්සේ බොහෝ දේ ගැන හිතන බවක් මට හැඟීයයි. උන්වහන්සේ බොහෝ දේ ගැන සටහන් ලියන බවක් මට හැඟී යයි. ඒ සටහන් හුදු ළාමක සටහන් නොවේ. ඒවා සරල ය. කෙටි ය. හරවත් ය. දස දෙස පතළ දැනුම විදහා දැක්වේ. ඒ සටහන් එසේ ලිවීමෙන් තමන් වහන්සේ ද සැනසුමක් ලබන්නා සේය. මෙරමාට ද සැනසුමක් අත්පත් කර දෙන්නා සේය.විටෙක ඒ සටහන් තුළ රැඳී ඇත්තේ අපදානයකි. තවත් විටෙක විද්‍යාත්මක විශ්ලේෂණයකි. තවත් විටෙක ආගමික සන්නිවේදනයකි. කලා විඥානය හා සාහිත්‍ය සේවනයේ නොතිත් ඇල්ම විදහා දැක්වෙන්නේය. මේ අතරින් ජනමාධ්‍ය ව්‍යුහය හා බැඳුණු මාතෘකා සමුදායකි. චින්තාවලින් සමුදායකි. පොත්පත් බිහිවන්නේ හුදෙක් තාක්ෂණික කාර්යයක් වශයෙන් නොවේ. එම තාක්ෂණය පිටුපස දැක්මක් ඇති නිසි මෙහෙවරක් උදෙසා ඇප කැපවුණු සන්නිවේදකයකු ද සිටිය යුතුය. අප මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමිපාණන් ද එබඳු සන්නිවේදකයාණන් වහන්සේ කෙනෙකි.නිසි ලෙස සැකසුණු පොතපත මෙකල බිහි නොවන්නේය යන මතයක් ද කෙමෙන් ඉස්මතුවී එයි. එහෙත් මා හිතන විදිහට නම් මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියන් බිහිකර ඇති මේ සාරගර්භ පොත් පෙළ කියවීමෙන් නව දැක්මක් කෙනෙකුට බිහිකරගත හැකි ය. මේ පොත් අමුතුවෙන් ජනගත කිරීමක් ඇවැසි නොවේ. මේ පොත් කියවීමෙන් කෙනෙකුට අපමණ සැනසිල්ලක්, අස්වැසිල්ලක්, සන්තුෂ්ටියක් මෙන්ම ආත්මාන්වේක්ෂණයක් ද ලබාගත හැකි යයි මම සිතමි.
මහාචර්‍ය සුනන්ද මහේන්ද්‍ර
Rs 270.00
Rs 300.00
-10%
Nopenena Lokaya - 4
හරවත් යමක් ලියන, කියන, කරවන කෙනෙකු මේ සමාජයේ මුණ ගැසීමට ලැබෙන්නේ කලාතුරකිනි. මට එබඳු එක් මහා යතිවර පඬිරුවනක් මුණ ගැසිණ. ඒ මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමිපාණන්ය. උන්වහන්සේ බොහෝ දේ ගැන හිතන බවක් මට හැඟීයයි. උන්වහන්සේ බොහෝ දේ ගැන සටහන් ලියන බවක් මට හැඟී යයි. ඒ සටහන් හුදු ළාමක සටහන් නොවේ. ඒවා සරල ය. කෙටි ය. හරවත් ය. දස දෙස පතළ දැනුම විදහා දැක්වේ. ඒ සටහන් එසේ ලිවීමෙන් තමන් වහන්සේ ද සැනසුමක් ලබන්නා සේය. මෙරමාට ද සැනසුමක් අත්පත් කර දෙන්නා සේය.විටෙක ඒ සටහන් තුළ රැඳී ඇත්තේ අපදානයකි. තවත් විටෙක විද්‍යාත්මක විශ්ලේෂණයකි. තවත් විටෙක ආගමික සන්නිවේදනයකි. කලා විඥානය හා සාහිත්‍ය සේවනයේ නොතිත් ඇල්ම විදහා දැක්වෙන්නේය. මේ අතරින් ජනමාධ්‍ය ව්‍යුහය හා බැඳුණු මාතෘකා සමුදායකි. චින්තාවලින් සමුදායකි. පොත්පත් බිහිවන්නේ හුදෙක් තාක්ෂණික කාර්යයක් වශයෙන් නොවේ. එම තාක්ෂණය පිටුපස දැක්මක් ඇති නිසි මෙහෙවරක් උදෙසා ඇප කැපවුණු සන්නිවේදකයකු ද සිටිය යුතුය. අප මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමිපාණන් ද එබඳු සන්නිවේදකයාණන් වහන්සේ කෙනෙකි.නිසි ලෙස සැකසුණු පොතපත මෙකල බිහි නොවන්නේය යන මතයක් ද කෙමෙන් ඉස්මතුවී එයි. එහෙත් මා හිතන විදිහට නම් මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියන් බිහිකර ඇති මේ සාරගර්භ පොත් පෙළ කියවීමෙන් නව දැක්මක් කෙනෙකුට බිහිකරගත හැකි ය. මේ පොත් අමුතුවෙන් ජනගත කිරීමක් ඇවැසි නොවේ. මේ පොත් කියවීමෙන් කෙනෙකුට අපමණ සැනසිල්ලක්, අස්වැසිල්ලක්, සන්තුෂ්ටියක් මෙන්ම ආත්මාන්වේක්ෂණයක් ද ලබාගත හැකි යයි මම සිතමි.
මහාචර්‍ය සුනන්ද මහේන්ද්‍ර
Rs 225.00
Rs 250.00
-10%
Budu Dahama Widdayava Ha Jeevaye Sambhavaya
බුදු දහම විද්‍යාව හා ජීවයේ සම්භවය යන මැයෙන් කැන්දගොල්ලේ සුමනරංසි හිමියන් විසින් රචනා කරන ලද පර්යේෂණාත්මක නිබන්ධනයේ අත් පිටපත කියවීමි. සමකාලීන අධ්‍යයන හා පර්යේෂණ ක්‍ෂේත්‍රයෙහි නිරත වන්නන්ට, ඉතාමත් ප්‍රයෝජනවත් කෘතියක් ලෙස ප්‍රකාශ කරනු කැමැත්තෙමි. බුදු සමයේ සූත්‍ර පිටකයේ මූලික සූත්‍රයන්හි අන්තර්ගත විද්‍යාත්මක දෘෂ්ටිය, වත්මන් විද්‍යා විෂයයන්ද අධ්‍යයනය කරමින් දිගු කලක ගවේෂණයේ යෙදෙමින් සිටි උන් වහන්සේ අතින් මෙවන් කෘතියක් බිහිවේ යයි අප සමඟ කළ මුල් සාකච්ඡා වලදී ද මට හැගී ගියේය. විද්‍යා විෂයයන් පිළිබඳ දැනුම ලබා ගැනීමට හා ගැටලු නිරාකරණය කරගැනීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් කිහිප දෙනෙකුගේම සහාය ලබාදීමට මට ද හැකියාව ලැබිණි. වෛද්‍ය පීඨයේ මහාචාර්ය පි. ඒ. ජේ. පෙරේරා මහතා, විද්‍යාපීඨයේ එස්. ඒ. ආනන්ද කුලසූරිය මහතා ද භූ ගර්භ විද්‍යා අංශයේ මහාචාර්ය කපිල දහනායක මහතා ද මෙම කෘතියෙහි අන්තර්ගත කරුණු පිළිබඳව ප්‍රශංසාව පල කල බව සඳහන් කළ යුතුය. මහාචාර්ය කඹුරුපිටියේ අරියසේන හිමිපාණන් වහන්සේ බුදු දහම හා විද්‍යාව පිළිබඳ මැනවින් කරුණු විභාග කොට බලා ශ්‍රේෂ්ඨ කෘතියක් ලෙස හැඳින්විය හැකි බව සඳහන් කර ඇත.
කථිකාචාර්ය පණ්ඩිත බමුණුගම ශාන්ත විමල හිමි
Rs 225.00
Rs 250.00
-10%
Siw maha raja charithaya
කතෘගෙන්...
"ජාතක පොත් වහන්සේ තුළ අන්තර්ගත සෑම ජාතක කථාවක් ම ඉතා රමණීය වේ. විචිත්‍ර වේ. ඒවා එකකට එකක් වෙනස් ය. එම කථා පුවත් අප සැම ගේ පිවිතසාර්ථක කර ගැනීම සඳහා නොයෙක් අයුරින් දායක වේ. මේ ජාතක කථා අතර සුවිශේෂී බෝධි සත්ව චරිත කථා කිහිපයක් ම දක්නට ලැබේ. එම බෝධි සත්ව චරිතකථා නිසි පරිදි අප රටේ වර්තමාන සමාජයේ අපේ සැදැහැතියන් අතරට නොයෑම මහත් වූ පාඩුවකි. තවද එම බෝධි සත්ව චරිත වෙන් වෙන් වශයෙන් ගෙණ සරල සිංහල බස් වහරකින් සම්පාදිත ග්‍රන්ථ ද අප රටේ දක්නට නැත. පැවතිය ද අතිශයින් ම ස්වල්පයකි.
කරුණු මෙසේ පවතින බැවින් අප හට හැකි අයුරින් ජාතක පොත් වහන්සේ තුළ දක්නට ඇති ප්‍රකට බෝධි සත්ව චරිත කථා වලින් සිව්, කපි, ඡද්දන්ත, වෙස්සන්තර, මඛාදේව ආදී ප්‍රමුඛ චරිත කථා කිහිපයක් හෝ ගෙණ වෙත වෙන ම කුඩා ග්‍රන්ථ වශයෙන් සම්පාදනය කිරීමට සිතක් පහළ විය. මේ එහි පළමු පියවරයි. ඉඩකඩ ලැබෙන ආකාරයට අනෙක් බෝධි සත්ව චරිත කථා ග්‍රන්ථ ද අනුක්‍රමයෙන් සම්පාදනය කර අපේ සැදැහැතියන් අතට පත් කිරීමට බලාපොරොත්තු වෙමි.
Rs 315.00
Rs 350.00
-10%
Mirisaweti Maha Chaithya Warnanawa
කතෘගෙන්...
" මිරිසවැටිය " අටමස්ථානයට මෙන් ම සොළොස්මස්ථානයට අයත් සිද්ධස්ථාන අතුරින් එකකි. මිරිසවැටි මහා දාගැබ් වහන්සේ "මිරිසටි", "මිරිස පිටි” යන නම් වලින් ද හඳුන්වා තිබේ. කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල මහ රජතුමාට අයත් රුවන්වැලි මහා සෑ සෙල් ලිපියේ සඳහන් ව ඇත්තේ "මිරිසවිට් " යන නම යි. v කාශ්‍යප මහ රජතුමාගේ පුවරු ලිපියේ ද iv මහින්ද මහ රජු ගේ අංක 1 දරන ජේතවනාරාම පුවරු ලිපියේ ද මේ මිරිසවැටි විහාරය සඳහන් ව ඇත්තේ "මිරිසිවිට්” යන නමින් ය. මිරිසවැටි මහා සෑයට පාලි භාෂාවෙන් "මරිචවට්ටි චෙතිය " යනුවෙන් කියනු ලැබේ.සර්වඥ ධාතු නිදන් කර ඇති දුටුගැමුණු මහ රප්තුමා ගේ කුන්තායුධය (ජයකොන්තය) තැන්පත් ව ඇත්තේ මේ මිරිසවැටි මහා දාගැබ් වහන්සේ තුළ යි.
Rs 270.00
Rs 300.00
-10%
Jayasrimaha Bodhi Warnanawa
" ත්‍රිපිටක ධර්මය අර්ථ කථා, ටීකා සහිත ව හදාරා ධර්මය, විනය, පාලි භාෂාව පිළිබද හසල අවබෝධයක් ඇත්තා වූ අගනා ධර්ම ග්‍රන්ථ රාශියක් සම්පාදනය කළ කෘතහස්ත ග්‍රන්ථ කර්තෘවරයෙක් වන සත්ගුණවත් ගයාගේ වානුක විදානපතිරණ මහත්මයා විසින් ශ්‍රී මහා බෝධීන් වහන්සේ සම්බන්ධ ව දීර්ඝ විස්තර වර්ණනා සහිත ව සම්පාදිත මෙම ග්‍රන්ථයෙහි අගය, වටිනාකම අසීමත ය.
Rs 1,350.00
Rs 1,500.00
-10%Out-of-Stock
Swarnamali Maha Chaithya Warnanawa
Out-of-Stock
සවිඥානක සර්ව සත්ත්ව සමූහාභ්‍යන්තරයෙහි සුවිශිෂ්ට සුප්‍රශස්ත වන්නාහු භාග්‍යවත් සම්බුද්ධ රාජයාණන් වහන්සේ මය. අවිඥානක වස්තු සමස්තාභ්‍යන්තරයෙහි සුප්‍රකර්ෂ සුසමාහිත වන්නාහු භාග්‍යවත් සම්බුද්ධ ශාරීරික ධාතූන් වහන්සේ මය. තද් ධාතූන් වහන්සේගේ ද්‍රෝණයක් සුනිහිත සුගර්හිත අතුල්‍ය අසහාය මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ ස්වර්ණමාලි' නම් වන සේක්මය.ශ්‍රී ගෞතම සම්බුද්ධ රාජයාණන් වහන්සේ චෛත්‍යමය ශ්‍රී දේහයකින් අදත් පිවමාන වෙති; ඒ රන්මැලි මහ සෑරදාණෝ ය. ශුද්ධාධර ප්‍රඥාවත්හු අදත් සම්බුද්ධ වග්දන මානන පූජනයට රුචි වෙති. ඒත් රන්මැලි මහ සෑරදාණගේ උදෙසාය. අහස උසට සේ ම භූගර්භයට ද එකසේ විහිදී පැතිරි ඇති රන්මැලි මහ සෑරදාණෝ තම සිළුමිණි රැස් දහරින් දෙව්ලෝ පහස ද භූගත බිම්බයෙහි තොලෝ පහස ද අත්විඳිති.ගැමුණු' සහ ගයාන් යන හාමද්වයයෙහි සාම්‍යයක් පැණෙන්නේ හුදු 'ග' අක්ෂර සමාරම්භය හෝ මාත්‍රා ඓක්‍යය ඔස්සේ පමණක් නොව එකී නාමධාරී යුග්මයෙන් ම රන්මැලි මහ සෑරදාණගේ වෙනුවෙන් මහාර්ඝ කාර්යභාරයක් සිදු වූ හෙයිනි. එනම් එදා අප මහා සෑරදාණගේ පිළිබඳ සාධන කාර්යය දුෂ්ට ග්‍රාමණී අභය නරේන්ද්‍රයාණන් නිසා සිදු වෙද්දී මෙදා ඒ අරබයා ලේඛන කාර්යයක් ගයාන් චානුක විදානපතිරණ ලේඛකයාණන් අතින් සිදුවීම යි.ශුද්ධාවහ ග්‍රන්ථ සම්පාදනයෙහි අග්‍රස්ථාන ප්‍රාප්ත ගයාන් චානුක විදානපතිරණයන්ගේ ස්වර්ණමාලී මහා චෛත්‍ය වර්ණනාව' නම් මෙම ගුථෝත්සාහය එම මහා චෛත්‍ය රාජයාණන්ට ද්විතීයෝත්පත්තියක් ලබා දීමක් ම ය. මෙහිලා සුද්ධදිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්මාදීහු සාධුනාද ප්‍රශංසා පුෂ්පදාම හුදෙක් ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන්ට පමණක් නොව අප ග්‍රන්ථ කර්තෘවරයාණන්ට ද පළඳවන්නාහු ම ය.
අළුබෝමුල්ලේ ධම්මාලංකාර හිමි
Rs 2,430.00
Rs 2,700.00