Books

New
Sathipattana Vipassanaa Bhawana
සත්‍යය ඔබ ලඟ ම ය. එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන් ම අවබෝධ කළ හැකිය.එහෙත් එය අසීරු ය. වෙනත් කිසිවකු විසින් එය ඔබට ප්‍රදානය කළ නො හැකිය.තථාගතයන් වහන්සේට කළ හැක්කේ ද මග කියා දීම පමණෙකි. එය අවබෝධ කරගත යුත්තේ ඔබ ම ය.ඒ නිවැරදි මග නොඅඩු කොට වටහා ගැනීමට අතිපූජ්‍ය මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේගේ සරල පොත් පෙළ ඔබට උපකාර කරයි.
Rs 620.00
New
Budu Dahama Widdayava Ha Jeevaye Sambhavaya
බුදු දහම විද්‍යාව හා ජීවයේ සම්භවය යන මැයෙන් කැන්දගොල්ලේ සුමනරංසි හිමියන් විසින් රචනා කරන ලද පර්යේෂණාත්මක නිබන්ධනයේ අත් පිටපත කියවීමි. සමකාලීන අධ්‍යයන හා පර්යේෂණ ක්‍ෂේත්‍රයෙහි නිරත වන්නන්ට, ඉතාමත් ප්‍රයෝජනවත් කෘතියක් ලෙස ප්‍රකාශ කරනු කැමැත්තෙමි. බුදු සමයේ සූත්‍ර පිටකයේ මූලික සූත්‍රයන්හි අන්තර්ගත විද්‍යාත්මක දෘෂ්ටිය, වත්මන් විද්‍යා විෂයයන්ද අධ්‍යයනය කරමින් දිගු කලක ගවේෂණයේ යෙදෙමින් සිටි උන් වහන්සේ අතින් මෙවන් කෘතියක් බිහිවේ යයි අප සමඟ කළ මුල් සාකච්ඡා වලදී ද මට හැගී ගියේය. විද්‍යා විෂයයන් පිළිබඳ දැනුම ලබා ගැනීමට හා ගැටලු නිරාකරණය කරගැනීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් කිහිප දෙනෙකුගේම සහාය ලබාදීමට මට ද හැකියාව ලැබිණි. වෛද්‍ය පීඨයේ මහාචාර්ය පි. ඒ. ජේ. පෙරේරා මහතා, විද්‍යාපීඨයේ එස්. ඒ. ආනන්ද කුලසූරිය මහතා ද භූ ගර්භ විද්‍යා අංශයේ මහාචාර්ය කපිල දහනායක මහතා ද මෙම කෘතියෙහි අන්තර්ගත කරුණු පිළිබඳව ප්‍රශංසාව පල කල බව සඳහන් කළ යුතුය. මහාචාර්ය කඹුරුපිටියේ අරියසේන හිමිපාණන් වහන්සේ බුදු දහම හා විද්‍යාව පිළිබඳ මැනවින් කරුණු විභාග කොට බලා ශ්‍රේෂ්ඨ කෘතියක් ලෙස හැඳින්විය හැකි බව සඳහන් කර ඇත.
කථිකාචාර්ය පණ්ඩිත බමුණුගම ශාන්ත විමල හිමි
Rs 250.00
New
Nopenena Lokaya - 4
හරවත් යමක් ලියන, කියන, කරවන කෙනෙකු මේ සමාජයේ මුණ ගැසීමට ලැබෙන්නේ කලාතුරකිනි. මට එබඳු එක් මහා යතිවර පඬිරුවනක් මුණ ගැසිණ. ඒ මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමිපාණන්ය. උන්වහන්සේ බොහෝ දේ ගැන හිතන බවක් මට හැඟීයයි. උන්වහන්සේ බොහෝ දේ ගැන සටහන් ලියන බවක් මට හැඟී යයි. ඒ සටහන් හුදු ළාමක සටහන් නොවේ. ඒවා සරල ය. කෙටි ය. හරවත් ය. දස දෙස පතළ දැනුම විදහා දැක්වේ. ඒ සටහන් එසේ ලිවීමෙන් තමන් වහන්සේ ද සැනසුමක් ලබන්නා සේය. මෙරමාට ද සැනසුමක් අත්පත් කර දෙන්නා සේය.විටෙක ඒ සටහන් තුළ රැඳී ඇත්තේ අපදානයකි. තවත් විටෙක විද්‍යාත්මක විශ්ලේෂණයකි. තවත් විටෙක ආගමික සන්නිවේදනයකි. කලා විඥානය හා සාහිත්‍ය සේවනයේ නොතිත් ඇල්ම විදහා දැක්වෙන්නේය. මේ අතරින් ජනමාධ්‍ය ව්‍යුහය හා බැඳුණු මාතෘකා සමුදායකි. චින්තාවලින් සමුදායකි. පොත්පත් බිහිවන්නේ හුදෙක් තාක්ෂණික කාර්යයක් වශයෙන් නොවේ. එම තාක්ෂණය පිටුපස දැක්මක් ඇති නිසි මෙහෙවරක් උදෙසා ඇප කැපවුණු සන්නිවේදකයකු ද සිටිය යුතුය. අප මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමිපාණන් ද එබඳු සන්නිවේදකයාණන් වහන්සේ කෙනෙකි.නිසි ලෙස සැකසුණු පොතපත මෙකල බිහි නොවන්නේය යන මතයක් ද කෙමෙන් ඉස්මතුවී එයි. එහෙත් මා හිතන විදිහට නම් මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියන් බිහිකර ඇති මේ සාරගර්භ පොත් පෙළ කියවීමෙන් නව දැක්මක් කෙනෙකුට බිහිකරගත හැකි ය. මේ පොත් අමුතුවෙන් ජනගත කිරීමක් ඇවැසි නොවේ. මේ පොත් කියවීමෙන් කෙනෙකුට අපමණ සැනසිල්ලක්, අස්වැසිල්ලක්, සන්තුෂ්ටියක් මෙන්ම ආත්මාන්වේක්ෂණයක් ද ලබාගත හැකි යයි මම සිතමි.
මහාචර්‍ය සුනන්ද මහේන්ද්‍ර
Rs 250.00
New
Nopenena Lokaya 5
හරවත් යමක් ලියන, කියන, කරවන කෙනෙකු මේ සමාජයේ මුණ ගැසීමට ලැබෙන්නේ කලාතුරකිනි. මට එබඳු එක් මහා යතිවර පඬිරුවනක් මුණ ගැසිණ. ඒ මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමිපාණන්ය. උන්වහන්සේ බොහෝ දේ ගැන හිතන බවක් මට හැඟීයයි. උන්වහන්සේ බොහෝ දේ ගැන සටහන් ලියන බවක් මට හැඟී යයි. ඒ සටහන් හුදු ළාමක සටහන් නොවේ. ඒවා සරල ය. කෙටි ය. හරවත් ය. දස දෙස පතළ දැනුම විදහා දැක්වේ. ඒ සටහන් එසේ ලිවීමෙන් තමන් වහන්සේ ද සැනසුමක් ලබන්නා සේය. මෙරමාට ද සැනසුමක් අත්පත් කර දෙන්නා සේය.විටෙක ඒ සටහන් තුළ රැඳී ඇත්තේ අපදානයකි. තවත් විටෙක විද්‍යාත්මක විශ්ලේෂණයකි. තවත් විටෙක ආගමික සන්නිවේදනයකි. කලා විඥානය හා සාහිත්‍ය සේවනයේ නොතිත් ඇල්ම විදහා දැක්වෙන්නේය. මේ අතරින් ජනමාධ්‍ය ව්‍යුහය හා බැඳුණු මාතෘකා සමුදායකි. චින්තාවලින් සමුදායකි. පොත්පත් බිහිවන්නේ හුදෙක් තාක්ෂණික කාර්යයක් වශයෙන් නොවේ. එම තාක්ෂණය පිටුපස දැක්මක් ඇති නිසි මෙහෙවරක් උදෙසා ඇප කැපවුණු සන්නිවේදකයකු ද සිටිය යුතුය. අප මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමිපාණන් ද එබඳු සන්නිවේදකයාණන් වහන්සේ කෙනෙකි.නිසි ලෙස සැකසුණු පොතපත මෙකල බිහි නොවන්නේය යන මතයක් ද කෙමෙන් ඉස්මතුවී එයි. එහෙත් මා හිතන විදිහට නම් මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියන් බිහිකර ඇති මේ සාරගර්භ පොත් පෙළ කියවීමෙන් නව දැක්මක් කෙනෙකුට බිහිකරගත හැකි ය. මේ පොත් අමුතුවෙන් ජනගත කිරීමක් ඇවැසි නොවේ. මේ පොත් කියවීමෙන් කෙනෙකුට අපමණ සැනසිල්ලක්, අස්වැසිල්ලක්, සන්තුෂ්ටියක් මෙන්ම ආත්මාන්වේක්ෂණයක් ද ලබාගත හැකි යයි මම සිතමි.
මහාචර්‍ය සුනන්ද මහේන්ද්‍ර
Rs 300.00
New
Abhirahas Punarbawa
මිනිස් සිරුරේ උපතින් දක්නට ලැබෙන ලප කැළැල් සහ ශාරිරික කොටස් අඩු වීමේ පිළිබඳව පුනර්භව පර්යේක්ෂණ මගින් හෙළි වූ අවස්ථා රැසක් තිබේ. ඇතැම් විට පෙර බවය හෙළි කළ දරුවෝ තම සිරුරේ උපතින් ඇති අඩු පාඩු පෙර බවයට සම්බන්ධ සිදුවීම් නිසා ඇති වූ ඒවා යයි අනාවරණය කළහ. පෙර බවයේදී සිරුරට සිදුවු හානියක් යළි ඉපදීමකදී එලෙසම පිහිටිය හැකිද? පුනර්භවය පිළිබඳව පර්යේෂණ පවත්වන ලොව ප්‍රධාන පෙළේ මනෝ විදහාඥයන්ගේ ද දැඩි අවධානය යොමු වී ඇති එවන් සිදුවීම් අභිරහස් පුනර්භව ලෙස හැඳින්වේ. අතිශය පුදුම උපදවන එ වැනි සිදුවීම් රැසක් ඇතුළත් ශ්‍රී ලංකාවෙන් ප්‍රකාශයට පත්වූ ප්‍රථම ග්‍රන්ථය මෙය වේ.
Rs 260.00
New
Sasarin Mideema Saha Antharabawaya
සංස්කාරයෝ අවිද්‍යාව ප්‍රත්‍ය කොට ඇත්හ. විඥානය සංඛාර ප්‍රත්‍ය කොට ඇත. නාමරාජ විඥානය ප්‍රත්‍ය කොට ඇත. සළායතන නාමරූප ප්‍රත්‍ය කොට ඇත. සද්ධායතන ප්‍රත්‍ය කොට ඇත. වේදනාව ස්පර්ශය ප්‍රත්‍ය කොට ඇත. ප්‍රත්‍ය කොට ඇත. උපාදානය තණ්හාව ප්‍රත්‍ය කොට ඇත. න්‍ය කොට ඇත. ජාතිය භවය ප්‍රත්‍ය කොට ඇත. දුක්ඛය ඉපදීම ප්‍රත්‍ය කොට ඇත.
ශුද්ධාව දුක්ඛය ප්‍රත්‍ය කොට ඇත. ප්‍රමෝද්‍යය ශ්‍රද්ධාව ප්‍රත්‍ය කොට ඇත. ප්‍රීතිය ප්‍රමෝද්‍ය ප්‍රත්‍ය කොට ඇත. පස්සද්ධිය ප්‍රීතිය ප්‍රත්‍ය කොට ඇත. සුඛය ප ප්‍රත්‍ය කොට ඇත. යථාභූත ඥාන දර්ශනය සමාධිය ප්‍රත්‍ය භේදය යථාභූත ඥාන දර්ශනය ප්‍රත්‍ය කොට ඇත. රාගය () නිර්වේදය ප්‍රත්‍ය කොට ඇත. අරහත් ඵල විමුක්තිය අරහණය නානය ප්‍රත්‍ය කොට ඇත. ප්‍රත්‍යවේක්ෂාඥානය විමුක්තිය ප්‍රත්‍ය කොට ඇත.
සසර දුකින් පෙළෙන සත්ත්වයාට බුද්ධි සම්පන්නව විමු ප්‍රත්‍යයය පහේතුකට හැකි බව මෙයින් නිදර්ශිත ය. විවිධාකාරව ඒ ඒ පුද්ගල අධ්‍යාශය අනුව හේතු ඵල ධර්මය දේශිතය.
(සං. සී. උපතිස්ස සුත්ත 10 )
Rs 600.00
New
Widyawen Opawena Apage Wishwasa Ha Adahili
සිත ගමන් කරන බලවේගයක් බවත්, සිරුරෙන් නික්මෙන නානා කිරණ තරංග, සහ ඒ තුළින් මතු කරන ක්‍රියාකාරීත්වය, කර්ම ශක්තිය ඇති කරන අන්දම විද්‍යාඥයන් ඡායාරූප සටහන් ගත කරනු ලබන අයුරුත්, භාවනාවක දියුණුව ඵලය විද්‍යාඥයන්ට මැනිය හැකි බවත්, මේ පොතෙන් අපට සාක්ෂි සහිතව පෙන්වා දෙයි.එසේම බෝධි පූජාවක දී බෝධිය හා අප අතර ඇතිවන තරංග හුවමාරුවත්, බෝධිය අප හා ආදරයෙන බැඳෙන අයුරුත්, සිත් ගන්නාසුලු ලෙස පැහැදිලිකර ඇත. පිංදීම, අනුමෝදන් වීම, පූජා භාණ්ඩයකට අත ගැසීම, ආදී බොහෝ කරුණු ද, සෙත් කවි, යාඥා මන්ත්‍ර, පිරිත් වතුර ආදියෙහි ඇති ශක්තීන් විද්‍යාත්මකව මැනිය හැකි බව ද මේ ග්‍රන්ථයෙන් පෙන්වා දෙයි.ගුවන් විදුලියෙන් පුවත්පත් මගින් අපගේ ඇදහිලි හා විශ්වාසකොතරම් විදුහුරු දැයි කතුවරයා නගන හඬ ඇත්තෙන්ම විශිෂ්ටය. වසර තිහක් ඉක්ම වූ ගවේෂණ මගින් ලද දැනුමෙන් කොටසක් ඔහු මේ ග්‍රන්ථයෙන් අප වෙත ඉදිරිපත් කරයි.රට දැයට හිතැති බුද්ධිමතුන් බිහිකළ කොළඹ නාලන්දාවේ තවත් එවන් බිහි කිරීමකි. ඒ.එම්. ආර්. බෝපෙගෙදර මහතා.අපගේ ඇදහිලි හා විශ්වාස ගැන උසස් ඇගැයීමක් කරන මේ ග්‍රන්ථය කාලීන අවශ්‍යතාවක් සපුරාලයි.
Rs 1,060.00
New
Karmaya Punarbhavaya Ha Antharbhavaya Pilibada Samayanthara Adhyayanayak
මෙම කෘතිය අධ්‍යනය කිරීම තුළින් ඔබට මානව ඉතිහාසය පුරාවටම විවිධ විවිධ ක්ශ්‍රේත්‍රයන්හි සාකච්ජාවට භාජනය වූ ' ආත්ම ' යන්න පිළිබද දාර්ශනික හා ආගමික වශයෙන් විමසීමට ලක් කරණ අතර ඒ තුළින් හුදෙක් විශ්වාසයන් මත පමනක් පදනම්ව ඇති බොහෝ කරුණු සත්‍ය ලෙස ගවේශනාත්මකව විශ්ලේෂණය කිරීමට හැකිය.
Rs 1,850.00
New
Jivana ratawa ha sasara pavathma
ජීවන රටාව හා සසර පැවැත්ම පොත දොළොස්වන මුද්‍රණයේ පටන් ඉදිරියට ප්‍රකාශයට පත්කිරීමේ අයිතිය හා වගකීම මෙවර මුද්‍රණයේ වියදම් දැරූ “සසර පැවැත්ම” භාරයට පවරමි. මෙයින් ලැබෙන ආදායමක් ඇත්නම් එය පොත නොකඩවා පළ කිරීමට සහ හදිසි ආපද‍ාවන් නිසා පවුල් බර දරා ගැනීමට අපහසු වී සිටින අය සොයා පරිත්‍යාග කිරීමට ද යොදා ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.
බෙල්ලන ඤාණවිමල මහානායක ස්‌ථවිර
Rs 300.00
New
Purvajanma Apurvaya
මෙය මහාචාර්ය බ්‍රයන් වේස් හා මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් වැනි ප්‍රකට මනෝ විද්‍යාඥයන් ගේ පූර්වජන්ම පර්යේෂණ සිද්ධි අධ්‍යයනයකි. සුනේත්‍රා එම සිද්ධි විග්‍රහ කරන්නේ භාවනා යෝගීන් ඇසුරෙහි ද බුද්ධ ධර්මයෙන් ද සුපෝෂිත මනසකිනි. පෙර ජීවිතයක තමන් කවරකු වුවත් වඩා වැදගත් වන්නේ වර්තමාන ජීවිතයේ අත් වාරුව මෛත්‍රිය හා අවංක භාවය විය යුතු බව ද කර්මයට අභියෝග කළ හැකි ශක්තිය තමා තුළින් විනා බාහිර බලවේගයකින් ලබා ගත නොහැකි බව ද පෙන්නුම් වෙන මේ කෘතිය ආධ්‍යාත්මික ආලෝක දහරකින් මනස සුවපත් කරයි.
Rs 290.00
New
Punarupaththiya Ha Nirvanaya
'පුනරුප්පත්තිය හා නිර්වාණය' යන මෙම කෘතිය තුළ පුනරුපත්තිය යනු කුමක්ද යන්නත් උතුම් වූ නිර්වණය යනු කුමක්ද යන්නත් ඉතා සංශිප්ත ලෙස පැහැදිලි කර ඇත.
Rs 135.00
New
Awabodatha Gnana Vidyawa
පුදුමාකාර ගුප්ත සිතිවිලි ස්වභාව ධර්මයේ සත්‍ය හා හැපෙයි එය නොකඩවා දිවෙන තරංගයකි ඉපැරණි කඳු වළල්ලක් මෙන් එය අපට දැනෙයි
එරිකා ඩයස්
Rs 325.00
New
Manokaya Wishwayatharthaya Ha Thadanubaddha Mithyawa
Last items in stock
'මනෝකාය විශ්වයතාර්ථය හා තදානුබද්ධ මිත්‍යාව'  නම් මෙම කෘතිය වෛද්‍ය සනත්දෙව මුරුතැන්ගෙ මහතා විසින් රචිත අතර මෙම කෘතිය මගින් ඔහු විසින්ම සිදු කරණ ලද ගවේශණාත්මක පර්යේෂණයක් මගින් ඔප්පු කර ගන්නා ලද කරුණු මත පදනම්ව මනෝකාය මරණය හා සසර ප්‍රගමනයේනුත් මනෝකාය කර්මය හා මායාලෝකයෙනුත් ගෝචරකරගත් සවිස්තරාත්මක සිද්ධියක් මෙම කෘතියෙන් එළි දක්වනු ලබයි.
Rs 680.00
The Buddha's Ancient Path
A prominent monk of Sri Lanka, well-known in both East and West, explains the central teachings of Buddhism, focusing on the Four Noble Truths and the Noble Eightfold Path. In a lively and inspired style, he explores the path in detail, citing many stories from Canon and commentaries. ‘The book is written in a firm and clear style … These interpretations, authoritative and unimpeachable, may be taken as a trustworthy guide.’ —(I. B. Horner)
Rs 350.00
The Road To Liberation
The BPS is an approved charity dedicated to making known the Teaching of the Buddha, which has a vital message for all people. 
Founded in 1958, the BPS has published a wide variety of books and booklets covering a great range of topics. Its publications include accurate annotated translations of the Buddha's discourses, standard reference works, as well as original contemporary expositions of Buddhist thought and practice. These works present Buddhism as truly is-a dynamic force which has influenced receptive minds for the past 2500 years and is still as relevant today as it was when it first arose. 
For more information about the BPS and our publications, please visit our website, or write an e-mail, or a letter to the:
Rs 80.00