Sitha niwana lokaya
Last items in stock
විශ්වයේ විසිතුරුම විසිරුණුම හා විසකරුම 'සිත' ගැන අධ්‍යයනය කළ හැකි හොඳම තැන බුදු දහම වේ. බුදු රදුන් තරම් සිත, කය සහ භවය ගැන විවරණය කළ වෙනත් විද්‍යාඥයෙකු මිහිපිට නොමැත. දැනුම දියුණු කිරීමෙන් මනස දියුණු නොවන බව නූතන මනෝ විද්‍යාවෙන් ८ අනාවරණය කෙරේ. දැනුම මද වුව ද සිත දියුණු වූ විට උතුම් රහත් භාවයට පත්විය හැකි බව 'චුල්ලපන්තක' කථාවෙන් කියාපායි.ආත්මීය ආදරය, සංසාර චක්‍රය, පුද්ගල සමාජ විවිධත්වය, විශ්ව ධර්මතා, කර්මය හා පුනර්භවය මෙන්ම සිතට සහන දෙන භාවනා ඇතුළු විවිධ මාතෘකා රැසක් "සිත නිවන ලෝකය"ට විෂය වී තිබේ. ශත වර්ෂයකට ආසන්න ඤාණාවලෝකයක් විහිදුවන බෙල්ලන ඤාණවිමල මහ නාහිමියෝ බුදු දහම හා නූතන විද්‍යාවන් පිළිබඳ හසල දැනුමැති දුලඛ පඬිරුවනකි. ෂඩ්භාෂා පරමේශ්වර ඤාණවිමල මහ නාහිමියන්ට සමකළ හැකි ප්‍රාඥයන් මෙකළ සැබවින් ම විරලය.මේ මහා ඥාන සම්භාරය වියපත් වී මිළින වීමට නොදී සමාජයට තිළිණ කළ අප හිතවත් චාමික මුණසිංහ තරුණ මාධ්‍යකරුවාගේ උත්සාහය අදට වඩා හෙට දවසේ දී වඩාත් ඇගයීමට ලක්වනු නිසැක ය. මෙහි එන සදහම් කරුණු දිනෙන් දින ඔපවත් වී මුළු මහත් ලෝකයාගේ ම සිත් සතන් නිවා සුවපත් කරන්නට හේතු වේවා! යි පතමි.
ශාස්ත්‍රපති, පණ්ඩිතදොඩම්පහළ ශ්‍රී රාහුල හිමි
ශාස්ත්‍රපති, පණ්ඩිතදොඩම්පහළ ශ්‍රී රාහුල හිමි
Rs 280.00