Buddhism

-10%Out-of-Stock
Dhamma Padaya
Out-of-Stock
ධම්ම පදයේ ඇතුළත් වන්නේ "ගාථා" නම් වූ ශාස්තෘ ශාසනයයි. එම ගාථා සංඛ්‍යාව හාරසිය විසි තුනකි. මේ උතුම් ගාථාවන් ශාස්තෘ ශාසනය නමින් හඳුන් වන්නේ මේ තුළ පවතින සුවිශේෂී ගුණයක් නිසාය. එනම් මේ උතුම් ගාථාවන් ගේ අරුත් අවබෝධ කර ගෙන ඒ අනුව ජිවිත සකසා ගත හොත් ඒ ශ්‍රාවකයා හට මේ සංසාර දුකින් අත් මිදී ඒ අමා නිවන සාක්‍ෂාත් කළ හැකිය.
Rs 360.00
Rs 400.00
-10%
Sanna Sahitha Purana Maha Sathipattana Suthraya
මහනුවර කාලයෙහි විසූ වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජයන් වහන්සේ සහ උන්වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පිරිස මහනුවර සාහිත්‍ය ඉතිහාසය බැබලුවන් වේ. පාලි ප්‍රබන්ධකරණය මෙන්ම පාලි දහග්න්‍යාය හෙළ බසින් තැබීම සඳහා මහත් උත්සාහයක් ගත්තේද සඟ රජ ශිෂ්‍යානුශිෂ්‍ය පිරිස ය. එහිදී පළමුවෙන් කළ දේ පාලි දහම්නය හෙළයෙන් කළ පැරණි සන්න මතුකර ගැනීමයි.
මේ උත්සාහය නිසා එතෙක් අප්‍රකටව පැවති පැරණි සන්න ගණනාවක් නැවත සාහිත්‍යයේ දිස්වන්නට විය. සඟරජ හිමියන් ඇරඹූ මේ කාර්යය වඩාත් දියුණු කරන ලද්දේ උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිස් විසිනි. ඒ අනුව එවක ලියූ සූත්‍ර සන්න ගණනාවක් පවතී. ඒවා අතර සතිපට්ඨාන සූත්‍ර සන්නය එවක බොහෝ දෙනෙක් භාවිත කළ පොතකි. එය සග රජ හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය තිබ්බටුවාවේ නාහිමියන් විසින් ලියන ලද්දකි.
Rs 630.00
Rs 700.00
-10%
Budu Rajanan Wahansege Luhundu Dharma Deshana
''බුදු රජාණන් වහන්සේ ලුහුඩු ධර්ම දේශනා දම් සභා මණ්ඩපය'' යන මෙම කෘතිය තුළ බුදු පියාණන් වහන්සේගේ සතර අකාරවන ධම්ම දේශනා ක්‍රමවේදය තුළින් මහ රහතන් වහන්සේලාට මෙන්ම ගිහි සැදැහැවතුන් හටද ධර්මය දේශනා කර දැහැමි මාර්ගයට ගත් අකාරය සදහන් වන අතර මෑත කාලීන සමාජයේ සියලු දෙනා හටද ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 584.10
Rs 649.00
-10%
Budu Dahame Meda Mawatha Hewath Samathulithatha Muladharmaya
සබ්බමතථිතිබෝ කච්චායන අයම්කෝ අනෙතා සබ්බනතථිබො අයං අනේතා, එතේ බෝ කච්ජායන, උභෝ අන්තේ අනුපගම්ම තථාගතෝ ධම්මං දේසෙති.
කච්චායනය ! සියල්ල ඇතැයි යන දැකීම එක් අන්තයකි. සියල්ල නැතැයි යන දැකීම දෙවන අන්තයයි. කච්චායනය ! මෙම අන්ත දෙකටම නොපැමිණ තතාගතයන් මධ්‍යම මාර්ගයෙන් ධර්මය දෙශනා කරන්නේය.
'බුදුරජාණන් වහන්සේ'
Rs 371.70
Rs 413.00
-20%
Saddharmadhara
ශ්‍රී සම්බුද්ධ මෙහෙයුම් පුණ්‍ය භාරයේ පණිවිඩය...
ත්‍රෙෙලෝකනාථ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් වදාළා වූ උතුම් සම්බුදු වදන කමටහන් කෙරෙනා ''සද්ධර්මධාරා භාවනා වැඩසටහන'' සඳහා යෝගියෙකු ලෙස හෝ පාඨකයෙකු ලෙසින් ඔබ හා සම්බන්ධ වන්නේ භක්ති පූර්වකවය. අතිපූජනීය බම්බලපිටියේ ඤාණාලෝක හිමිපාණන්ගේ උපදේශකත්වය හා අනුශාසකත්වය පරිදි මෙම සද්ධර්මධාරා තෝරාගත් සූත්‍ර දේශනා සංග්‍රහය සම්පාදනය කෙරිණි.
උතුම් සම්බුද්ධ භාෂිතය ප්‍රායෝගික පදනමක් මත පිහිටා ඉදිරිපත් කෙරෙන මෙම තෝරාගත් සූත්‍රගත දේශනාවන් උපයෝගී කරගනිමින් යෝගියෙකු ලෙස ආර්ය මාර්ගය හා සම්බන්ධ වන ඔබ සැබෑ බුදු වදනින් ආලෝකවත් වනු ඇත. න්‍යායාත්මක කරුණු ඇසුරු කරගනිමින් මෙන්ම භාවනා අත්දැකීම් තමා තුළින් ම ළඟා කර ගැනීමට අවස්ථාව ඔබට උදාවනු ඇත. ශ්‍රද්ධා ඉන්ද්‍රිය සහ ශීලය හා තපස, බල ධර්මයන් වශයෙන් දියුණු කර ගන්නා අතරෙහි සද්ධර්මධාරා තෝරාගත් සූත්‍ර දේශනා ග්‍රන්ථය ඇසුරු කරන ඔබ ධර්ම මාර්ගයෙහි උපරිම ඵල අත්විඳිනු දැකීම අපගේ විශ්වාසයයි.
Rs 1,560.00
Rs 1,950.00
-20%
Ratana Sutta
A detailed description of one of the most used suttas by ven.Balangoda Dhammananda 
Rs 336.00
Rs 420.00
-10%
Jathaka Pothen Helivana Darshanika Wigrahaya
ජාතක පොත සම්බන්ධ විවිධ ප්‍රස්තුත විවරණය වී ඇත්තේ නමුත්, මෙම ග්‍රන්ථය නවමු ප්‍රවේශයක් සහිත දාර්ශනික විග්‍රහයක් බැව් ග්‍රන්ථය නිරික්ෂණය කිරීමෙන් පැහැදිලි වේ. එය මනාව සනාත වන්නේ, ප්‍රස්තුත මාතෘතා සියල්ලෙහි අවසානයේ දී නිගමනය හැඳින්වීම තුළඳීම සනාථ කොට ඇති හෙයිනි. මෙම පුස්තුත විග්‍රහය එතෙක් මෙහෙන් සාකච්ඡාවට භාජනය නොවූ උපන්‍යාශයක් බැව් ද සිහිපත් කරම්.ජාතක පොත හුදු ග්‍රන්ථයක් නොවන බවත්, දාර්ශනික ව්‍යුහයකින් සමුහනය වී ඇති බවත් මෙම ග්‍රන්ථයේ ප්‍රස්තුත මාතෘකා තුළින් මනාව සනාථ වෙයි. සැම පුස්තුන මාතෘකාවක් ම නිරික්ෂණ, පරික්ෂය හා සාධක කරුණු අනුව සනාථ කරන ලද උපන්‍යාශ බැව් මනාව පැහැදිලිය. එබැවින්, කියවීම කියවීමට, උචිත ග්‍රන්ථයක් ලෙස මෙම ග්‍රන්ථය සඳහන් කරමි.
කතුවරයා ඉදිරිපත් කොට ඇති තාර්කික පද බෙදීම මගින් ජාතක කතාව පිළිබඳ ප්‍රස්තුතය ග්‍රහණය කරගැනීම අතිශයින් සරල කොට තිබේ. අධ්‍යාපනය පිළිබඳ ප්‍රස්තුතය, ආර්ථිකය පිළිබඳ ප්‍රස්තුතය, ස්ත්‍රීභාවවේදය පිළිබඳ ප්‍රස්තුනය, භික්ෂු ආකල්පය පිළිබඳ ප්‍රස්තුතය, රාජ්‍ය පාළනය හා ධාර්මික බව පිළිබඳ ප්‍රස්තුතුතය යනාදිය ධර්ම ශාස්ත්‍රීය අධ්‍යයනයෙහි යෙදෙන්නට ග්‍රහණය කරගැනීමේ පහසුව මෙම ග්‍රන්ථය මගින් සිදුකොට තිබේ. එමඟින් පාසල්, පිරිවෙන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට මෙන්ම, සාමාන්‍ය පාඨකයාට ද වැදගත් වනු නොඅනුමානය.

පේරාදෙණිය ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයෙහි
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයෙහි අංශාධිපති
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය,
ආචාර්ය මුවඇටගම ඤාණානන්ද නාහිමි
Rs 3,150.00
Rs 3,500.00
-10%New
Budu Guna Ananthai
ශාස්ත්‍රීය උවමනාවෙන් බුදු ගුණ ගැන තොරතුරු සොයන ගුරු - සිසු - ලේඛක - දේශක පිරිසට මෙයින් ප්‍රයෝජන ලබාගත හැකිය. එහෙත් මෙම පොත සැකසීමේ විශේෂ අරමුණ බුදුගුණ හඳුනාගෙන ශ්‍රද්ධාව උපදවා ධර්ම මාර්ගයේ ගමන් කොට උතුම් සැනසීම ළඟාකර ගන්නට කැමති ඒ සම්බන්ධයෙන් උත්සාහවත් පිංවතුන්ට ඒ සඳහා සහාය වීමයි.
Rs 212.40
Rs 236.00
-20%New
Oba Yanu Hudek Induran mayi
මෙම පොත කියවීමෙන් පසු මගේ තුන් ප්‍රණාමයකි. සත්ත්වයා පිළිබඳව ගැඹුරු වුත් විස්තීර්ණ වූත් දැනුම් ප්‍රවාහයක් ඉදිරිපත්කොට ඇති බුදුන් වහන්සේටත්, උන්වහන්සේ ලොවට දුන් සංස්කෘතියටත්, එතරම් සංකීර්ණ නොවූ මෙම දැක්ම කියවීමට පහසු මන්න්පිනවන බසකින් මුත් පරිසමාප්තව ඉදිරිපත් කොට ඇති මහාචාර්ය භික්ඛු මිහිත හිමිටත් ය.
ආචාර්ය හෙල් මුත් බර්කාට්, ටොරොන්ටෝවේ රයර්සන් බහුතාක්ෂණික සරසවියේ භෞතික විද්‍යා මහාචාර්ය: 'විද්‍යාව සාමය උදෙසා' (Science for Peace) සංගමයේ සභාපති.
Rs 824.00
Rs 1,030.00