Home

-20%New
Sugatha Tathagatabhivandana
'සුගත තථාගතාභිවන්දනා ' නම් මෙම බුද්ධ බෝධි වන්දනා හා අධිෂ්ඨාන වන්දනාමය ග්‍රන්ථය අප රැසයූ ග්‍රන්ථයන් අතර ඉතා විශේෂ ග්‍රන්ථයකි. මෙය හුදු වන්දනා ගාථා පොතක් ම නොවනු ඇත. ථෙරවාද ත්‍රිපිටක හා අට්ඨ කථා ග්‍රන්ථාගතයන් අනුව මනුලොව සත්ත්‍වයන්ට නුදුරු අනාගතයේ දී මුහුණ දීමට සිදුවන අනතුරක් ලෙස අන්තර් කල්ප විනාශය පෙන්වා දී ඇත. එය ඉතා අනුවේදනීය ශෝකාලාපයකි; ශෝකාන්තකි. ධර්මතා ස්වරූපය නම් බහුතර ජනතාව එහි දී දුගතිගාමී වන බව යි. එම අනතුරින් අත්මිදීම උදෙසා ප්‍රාර්ථනානුකූලව කුසල් දහම් වැඩීමේ වටිනාකම ධර්මයේ විශේෂයෙන් පෙන්වා දී ඇති කරුණකි. මෙම ග්‍රන්ථය වනාහි එම සදුපදේශානුකූලව එකී විපතින් අත්මිදෙනු පිණිස ප්‍රාර්ථනානුකූලව කුසල් දහම් රැස් කර ගැනීම පිණිස අත්තහිත පරහිතකාමී නුවණැතියන්ට ලබා දෙන මග පෙන්වීමකි. 
Rs 300.00
Rs 375.00
-10%New
Sathuta Laba Dena Karunu Pahak
කර්තෘ ගෙන්...
පැට්‍රිෂියා ලෝරන්ස් කතුවරියගේ ''The 5 things we need to be happy, and money isn't one of them" w බසට නඟා ඔබ අතට පත්කිරීමට ලැබීම පිළිබඳව අතිශයින් ම සතුටු වෙමි. නොයෙකුත් ආගමික ශාස්තෘවරුන්, චින්තකයන් දාර්ශ-නිකයන් විසින් ලොවට හෙළි කර ඇති දර්ශනයන්ගේ දෝංකාරය මෙම ග්‍රන්ථය තුළින් මතුවන බව, පාඨක ඔබ වටහා ගන්නවා ඇත. මෙම ග්‍රන්ථය පරිවර්තන කාර්යයෙහි යෙදී සිටින විට සැම විටම මගේ සිහියට නැඟුණේ, සොක්‍රටීස් පඬිවරයාගේ ප්‍රකාශයකි. " මිනිසුනි, ඉසුරු පසුපස හඹා යාමට තොපට ලජ්ජා නැතිද?" යන එම වාක්‍යයෙන් ධ්වනිත වන අදහස මෙම ග්‍රන්ථය තුළද අන්තර්ගත වෙයි. තම ජීවිත අත්දැකීම් පාදක කරගනිමින්, තමා ඉදිරිපත් කරන අදහස් උදාහරණ මගින් තහවුරු කරමින්, පාඨකයාගේ අවධානය රැක ගැනීමට කතුවරිය සමත් වී ඇත. 
Rs 342.00
Rs 380.00
-10%New
Minis Diwiye Arutha Soya
මේ කෘතියෙන් නාසි මාරක කඳවුරුවල දී මුහුණ දුන් භයානක සිද්ධි ඇතුළු ට, ඉෂ්ටාර්ථ චිකිත්සාව පිළිබඳ න්‍යායය අනාවරණය කර ගැනීමට පාදක වූ තම ජිවිත අත්දැකීම් කතන්දරයක ආකාරයෙන් ඉදිරිපත් කර ඇත. කතුවරයා ඕස්විවිටස්හි සහ වෙනත් වද කඳවුරු තුළ ගත කිරීමෙන් අනාවරණය කර ගත් ඉෂ්ටාර්ථ චිකිත්සාව, මානසික ව හෝ ආධ්‍යාත්මික ව දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින පුද්ගලයන්ගේ පෞරුෂ ගැටලු නිරාකරණය සඳහා දායක වන නවීන හා සුඛවාදී එළැඹුමක් වේ. 
" පසුගිය වසර පනහ තුළ ලෝකයේ මනෝ විද්‍යා චින්තනයට කරන ලද ප්‍රධාන ම දායකත්වය ලෙස මේ කෘතිය හැඳින්විය හැකිය " 
කාර්ල් ආර්. රොජර්ස් (ප්‍රකට මනෝ විද්‍යාඥ )
Rs 882.00
Rs 980.00
-10%New
Yatisitha
ස්වයං වර්ධනය සහ ස්වයං සාර්ථකත්වය අත් කර ගැනීමට උපදෙස් දීම සඳහා ලොවේ මේ දක්වා ලියන ලද ග්‍රන්ථ අතර අග්‍රතමය ලෙස මේ පොත සැලකේ. ඔබ අත් පසුරෙහි, පහසුවෙන් ඔබට අල්ලා ගතහැකි ලෙස පවතින අතිශයින් විස්මය ජනක වූ මහා බලය සඳහා වූ යතුර මේ ග්‍රන්ථය මගින් ඔබ අතෙහි තැබෙයි. කිසි දිනක ඉටුකර ගත නොහැකි යයි පෙනෙන සුවිශාල හා දුෂ්කර කාර්යයන්, හුදෙක් තම යටි සිතේ විස්මිත බලය පාලනය කිරීම ඉගෙනීම මගින් ඉටුකර ගන්නට ලොව පුරා ලක්ෂ සංඛ්‍යාතපාඨකයන්ට මේ ග්‍රන්ථය මග පෙන්වා ඇත. පුද්ගලයෙකුට දෛනික කටයුතු හා සමස්ථ ජීවිතය සංවර්ධනය කර ගැනීම සඳහා සිය මනස භාවිතා කිරීමට සරල, ප්‍රායෝගික අත්දුටු අභ්‍යාස ඔහු ඉදිරිපත් කරයි. පාඨකයා ග්‍රහණය කර ගන්නා අපූරු කතන්දර හේතුවෙන් මේ පොත ඉතා රසවත් වී ඇති බවද කිව යුතුය. 
Rs 1,170.00
Rs 1,300.00
-10%New
Yatisitha 2
මානසික සහ ආධ්‍යාත්මික නීති සම්බන්ධ ව වසර හතළිහකට වැඩි කාලයක නවමු පර්යේෂණ කළ ආචාර්ය ජෝසප් මර්ෆි ගේ ආකර්ෂණීය සොයා ගැනීම් මේ අගනා කෘතියෙහි අන්තර්ගත වේ. ඔබගේ ජීවිතයේ හැම අංශයකම වර්ධනය සඳහා, යටිසිතේ බලය උපයෝගී කර ගැනීමේ උපක්‍රම මෙහි විස්තර කෙරෙයි. 
මෙහි සඳහන් ඉතා වැදගත් කරුණු අතර කීපයක් නම් 
කනස්සල්ල, බය සහ සෘණ සිතුවිලි ජය ගැනීම 
මූල්‍ය සාර්ථකත්වයට සහ නිදහසට ගත යුතු පියවර 
*ස්වයං පිළිගැනීම සහ සෞභාග්‍යය අත්පත් කර ගැනීම 
සම්බන්ධතා වගා කිරීම සහ සතුට විඳ ගැනීම 
* සුවය සහ සැපත සඳහා අනන්ත හැකියාව වැඩට ගැනීම 
Rs 1,350.00
Rs 1,500.00
-10%New
Daraka Manovidyawa
මෙය ළමා මනස පිළිබඳ මනෝවිද්‍යාංශයට අයත් ග්‍රන්ථයකි. දරුවා මානසික වශයෙන් හා සාමාජීය වශයෙන් වර්ධනය වන ආකාරය මෙහි විස්තර වෙයි. මූලික වශයෙන් කතුවරයා උත්සහ කර ඇත්තේ දරුවාගේ පරිණතභාවය හා වර්ධනය පිළිබඳ විවිධ අවස්ථා දරුවාගේ වර්ධනය කෙරෙහි අවට පරිසරය බලපාන අයුරු මෙන්ම, දරුවා ඉපිද සිටින -ඔහු ඇති දැඩි වන සමාජයේ සාමාජිකයනුත් දරුවොත් අතර ඇති සාමාජික හා මානසික සම්බන්ධතා පිළිබඳ කරුණු ගෙනහැර දැක්වීමටය. 
Rs 180.00
Rs 200.00
-10%New
Budu Samaye Nirupanaya Wana Pudgala Manasa
බුදු සමයේ මූලික ඉගැන්වීම් විමසා බලන විට, එම ඉගැන්වීම් වල හරය මුළුමනින් ම මනෝ විද්‍යාත්මක බව පෙනී යයි. බුදු සමය තුළ " පුද්ගල මනස " යන සංකල්පය ට හිමිවන්නේ, ඉතා වැදගත් ස්ථානයකි. ඒ පිළිබඳව ඉතිහාසයේ මෙතෙක් ඉදිරිපත් වී ඇති විශිෂ්ටතම අර්ථකතනය ලොව ට හඳුන්වා දී ඇත්තේ බුදු සමය මගිනි. පුද්ගල මනස ගැන, බුදුසමයේ තරම් ගැඹුරනේ, බටහිර මනෝ විද්‍යාවේ හෝ කිසියම් ආගමක හෝ දර්ශනයක හෝ වෙනත් කිසිම තැනක හෝ විග්‍රහ කර නැත. නිර්වාණය යනු තෘෂ්ණාව ප්‍රධාන කොට ඇති සියලු කෙලෙස් වලින් පුද්ගල මනස නිදහස් කර ගැනීම යි. බුදුසමයේ ප්‍රධාන අරමුණ වන්නේ, නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා පුද්ගලයා ව මෙහෙය වීමෙන්, ඔහුව සියලු දුකින් මුදවාලීම යි. මෙම කාර්යභාරය සඳහා බුදු සමය තුළ, පුද්ගල මනස උපයෝගී වන්නේ කෙසේදැයි පෙන්වාදීම මෙම කෘතියෙහි මූලික අරමුණ යි.
Rs 810.00
Rs 900.00
-10%New
Wayadhi
මේ පොත කියවා බැලීමි. ග්‍රන්ථකර්තෘ මහතා අනුන් කී පමණින් හෝ පොත්වල ඇතුලත් දෑ කියවීම් පමණින් නොනැවතී භාවනා මගින් අත්දුටු දෑ පැවසීමට මහත් ප්‍රයාශයක් ගන්නා බව පෙනේ. ගැඹුරු අදහස් වලින් පිරුණු මේ පොත සෙමෙන් කියවා තේරුම් ගන්නට උත්සාහ කළොත් විශ්වය හා එහි ප්‍රතිවිරුද්ධ පැත්තත්, ගැන සැලකිය යුතු අවබෝධයක් ලැබිය හැකි වෙතැයි සිතමි. 
බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය ස්ථර. 
Rs 171.00
Rs 190.00
-10%NewOut-of-Stock
Sarthaka Jeewithaye Rahasa
Out-of-Stock
අන් අය සතුටින් ජීවත්වන නමුත් තමන් ගත කරන ජීවිතයේ සතුටක් නැතැයි. සිතන අයට ද, කෙතරම් උත්සාහ කළත් සතුටින් ජීවත්වීමට නොහැකියයි සිතන අයට ද, ජීවිතයේ වැදගත් කඩයිම් වෙත අවබා්ධයෙන් මුහුණදීමට දැනුමක් අවශ්‍යයි සිතන අයට ද මෙය බෙහෙවින්ම ඵලදායක අත් පොතකි.
Rs 540.00
Rs 600.00
-10%New
ManoWidyava
“ සැලකිය යුතු ශාරීරික  හේතුවක් නොමැතිව ඇතැම් කෙනෙක් අසනීප වෙන්නේ මන්ද? " මෙය මනෝ විද්‍යාඥයා ඉදිරියේ එදා මෙන්ම අදද නැගෙන ප්‍රශ්නයකි. එයට පිළිතුරු සෙවීමේදි ප්‍රංශයේ සහ ජර්මනියේ වෛද්‍යවරුන් අතර විවිධ මති මතාන්තර ඇති විය. මනෝ විද්‍යාවේ නවීන මනෝ ප්‍රතිකාර අංශයන් ක්‍රම - ක්‍රමයෙන් දියුණුවට ගිය අයුරු මෙම ග්‍රන්ථයේ පිළිවෙලින් විස්තර වෙයි. එනයින් මෙය ප්‍රධාන වශයෙන්ම මනෝ විද්‍යා ඉතිහාසයට සම්බන්ධ කරුණු අඩංගු පොතකි. මෙහි දෙවෙනි සහ තුන්වෙනි පරිච්ඡේද වෙන්වී ඇත්තේ වර්ගීකරණ-විද්‍යාවේ ආරම්භය සහ එහි උපයෝගිතාවය පිළිබඳ විස්තරයකටය. ඉතා සුලූ කාලයක් ඇතුළත විශාල පාඨක පිරිසකගේ ගෞරවයට ලක් වූ මෙම කෘතිය සිංහල මනෝ විද්‍යා සාහිත්‍යයට එක්වූ ඉතාම සරල ග්‍රන්ථයයි. ශාරීරිකාබාධ සම්බන්ධයෙන් නවීන මනෝවිද්‍යාවේ ආරම්භයේදී පළවූ සිද්ධාන්තයන් සහ නිගමනයන් මෙහි විස්තරවී ඇත්තේ කිසිත් අවුලකින් තොරව ආධුනික පාඨකයනට වුවද ලෙහෙසියෙන් වටහාගත හැකිවන අයුරිනි. 
Rs 225.00
Rs 250.00
-10%New
Chiththavega Ha Manovidyava
මෙම ග්‍රන්ථයෙහි අඩංගු වී ඇත්තේ චිත්තවේග (Emotions) පිළිබඳ මනෝවිද්‍යාත්මක විග්‍රහයකි. පරිච්ඡේද 8 කින් සමන්විත මෙය මනෝවිද්‍යාව හදාන්න වුනට පමණක් නොව සාමාන්‍ය පාඨකයනට ද ඉතා ප්‍රයෝජනවත් තොරතුරු රැසක් රැගෙන එයි. චිත්තවේග පිළිබඳව විවිධ මනෝ විද්‍යාඥයන්ගේ සිද්ධාන්තයන් ද චිත්තවේග සම්බන්ධයෙන් මොළය ක්‍රියා කරන ආකාරය ද විවිධ ශාරීරික ආබාධ වලට චිත්තවේග බලපාන අයුරු ද චිත්තවේගවල ප්‍රයෝජනවත් හා නිශ්ප්‍රයෝජනවත් අංශයන් ද, චිත්තවේගීය අවප්‍රමාණතා පිළිබඳව ද මෙහි විස්තර වී තිබේ. පාසැල් සිසු - සිසුවියන්ට වුවද තේරුම් ගතහැකිවන ආකාරයට ඉතා සරල බසින් ලියැවී ඇති චිත්තවේග සහ මනෝ විදනන්ට මෙම කතුවරයා විසින් ලියන ලද මනෝ විද්‍යා ග්‍රන්ට කිහිපයෙන් එකකි. මෙය, එහි තුන්වෙනි සංශෝධිත මුද්‍රණයයි. 
Rs 180.00
Rs 200.00
-10%New
Nayakayek Onakara Thibe
කර්තෘ ගෙන්...
වසර පහළොවකට අධික කාලයක් ලෝකයේ ප්‍රමුඛතම සමාගම්වල නායකත්ව උපදේශකයෙකු ලෙස මා ලැබූ අත්දැකීම් සමුදායක ප්‍රතිඵලයකි මේ. මා අත්හදා බැලූ විවිධ නායකත්ව ශිල්ප ක්‍රම වේද වලින් ලැබූ අත්දැකීම් නොමසුරුව මෙම කෘතියට ඇතුළත් කළෙමි. මේ අතිදැවැන්ත අත්දැකීම් සමුදාය ඔබේ පෞද්ගලික ජීවිතයට මෙන්ම වෘත්තීය ජීවිතයටද අතිශයින් වැදගත් වනු ඇත. මෙහි එන විවිධ චරිත මගින් මනඃකල්පිතකතන්දරයක් ඔබට ඉදිරිපත් කළද නායකත්වය පිළිබඳව වන මූලික ප්‍රතිපත්ති සහ නිර්නායකවලින් සමන්විතව මෙම කෘතිය නිර්මාණය කර ඇත. එබැවින් මෙහි එන පරිකල්පනීය අත්දැකීමට වඩා ඔබ සමීප විය යුත්තේ මෙමගින් එළි පෙහෙළි කරනු ලබන විධික්‍රම කෙරෙහිය. එමගින් ඔබේ ව්‍යාපාරයත්, පෞද්ගලික ජිවිතයත් අතිශයින් සාර්ථක කර ගත හැකි වනු ඇත. 
Rs 720.00
Rs 800.00
-10%New
Adaraneeya Demapiyani
දරුවන් සිටින නූතන දෙමාපියන්, වෙනස් වන සමාජයක ජීවත්වන නූතන දෙමා පියන්, වෙනස් වෙමින් විපරිත වන සමාජයක ජීවත්වන දෙමාපියන්, තමාගේ භූමිකාව නිවැරදිව හඳුනා ගෙන තිබෙන්නේ ද? දරුවන් බිහි කළ ද, දරුවන්ට ඉගැන්වීමට මහන්සි ගත්ත ද, බොහෝ දරුවන් අසාර්ථක වීම හේතුවෙන් දෙමාපියෝ කණස්සල්ලට පත් වෙති. ඇතැම් දරුවන් අධ්‍යාපනයෙන් සාර්ථකත්වයක් ලැබුව ද, ජීවිතය අසාර්ථක කරගන්නා අන්දම ද නිරීක්ෂණය කළ හැකිය. ඊට හේතු කවරේ ද? 
තමන්ගේ දරුවන් වෙනුවෙන් මාපියන් තම භූමිකා අර්ථ සම්පන්න අන්දමින් ගොඩනගා ගැනීමට අවශ්‍ය අවබෝධය හා විනය, ඥානාලෝකයක් සේ තමන් සන්තක කරගන්නේ කෙසේ ද? මේ ප්‍රශ්න සඳහා උත්තර විවිධ මානයන්ගෙන් දෙමාපියන්ට ලබා දීමට, ගුරු භවතුන්, පාසල් ප්‍රධානීන් මෙන් ම, කතුවරයා දරා තිබෙන උත්සාහයන් ඔස්සේ මේ පොත දෙමාපියන් උදෙසා සම්පාදනය කර තිබේ. 
Rs 765.00
Rs 850.00
-10%New
Bhinonmadaya
භින්නෝන්මාදය මනස ලෙඩ කරන උග්‍ර මානසික රෝගයකි. මානසික රෝග අතර වැඩියෙන් කතාබහට ලක්වන රෝගය ද එයයි. ලෝකයේ ජනගහනයෙන් 1% ක් පමණ මෙම රෝගයෙන් පෙළෙයි. රෝගය පරම්පරාවෙන් පරම්පරාවට පැතිරයාමේ අවදානම ඇත. රෝගය හට ගැනීමට මුල් වන නිශ්චිත හේතූන් තවමත් නොදනී. එ නමුදු රෝගය ඇතිවීමට බලපෑ හැකි අවදානම් සාධක සමහරක් ගැන කරුණු අනාවරණය වී තිබේ. කෙසේ හෝ රෝග ලක්ෂණ ඇති කිරීමට හේතු වන්නේ, මොළයේ ඩොපැමින් ස්නායු සෛලවල, ඩොපැමින් ස්නායු රසායනික සංයෝගයේ අධි ක්‍රියාකාරීත්ව යයි විශ්වාස කෙරේ. රෝගයේ අවධි දෙකකි. මුල් අවධිය තීව්‍ර අවධියයි. තීව්‍ර අවධියේදී කලින් හඳුනාගෙන, නිසි ප්‍රතිකාර කිරීම තුළින් රෝගය හොඳින් පාලනය කළ හැකිය. මුල් තීව්‍ර අවධියේ ප්‍රතිකාර ප්‍රමාද කිරීම, නිසි ප්‍රතිකාර නොකිරීම, රෝගය නැවත නැවත හට ගැනීමටත්, පාලනය කිරීමට අපහසු, වඩා අහිත කර වූ, නිදන්ගත අවධියට යාමටත් හේතු වේ. 
Rs 603.00
Rs 670.00
-10%New
Adarayai Karunavai
ආදරය මෙන්ම කරුණාව ස්ථාවර හෝ තද දෙයක් නොවන බව පැහැදිලිය. හැම මිනිස් සිතකටම ආදරය සහ කරුණාව ජීවන මිහිර විඳින්නට නම් අවැසිමය. හැම මිනිස් සිතකම ආදරය මෙන්ම කරුණාව උපදී. එපමණක් නොව, හැම මිහිස් සිතකින්ම ආදරය සහ කරුණාව ගිලිහීයාම ද ස්වභාවයකි. මට සිතෙන්නේ එය, පිපී දිලුණ මලක් පරව බිම පතිත වීමට සමාන බවයි. එනමුත් ඒ මල් ගසෙහි තව මල් පිපී දිලෙන බව ද අමතක නොකළ යුතු කාරණයකි. කලින් පිපී දිලුණ මල පරව බිම පතිත වූ බව සිහි කර, අලුතින් පිපිණු මල නො දැකීම, එහි සුවඳ නොවිඳීම, නොමනාය. එය වරදකි. මේ දහම වටහා ගැනීම මිනිස් සිතට අවැසි ආදරය සහ කරුණාව උරුම කර ගැනීම විෂයෙහි ඉතා වැදගත්ය. 
Rs 675.00
Rs 750.00
-10%New
Adaraya Danenna Jeewathwenna
කර්තෘ ගෙන්...
මේ පොත රචනා කර තිබෙන්නේ අඹු සැමියන් වීමට අපේක්‍ෂා කරන අයටත් අඹු සැමියන් ලෙස ජිවිතගොඩනගා ගත් අයටත් කියවීමට ය. පැහැදිලි හේතු සාධක ඇතිව හෝ නැතිව යුග දිවිය ව්‍යාකූල කරගෙන දරුවන්ට ද අනර්ථයම සිදු කරන ස්වාමි පුරුෂයන් හා භාර්යාවන් කිහිප දෙනෙක් හඳුනා ගැනීමට මේ පොතෙන් අවස්ථාව උදාවේ. ඉතා අකාරුණික ජීවිත ගත කරමින් හෙම්බත් වී සිටින ඇතැම් පුද්ගලයන් නිර්ව්‍යාජ ආත්ම භාෂණ ඔස්සේ තම ජීවිත ආලෝකවත් කර ගත් අතර සමහරු දර දඬුවම ජීවත් වන නිසා ජීවිතාවබෝධයෙන් තමන්ගේත් තම දරුවන්ගේත් ජීවිත ප්‍රකෘති තත්වයට පත්කර ගැනීමට අසමත් වී සිටිති. මෙය කියවන පාඨකයන් ගෙන් අපේක්‍ෂා කරන්නේ තම ජීවිතාවබෝධය පුළුල් කරගැනීමට කිසියම් ආලෝකයක් මෙයින් අත් කරගත හැකිදැයි සලකා බලන ලෙසය. 
Rs 792.00
Rs 880.00
-10%New
Sithaka Wehesa - Swami Purushayange Paminili
"සිතක වෙහෙස ' නැමැති මේ පොතේ අන්තර්ගත වන්නේ, විවාහක පුරුෂයන් තමන්ගේ ජීවිතය, තමන්ගේ භාර්යාවන්ගේ ඇතැම් චර්යාවන් හා ගති පැවතුම් නිසා අසහනකාරි තත්වයකට පත්වී යයි පවසමින් ඒ හා සම්බන්ධයෙන් කරන විස්තරය. ඇතැම් ස්වාමි පුරුෂයන් උගත් කමින් සමාජ ආර්ථික මට්ටම් වලින් විවිධ වෙනස් කම් පළ කළ ද බහුතරයකගේ මානසික වෙහෙස සදහා මුල් වන්නේ ප්‍රධාන කාරණා කීපයකි. ඒ අතර කන්දොස්කිරියාව, නිදහස සම්බන්ධ තත්වයන්, ලිංගික ජීවිතය කැපී පෙනේ. ප්‍රේමය, ආදරය ගැන අවබෝධයක් නොමැති කම මෙන්ම විවිධ සමාජ ආර්ථික පීඩාවන් ද පොදු තත්වයන් යටතේ කැපී පෙනේ. මෙහි අන්තර්ගත විස්තර කියවන කවරෙකුට වුව එය පැහැදිලි වනු ඇත. 
Rs 765.00
Rs 850.00
-10%New
Mindfulness Beyond Time and Space
“Mindfulness Beyond Time and Space” by Dr. Sumana Ratnayaka is a deeply insightful and comprehensive guide to the ancient practice of meditation, blending scientific research, practical techniques, and spiritual wisdom. Drawing on years of study and experience. Dr. Ratnayaka offers readers a clear path to inner peace, mental clarity, and emotional balance. Whether you’re a beginner or an experienced practitioner, this book is an invaluable resource for cultivating mindfulness and transforming your inner world.
Rs 1,350.00
Rs 1,500.00
-20%New
Sanganikaramaya
නිවන් මගේ යම්තාක් දුරක් විමසිල්ලෙන් පැමිණෙන ඕනෑම අයෙකුට පෙනී යන්නේ "සංගණිකා දෝෂය " නිවනටත් නිවන් මගටත් සූක්ෂම ව පහර දෙන්නා වූ සතුරු බලවේගයක් ලෙස යි. එය තමාට නො දැනීම තමා තුළ ම සිටින්නා වූ සතුරු බලවේගයක් ලෙස හඳුනාගෙන; ඥානාන්විත ව විදර්ශනාත්මක ව දුරු කල යුතු ක්ලේශ ධර්මයකි. එය හුදෙක් දැනුමක්, අවබෝධයක් පමණක් වශයෙන් තබා නොගෙන කලණ මිතුරන් සමග ද සරල ව්‍යවහාරයෙන් බෙදා ගැනීමේ අරමුණින් මෙම පුස්තකය ඔබ අතට පත් කිරීම කතෘගේ උත්තම පරමාර්ථයයි. 
Rs 120.00
Rs 150.00
-10%New
Adhyapana Manovidyawa Ha Guruwaraya
අධ්‍යාපන මනෝ විද්‍යාව දිනෙන් දින දියුණු වන විෂය ක්‍ෂේත්‍රයකි. මෑත කාලීන පර්යේෂණ වලින් හෙළි වූ තොරතුරු ද සහිතව ශ්‍රී ලංකාවේ ගුරු වෘත්තියෙහි නියැලි ගුරු මහත්ම මහත්මීන්ටත්, දරුවන් හදා වඩා ගැනීමේ නියුතු දෙමාපියන්ටත් වඩාත් උපකාරී වන ග්‍රන්ථයක් ලෙස අධ්‍යාපන මනෝ විද්‍යාව හා ගුරුවරයා පොත සැකසී ඇත. දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සියලුම ගුරු පුහුණු පාඨමාලා වල අධ්‍යාපන මනෝ විද්‍යාව විෂයයට පාඨ ග්‍රන්ථයක් ලෙස මෙය නිර්දේශ කොට ඇත. 
Rs 1,800.00
Rs 2,000.00
-10%New
Manasika Suvathava Sadaha Sarala Bavana Abyasa
තමා කරනු ලබන කාර්යය සඳහා සිත සංකේන්ද්‍ර කරගෙන, මනස සංසුන් කරගනිමින්, සිතසතිමත්ව තබා ගැනීම, අධ්‍යාපන සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. නව තාක්ෂණ විද්‍යාත්මක ලෝකයේ අප කිසිවකුට බාහිර පරිසරය හෝ භෞතික ලෝකය හෝ පාලනය කළ නොහැකි බවට සැකයක් නැත. පණිවුඩ චන්ද්‍රිකා හරහා හුවමාරු වන පණිවුඩ කෝටි ගණනක් මේ මොහොතේ ද ක්‍රියාත්මක වේ. බාහිර සාධකවල බලපෑම වැඩි වීම නිසා ශිෂ්‍යයන්ගේ ඇතුළතසාමය යටපත් වී ඇත. මෙම මානසික අර්බුදය, අසහනකාරී බව සමග සිත සංසුන් කර තබාගෙන, සිත ඒකාග්‍ර කරගෙන ඉගෙන ගැනීමට අපහසු ය. මෙම පොතෙන් ඉදිරිපත් කරන මානසික සුවතාව සැඳහා සරල භාවනා අභභ්‍යාස ඇතුළාන්තසිත සංසුන් කර, චිත්ත බලය ශක්තිමත් කර, මනෝ සංවර්ධනය සඳහා අවශ්‍ය නිසි මග පෙන්වීම කරනු ඇත. ළමයින් මානසික ව වික්ෂිප්ත ව, මත් පැන්, මත්ද්‍රව්‍ය, දුම්පානයට හා අපවාරයට සාමට පෙර. නවීන සන්නිවේදන මාධ්‍ය වල බාල බොළඳ විසුක දසස්න වලට හසු වීමට පෙර, අපේ දරුවන් බේරාගත යුතුම ය. සියල්ල වැරදුනාට පසු දරුවන්ට හෝ වෙනත් බාහිර ආයතන වලට හෝ දොස් කීමෙන් පලක් නැත. අඳුරට කෙතරම් සාප කරමින් සිටියත්, එහි ආලෝකයක් හට නොගනු ඇත. අප සුළුවෙන් හෝ ඉටිපන්දමක් පත්තු කළ යුතුම ය. මේ පොත එම අවිඳු අඳුර පලවා හැරීමට යෝග්‍ය විදක ආලෝකයක් වනු ඇත. 
Rs 540.00
Rs 600.00
-10%New
Sampath Akarshanaya Karagatha Haki Maga
ඔබගේ ජීවිතයට නව ආලෝකයක් හා මග පෙන්වීමක් ලබාගත හැකි ප්‍රායෝගික මනෝ විද්‍යා අත්පොතකි. මේ පොත මගින් ඔබගේ දිවිය ආලෝකමත් කිරීමට නිවැරදි මාර්ගෝපදේශනයක් ලැබේ. 

ඔබ ඔබ කෙරෙහි ම විශ්වාසය තබන්න. 
ඔබේ උත්තරීතර ආත්මය හඳුනාගන්න. 
ඔබ කැමති කවර දෙයක් වුවද ආකර්ෂණය කරගන්න. 
ආත්ම සංවර්ධනයේ ඉහළ තලයකට ළඟා වන්න. 
ඉහළ තලයකට ළඟා වීමට, පුරුදු වෙනස් කරගන්න. 
සියලු සිතිවිලි ධනාත්මක දිශානතියකට යොමු කරන්න. 
ධනාත්මක සිතිවිලි ජීවිතයට බද්ධ කරගන්න. 
ගැටලු විසඳා ගැනීමට සිතේ බලය දියුණු කරගන්න. 
කොන්දේසි විරහිත ව, සීමා රහිත ව ආදරය කරන්න. 
ඔබගේ වැදගත්කම හා වටිනාකම වැඩි දියුණු කරගන්න. 
අතීත තුවාල හා වණ කැළල් සුවකර ගන්න. 
කෘතඥතාව හා ත්‍යාගශීලි බව ජීවිතයට බද්ධ කරගන්න. 

ඔබට සැබැවින් ම සාර්ථක ජීවිතයක් ගත කළ හැකි ය. ඔබගේ පුස්තකාලයේ තිබිය යුතුම හස්තසාර ග්‍රන්ථයකි. 
Rs 360.00
Rs 400.00
-10%New
Uda Wu Yawwanaya
වර්තමාන යොවුන් පරපුරට මුහුණ දීමට සිදුව ඇත්තේ ඉතිහාසයේ අන් කවර කලක හෝ මානවයන්ට මුහුණ දීමට සිදු නො වූ තරම් වූ ගතික සමාජයකට ය. නව විද්‍යා තාක්ෂණ දියුණුවත්, ගෝලීයකරණය වූ ආර්ථික ක්‍රියාවලියත්, සන්නිවේදන හා ප්‍රවාහන ක්ෂේත්‍රයේ සිදුව ඇති විප්ලවාත්මක ප්‍රසාරණයත් හමුවේ සමාජයට ගලා වන තොරතුරු කන්දරාව තුළ, කළ යුතු හා නොයුතු දේ කුමක්දැ යි තෝරා බේරා ගත නොහැකි ව යෞවනයෝ අන්දමන් ද ව සිටිති. මේ සංස්කෘතික කම්පනයට ඔරොත්තු දීමට කළ යුතු හා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අවදි බවක් ඇති කරලීම හා ගත හැකි ක්‍රියාමාර්ග වලින් යෞවනයන් දැනුවත් කරලීම යුග අවශ්‍යතාවක් ව ඇත.
Rs 450.00
Rs 500.00
-10%New
Jiwithaya Jaya Gatha Haki Maga
විශ්ව ශක්තිය උකහා ගෙන සිතේ ශක්තීන් ප්‍රබල කර ගෙන ජීවිතය සාර්ථක කරගත හැකි අන්දම විද්‍යානුකූල ව හා ප්‍රායෝගික ව ඔබට හඳුන්වා දෙන විශිෂ්ට ග්‍රන්ථයකි. 

විශ්ව බලයට බද්ධ වීම. 
ධනාත්මක සිතිවිලි ජීවිතයට බද්ධ කරගැනීම. 
විවාහ ගැටලු විසඳා ගැනීමට යටි සිතභාවිත කිරීම. 
සතුට වර්ධනය සඳහා යටි සිතපුහුණු කිරීම. 
මානව සබඳතා වර්ධනයට යටි සිතපුහුණු කිරීම. 
සමාව දීම සඳහා යටි සිත පුහුණු කිරීම. 
වැරදි පුරුදු වලින් අත්මිදෙන්නට හා 
මානසික බාධක ඉවත් කරගැනීමට යටි සිත පුහුණු කිර්ම. 

ඔබේ යටි සිත බල ගන්වා භාවිත කර ඔබව ජයග්‍රාහි මාවතට යොමු කිරීමට උදවු වන ප්‍රබල ග්‍රන්ථයකි. එදිනෙදා භාවිත කළ හැකි, ඉක්මණින් ප්‍රතිඵල ලැබිය හැකි ක්‍රම ශිල්ප අන්තර්ගත ය
Rs 360.00
Rs 400.00