Home

New
Alokayen Parinamanaya Wuwo
'TRANSFORMED BY THE LIGHT' නම් කෘතියේ සිංහල පරිවර්ථනය වන 'ආලෝකයෙන් පරිණාමනය වූවෝ' නම් මෙම කෘතිය අධිනීතීඥ කූමාරි ගුණරත්න මහතමිය විසින් සිංහලට පරිවර්ථනය කරන ඇති අතර මෙම කෘතිය තුළින් මරණාසන්න අත්දැකීම් මගින් මිනිස් ජිවිත වලට ඇතිවෙන ප්‍රබල බලපෑම් පිළිබද කරණ ලද අධ්‍යනයක් තුළින් රචනා වූ ඉතා වටිනා කෘතියක් ලෙස ලෝක ජනාදරය දිනා ගත් කෘතියකි.
Rs 475.00
New
Karmaya Punarbhawaya Ha Sathwaya Pilibada Wimasumak
මෙම ග්‍රන්ථය රචනා වී ඇත්තේ මූලික වශයෙන් පාඨකයා හට කර්මයත්, පුනර්භවයත් මනා ලෙස පැහැදිලි වන ආකාරයට වන අතර. භවයෙහි සැරිසරන සත්ත්වයාට මූලික වශයෙන් මුහුණ දීමට සිදු වන්නේ කර්මයට අනුව ලැබෙන පුනර්භවයටය. ඒ කාරණය පිළිබදව මෙම ග්‍රන්ථය මගින් ඉතා නිරවුල් අකාරයට කරුණු පැහැදිලි කළ ඇති වටිනා කෘතියක්,ලෙස හැදින්විය හැකිය.
Rs 390.00
NewOut-of-Stock
Karma Athpotha
Out-of-Stock
කමර්‍ අත්පොත, ටෲට්ස් හර්ඩෝගේ සිද්ධි අධ්‍යයන, ත්‍රිපිටකය හා වෙනත් ධර්ම ප්‍රස්තක අනුව විග්‍රහ කරමින් ඉරින්ද්‍රා දිවයින පුවත්පතේ 'සියපත' අතිරේකයේ පළ වූ ලිපි පෙළේ එකතුවකි. ඊට අමතරව කර්මාභියෝගය ලෙස ධර්ම සාකච්ඡාවක් ද මීට එකතු කොට ඇත. මෙය මෙත් වැඩීමේ වැදගත්කම හුවා දැක්වෙන අපේ කාලයේ මිනිසුන්ගේ අත්දැකීම් සමුදායකි
New
Bava Athare Gandahabbaya
මරණය අපේ අවසාන වී නම් ජිවිතය අරුත්සුන් වන්නේ ය. එනමුදු අප තුළ ඇති යම් කිසි ශක්ති ප්‍රවාහයක් අපට මරණයෙන් පසු යමක් ඇතැයි මිනිසාට සිතන්නට ඉඩ සලසයි. වඩාත් උසස් වූ ශක්තියකට අප යාවෙන බව ද පරමාත්මයක් ගැන ද හැඟුම් ඇති කරයි. අපට සැබවින් ම ආත්මයක් ඇත්නම් මරණින් පසු එය යන්නේ කොයිබට ද? අපේ භෞතික විශ්වයට පිටස්තර ව නැණවත් භූතීන් ගෙන් පිරී යම් කිසි දෙව්ලොවක් සැබවින් ම තිබේද? එය කෙබඳු ද? අප එහි ගිය විට කරන්නේ මොනවා ද?
මරණයෙන් පසු ඊළඟ ජීවිතය දක්වා සිදුවන ආත්ම චාරිකාව අතිශය ගාමිහිර ලෙස හෙළිදරව් කරන මේ පර්යේෂණය වනාහි දස වසරක අත්දැකීම් ඇසුරින් හෙළිදරව් කරන්නකි
Rs 760.00
New
Bhawanthara Sankramana
Last items in stock
'MANY LIVES MANY MASTERS' නමැති පර්යේෂණ කෘතියට පාදක වී ඇත්තේ බහුආංගික රෝගාබාධයන්ට ආකරයක් වූ කැතරින් නමැති තරුණියක් රෝග නිධානයන් සොයා ගැනීම සඳහා කරනු ලබන මෝහන නිද්‍රා ප්‍රතිගමන ක්‍රියාවලිය තුළින් අනාවරණය වූ විස්මිත කරුණුය. ක්‍රිස්තු පූර්ව ශත වර්ෂ ගණනාවකට පෙරාතුව සිට ආත්ම අසූහයක් මෙලොව ජනිතව ස්ත්‍රී පුරුෂ ආදි විවිධ චරිත ගෙව) ඇති ඈ පවසන්නේ මිය ගිය හැම අවස්ථාවකම තමා ශරීරයෙන් මිදී ඉහළට පාවී ගොස් දීප්තිමත් ආලෝක තලයන් වෙත ඇදී ගිය බවත් එහදී තමා භූත මහත්මාවරුන් ගේ රැකවරණයට පත්වෙන බවත් ය. කර්මය, පුනරුප්පත්තිය, කර්ම ණය, පව් පින් ආදිය ගැන කතා කරන ඈ වාහිකාවක ලෙස යොදා ගනිමින් දැනට බරපතල ලෙස පරිහානියටත් විනාශයටත් ගොදුරු වී සිටින මානව වර්ගයාගේ උන්නතිය උදෙසා භූතමහත්මාවරුන් මහාචාර්ය වෙයිස්ට දෙන ධර්ම කාරණා උපදෙස් ඇතුළත් කොට සකසා ඇති 'භවාන්තර සංක්‍රමණය ප්‍රවීණ ලේඛක හා පරිවර්තක තිලක කුඩාහෙට්ටි සූරින්ගේ තවත් විස්මිත පරිවර්තනයකි.
Rs 350.00
New
Bhavagni Chaya
කතෘ සටහන
මෙම ග්‍රන්ථයට පාදක වී තිබෙන්නේ සත්‍ය සිදුවීම් මාලාවකි. බලංගොඩ ආනන්ද මෛත්‍රය නාහිමියන්ගෙන් කමටහන් ගෙන භාවනානුයෝගීව සිට ලබාගත් ලෞකික ධ්‍යානයකින් අමනුෂ්‍ය ආත්ම සමග අදහස් හුවමාරුකර ගැනීමේ හැකියාවක් ඇති සිල්මාතාවකගේ අත්දැකීම මෙම ග්‍රන්ථය රචනා කිරීමට ඉවහල් වී තිබේ.
Rs 650.00
New
Karma
කතෘගෙන්...
ඉංග්‍රීසි ජාතික සුප්‍රකට ලේඛක පෝල් බ්‍රන්ටන් විසින් රචිතWhat is Karma කෘතිය පරිවර්තනය කර ඊට උප ග්‍රන්ථයක් ද එක් කළේ මන්දැයි මෙහි යම් තැනක සඳහන් කර ඇත්තෙමි. පුද්ගලයෙකු සමාජයක්, රටක් පමණක් නොව සමස්ත මානව වර්ගයා ම ආධ්‍යාත්මික වශයෙන් සංවර්ධනයට උපයෝගී කර ගත හැකි අදෘශ්‍යමාන බලවේගයක් ලෙස කර්මය හැඳින්විය හැකිය.කයින් හෝ වචනයෙන් හෝ සිතින් හෝ කිසියම් ක්‍රියාවක් සිදු කිරීමේදී සිතෙහි උපදින එක්තරා සිතිවිලි විශේෂයකට කමර්‍ යයි භාවිතා කරන බව බොදුනුවන් වන අප දන්නා නමුත් අපරදිගවාසීන්ට තවමත් කමර්‍ හා කමර්‍ විපාකය ආගන්තුක දෙයකි. මේ ඌණතාවය වටහා ගැනීම නිසා දෝ ලේඛක බ්‍රන්ටන් කමර්‍ කුමක් දැයි අපරදිගට හඳුන්වා දීම සඳහා මේ කෘතිය සම්පාදනය කළා විය යුතු යැයි සිතේ.
කමර්‍ කුමක්දැයි හඳුන්වා දීමට උත්සාහ ගන්නා බ්‍රන්ටන් එකී ක්‍රියාකාරිත්වයත්, සමා ප්‍රදානය, නිදහස හා කෙනෙකු ප්‍රබුද්ධත්වයට පත්වීම සම්බන්ධයෙන් ද ඔහු අවබෝධ කරගෙන ඇති දේ මෙයට ඇතුළත් කර තිබේ. කමර්‍ කෙනෙකුගේ යහපත වෙනුවෙන් යොදා ගත හැකි ආකාරය ද ඔහු සැකෙවින් මෙහි දක්වා ඇත. මේ අතර මවිසින් සකසා මීට යාකර ඇත්තේ කමර්‍ හා කර්ම විපාක සම්බන්ධයෙන් මා දන්නා සත්‍ය සිද්ධීන් කීපයකි.
Rs 300.00
New
Yakshaveshaya
'යක්ෂාවේෂශය' නම් මෙම කෘතිය සත්‍ය සිදුවීම් පාදක කොට ගනිමින් රචනා කරණ ලද කෘතියක් වන අතර මෙම කෘතිය පරිශීලනයෙන් මිනිස් සන්තානයන් තුළ පැලපදියම් වී තිබෙන බොහෝ අකටයුතුකම් ඉවත් කර ගැනීමට ඉවහල් වනවා පමණක් නොව සුගතිගාමී මාවතකට පිවිසෙන්නට මහත් පිටුවහලක් සලසනවා නොඅනුමානය.
Rs 600.00
New
Pirimiyawa Kiyawamu
කතෘ ගෙන්...
රෝස මලක් යනු රෝස මලක් වන අතර එයට වෙන යමක් වීමේ ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. එසේම නෙළුමක් යනු නෙළුමක්. එය රෝස මලක් බවට පත්වීමට කෙහෙත්ම තැත් නොකරයි. එබැවින් ඔවුන් මානසික රෝගීන් නොවෙයි. ඔවුන්ට මනෝ වෛද්‍යවරුන්ව අවශ්‍ය වන්නේ නැහැ. ඔවුන්ට මනෝ විශ්ලේෂණය අවශ්‍ය නැහැ.
රෝස මල නිරෝගීව, සුවෙන් සිටින්නේ එය සරලවම තම යථා ස්වභාවය වශයෙන් ජීවත් වන නිසායි. එබැවින් මිනිසා සමඟ හැරුණු විට ඒවා මුළු පැවැත්ම සමඟින් ජිවත් වෙයි. මිනිසාට පමණයි කළ යුතු දේ සහ පරමාදර්ශ තිබෙන්නේ. ඔබ මේ දේ සහ අර දේ විය යුතුයි යනුවෙන්. එවිට ඔබ ඔබේම වන ආකාරයට එරෙහිව බෙදී යයි.
Rs 700.00
New
Samanera namakage mathaka satahan
මෙම  පොත, හුදෙක්, නූතන ශ්‍රී ලාංකික බෞද්ධ ශාසනික පරිසරය තුළ සම්ප්‍රදායයන් බවට පත්ව තිබෙන අනේක විධ ජුගුප්සා ජනක අත්දැකීම් වලට ගොදුරු ව, තවත් දඩයක්කරුවකු බවට රූපාන්තරණය නොවී, තවදුරටත් සිවුර දරා හිඳිමින් ශාසනික ජීවිතය තුළ කිසියම් ඵලදායීත්වයක් අත් කර ගැනීමට සිතන හෙට භික්ෂුව, සාමුහිකයෙහි උදෙත්ගය මත සම්පාදනය කෙරෙන්නකි.
Rs 450.00