Home

New
Shiva - Parvathi Svayanvara Pooja
ශිව පාර්වතී ස්වයංවර පූජා


තරුණ තරුණියන්ගේ විවාහ ප්‍රමාද දෝෂ දුරු කිරීමට
ආත්මීය සහකරු සහකාරිය මුණගැසීමට
ගනි මංගල දෝෂ දුරුවීමට
ඉක්මන් විවාහයට
දරුවල ලැබීමට


විවාහාපේක්ෂිත තරුණ තරුණියන් මූහුණ දෙන ප්‍රධාන ගැටලුව වන්නේ සුදුසු සහකාරියක සහකරුවෙකු සොයා ගැනීමට ඇති අපහසුවයි. මේ නිසාම විවාහ ප්‍රමාදවීම දිගටම සිදු වේ. ආත්මීය . සහකරු සොයාගැනීමට වත්මන් සංකීර්ණ සමාජය තුළ බොහෝ බාධා පවතී. විවිධ ජ්‍යොතිෂ වේදීන්ගේ විවිධ අර්ථකථන නිසාද මේ තත්වය උග්‍රවී ඇත.දිගින් දිගටම සිදුවන මෙම තත්ත්වය මග හරවා ගැනීමටත් ගැළපෙන සහකරු සොයා ගැනීමටත් වෙනත් ග්‍රහ දෝෂ දුරු කිරීමටත් ඉන්දීය ජ්‍යෙතිෂ ක්‍රම ඇසුරෙන් සකස් කර ඇති, මෙම ශිව පාර්වතී ස්වයංවර පූජාව ඉතාමත්ම සාර්ථක බැව් වර්තමාන ජ්‍යෙතිෂවේදීන් සමග කළ සාකචිචාවලදී අපට තහවුරු විය.ජේ.ඒ.ඩි. පෙරේරා මහතා ප්‍රථම වරට මෙම පාර්වතී පූජාව ග්‍රන්ථයක් වශයෙන් ඉදිරිපත් කරමින් සමාජයට කළ සේවය ඛෙහෙවින් අගය කරමි. මෙමගින් බොහෝ දෙනාට යහපත සැලසේවායි පතම්

පූජ්‍ය.කලුගමුවේ නොරද ස්‌ථවිර. ශාස්ත්‍රවේදී, ප්‍රවීන ග්‍රන්ථ රචක
Rs 200.00
New
Nawagraha shanthi yanthraya
මිනිසා කෙරෙහි ග්‍රහයන්ගේ බලපෑම පිළිබඳ අවධානය මෙන්ම එම බලපෑම සිදුවන ආකාරය පිළිබඳව බොහෝ ඈතඅතීතයේ සිටම සෘෂිවරුන් මෙන්ම තාරකා ශාස්ත්‍රඥයින් ප්‍රවීන ජ්‍යෙතිෂවේදීන් විවිධ අදහස් පලකර ඇත. මේ නිසාම මෙම ග්‍රහ බලපෑම් නිසා සිදුවන අතුරු අන්තරාවලින් මිදෙන ආකාරයත් ඒ සඳහා කළයුතු පුද පූජාමය ක්‍රියාමාර්ග පිළිබඳවත් ජ්‍යෙතිෂවේදීන් සහ වියතුන් විසින් විවිධ ක්‍රම උපයෝගී කරගන්නා ලද අතර නවග‍්‍රහයින් සඳහා එක් එක් ග්‍රහයා වෙනුවෙන් යන්ත්‍ර සකස්කර එමගින් පිහිට අපේක්ෂා කිරීම බහුලව පිළිගන්නා ලදි.
Rs 200.00
New
Ape Shanthi Karma
Last items in stock
ලක්වැසි ජනතාවගේ ආගම සම්බන්ධයෙන් සලකන විට තව මත් දෙවියන්, යක්ෂයන්, භූතයන් පිළිබඳ විශ්වාස ජන සමාජයෙන් ඉවත් ව ගොස් ඇතැයි සැලකිය හැකි නොවේ.විශේෂයෙන් දකුණු ප්‍රදේශයේ පැවැත්වෙන ශාන්ති කර්ම මිනිසුන්ගේ අපල උපද්‍රව පමණක් නොව වෛද්‍ය විද්‍යාවෙන් සුවයක් ලබා ගතයුතු කායික මානසික රෝග පවා දුරු කර දැමීමට තරම් ශක්තිමත් ප්‍රතිකාරයක් ලෙස අදටත් පිළිගන්නා බව පෙනේ. ඒ නිසා ම වෛද්‍ය විද්‍යාව ඉක්මවා අභිචාර විධිවලින් සහනයක් පතා ජනතාව කටයුතු කරන අවස්ථා ද දැක ගත හැකි වේ. නන්දික බැද්දේගම මහතා ලංකාවේ විවිධ ප්‍රදේශ වල සිදු කෙරෙන යක්ෂ ශාන්ති කර්ම, ග්‍රහ ශාන්ති කර්ම හා දේව ශාන්ති කර්ම පිළිබඳ කරුණු එක් රැස් කරමින් අභිචාර විධිවලින් ජනතාව ලබන ශාන්තිය පිළිබඳ දී‍්‍රකා ශාස්ත්‍රීය විග්‍රහයක් මේ කෘතියෙන් එළි දක්වා තිබේ. මේ විෂය පිළිබඳ ව මීට පෙර විවිධ විද්වතුන් කරුණු අනාවරණය කොට ඇතත් ඒවායේ දක්නට නො ලැබෙන ඓතිහාසික තොරතුරු ද මෙයට ඇතුළත් කරමින් සකස් කොට තිබෙන නිසා සංස්කෘතිය, ජනශ්‍රැතිය, සමාජ විද්‍යාව, සිංහල බස වැනි විෂයයන් හදාරන ශාස්ත්‍රාභිලාෂීන්ටත් ඒ විෂය සම්බන්ධයෙන් පර්යේෂණ කාර්යයෙහි ගියුක්ත වන්නන්ටත් එක සේ ප්‍රයෝජනය ගතහැකි කෘතියක් ලෙස මෙය හැඳින්විය හැක.
Rs 350.00
New
Deviwaru saha dewala
ආදි යුගයේ පටන්ම ගෞරවයෙන් භක්තියෙන් දෙවියන්ට පුද සත්කාර කළ මිනිසා දෙවියන්ගෙන් විමුක්තියක් හෝ මෝක්ෂයක් බලාපොරොත්තු නොවීය. හැමවිටම දෙවියන්ගෙන් අපේක්ෂා කර ඇත්තේ ලෞකික ලාභ ප්‍රයෝජනයි. හින්දු සංස්කෘතිය අනුව නම් එළුවන් ගවයන් වැනි සතුන් බිලිදී යාග හෝම කොට දෙවියන්ගෙන් සතුරන් නැසීමට, ධන ධාන්‍ය සම්පත් ලබා ගැනීමට පුත්‍රයන් ලබා ගැනීමට බලාපොරොත්තු වී ඇත. එහෙත් බෞද්ධ වත් පිළිවෙත් අනුව සත්ව හිංසනය වෙනුවට පලතුරු, කැවිලි, වස්ත්‍ර මල්පහන් වැනි දේවල් පූජාවන් සඳහා පාවිච්චි කරමින් දෙවියන්ගෙන් ලෞකික ලාභ ප්‍රයෝජන ඉෂ්ට කරවා ගැනීමට කටයුතු කරන බව පෙනේ.
Rs 670.00
New
Dedimunda deviyo
බෞද්ධ ජනතාවගේ පුද පූජාවන්ට ලක්ව සිටින දෙව් දේවතාවුන් අතර දැඩිමුණ්ඩ දෙවියන්ට හිමිවන්නේ වැදගත් තැනකි. දේවතා බණ්ඩාර දෙවියන් නමින් සතර කෝරලයේ පුද ලබන මෙම දෙවියන් දිවයිනේ වෙනත් ප්‍රදේශ වලදී විවිධ නම් වලින් හඳුන්වන බව පෙනේ මෙම ග්‍රන්ථය මගින් ජනශ්‍රැතිවේද මූලධර්ම අනුව දැඩිමුණ්ඩ දේව සංකල්පය විග්‍රහ කරන අතර බැතිමතුන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් පුද පූජා විධි සහ දෙවියන් හා බැදුණු සාහිත්‍යාංග ද මෙහි ඇතුළත් කර තිබේ.
Rs 460.00