Yugakaraka Yathivaru
අපේ මහ තෙරවරු ධර්ම - විනය උගෙන, ජාතියට එය උගැන් වූහ. බණ පොත් ලියා, බණ දහම් දෙසා ජාතිය විනීත කළහ. ශිෂ්ඨ කළහ. හොඳ හැදිච්ච ජාතියක් බවට පත් කළහ. පොත් ලියා ජාතිය තුළින් දක්ෂ ලේඛකයන් බිහි කළහ. කවි පොත් ලියා කවියන් මතු කළහ. ගොවිකමේ අනුසස් කියා ගොවිතැන් කරවූහ. වැව් අමුණු බැන්ද වූහ. වෙහෙර විහාර තැනවූහ. රජ පවුලේ කුමාරවරුන් පන්සලේ නවත්වා ගෙන උගන්වා, රජකම් කරන හැටි කියා දුන්හ. රජුන් තැනූහ. රජුන්ට අවවාද අනුශාසනා කළහ. වැරදි රජුන් පස්සේ නොගියහ. නිලයට කෑදර නුවූහ. ලාභයට, කීර්තියට වාල් නුවූහ.'එවැනි යතිවරු දැයේ පිනට පහළ වූහ. අන්ධකාරය මග හරවන සඳ මඬල පරිද්දෙන් උන්වහන්සේලා බැබළෙන්නාහ. ඉකුත් සියවසේ වැඩවිසු ඒ මහ යතිවරුන් පිළිබඳව මෙම පොත් පෙළෙන් විස්තර කෙරේ.
කළුකොඳයාවේ ශ්රී ප්රඥාශේඛර නාහිමි, කිරිවත්තුඩුවේ ශ්රී ප්රඥාසාර නාහිමි, පැලෑනේ ශ්රී වජිරඥාන නාහිමි, කොටිකාවත්තේ සද්ධාතිස්ස නාහිමි, කිතලගම ශ්රී සීලාලංකාර නාහිමි (දිඹුලාගල හාමුදුරුවෝ ), කඹුරුපිටියේ වනරතන නාහිමි සහ වල්පොළ රාහුල නාහිමි පිළිබඳ අවබෝධාත්මක දැනුමක් ලැබිය හැකි කරුණු කාරණා මෙහි ඇතුළත් වේ

Rs 200.00