Home

Yugakaraka Yathivaru
අපේ මහ තෙරවරු ධර්ම - විනය උගෙන, ජාතියට එය උගැන් වූහ. බණ පොත් ලියා, බණ දහම් දෙසා ජාතිය විනීත කළහ. ශිෂ්ඨ කළහ. හොඳ හැදිච්ච ජාතියක් බවට පත් කළහ. පොත් ලියා ජාතිය තුළින් දක්‍ෂ ලේඛකයන් බිහි කළහ. කවි පොත් ලියා කවියන් මතු කළහ. ගොවිකමේ අනුසස් කියා ගොවිතැන් කරවූහ. වැව් අමුණු බැන්ද වූහ. වෙහෙර විහාර තැනවූහ. රජ පවුලේ කුමාරවරුන් පන්සලේ නවත්වා ගෙන උගන්වා, රජකම් කරන හැටි කියා දුන්හ. රජුන් තැනූහ. රජුන්ට අවවාද අනුශාසනා කළහ. වැරදි රජුන් පස්සේ නොගියහ. නිලයට කෑදර නුවූහ. ලාභයට, කීර්තියට වාල් නුවූහ.'එවැනි යතිවරු දැයේ පිනට පහළ වූහ. අන්ධකාරය මග හරවන සඳ මඬල පරිද්දෙන් උන්වහන්සේලා බැබළෙන්නාහ. ඉකුත් සියවසේ වැඩවිසු ඒ මහ යතිවරුන් පිළිබඳව මෙම පොත් පෙළෙන් විස්තර කෙරේ.
කළුකොඳයාවේ ශ්‍රී ප්‍රඥාශේඛර නාහිමි, කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමි, පැලෑනේ ශ්‍රී වජිරඥාන නාහිමි, කොටිකාවත්තේ සද්ධාතිස්ස නාහිමි, කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමි (දිඹුලාගල හාමුදුරුවෝ ), කඹුරුපිටියේ වනරතන නාහිමි සහ වල්පොළ රාහුල නාහිමි පිළිබඳ අවබෝධාත්මක දැනුමක් ලැබිය හැකි කරුණු කාරණා මෙහි ඇතුළත් වේ
Rs 200.00
Sasunabara PahanKala Maha Yathiparapura
සිරිමෙවන් සේනක මහතා විසින් විරචිත මෙම ග්‍රන්ථය අපේ සමීප යටගියාවේ විසූ එහෙත් අද බොහෝ දෙනෙකුට අමතක මහයතිවරුන්ගේ වතගොත සැකෙවින් පාඨකයාට පමුණුවන කාලෝචිත ග්‍රන්ථයකි.
Rs 350.00
Mohottivaththe Sri Gunananda Apadanaya
ශ්‍රී ලංකාවේ සමාජ පරිවර්තනයකට හේතු වෙමින් බෞද්ධ නව ජීවන ව්‍යාපාරය තුළින් පැන නැගුණු නිදහස් සටන් ව්‍යාපාරයේ පසුබිම හැඩ ගැස්වීමට පූර්වගාමී වූ තත්කාලීන අතුල්‍ය බෞද්ධ නායකයා නම් වූ මොහොට්ටිවත්තේ ගුණානන්ද ස්වාමීද්‍රයන් වහන්සේගේ විරෝදාර චරිතාපදානය ප්‍රතිනිර්මාණය කෙරෙමින් සම්පාදිත" මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද අපදානය " යුග අවශ්‍යතාවක් සපුරා ලන්නකි. උන්වහන්සේ පිළිබඳව ප්‍රාචීන ප්‍රතිචීන ලේඛකයන් පවසා ඇති විවිධ මතිමතාන්තර තුලනාත්මක ව විමසා බලා සැපැයුණු මෙම චරිතකථාව මෙතෙක් අප්‍රකට ව පැවති තොරතුරු රාශියක් ඉදිරිපත් කරයි. මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද අපදානය කලාකීර්ති පණ්ඩිත විමලේ අභයසුන්දර විද්වතුන්ගේ නිර්මාණයකි
Rs 1,000.00
Sudu Wala Yata Eda Wadi Maga 3
කෘතිය ඇසුරින්...
''සියවස් ගණනකට පෙර මහා ඉන්දියානු බිමේ නා නා රළු දුර්ග මාවත් දිගේ අනන්ත අපහසුතා මැද සුදු වළා යට උන් වහන්සේ එදා වැඩි මඟ........ අදත් ඒ සුදු වළා පාවේ... ගංගාවෝ ගලා බසිත්..............ස්වස්තිලා සැන්දෑවේ කඳු මුදුන් වල සිට ගවයන් දක්කාගෙන එති....... පොකුණු වල කුමුදු මල් පිපේ......වස්සාන සෘතු එළැඹේ........ වේරංජා නියං සමයන් පැමිණේ......මං මාවත් ද කාළයේ විපර්යාසයන් හමුවේ වුව තාමත් තිබේ..... දුක සැප නිරාමිසව විඳගත් අපේ බුදුන් අපට කොතරම් සමීපද..........''
Rs 480.00
Out-of-Stock
Budu Sasune Minipahana Ananda Hamuduruwo
Out-of-Stock
'බුදු සසුනේ මිණි පහන ආනන්ද හාමුදුරුවෝ' යන මෙම කෘතිය  බුද්ධ සාසනයේ සැබෑ මිනිපහණ බදු වූ අනද හිමියන් පිළිබද රචනා වී ඇති ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Gauthama Budun Wahanse
සම්බුද්ධ චරිතය පිළිබද ඉතා දීර්ඝ ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක විමර්ශනයකින් අනතුරුව ඉදිරිපත් කරනු ලබන කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,800.00
Gauthama Budun Wahanse Yatharthava Dakimu
වෛද්‍ය H.W ස්චුමන් මහතාගේ 'The Historical Buddha' නම් කෘතියේ සිංහල පරිවර්තනය වන 'ගෞතම බුදුන් වහන්සෙ යථාර්තව දකිමු' නම් මෙම කෘතිය තුළ බුදුන් වහන්සේ උපතේ සිට පිරිනිවන් මංචකය දක්වා සිදූ වූ ඒ මහා පෙලහර ඉතා සරල ලෙස තේරුම්ගැනීමට පහසු ආකාරයට රචනා කර ඇති කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,300.00
Sundara Gami Diviye Sita Gatalu Sahitha Rajaya Paripalanayata
'සුන්දර ගැමි දිවියේ සිට ගැටළු සහිත රාජ්‍ය පාලනය' යන මෙම කෘතිය ධර්ම හේවාමද්දුම මහතා විසින් රචනා කර ඇති අතර මෙම කෘතිය තුළ ඔහුගේ ජිවීතයේ ස්වයං ජීවන චරිතාපදානය පාඨකයා හමුවේ ඉදිරිපත් කරන අතර කුඩා කළ ගැමි පරිසරයේ සුන්දරත්වයත් කාලයාගේ ඇවෑමෙන් සුන්දරයැයි බොහෝ දෙනා පවසන නමුත් පිටතින් පමණක් සුන්දරත්වය රැදී ඇති නගරබද ජිවිතයෙ අව්වේකී භාවයත් පිළිබද එතුමාගේ සුන්දර ළමා කාලය ඇසුරින් රචිත ඉතා රසවත් ස්වයං ජීවිත චරිතාපදානයක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,300.00
Vidura Panditha
'විදුර පණ්ඩිත' නම් මෙම කුඩා ග්‍රන්ථය අදට ගැලපෙන සේ සරලව රචනා කොට ඇති අතර මෙය ප්‍රතිනිර්මාණයක් ලෙසද හැදින්විය හැකි ඉතා අග්‍රගණයේ නිර්මාණකි.මෙම ග්‍රන්ථය තුළ ඇති විධුර ජාතකය තුළින් බෝධි සත්වයන් ගේ ප්‍රඥා පාරමිතාව විදහා දැක්වෙයි.
Rs 150.00
Viharamahadeviya
"අහිත කාන්තා රත්නය විහාරමහා දේවිය" නම් මෙම ග්‍රන්ථය තුළින්, "ශ්‍රී ලංකා ඉතිහාසයේ වීරමාතාව ” යන විරුදාවලිය ලත් විහාර මහා දේවිය පිළිබඳව මෙතෙක් පළ නොවූ වැදගත් කරුණු රැසක් එක් රැස් කොට ඇත. එය සියලු පාසල් දරුවන් විසින් කියවා තේරුම් ගත යුතු වීර චරිතයක් ලෙස සඳහන් කළ හැකිය. එබැවින් මෙය පාසල්, දහම් පාසල්, පුස්තකාල සඳහාද ඉතා වටිනා ග්‍රන්ථයකි.
Rs 200.00
Ma piyaman kala rajayaya paripalanaya
'මා පියමං කළ රාජ්‍ය පරිපාලනය' යන මෙම කෘතිය 'සුන්දර ගැමි දිවියේ සිට ගැටළු සහිත රාජ්‍ය පාලනය'යන කෘතියේ දෙවන කොටස වන අතර   මෙම කෘතිය තුළ  ජීවිතයේ උසස් පංතියේ දී ගත කරන ලද ගැටළු සහිත දිවි ගමනේ දී දෛර්යෙන් යුතුව ඒවාට මුහුණ දෙමින් උපේක්ෂාවෙන් හා දහම් සංවේගයෙන් යුතුව දිවි ගෙවූ අකාරය පිළිබදව ස්වයං ජීවන චරිතාපදානය පාඨකයා හමුවේ ඉදිරිපත් කරන අතර කුඩා කළ ගැමි පරිසරයේ සුන්දරත්වයත් කාලයාගේ ඇවෑමෙන් සුන්දරයැයි බොහෝ දෙනා පවසන නමුත් පිටතින් පමණක් සුන්දරත්වය රැදී ඇති නගරබද ජිවිතයෙ අව්වේකී භාවයත් පිළිබද සුන්දර ළමා කාලය ඇසුරින් රචිත ඉතා රසවත් ස්වයං ජීවිත චරිතාපදානයක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,800.00
New
Amaraneeya Nayakayo 25
ලෝක දේශපාලන හා ආර්ථික ඉතිහාසයේ ඉතාමත් තීරණාත්මක කාල පරිච්ඡේදයක් වන 19 වන හා 20 වන සියවස් තුළ එම විප්ලවකාරී අරගලයන්ට දේශපාලන නායකත්වය දුන් පුද්ගලයන් රැසකගේ ජීවන තොරතුරු හා එම වකවානුවට අයත් සමාජ, ආර්ථික තොරතුරු මෙම ග්‍රන්ථයට සරල බසින් ඇතුළත් වන හෙයින් මෙය පාසල් සිසුන් සහ ආධුනිකයින් සඳහා බෙහෙවින් වැඩදායක වනු ඇත.
Rs 230.00
NewOut-of-Stock
Nelson Mandela
Out-of-Stock
නෙල්සන් මැන්ඩෙලා 20 වන හා 21 වන සියවසේ ලෝක දේශපාලන ඉතිහාසයට එක්වන්නේ වර්ණභේදවාදයට හා අධිරාජ්‍ය වාදයට එරෙහි අප්‍රිකානු ජාතික විමුක්තිය සඳහා වූ අරගලය තුළ විවිධ ස්වරූපයෙන් සිය බුද්ධිමය, දේශපාලන හා සංවිධානමය ශක්‍යතාව යොදා ගනිමින් අධිපතිවාදී ලෝක දේශපාලනයට අභියෝග කරමින්, ගෝලීය යුගයෙහි දකුණු අප්‍රිකාව තුළ නිදහස් ජාතික රාජ්‍යයක් ගොඩනගා එය ජාතික සංහිඳියාවේ හා සංවර්ධනයේ මාවතට යොමු කළ අද්විතීය මානවවාදියෙකු ලෙසය. වාර්ගික, ජාතික හා සංස්කෘතික බහුවිධත්වයකින් යුත් දකුණු අප්‍රිකාවට පමණක් නොව ලෝකයේ බොහෝ රටවලට ආදර්ශයට ගත හැකි නව දේශපාලන සංස්කෘතියක සමාරම්භය සඳහා මාර්ගය විවෘත කළ සුවිශේෂී දේශපාලනඥයෙකු වූ නෙල්සන් මැන්ඩෙලාගේ එම දුෂ්කර වූද, නිර්භීත වූද, සාර්ථක වූද ප්‍රයත්නයට හේතු පාදක වූ පසුබිම, දර්ශනය, දැක්ම හා උපාය මාර්ග පිළිබඳ විවරණයක් තුෂානි බුළුමුල්ල නෙල්සන් මැන්ඩෙලා චරිතාපදානය කෘතිය මගින් ඉදිරිපත් කර තිබේ.
New
Saddarmapundarika Suthraya Kumarajeeva Himiyange China Parivarthanaya
මහායාන ධර්ම ග්‍රන්ථ අතුරින් ඉතා ම උසස් වූ ධර්ම ග්‍රන්ථයක් ලෙස ජාත්‍යන්තර වශයෙන් අතිශයින් සම්භාවනීය වූ සාහිත්‍ය කෘතියක් ලෙස  සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය සැලකෙන අතර. මහායානිකයන් කියා සිටින්නේ මෙම සූත්‍රය බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර අතුරින් ඉතා ම මූලික වූ සූත්‍රය වන බව යි. එමෙන් ම ඓතිහාසික වශයෙන්ද මෙය ඉතා පැරණි වන බව විචාරකයෝ කියා සිටිති. බුද්ධ දේශිත මුල් ම සූත්‍ර අතුරින් මෙය ප්‍රධාන තැන් ගන්නා බව මහායානිකයන්ගේ අදහස වන අතර 'සද්ධර්මපුණ්ඩරීක සූත්‍රය' කුමාරජීව හිමියනන්ගේ චීන පරිවර්තනය ඇසුරින් මහාචාර්ය ලියොන් හුර්විට්ස් මහතාගේ ඉංග්‍රීසි පරිවර්තනය ඇසුරින් මහාචාර්ය ගුණපාල ධර්මසිරි මහතා විසින් සිංහලයට පරිවර්තනය කර ඇති ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 2,000.00
New
Akasha Gangavarohana Indeeya Charika Satahan
සිංහල පර්යටන සාහිත්‍යයට අභිනවයෙන් එකතු වන ආකාශ ගංගාවරෝහණ නමැති මෙම කෘතිය විචිත්‍ර දෘශ්‍යමානය විනිවිදිමින් අපගේ අසල්වැසි රාජ්‍යය වෙලා ගත් අඳුරුබර සමාජ යථාර්ථයෙන් බිඳක් මෙසේ සංජීවනී රූපසිංහ මහත්මිය විසින් අප හමුවේ තබයි.
Rs 1,000.00
New
Budu himi pahasin pin bimak wu mahiyanganaya
" බුදුහිම් පහසින් පින් බිමක් වූ මහියංගණය * නම් වූ මෙම ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථය. 2011 වර්ෂයේ දී ප්‍රකාශිත. "පැරණි ලක්දිව බුදු සිරිපා පහස ලද මයියංගණය " නමැති කෘතියේ සංශෝධිත පිටපතකි. 2026 වර්ෂය වන විට සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් ව වසර 2615 ක්ද සම්මා සම්බුදු රජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් ව වසර 2570 ක් ද සම්පූර්ණ වේ. ඒ නිමිත්තෙන් බෞද්ධ ජනහදවත් වල බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරනු පිණිස, අලුතින් ඇතුළත් කරන ලද පරිච්ඡේද කිහිපයකින් ද සමන්විත ව පාලි ත්‍රිපිටකය, අට්ඨ කථා, මහාවංස, දීපවංස වැනි ප්‍රාමාණික ප්‍රාථමික මූලාශ්‍රයන් ද වෙනත් ද්විතීයික හා තෘතීයික මූලාශ්‍රයන් ද පරිශීලනය කොට සම්පාදනය කරන ලද මෙම ග්‍රන්ථය, මා හැඟි ධර්ම ශාස්ත්‍රීය සම්ප්‍රදානයකි.
Rs 750.00
New
Sammukha Deva Prasadaya Ammaduva Kuda Kataragama Devalaya
අම්මඩුව කුඩා කතරගම දේවාලය පිළිබඳ සවිස්තර විග්‍රහයක් අන්තර්ගත වන මේම කෘතිය සාර්ථක පර්යේෂණ නිබන්ධනයක ස්වරූපයක් ගනියි.දේවාලයේ අතීතය, දේවාල පරිශ්‍රය, වත්පිළිවෙත් සහ ඇසළ පෙරහර ආදී සංස්කෘතික අංග මෙන්ම, කතරගම දෙවියන් පිළිබඳ පුරාවෘත්ත ඇතුළත් වන හෙයින්, දේවාලය පිළිබඳ පූර්ණ චිත්‍රයක් නිර්මාණය වෙයි. තේමාවට අදාළ වන විශ්වසනීය තොරතුරුවලින් සමන්විත වන හෙයින් මේම කෘතිය පාඨකයන්ට වඩාත් ප්‍රියමනාප වනු නොඅනුමානය.
Rs 1,000.00
New
Seevali Maharahathan Wahanse
'සීවලී මහා රහතන් වහන්සේ' නම් මෙම කෘතිය තුළ මින් භද්‍ර කල්ප ලක්ෂයකට පෙර පියමතුරා සම්බුද්ධ රාජයාණන්ගෙන් ප්‍රථම විවරණ ලැබීමෙන් අනතුරුව අපගේ උත්තම ගෞතම ශ්‍රී පාද මූලයේ ප්‍රත්‍යලාභීන් අතර අග්‍රස්ථානයද, විශ්වයේ අනන්තයටත් වඩා අපරිමිතසාගරයේ පත්ලටත් වඩා මහා ගැඹුරැති වදන් නමැති මායාවෙන් පවසා අවසන් කළ නොහැකි අවබෝධයෙන්ම වටහා ගත යුතු ඒ නිමල බුදු දහම වටහා ගත් උත්තරීතර සීවලී සමිඳාණන් පිළිබදව සදහන් වේ.
Rs 600.00
New
Jayathilaka Saha Suraweera
කර්තෘ සටහන...
මෙම කුඩා පොතට ඇතුළත් වනුයේ, මවිසින් කේ. ජයතිලක තෙමස් අනුස්මරණ උත්සවයේදීත්, ඊට කලින් පැවැත්වුණු මහාචාර්ය සුරවීර අභිනන්දන උත්සවයකදීත් කරන ලද දේශන දෙකක පිටපත්ය.පළමුවැන්න කථන රීතියෙන්ද, දෙවැන්න ලේඛන රීතියෙන්ද සම්පාදනය වී ඇති බැව් පාඨකයින්ට පෙනී යනවා ඇත.මේ දේශන දෙකම, එකී විද්වතුන්ගේ සාහිත්‍ය මෙහෙවර පිළිබඳව කරන ලද පූර්ණ විමර්ශනයක් සේ නොසැලකුව මැනවි
Rs 150.00
New
Seewali Maha Rahathan Wahanse
ශ්‍රී සම්බුද්ධ ශාසනයේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ අතරින් සජෝතිමත්ව බැබළුණු රහතන් වහන්සේ නමක් වන සීවලී මහා රහතන් වහන්සේ ප්‍රත්‍යලාභීන් අතර හා සිවු පසය ලද්ද වුන් අතර අග්‍රස්ථානය ලබා ගත්තේය. ගෞතම බුදුරජාණන් වහන්සේ වෙතින් මෙම තනතුර ලබා ගන්න උන්වහන්සේ කල්ප ලක්ෂයක් පෙරුම් පිරූහ. එම ගමන් මඟ මෙම කෘතිය තුළින් විස්තර කෙරේ
Rs 250.00
New
Maha rahathun daka ganimu
'සංයුක්ත නිකාය - පඨම පාස සූත්‍රයෙහි' දේශිත උපදේශය අනුසාරයෙන් නිවන් මග පසක් කිරීමෙහි යුහුසුළු වන හා නිවැරදි බුදු දහම පිළිබඳ ගවේෂණයෙහි යෙදෙන නූතන සමාජයට ශාස්ත‍්‍රිය මෙන්ම සරලව තේරුම්ගත හැකි කෘතියක් ලෙස "මහ රහතුන් දැක ගනිමු" කෘතිය ප්‍රසම්පාදිතය. ධර්ම ඥානාභිලාෂී ජනයාට මෙමගින් ත්‍රිපිටකයෙන් හෙළිවන ' මහ රහතන් වහන්සේ' පිළිබඳ දහම් කරුණු නිවැරදිව ග්‍රහණය කර ගැනීමට මග පෙන්වයි. මහ රහත් සංකල්පය පිළිබඳව මෑත යුගයේ පළවුණු විශිෂ්ටත ම කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 250.00
New
Maliyadewa maha rahathan wahanse (Gaweshanathmaka adyanayak)
'මලියදේව මහ රහතන් වහන්සේ '  යන මෙම කෘතිය මලියදේව මහ රහතන් වහන්සේ පිළිබදව ගවේෂණාත්මක අධ්‍යයනයකින් අනතුරුව නාලිනී සුසීලා දිසනායක මහත්මිය විසින් රචනා කොට පඨක ඔබට පිළිගන්වනු ලබයි.
Rs 413.00
NewOut-of-Stock
Kisagothami Maha Rahath Theraniya
Out-of-Stock
කර්තෘ වැකිය...
" කිසාගෝතමී මහ රහත් තෙරණිය වනාහි ගෞතම බුදුරදුන් ගේ ශාසනයේ රූක්ෂ චීවරධාරී භික්ෂුණන් අතුරින් අග්‍රස්ථානය ලබා ගත් මහ රහත් තෙරණින් වහන්සේ යි. කිසාගෝතම් කථා පුවතථෙරවාද බෞද්ධ ලෝකයා අතර අතිශයින් ම ප්‍රකට ය. ලොකු කුඩා සියලු ම දෙනා කිසාගෝතමී කථා පුවත ගැන මැනවින් දනිති. එය එසේ වුවත් මෙතුමිය ගේ ශුද්ධ වූ චරිතයට අදාළ තොරතුරු පෙළ අටුවාහි ඒ තරම් ම ප්‍රකට නැත.
තරමක හෝ විස්තරයක් සපයා ගැනීමට පිහිට වන්නේ "මනෝරථ පූරණි” නම් වූ අංගුත්තර නිකායට්ඨ කථාවත්, " පරමත්ථදීපනී" නම් වූ ථෙරී ගාථාට්ඨ කථාවත්, ථෙරී අපදාන පාළියත් ය. එසේ ම ධම්ම පදට්ඨ කථාවේ සහස්ස වර්ග වර්ණනාවේ කිසාගෝතමී ථෙරි වස්තුවත්, බ්‍රාහ්මණ වර්ග වර්ණනාවේ කිසාගෝතමී ථෙරී වස්තුවත්, සද්ධර්ම රත්නාවලියේ කිසාගෝතමීන්දෑ ගේ කථා වස්තුවත් වැදගත් ය."
New
Duwille Raduna Piya satahan
ක්‍රි.පූ. පළමුවන සියවසේ සිට වර්තමානය දක්වා දිවෙන බුදුරදුන්ගේ චරිතාපදාන සිය ගණනක් ඇති නමුත්, කිසිදු සුවිශේෂත්වයක් නොමැති ව, ඒ හැමෙකක ම පාහේ දැකිය හැක්කේ, ත්‍රිපිටකයෙන් අහුලාගෙන තිබෙන කරුණු කිහිපයක් බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් සියවස් ගණනාවකට පසු ඇති වූ ජනප්‍රවාද සමග මිශ්‍ර කිරීමකි. ඔස්ට්‍රේලියානු බෞද්ධ භික්ෂුවක වූ එස්. ධම්මික විසින් රචිත මෙම පොත, බුදුන් වහන්සේ සහ උන් වහන්සේගේ ඉගැන්වීම් පිළිබඳ පැරණිතම වාර්තාව වන පාලි ත්‍රිපිටකයේ ඇති තොරතුරු පමණක් භාවිතා කරමින් ගන්නා ප්‍රවේශය වෙනස් එකකි. බුදුන් වහන්සේ දැන සිටි ලෝකය - එහි ආගම සහ සංස්කෘතිය පිළිබඳ සජීවී හා සවිස්තරාත්මක - විස්තරයක් ලබා දීමෙන් අරඹන කතුවරයා, ඉන්පසු කරන සඳහනෙහි ඇත්තේ, ත්‍රිපිටකය පුරා විසිර තිබුණ බුදුන් වහන්සේ සම්බන්ධ පොඩි පොඩි තොරතුරු රාශියකි. උන් වහන්සේ කෙබඳු කෙනෙක් ද යන්න පිළිබඳ චිත්‍රය පරිපූර්ණ එකක් වන්නේ, ඒවා සියල්ල එකට එකතු කළ විට ය. බුදුන් වහන්සේගේ උස, මහත සහ පෙනුම, උන් වහන්සේගේ ගමන් බිමන්, උන් වහන්සේ පිළිබඳ විවිධ පුද්ගලයින් සිතු දේ, උන් වහන්සේගේ දෛනික චර්යාව සහ ඉගැන්වීමේ විලාසය සහ වඩාත් ම වැදගත් ලෙස, උන් වහන්සේගේ අසාමාන්‍ය ඉවසීම සහ කරුණාව පිළිබඳ විස්තරයක් මේ පොත අපට සපයන අතර, බුදුන් වහන්සේ ගැන අපට කියනු ලබන සහ සැමවිට ම අප විශ්වාස කර තිබෙන බොහෝ දේ ත්‍රිපිටකයෙන් සොයාගත නොහැකි බව ද අපි මෙයින් උගනිමු. එහි ප්‍රතිඵලය වන්නේ, සැබෑ මිනිසෙකු පිළිබඳ යථාර්ථවාදී සහ බලගතු චිත්‍රයකි. සවිස්තරාත්මක තොරතුරු ඉදිරිපත් කිරීමකට සූක්ෂම ලෙස යොමු කර ඇති මේ පොත, ඉතිහාසයේ වැදගත් ම චින්තකයෙකු හොඳින් දැන හඳුනා ගැනීමට කැමති ඕනෑම කෙනෙකුට අත්‍යවශ්‍ය කියවීමක් වනු ඇත.
හෘදරෝග විශේෂඥ වෛද්‍ය උපුල් විජයවර්ධන
Rs 1,500.00