Manasika Peedanaya Saha Kansava
මෙම සුවිශේෂී කෘතියෙහි කතුවරයා වූ විශේෂඥ මනෝ වෛද්‍ය ඩග්ලස් මුල්ගිරිගම මහතා මහා බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ විශේෂඥ මනෝ වෛද්‍ය උපදේශකයෙකු ලෙස වසර 36 ක දීර්ඝ කාලයක් සේවය කර, විශිෂ්ට වෘත්තීය අත්දැකීම් සම්භාරයක් සතු අයෙකි. පළමුව මනෝ වෛද්‍යවරයෙකු වශයෙන් ලංකාවේ සේවය කළ ඔහු පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා බ්‍රිතාන්‍යයට ගියේ ය. පසුව එහි ජාතික සේවයට බැඳී මනෝ වෛද්‍ය වෘත්තියෙහි නිරත විය. එම කාලය තුළ ඔහු උකහාගත් දැනුම් සම්භාරයන් හා අත්දැකීම් මෙම විශිෂ්ට කෘතියට පාදක වේ.
"මෙම ග්‍රන්ථය වැදගත් හේතු තුනක් නිසා අද්විතීය ස්ථානයක් හිමි කර ගනී. පළමු වන හේතුව නම්, පාඨකයාගේ ප්‍රතිලාභය උදෙසා, මානසික සෞඛ්‍යය පිළිබඳ නූතන වර්ධනයන් අන්තර්ගත කළ ග්‍රන්ථයක් බිහි කිරීමයි. දෙවැනි කරුණ නම්, මෙම ග්‍රන්ථය මේ විෂය පිළිබඳ උනන්දුවක් දක්වන සෑම කෙනෙකුගේ ම විවිධ විමසීම් සහ ප්‍රශ්න වලට පිළිතුරු සපයන විස්තරාත්මක ප්‍රකාශනයක් වීමයි. තෙවැනි හේතුව නම්, ලොව පුරා භාවිතා වෙන විවිධ භාෂා වලින් පරිණාමය වී ආ, සංකීර්ණ සංකල්ප සාමාන්‍ය ජනයාට ඉතා පහසුවෙන් අවබෝධ කර ගැනීමට පහසු අකාරයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කිරීමට වෛද්‍ය මුල්ගිරිගම මහතා සමත් වී තිබීමයි. මෙම දක්ෂතාව ඔහුගේ ප්‍රකාශනයේ ඇති ඉතාමත් ම වැදගත් අංශයක් ලෙස මම අගය කරමි” මෙම වැදගත් ප්‍රකාශනය, මානසික සෞඛ්‍යය වෘත්තියේ යෙදී සිටින සහ සමාජ ශුභ සාධන සේවාවල නිරත ව සිටින අයට ද, අධ්‍යයන ක්ෂේත්‍රයේ යෙදී සිටින අයට සහ රෝගීන් ඇතුළු පොදුවේ මහා ජනයාට ද අතිශයින් ඵලදායි වන බව මගේ විශ්වාසයයි. මෙම ග්‍රන්ථය සෑම පුස්තකාලයක දීම පාඨකයාට කියවීමට ලැබේවා යන්න මගේ ප්‍රාර්ථනයයි.
මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ සම්මානිතමහාචාර්ය නාලක මෙන්ඩිස් මහතා.

Rs 1,060.00