Best sellers

Out-of-Stock
Sarasavi sinhala sinhala shabdakoshaya
Out-of-Stock
මෙම ශබ්දකෝෂය තුළ ශීර්ෂ පද 85,000කට වැඩි ගණනකට අරුත් සපයා ඇති අතර එදිනෙදා භාවිතයේ දී අවශ්‍ය වන වදන් බොහෝමයක් එක් රැස් කර ඇති නිසා අපේ පැරණි පොතපත පරිශීලනය කරන්නන්ට හට මහඟු අත්වැලක් සපයයි. පැරණි බෞද්ධ පොතපත කියවන අයට මාර්ගෝපදේශකයෙකි. සිංහල භාෂාව හදාරන දරුදැරියනට ඉතා ප්‍රයෝජනවත් වන අතර පරිගණක විද්‍යාව,තොරතුරු තාක්ෂණය ඇතුළු විවිධ විෂයයන් රැසකට අදාළ වචන විශාල ප්‍රමාණයක් ඇතුළත් කර ඇති ශබ්දකෝශයකි. නූතන සන්නිවේදනය සඳහා සිංහල බස යොදා ගන්නා අයට මහෝපකාරී ග්‍රන්ථයකි.
Ananda Maithreeya Mahanahimiyange Bhavana Athdekim
අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් අපේ පරමාදර්ශී චරිතයකි. (Legend) බෞද්ධ ලෝකයේ පුරාවෘත්තයකි. සමුද්‍ර වෙත්තසිංහ විසින් උන්වහන්සේ පිළිබඳව නැවතවතාවක්, නැණවත්, පැණවත්, සම්භාෂණයක් කතිකාවක් අරඹන ග්‍රන්ථයක් පාඨක සමාජයට ඉදිරිපත් කරයි. බුදු බව පතන බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි වැනි හැඳින්වීම මේ කෘතියෙන් වෙනත් දිශාන්තියකට යොමු කෙරෙයි. මූලාශ්‍රය සනාථ කරමින් විචාරශීලීව සම්පාදනය කර ඇති මේ කෘතිය සෝතාපන්න මාර්ගඵලය ගැන ඥාන මීමාංසාවක් පළට කරන ආධ්‍යාත්මික චින්තන ධාරාවක් විහිදුවයි.
Rs 750.00
The Buddhist Analysis of Mind
Buddhism is a religion that is concerned with taming and training the mind. hence it furnishes a detailed and immaculate philosophy of mind both for the layman and the clergy to grapple with and realize prof. y.Karunadasa who is a well known commentator in buddhism already known for his 'Buddhist Analysis of Mind' has given a stanning commentary on the buddhist view-point of mind, which seems to be oven more interesting.
Rs 960.00
Karunika Thara
ශ්‍රී ලංකාවේ වැඩ සිටින සියලුම භික්ෂුන් වහන්සේලා ගෙන තරාදියක එක් පසෙක දමා බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් අනෙක පස දැමුවත් ඒ පස බර වැඩි වන්නේ යැයි ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් වරෙක පැවසී ය. පිරිසිදු සිල් ගිහිණි ඒ මහා යතිවරයාණන් වහන්සේ සිංහලට පරිවර්තනය කළ කාරුණික තාරා' වූ කලී මහායාන බෝධිසත්වවරියකගේ අතිශය කාරුණික වූද පරිත්‍යාගශිලී වූද ජිවිත පිළිබිඹුවකි. ලෝ වැසියන් දුක් පීඩාදියෙන් මුදනු පිණිසත්, ධර්මය යළි යළිත් ප්‍රචලිත කරනු පිණිසත් නාථ දෙවියන් මිනිස් වෙස් ලැබූ චරිත වරින් වර ලොව පහළ වන බව සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ දැක් වේ. එසේ පහළ වූ ආත්ම භාව 33 ගැන එහිම සඳහන් වේ. මෙහි එන කාරුණික තාරාවෝ එසේ පහළ වූ අවලෝකිතේශ්වර නාථ පුනරාවතාරයක් වෙත්
Rs 500.00
Malaun Soya
ජෙෆ්රි ඉවර්සන්ගේ "In search of the dead" මරණින් මතු ජීව්තය පිළිබඳ සිත් වශී කරන තොරතුරු ඇතුළත් අධිමානසික පර්යේෂණ කෘතියකි. බටහිර රටවල මෙන්ම පෙරදිග රටවල ද අධිමානසික තොරතුරු මේ කෘතියෙහි සංගෘහිත වී තිබේ. අධිමානසික ශක්තිය හෙවත් "සයි" ශක්තිය පිළිබද විද්‍යාත්මක විමර්ශනයක් ද එබඳු විශේෂ ශක්තීන් තිබූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු ද මෙහිලා ප්‍රබල ලෙස ඉදිරිපත් කෙරේ. එසේම පුනර්භවය පිළිබද පර්යේෂණ රැසක තොරතුරු ක්වොන්ටම් හෞතික විද්‍යාව හා පුනර්භවය සම්බන්ධ කරන ඉදිරිපත් කිරීමේ ද චිත්තාකර්ෂණීය වේ. 
Rs 1,250.00
Pudgala Manovidyawa
නූතන මනෝ විද්‍යාවේ පියා සිග්මන් ෆ්‍රොයිඩ් වශයෙන්ද උපදේශනයේ පියා කාල් රොජර්ස් වශයෙන් ද පැවැති ජනප්‍රිය මතවාදය නැවත විමර්ශනය කැරෙන මෙම කෘතිය වත්මන් උපදේශකවරයා හෝ චිකිත්සකවරයා තුළ සැඟවී සිටින සැබෑ ක්‍රියාකාරී සෙවනැල්ල අන් කිසිවකු නොව ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර්ය යන මතවාදය ගම්‍ය කරවයි. 'ස්නායුගත ව්‍යාකූලතා ඇති වන්නේ අවිඥානයට අවරෝධනය කරන ලද ලිංගික අක්‍රමිකතා හේතුවෙනි' යන ෆ්‍රොයිඩියානු මතය ප්‍රතික්ෂේප කරමින් ඉන් ඉවත්ව ගිය ඇඩ්ලර් 'පුද්ගල මනෝවිදන සම්ප්‍රදාය ' නමින් නව සම්ප්‍රදායක් ඇරඹීය. ෆ්‍රොයිඩ්, කාල් යුං වැනි පරමාදර්ශී මනෝවිද්‍යාඥයන් විසින් සඳලු තලයට ඔසවා තබන ලද ' මනෝවිද්‍යාව' පොදු ජනතාවගේ මානසික ගැටලු වලට මග පෙන්විය හැකි පරිදි සඳලු තලයෙන් මහ පොළොවට රැගෙන එන ලද්දේ ඇඩ්ලර් විසිනි. රෝලෝ මේ, කාල් රොජර්ස්, වික්ටර් ෆ්‍රැන්කල්, ඒ බ්‍රහම් මාස්ලෝ, එරික් බර්ග්, ප්‍රිට්ස් විටල්ස් වැනි උපදේශන මනෝ විදන ක්‍ෂේත්‍රයේ දැවැන්තයන් පවා ඇඩ්ලර්ට ණයගැති භාවය පිළිගෙන ඇත. ඊටත් වඩා ඔබ්බට ගිය ඇල්බට් එලිස් " නූතන මනෝවිද්‍යාවේ සැබෑ පියා ෆ්‍රොයිඩ් නොව, ඇඩ්ලර් විය හැකි ය." යන මතය පළ කළේය. 
Rs 350.00
Sitha pubudana dina 365
මෙම ග්‍රන්ථය වෙනත් ග්‍රන්ථ සිය ගණනක සාරාංශයක් ලෙස ද සැළකිය හැක. අවශ්‍ය වුවත් කෙදිනක හෝ කියවීමට නොලැබෙන නම් ගම් නොදන්නා ඒ ග්‍රන්ථ කියවීමේ භාග්‍යය ද මෙමගින් අපට ලැබේ. මෙහි ඇති බොහෝ ඉදිරිපත් කිරීමේ, කියවන ඕනෑම පාඨකයෙකුගේ කුතුහලය දනවන අතර ඒ කියමනට අදාළ කාරණය ගැන දින ගණනාවක් සිතන්නට පෙළඹෙනු නිසැකය. 
Rs 390.00
Mindfulness Beyond Time and Space
“Mindfulness Beyond Time and Space” by Dr. Sumana Ratnayaka is a deeply insightful and comprehensive guide to the ancient practice of meditation, blending scientific research, practical techniques, and spiritual wisdom. Drawing on years of study and experience. Dr. Ratnayaka offers readers a clear path to inner peace, mental clarity, and emotional balance. Whether you’re a beginner or an experienced practitioner, this book is an invaluable resource for cultivating mindfulness and transforming your inner world.
Rs 1,500.00
Yatisitha 2
මානසික සහ ආධ්‍යාත්මික නීති සම්බන්ධ ව වසර හතළිහකට වැඩි කාලයක නවමු පර්යේෂණ කළ ආචාර්ය ජෝසප් මර්ෆි ගේ ආකර්ෂණීය සොයා ගැනීම් මේ අගනා කෘතියෙහි අන්තර්ගත වේ. ඔබගේ ජීවිතයේ හැම අංශයකම වර්ධනය සඳහා, යටිසිතේ බලය උපයෝගී කර ගැනීමේ උපක්‍රම මෙහි විස්තර කෙරෙයි. 
මෙහි සඳහන් ඉතා වැදගත් කරුණු අතර කීපයක් නම් 
කනස්සල්ල, බය සහ සෘණ සිතුවිලි ජය ගැනීම 
මූල්‍ය සාර්ථකත්වයට සහ නිදහසට ගත යුතු පියවර 
*ස්වයං පිළිගැනීම සහ සෞභාග්‍යය අත්පත් කර ගැනීම 
සම්බන්ධතා වගා කිරීම සහ සතුට විඳ ගැනීම 
* සුවය සහ සැපත සඳහා අනන්ත හැකියාව වැඩට ගැනීම 
Rs 1,400.00
Yatisitha
ස්වයං වර්ධනය සහ ස්වයං සාර්ථකත්වය අත් කර ගැනීමට උපදෙස් දීම සඳහා ලොවේ මේ දක්වා ලියන ලද ග්‍රන්ථ අතර අග්‍රතමය ලෙස මේ පොත සැලකේ. ඔබ අත් පසුරෙහි, පහසුවෙන් ඔබට අල්ලා ගතහැකි ලෙස පවතින අතිශයින් විස්මය ජනක වූ මහා බලය සඳහා වූ යතුර මේ ග්‍රන්ථය මගින් ඔබ අතෙහි තැබෙයි. කිසි දිනක ඉටුකර ගත නොහැකි යයි පෙනෙන සුවිශාල හා දුෂ්කර කාර්යයන්, හුදෙක් තම යටි සිතේ විස්මිත බලය පාලනය කිරීම ඉගෙනීම මගින් ඉටුකර ගන්නට ලොව පුරා ලක්ෂ සංඛ්‍යාතපාඨකයන්ට මේ ග්‍රන්ථය මග පෙන්වා ඇත. පුද්ගලයෙකුට දෛනික කටයුතු හා සමස්ථ ජීවිතය සංවර්ධනය කර ගැනීම සඳහා සිය මනස භාවිතා කිරීමට සරල, ප්‍රායෝගික අත්දුටු අභ්‍යාස ඔහු ඉදිරිපත් කරයි. පාඨකයා ග්‍රහණය කර ගන්නා අපූරු කතන්දර හේතුවෙන් මේ පොත ඉතා රසවත් වී ඇති බවද කිව යුතුය. 
Rs 1,300.00
Sugatha Tathagatabhivandana
'සුගත තථාගතාභිවන්දනා ' නම් මෙම බුද්ධ බෝධි වන්දනා හා අධිෂ්ඨාන වන්දනාමය ග්‍රන්ථය අප රැසයූ ග්‍රන්ථයන් අතර ඉතා විශේෂ ග්‍රන්ථයකි. මෙය හුදු වන්දනා ගාථා පොතක් ම නොවනු ඇත. ථෙරවාද ත්‍රිපිටක හා අට්ඨ කථා ග්‍රන්ථාගතයන් අනුව මනුලොව සත්ත්‍වයන්ට නුදුරු අනාගතයේ දී මුහුණ දීමට සිදුවන අනතුරක් ලෙස අන්තර් කල්ප විනාශය පෙන්වා දී ඇත. එය ඉතා අනුවේදනීය ශෝකාලාපයකි; ශෝකාන්තකි. ධර්මතා ස්වරූපය නම් බහුතර ජනතාව එහි දී දුගතිගාමී වන බව යි. එම අනතුරින් අත්මිදීම උදෙසා ප්‍රාර්ථනානුකූලව කුසල් දහම් වැඩීමේ වටිනාකම ධර්මයේ විශේෂයෙන් පෙන්වා දී ඇති කරුණකි. මෙම ග්‍රන්ථය වනාහි එම සදුපදේශානුකූලව එකී විපතින් අත්මිදෙනු පිණිස ප්‍රාර්ථනානුකූලව කුසල් දහම් රැස් කර ගැනීම පිණිස අත්තහිත පරහිතකාමී නුවණැතියන්ට ලබා දෙන මග පෙන්වීමකි. 
Rs 375.00
Pudgala Paurusha Sanwardanaya Ha Mano Vidyathmaka Upadeshana Niyayan
පුද්ගල පෞරුෂ සංවර්ධනය හා මනෝ විද්‍යා උපදේශනයේ න්‍යායාත්මක පදනම් පිළිබඳ සවිස්තර අධ්‍යයනයක් මෙම ග්‍රන්ථයේ අන්තර්ගත ය. සිග්මන්ඩ් ප්‍රොයිඩ්, වර්ක් එරික්සන්, කාල් රොජර්ස්, ඒ බ්‍රහම් මාස්ලො, හැන්ස් අයිසෙන්ක්, බග් ස්කිනර් වැනි මනෝ විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කළ න්‍යායයන් මෙහි අන්තර්ගත කර ඇත. මෙම ග්‍රන්ථය උපදේශන ක්‍ෂේත්‍රයේ නියැලි සැමට, තම විෂයය පිළිබඳ නිවැරදි විද්‍යාත්මක මූලධර්ම වටහා ගැනීමට උදවු වනු ඇත.
ඊට අමතර ව විශ්ව විද්‍යාල වල මනෝ විද්‍යාව, සමාජ විද්‍යාව, අධ්‍යාපන විද්‍යාව හදාරන පූර්ව උපාධි හා පශ්චාත් උපාධි අපේක්ෂකයන්ට, ප්‍රජා සංවර්ධනයෙහි හා සමාජ සේවා වැඩවල යෙදෙන සංවර්ධන නිලධාරීන්ට, ළමා රැකවරණය හා සංවර්ධනය පිළිබඳව කටයුතු කරන එම ක්‍ෂේත්‍ර වල නිලධාරීන්ට , උපදේශන මධ්‍යස්ථානවල සේවයෙහි නියුතු උපදේශකවරුනට ,පාසල් හා අනෙකුත් අධ්‍යාපන ආයතනවල උපදේශන සේවාවෙහි යෙදෙන උපදේශකවරුන්ට ,  හෙදි පාඨමාලා හදාරන හෙදියන්ට , අධ්‍යාපන ඩිප්ලෝමා, අධ්‍යාපන විද්‍යා පීඨ ඩිප්ලෝමා හදාරන ගුරු සිසුන්ට , ළමා ප්‍රවර්ධන කටයුතුවල නියැලි නිලධාරන්ට හා පරිවාස නිලධාරීන්ට මෙන් ම සෑම ගුරුවරයකුට හා දරුවන් හදාවඩා ගන්නා දෙමාපියන්ට ද අත් පොතක් ලෙස භාවිත කළ හැකි ය. 
Rs 400.00
Bauddha Manovidya Akalpaya
බෞද්ධ මනෝවිද්‍යා ආකල්ප නම් මෙම කෘතිය අනුරාධපුර බුද්ධශ්‍රාවක බික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, දර්ශනපති, පාතේගම ඤාණිස්සර හිමියන් විසින් රචිත කෘතියකි.
Rs 300.00
APE PRAVADA - 3
සිය ප්‍රථම උපාධිය සඳහා ලංකා විශ්ව විද්‍යාලයෙහි ගණිතය ද ආචාර්ය උපාධිය සඳහා බ්‍රිතාන්‍යයේ සසෙක්ස් විශ්ව විද්‍යාලයෙහි තාරකා භෞතික විද්‍යාව ද හදාළ නලින් ද සිල්වා මහතා සිය සමාජ ශාස්ත්‍රීය දිවිය ඇරැඹුවේ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයකු හා මාක්ස්-ට්‍රොස්ට්ස්වාදි න්‍යායාචාර්යවරයකු ලෙස ය. ලංකා සම සමාජ පක්ෂයෙහි ප්‍රබල ක්‍රියාකාරිකයකු ද නව සම සමාජ පක්ෂය ඇරැඹීමෙහි මූලික වූවකු ද වන ඔහු අසුව දශකය මුල දී ඒ පක්ෂයෙන් ඉල්ලා අස්වෙමින් ලියූ ලිපිය 'මාක්ස්වාදය විද්‍යාත්මක ද?' යනුවෙන් සමාජ සංවාදයකට මුල් විය. විද්‍යාව මත පදනම් ව මාක්ස්වාදය ප්‍රශ්න කිරීමෙන් ඇරැඹුණු මේ සංවාදය, විද්‍යාවේ දර්ශනය විෂය ක්ෂේත්‍රය කරගනිමින් ක්‍රමයෙන් විද්‍යාව හා බටහිර දැනුම ප්‍රශ්න කරන්නක් බවට වර්ධනය වී ය. මාක්ස්වාදය හා විද්‍යාව සම්බන්ධයෙන් කෙරුණු මේ න්‍යායාත්මක ප්‍රශ්න කිරීමේ ජාතික චින්තන සංවාදයේ දාර්ශනික පදනම සැකසීමෙහි ලා මූලික විය. 
Rs 950.00
APE PRAVADA - 2
සිය ප්‍රථම උපාධිය සඳහා ලංකා විශ්ව විද්‍යාලයෙහි ගණිතය ද ආචාර්ය උපාධිය සඳහා බ්‍රිතාන්‍යයේ සසෙක්ස් විශ්ව විද්‍යාලයෙහි තාරකා භෞතික විද්‍යාව ද හදාළ නලින් ද සිල්වා මහතා සිය සමාජ ශාස්ත්‍රීය දිවිය ඇරැඹුවේ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයකු හා මාක්ස්-ට්‍රොස්ට්ස්වාදි න්‍යායාචාර්යවරයකු ලෙස ය. ලංකා සම සමාජ පක්ෂයෙහි ප්‍රබල ක්‍රියාකාරිකයකු ද නව සම සමාජ පක්ෂය ඇරැඹීමෙහි මූලික වූවකු ද වන ඔහු අසුව දශකය මුල දී ඒ පක්ෂයෙන් ඉල්ලා අස්වෙමින් ලියූ ලිපිය 'මාක්ස්වාදය විද්‍යාත්මක ද?' යනුවෙන් සමාජ සංවාදයකට මුල් විය. විද්‍යාව මත පදනම් ව මාක්ස්වාදය ප්‍රශ්න කිරීමෙන් ඇරැඹුණු මේ සංවාදය, විද්‍යාවේ දර්ශනය විෂය ක්ෂේත්‍රය කරගනිමින් ක්‍රමයෙන් විද්‍යාව හා බටහිර දැනුම ප්‍රශ්න කරන්නක් බවට වර්ධනය වී ය. මාක්ස්වාදය හා විද්‍යාව සම්බන්ධයෙන් කෙරුණු මේ න්‍යායාත්මක ප්‍රශ්න කිරීමේ ජාතික චින්තන සංවාදයේ දාර්ශනික පදනම සැකසීමෙහි ලා මූලික විය. 
Rs 1,090.00
The Jhanas
The Pali word jhana literally means “to meditate.” It also refers to a traditional series of states of absorption, each deeper than the last, in which the mind is undistracted by sensation, thoughts, or moods. Shaila Catherine’s friendly, wise approach, blended with contemporary examples and pragmatic "how to" instructions that anyone can try, will show meditators (and non-meditators) how to attain these extraordinary states with relative ease.
Rs 6,500.00
Mindfulness in Plain English
Author Bhante Gunaratana, a renowned meditation master, takes us step by step through the myths, realities, and benefits of meditation and the practice of mindfulness. The book showcases Bhante G’s trademark clarity and wit, as he explores the tool of meditation, what it does, and how to make it work.
Rs 5,300.00
Beyond Mindfulness In Plain English
Countless people worldwide have made Mindfulness in Plain English a beloved and bestselling classic in almost a dozen languages. Now after nearly two decades, Bhante helps meditators of every stripe take their mindfulness practice to the next level—helping them go, in a word, beyond mindfulness. In the same warm, clear, and friendly voice, Bhante introduces the reader to what have been known for centuries as the “jhanas”—deeply calm, joyous, and powerful states of meditation that, when explored with the clearly presented tools in this book, can lead to a life of insight and unshakeable peace.
Rs 5,000.00
Out-of-Stock
Karathota Watha Ha Morathota Watha
Out-of-Stock
කරතොට වත අප්‍රකට තොරතුරු ඇතුළත් ඉතිහාස ග්‍රන්ථයක් වන අතර එකල දකුණු පළාතේ සැගවුණු ඉතිහාසය, රජමහ විහාර, මහා තෙරවරු, පඩිවරු ආදී අප්‍රමාණ තොරතුරු මෙහි කෙටියෙන් විස්තර කර ඇති අතර එසේම මොරතොට ධම්මක්ඛන්ධ හිමියන්ගේ ගුණ වැනුම් වශයෙන් කළ කවි 116 ක් ද ඇතුළත් ග්‍රන්ථයකි.
Waidhya Chinthamani Bhaishdhya Sangrahaya
රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල ස්ථවිරයන් වහන්සේ විසින් රචිත 'වෛද්‍ය චින්තාමණි' නම් මෙම වෛද්‍ය චින්තාමණියෙන් ලංකාවාසී ජනතාවගේ ආරෝග්‍ය වර්ධනය සදහා චින්තාමණියකින් සේම මහගු සේවයක් සිදුවන අතර ප්‍රත්‍යක්ෂ ඵලදායි හස්තසාර අයුර්වේදීය ඖෂධ යෝග හා එයට උපාංග වශයෙන් නැකැත්-මන්ත්‍ර-යන්ත්‍ර-සත්‍ය ක්‍රියා (කෙම්) උපයෝගී කොට රචනා කර තිබෙන මෙම මහා වෛද්‍ය ග්‍රන්ථ රත්නය සකල වෛද්‍ය ග්‍රන්ථයන්ගේ ශිඛා මාණික්‍යයක් වනු නොඅනු මානය. 
Rs 475.00
Out-of-Stock
Andara Madala
Out-of-Stock
ගුණසේකර අධිකාරී මහතා විසින් රචනා කළ ''අන්දර මඩල'' නම් සිංහල ජනකතා කෘතිය අපේ අතීත පරැන්නාගේ රස මනස වත්මන් පරපුරටද තිළිණ කරන්නකි. අතීතයේ සිදු වූ රසබර කතා මනරම්ව අකුරු කර වත්මන් පරපුරේ රස මනස පුබුදුවා ලන්නට ලේඛකයා ගෙන ඇති මෙහෙය ඉතා වටිනා අතර ගුණසේකර අධිකාරී මහතාගේ රසබර ලේඛන කලාව අන්දර මඩල තුළින් මනාව ප්‍රකට වේ.
Bauddha sahithye ena mara sankalpaya
සමස්ත බෞද්ධයිනට සුසංවේදී මෙවන් සංකල්පයක් සම්බන්ධයෙන් ප්‍රාමාණික පර්යේෂණ විරල වූ යුගයක ආචාර්ය කේ.ඒ වීරසේන මහතා විසින් ''බෞද්ධ සාහිත්‍යයේ එන මාර සංකල්පය'' නමැති මෙම පර්යේෂණ කෘතිය තුළින් සිදුකොට ඇත්තේ ධර්ම-ශාස්ත්‍ර පිපාසිත සැමගේ මනදොළ සපීරීමකි. 
Rs 250.00
Out-of-Stock
SHRIYA GAHANIYA HA KANTHA
Out-of-Stock
ස්ත්‍රිය යන යෙදුම, කාන්තාව හා ගැහැනිය හැදින්වීමට පොදුවේ යෙදුණද එම වදන් වෙන් වෙන් වශයෙන් ගත්විට ගුණාත්මක අගයෙන් වෙනස් අරුත් ගනී. ජනකවි හා ජනශ්‍රැති තුළින් අප දකින ස්ත්‍රියට වඩා පෙරදිග බමුණු පඩිවරුන් විග්‍රහ කරන ස්ත්‍රිය මුළුමනින්ම වෙනස් තැනැත්තියකි. බමුණු පඩිවරුන් ස්ත්‍රිය අවිනීත, අශෝභන, දුෂ්ට තැනැත්තියක ලෙස දුටුවද බෞද්ධ සාහිත්‍යයෙහි බොහෝ තැන්හි ස්ත්‍රිය විශිෂ්ට කාන්තාවක ලෙස විස්තර කර ඇත. ස්ත්‍රිය පිළිබද ජනකවි, ජනශ්‍රැති, පැරණි සාහිත්‍ය ග්‍රන්ථ, බෞද්ධ සාහිත්‍ය කෘති හා ඉතිහාස ග්‍රන්ථ ඇසුරෙන් සිදුකරන ලද විමසුමකි .