Best sellers

-10%Out-of-Stock
Witharkhawala yatha Sobhawaya
Out-of-Stock
විතර්ක වල යථා ස්වභාවය සහ අකුසල් සහගත විතර්කයන්ගෙන් මිදීමේ සදහම් මග -  අකුසල සහගත විතර්ක ක‍්‍රියාවලිය නිසා මිනිස් සිත තුළ හටගන්නා පීඩාවෙහි ස්වභාවයත්, එම විතර්ක ක‍්‍රියාවලිය මනාලෙස හසුරුවා ගැනීම මගින් පුද්ගලයෙකුට මානසික වශයෙන් බිහිවන සියලූ දුක් පීඩාවලින් මිදී මානසික සහනය සහ ශාන්තිය උදාකර ගත හැකි ආකාරයත් පැහැදිලිව දක්වා තිබේ. 
Rs 72.00
Rs 80.00
-10%
The Life Of Nyanatiloka Thera
Ven. Nyanatiloka was one of the pioneers of Buddhism in the modern world and the first European Buddhist monk. As the world’s senior Western bhikkhu, ordained in 1903, Nyanatiloka attracted many disciples, through whose work his influence continues to be felt today, more than fifty years after his death. Nyanatiloka was also a renowned scholar and translator of Pali scriptures. His classic The Word of the Buddha, written more than a century ago, is still widely read.

Rs 360.00
Rs 400.00
-20%
Shunyathawadaye Darshanaya Ha Charanaya
ශුන්‍යතාවදයෙහි දර්ශනය හා චරණය - මහායාන දර්ශනවාදී නාගාර්ජුන පාදයන්ගේ මූල මධ්‍යම කාරිකා නම් ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි. මහාචාර්ය අසංග තිලකරත්න මහතාගේ සාර්ථක පරිවර්ථනයකි. දාර්ශනික ග්‍රන්ථයක සිංහල විවරණය නාගාර්ජුනගේ දර්ශනය පිළිබදව තිලකරත්නගේ අදහස් ද මෙහි සාකච්ඡා කර තිබේ.
Rs 708.00
Rs 885.00
-20%
Anagatha Wanshaya Hewath Methe Budu Siritha
අනාගතවංශය හෙවත් මෙතේ බුදුසිරිත - මෛත්‍රිය බුදුන්වහන්සේ පිළිබඳ කතා පුවත ඉදිරිපත් කිරීම මුඛ්‍ය පරමාර්ථය කර ගත් කතුවරයාණන් වහන්සේ සිංහල අනාගත වංශය පාළි භාෂාවෙන් ලියැවුණු අනාගත වංස හා සමන්තභද්‍රිකා යන අටුවා ග්‍රන්ථ මූලාශ්‍ර කරගෙන ලියැවුණකි.
Rs 440.00
Rs 550.00
-20%
Thus we Heard: Recollections of the life of the Buddha
Thus we Heard: Recollections of the life of the Buddha - A peculiar biography of the Buddha – a treatise That takes a novel and unique approach in describing the life of the Buddha. Bhante Walpola Piyananda and Stephen Long have made an indelible impression in the field of religious literature by the presentation of this breath – taking narrative of the Buddha’s life.
Rs 920.40
Rs 1,150.50
-20%
Sinhala Kuddaka Nikaya - 6
සිංහල ඛුද්දක නිකාය 6 - බුද්ධ ජයන්ති ත්‍රිපිටක පෙළ පරිවර්තනය සාමාන්‍ය ජනයාගේ ව්‍යවහාරික භාෂාවෙන් වෙනස් වූ සකු මගධ භාෂාවන්ගෙන් තත්සම වූ සිංහල භාෂාවෙන් සුදු කරන ලද්දක් බැවින් ඇසිල්ලෙහි කියවා තේරුම්ගත හැක්කක් නොවේ යන මතය කලෙක පටන් ම ඇසෙන මැසිවිල්ලකි. පාඨකයාගේ මෙම අපහසුව මගහැර අවබෝධයට අවස්ථාව ලබා දීමට මෙන් ම දහම කියවීමට යොමු කිරීමක් වශයෙන් ද සිංහල සූත්‍ර පරිවර්තන සරල සංග්‍රහය එළි දැක්විය. පාඨකයා හට මෙම ග්‍රන්ථ පෙළ වඩා පහසුවක් මෙන් ම හොඳ අවබෝධයක් ද එක් කරනු ඇත.    
Rs 840.16
Rs 1,050.20
-20%
Wichithra Deshana
විචිත්‍ර දේශනා - බුදු බව ප්‍රාර්ථනා කළ අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පැරිසියේදී පැවැත්වූ ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා සංග්‍රහ කොට මේ අනර්ඝ ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
Rs 472.00
Rs 590.00
-20%
Man Bhuridaththa Therunge Charithapadanaya
අති උත්තම ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන්ගේ ආධ්‍යාත්මික චරිතාපදානය - අතිපූජ්‍ය ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන් වහන්සේ සමකාලීන තායි බුද්ධාගම තුළ මහාපුරුෂයකු ලෙස නැගී සිටිති. පැවිදි ජීවන මාර්ගය ප‍්‍රගුණ කිරීමේදී හා ශිෂ්‍යයන්ට ධර්මය ඉගැන්වීමේදී පෙන්වූ එඩිතර බව හා අධිෂ්ඨානශීලී බව නිසා උන්වහන්සේ තම ජීවිත කාලය තුළදීම අපරිමිත සම්භාවනාවට සහ ගෞරවයට පාත‍්‍ර වූහ. අපවත් වී ගෙවී ගිය පනස් වසර තුළදී බෞද්ධ ජනතාව අතර  උන්වහන්සේට ලැබී ඇති පූජනීය තත්ත්‍වය බුදුරජාණන් වහන්සේ සත්‍යය සොයා ගිය මගට සමාන්තර බවට පත්වෙමින් තවමත් ජීවමානව පවතී.  මෑත දශක තුළදී තම නිජබිමේ සීමා ඉක්මවා ගිය පිළිගැන්මක් උන්වහන්සේට ලැබුණේ 20 වැනි සියවසේ සම්භාවනීය මහා ධාර්මික පුද්ගලයකු වශයෙනි.
Rs 920.00
Rs 1,150.00
Samanthapasadika Winaya Atta Katha - 2
සමන්තපාසාදිකා විනයට්ඨකථා - 2 - ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Rs 1,870.00
-10%
Jeevathveme Arthaya Kumakda?
ජීවත්වීමේ අර්ථය කුමක්ද? - අජාන් බ්‍රහ්මවංසෝ මහ‌තෙරුන් වහන්සේ How to keep giving without reward මැයෙන් පැවැත් වූ දේශනයේ සිංහල පරිවර්තනය මෙම ග්‍රන්ථයේ සඳහන් වේ. 
Rs 135.00
Rs 150.00
-10%
Dhammapadaya Ha Buaddha Purushartha
ධම්මපදය හා බෞද්ධ පුරුෂාර්ථ - ධම්මපදය හා බෞද්ධ පුරුෂාර්ථ නම් ග්‍රන්ථය උසස් උපාධියක් සඳහා කරන ලද පර්යේෂණයකි. එය මුද්‍රිත ග්‍රන්ථයක් වශයෙන් නිකුත් කිරීම වැඩි දෙනෙකුට ප්‍රයෝජනවත් වේයැයි යන හැඟීමෙන් දියපත්තුවේ රේවත හිමි විසින් ප්‍රකාශය‌ට පත් කොට ඇත.
Rs 180.00
Rs 200.00
-10%
Bharatha Yogin Saha Isiwarain Samaga 01
භාරත යෝගීන් සහ ඉසිවරයින් සමග - 1 - මෙය කීර්තිමත් බ්‍රිතාන්‍ය ගවේෂක, ලේඛක පොල් බ‍්‍රන්ටන් විසින් ඉකුත් ශත වර්ෂයේ දෙවැනි දශකයේ ඉන්දියාව පුරා සංචාරය කොට පූජණීයත්වය නිසාම රහස්‍යවූ ඉන්දියානු අව්‍යාජ යෝගීන්ගේ හා ඉසිවරයින්ගේ ගුප්ත ජීවිත තුළට කිමිද ගොස් රචිත A Search In secret India නමැති මාහැගි කෘතියේ අසංක්‍ෂිප්ත පරිවර්තනයේ ප‍්‍රථම භාගයයි.
Rs 765.00
Rs 850.00
Out-of-Stock
Sanskrutha Patamala 4
Out-of-Stock
සංස්කෘත පාඨමාලා 04 - මෙම ගද්‍ය, පද්‍ය සංග‍්‍රහය සංස්කෘත හදාරණ නවකයන්, ආධුනිකයන් වෙනුවෙන් සම්පාදිතය. 
-10%
Pali Namakyathapadamala
පාළි නාමාඛ්‍යාතපදමාලා, පාළි නාමාඛ්‍යාත වරනැගිල - පාලි භාෂාව ඉගෙන ගන්නවුන් විසින් නාම වරනැගිලිත්, ආඛ්‍යාත වරනැගිලිත් මූලිකව හැදෑරීම සදහා සකසන ලද්දකි.
Rs 171.00
Rs 190.00
-10%
Pali Rachana 1
පාලි රචනා 1 - පාලි භාෂාව ආධුනිකයන්ට පහසුවෙන් තේරුම් ගැනීමට හැකිවන පරිද්දෙන් සරල කෙටි වැකි, පුංචි කතන්දර හා පිංතූර මාර්ගයෙන් සැකසූ මෙම කෘතිය පාඨශාලා වල හා පිරිවෙන් වල මුල්ම පොත වශයෙන් භාවිතා කළ හැකිය. 
Rs 450.00
Rs 500.00
-10%
Palipatamanjari (Devana Bagaya)
පාළිපාඨමංජරී (ද්විතීය භාග) - පාලි භාෂාව ඉගෙනීමේ ආරම්භක අවස්ථාවේ සිටින සිසුන් වෙනුවෙන් මෙම කෘතිය සැකසී තිබේ. ප‍්‍රථම භාගය පරිශීලනය අවසන් කිරීමෙන් පසු මෙය භාවිතයට ගැනීම වඩාත් වැදගත් වෙයි. පාලි භාෂාව සහ ව්‍යාකරණ ඉගෙනීමට සුදුසු පසුතලය ආරම්භ කිරීම පිණිස මෙම පොත ප‍්‍රයෝජනයට ගත හැක. පොත අවසානයේ සිංහල - පාලි පරිවර්තනයට සුදුසු ශබ්ද කෝෂයකින් ද පරිපූර්ණව ඇත. 
Rs 522.00
Rs 580.00
-10%
Bauddha Arthika Darshanaya
බෞද්ධ ආර්ථික දර්ශනය - ආර්ථීක ප‍්‍රශ්න උග‍්‍රව ඇති මෙවැනි සමයක ඒ පිළිබද බෞද්ධ මතය පැහැදිලි කරන මෙම ග‍්‍රන්ථය අගනා කාලීන මෙහෙයක් ඉටු කරනු ලබයි.
Rs 198.00
Rs 220.00
-10%
Sidhartha Gauthama Buddha Charithaya
සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය -   ස්දධාර්ථ ගෞතමයන් වහන්සේගේ පහළ වීම, උන්වහන්සේගේ ජීවන චරිතය හා බුද්ධත්වයට පත්වීම ඇතුළු සියලූ තොරතුරු අඩංගු මෙම බුද්ධ චරිතය, පෙහෙවස් සමාදන් වූ අයට කියවීමට අත්ශයින් සුදුසු අගනා පුස්තකයකි. බුදුන් වහන්සේ සහ බුද්ධ ධර්මය පිළිබඳ වටිනා තොරතුරු රාශියක් විස්තර කරන මෙම ග‍්‍රන්ථය දඹදිව වන්දනා කිරීමට යන අයට වැදගත් ය. දඹදිව වැදගත් සියලූම සිද්ධස්ථාන පිළිබඳ සම්පූර්ණ විස්තර ඇතුළත් වේ. 
Rs 1,080.00
Rs 1,200.00
-10%
Bodhi Poojawa
වර්තමානයේ දී බෝධි පූජාවන් පැවැත්වීමට බෞද්ධ සමාජය තුළ ප්‍රධාන තැනක් හිමිව ඇත. එහෙත් නිවැරදිව අවබෝධයෙන් යුක්තව පවත්වන බෝධි පූජාවන් ඉතා අල්පය. මේ ග්‍රන්ථය තුළින් නිවැරදි බෝධි පූජාව පවත්වන්නේ කෙසේද යන්න පිළිබඳවත් බෝධි පූජාව යන්නෙහි නිවැරදි අවබෝධයක් ලබා ගැනුම කළ හැකිය. බෝධි පූජා පැවත්වීම තුළින් ලැබෙන ආනිසංස පිළිබඳව අට්ඨ කථාවන් හි දැක්වෙන කථාවන් ද මෙහි දක්වා ඇති බැවින් අවබෝධයෙන් යුතුව බෝධි පූජාවන් පවත්වන සැදැහෙවතුන්ට මෙය මහෝපකාරී වෙයි.
Rs 243.00
Rs 270.00
-10%
Sithata Badha Karana Panchaneewarana saha ewa jayaganna hati
සිතට බාධා කරන පඤ්චනීවරණ සහ ඒවා ජයගන්නා හැටි පිළිබද පාලි ත‍්‍රිපිටකයෙන් සහ අටුවා කථාවන්ගෙන් උපුටාගත් කොටස් සහ ඒ ගැන අර්ථ විවරණයන්ගෙන් සැදුම්ලත් කෘතියකි. 
Rs 144.00
Rs 160.00
-20%Out-of-Stock
Bhawanavata Sarala Magak
Out-of-Stock
භාවනාවට සරල මඟක් - ඒකාකාරී ජීවන රටාවක් තුල මානසික සහනයට අවශ්‍ය භාවනාව පිළිබඳ ඉතා සරල පැහැදිලි කරුණු ඉදිරපත් කොට රචනා කරන ලද වටිනා පොත් පිංචකි..
Rs 56.00
Rs 70.00