Best sellers

Sinasena Sudu Hamuduruwo - 02
සිනාසෙන සුදු හාමුදුරුවෝ 02 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. Dealing with difficult people.
2. Winning and losing.
3. Gossip.
4. Jealousy.
Rs 490.00
Sinasena Sudu Hamuduruwo - 01
 සිනාසෙන සුදු හාමුදුරුවෝ 01 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. භික්ෂුවක හෝ භික්ෂුණියක ලෙස ජීවත්වීම.
2. අර්ථයක් ඇතිව ජීවත්වීමට ජිවිතයේ අර්ථය සොයාගැනීම.
3. අත්හැර දැමීමේ මාර්ග හතර.
4. මැසිවිලි එපා.
Rs 490.00
Out-of-Stock
Punaruthpaththiya Pilibanda Yuropiya Wishwasa
Out-of-Stock
පුනරුප්පත්තිය පිළිබඳ යුරෝපීය විශ්වාස - පුනුරුප්පත්තිය, පුනර්භවය හා නැවත ඉපදීම යනාදී සිංහල යෙදුම් සඳහා යොදා ගන්නා Reincarnation යන ඉංග්‍රීසි වදනින් අර්ථවත් කරන සංසිද්ධිය පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණයක් කළ මහාචාර්ය ස්ටීවන්සන්ගේ European Cases of Reincarnation Type කෘතියෙහි සිංහල පරිවර්තනයයි. 
Out-of-Stock
Budusamayehi Ena Manokaya Saha Athmaya
Out-of-Stock
බුදු සමයෙහි එන මනෝකාය සහ ආත්මය - මනස යනු කුමක් ද? මනස, සිත (චිත්තය) විඤ්ඤාණය යන මේ කාරණාවලින් ඉදිරිපත් කරන්නේ කුමක් ද? වැනි මනස සම්බන්ධ කරුණු රාශියක් පිළිබඳ ව පුළුල් අවබෝධයක් ලබා ගැනීමට මඟ පෙන්වන කෘතියකි.
Maranin Mathu Duwana Sith
සත්‍ය සෙවීම, සහජ ඥාණය හා භාවිත සිත මරණින් මතු දුවන සිත්, බෞද්ධ මනෝ විද්‍යාව, ක්රමය හා පුනර්භවය, අවතාර අවලෝකණය, භවය ශක්තිය හා සිත යන මාතෘකා යටතේ ලියැවී ඇති ලිපි එකතුවකින් සැදුම්ලත් මනෝවිද්‍යාත්මක ග්‍රන්ථයකි. 
Rs 150.00
Karmaya Ha Punarbhavaya
බෞද්ධ දර්ශනයේ මූලිකාංගයක් වන කර්මය හා පුනර්භවය විෂය යටතේ වියත් ධර්මධර භික්ෂූන් වහන්සේ තුන්නමක් විසින් කරන ලද විග්‍රහයක් අන්තර්ගත අගනා ධර්ම ග්‍රන්ථයකි. 
Rs 150.00
Bhawa Karma Wikashaya
භව කර්ම විකාශය - මාර්ටින් වික්‍රමසිංහ මහත‌ා විසින් රචිත මෙම කෘතිය පෙර'පර දෙ දිග දර්ශන වාද - විශේෂ‌යෙන් අභිධර්මය පරිණාමවාදය හා විද්‍යාත්මක දර්ශනය ද විසින් හික්මුණු වික්‍රමසිංහයන්ගේ ස්වාධීන විමංසනාත්මක තැන්පත් නුවණ පිළිඹිබු කරන ග්‍රන්ථයක් වශයෙන් ද මෙහි අගය කැපී පෙනේ.
Rs 280.00
Maha Rahath Katha
Maha Rahath Katha - ‌මෙම ග්‍රන්ථයට ඇතුළත් කර ඇත්තේ ඛුද්දක නිකායට අයත් ථේරගාථාට්ඨ කතා වලින් තෝරාගත් කථා ය. ‌ථේරගාථාට්ඨ කථාවල ඒ ඒ තෙරවරුන්ගේ චරිත වර්ණනා කෙරේ. උන් වහන්‌සේලා භවයක් පාසා මුහුණ දුන් කටුක අමිහිරි සිදුවීම් ද, සුන්දර මිහිරි සිදුවීම් ද, පරිසර වර්ණනා ද මෙහි දී පැහැදිලි කෙරේ.
Rs 275.00
Budu Dahame Haraya
මෙම ග‍්‍රන්ථයෙන් ගතවූ වසර දෙදහස් පන්සිය තිස්සේ බුදුදහම පිළිබද නැගුණු ප‍්‍රශ්න සියල්ලට ම පාහේ ආමන්ත‍්‍රණය කර තිබේ. මෙය සාමාන්‍ය පාඨකයාට බුදුදහම ගැන නිවැරදි හැදින්වීමක් සපයන අතර, බුදුදහම ගැඹුරින් හදාරණ උගතුනට ඒ සදහා අවශ්‍ය ප‍්‍රවේශ මාර්ගයක් ද වනු ඇත.
Rs 400.00
Supasan Jeevithaya
බුදුසරණ පුවත්පතෙහි පළ වූ සුපසන් ජීවිතය නැමති ලිපි මාලාවෙහි එකතුවකින් සම්පාදනය කරන ලද වටිනා සදහම් ග‍්‍රන්ථයකි. 
Rs 275.00
Niwan Maga Abhiyasa
වනවාසී සේනාපති විමලරත්න හිමියන් විසින් දේශනා කරන ලද, ඉරිදා ලංකාදීප පුවත්පතෙහි පළවූ නිර්වාණාවබෝධයට මග නමැති ලිපි මාලාවකින් සැදුම්ලත් වටිනා ධර්ම ග්‍රන්ථයකි. 
Rs 195.00
Out-of-Stock
Sudu Wala Yata Eda wadi Maga (I Kotasa)
Out-of-Stock
මෙය තිච් ඤතාන් යතිවරයාණන් විසින් ථේරවාද මහායාන හා තිබ්බත ත‍්‍රිපිටක ග‍්‍රන්ථ පරිශීලනයෙන් ප‍්‍රතිනිර්මාණය කරන ලද බුදු සිරිතෙහි සිදුහත් චරිතයේ ළමාවිය, තාරුණ්‍ය හා උතුම් සත්‍යාවබෝධය ලැබීම පිළිබද කථා  පුවතයි. මෙය Old Path White Clouds නමැති කෘතියෙහි සිංහල පරිවර්තනයේ ප‍්‍රථම භාගයයි. 
Deshana Prathiharya Pa Bhavana Hamuduruvo
භාවනා හාමුදුරුවන් ලෙස ප්‍රකට ගරු වලානේ අමතගවේශී හිමියන්ගේ උතුම් චරිත කතාව මේ සැකෙවින් රචිතය..
Rs 40.00
Out-of-Stock
Brahmayeku Se Divi Gevannata
Out-of-Stock
සතර බ්‍රහ්ම විහරණ හෙවත් මෙත්තාව, කරුණාව, මුදිතාව, උපේක්ෂාව ආධ්‍යාත්මීයව සහ බාහිරව පුරුදු පුහුණු කිරීම ඉතා යහපත් මානසික ගුණයක් බැව් බුදු දහම පෙන්වා දෙයි. එහෙයින් බ්‍රහ්ම විහාර භාවනාව නිසි අයුරින් වැඩීමට අවශ්‍ය කරන විග්‍රහයන් මෙමගින් ඉදිරිපත් කරනු ලබයි..
Out-of-Stock
Rupa Arupa
Out-of-Stock
රුපය ඇසට දර්ශනය වන්නේ කිසියම් ද්‍රව්‍යයක හැඩය සහ වර්ණය එකට ගොනු වීමෙන් ය. බුදු දහමේ ඉගැන්වෙන ලෝක පිළිබඳ සාකච්ඡා කිරීමේදී රූප ලෝක සහ අරූප ලෝක යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙයි. මෙයින් සාකච්ඡා කරනු ලබන්නේ නාම රූප ධර්මයන් පිළිබඳවත්, රූපී බ්‍රහ්ම ලෝක සහ ද්වාර ආශ්‍රය කරගෙන ඇති වන රූප පිළිබඳවත්ය..
Bodhiya Labimata Nam
බෝධිය ලැබීමට නම්නි - වන හෙවත් අවබෝධය ලබාගැනීමට අවශ්‍ය දහම් කරුණු මෙහිදී සාකච්ඡා කෙරේ. සමථ විදර්ශනා භාවනා ගැනත්, සප්ත බොජ්ඣංග සහ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ කරුණුත් අවබෝධය සඳහා හේතු කරගන්නේ කෙසේද යන්න මෙහිදී සාකච්ඡාවට භාජනය කෙරේ.
Rs 735.00
Avabodhayata avashya guna Hatak
සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ එක් අංශයක් වන සප්ත බොජ්ඣංගයන්  විස්තර කෙරෙන මෙම ග්‍රන්ථයෙහි මාතෘකා තිහක් යටතේ කරුණු එකරැස් කර තිබේ. බොජ්ඣංගය වනාහි ගැඹුරු දහම් කොටසකි. ඒ දහම් කොටස් සියල්ලන්ට වැටහෙන සේ විග්‍රහ කිරීමට කතුවරයා උත්සහ දරා ඇත.
Rs 585.00
Sitha Niwana Maga
සිත නිවන මග - විසුද්ධිය යනු සුපිරිසිදු බවයි. නිවන සදහා ගමන් කළ යුතු සුපිරිසිදු මාර්ගය පෙන්වන බැවින් එය විසුද්ධි මාර්ගය නම් වෙයි. නිවන් දැකීමට කැමති සත්පුරුෂයන් යා යුතු මාර්ගය එහි විස්තර වෙයි. එය පැවිදි අය උදෙසා ලියුවද, ගිහි අයට ද ගත හැකි උපදෙස් බොහෝය. මෙම ග‍්‍රන්ථයෙන් සාමාන්‍ය බෞද්ධයන්ගේ ධර්මඥානයට ලැබෙන පිහිට ද අතිමහත්ය
Rs 280.00
Out-of-Stock
Budu Dahame Adhyathmaya (Patichcha Samuppadaya)
Out-of-Stock
බෝසතාණන් වහන්සේ අනාදිමත් කාලයක් තිස්සේ සෙවූ දුක් හේතුවත් එය නැති කරගන්නා හැටිත් පටිච්ච සමුප්පාද ධර්මයෙහි ඇතුළත් වේ. දුක හටගැනීමත් දුක නැති කිරීමත් පිළිබද නිවැරදි අවබෝධය සදහා අවශ්‍ය කරුණු පටිච්ච සමුප්පාදය නමැති කෘතියෙන් මැනවින් විග‍්‍රහ කෙරේ.
Out-of-Stock
Sankhara
Out-of-Stock
ස්කන්‍ධ පඤ්චකයෙහි සඳහන් සංඛාර යන්නෙන් ක‍්‍රියාකාරීත්වයේ අපූර්වත්වය මෙමගින් විස්තර විභාගකොට දක්වා ඇත. දැකීම්, ඇසීම් හා විඳීම් මගින් ඉන්‍ද්‍රිය බද්ධව චිත්ත චෛතසික ධර්මයන් හරහා සංස්කාර උපදනා අයුරුත් ඒවා අනෙකුත් සංස්කාර ධර්මයන් හා ප‍්‍රතිබද්ධ වන ආකාරයත් විස්තර කරන මෙහි සංඛාර විමුක්තියට අවැසි මාර්ගයද ප‍්‍රකාශිතය. 
Out-of-Stock
Laukika Arya Ashtangika Margaya
Out-of-Stock
බෞද්ධයන්ට හුරු පුරුදු දහම් කොට්ඨාශයක් වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය, හතර වන සත්‍ය වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයෙහි අඩංගු වෙයි. බුද දහමෙහි හරයට සම්බන්ද වූ මෙම න්‍යාය සුවිශේෂී බවත්, ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ව්‍යුහය කෙසේද යන්න මෙහිදී විග්‍රහ කරනු ලබයි..