-10%Out-of-Stock Thera Giye Kav Lakunu Out-of-Stock තෙර ගීයේ කව් ලකුණු Rs 225.00 Rs 250.00 Details View details
-10% Jathaka Vatha Gadhya Ha Padhya - 3 ජාතක වත ගද්‍ය හා පද්‍ය - 3 - ජාතක කතා වලින් කියවෙන විවිධ තේමා අතරින් වැදගත්ම තේමාවක් පදනම් කොටගෙන නව්‍ය රීතියකට මෙම කෘතිය රචනා කර තිබීම විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැක. Rs 144.00 Rs 160.00 Add to cart Buy
-10% Jathaka Padi Mini ජාතක පැදි මිණි - මෙම කාව්‍ය සංග්‍රහය ගෙන ඇත්තේ ජාතක කථා 26 ක් ම කියවා එහි කථා සැලකිල්ලට ගෙන ඕනෑම වියේ පසුවන පාඨකයකුගේ රසඥතාව පිබිඳවීමට හැකි අයුරින් පොදු ජනතාවගේ සිතුම් පැතුම් දුක් දොම්නස් ආදියෙන් ඔප වැටුනු සරල බසින් රචනා කර ඇත. Rs 360.00 Rs 400.00 Add to cart Buy
-10%Out-of-Stock Ahinsa Out-of-Stock අහිංසා - රඝු වීරා නම් ඉන්දියානු ලේඛකයා විසින් අහිංසාව මාතෘකා කොට ගනිමින් සංග්‍රහ කරන ලද 'අහිංසා' නම් වූ කාව්‍ය සංග්‍රහය සත්ත්ව ඝාතනය පිළිකුලෙන් හෙළා දකින විශිෂ්ට නිර්මාණ සංග්‍රහයකි. අපි ශිෂ්ට සම්පන්න ජාතියකැයි කියා ගනිමු. එහෙත් ඒ ශිෂ්ට සම්පන්න ජාතියේ අපි තවමත් සතුන් මරා ගිජු ලෙස අනුභව කරමු. මෙම කෘතිය කියවා බලන ඕනෑම කෙනෙකුට මස් කෑම හා සතුන් මැරීම මොනතරම් පහත් ක්‍රියාවක්දැයි වැටහෙනු ඇත. Rs 180.00 Rs 200.00 Details View details
-10% Kavikaramaduva කවිකාරමඩුව - රාජරාජමහාමාත්‍යාදීන්ගේ ඉසුරුමත් ජීවිත කාව්‍ය රසයෙන් සන්තර්පණය කළ හෝ දළදාවහන්සේ අරබයා වූ පුදපූජා විදීන් විභූෂණය කළ හෝ කාව්‍යක්කාර කණ්ඩායමක ස්වරූපයෙන් ක්‍රියාත්මක වූවකි. Rs 450.00 Rs 500.00 Add to cart Buy
-10%Out-of-Stock Nibbutha Pada Out-of-Stock නිබ්බුත පද - නිබ්බුත පද කියැවීමෙන් සහෘදයන් මහත් ආස්වාදයක් ලබනු මෙන්ම නව දෘෂ්ටියකින් ජීවිතය නිරීක්ෂණය කරනු ඇතැයි ද අපේක්ෂා කළ හැකිය. මහත් අභිරුචියෙන් කියවා රස විඳිය හැකි මෙම කාව්‍ය සමුච්චයකි. Rs 315.00 Rs 350.00 Details View details
-10% Sith Meth Suva සිත් මෙත් සුව - මෙහිදී වර්තමාන මිනිස් ජීවිත තුළින් අල්ප වශයෙන් ඉස්මතු වන ආධ්‍යාත්මික ගුණයන් මතු කර පෙන්වා දී ඇත්තේ ඔබව ද එමගට යොමු කිරීමේ පවිත්‍ර වූ චේතනාවෙනි. ඒ අනුව තවත් අයකුගේ ජීවිතයක් තුළට එබී බලමින්, එම ජීවිත අත්දැකීම ඔබගේ දිවි මගෙහි සාර්ථකත්වය සඳහා යොදා ගැනීමේ හැකියාවක් තිබේ දැයි මෙහිදී ඔබටම නිගමනය කළ හැකි වනු ඇත. එහෙත් එය මහත් ආයාසයකින් මෙත් සිත් පෙර දැරිව සිදු කළ යුතු ක්‍රියාවක් වුවත්, ඉන් ලැබෙන මානසික සුවය නම් අමිලය. ඒ අනුව පවතින සමාජ ක්‍රමයෙන් මඳකට ඈත්ව, මානව සමාජය තුළ ජීවත් වන මිනිසා, මිනිසාටම එරෙහිව නැගී සිටීමේ පටු චේතනාවන්ගෙන් ඈත් විය හැකි ක්‍රමයක් ඇතැයි සිතීමට මෙමගින් ඔබට අවකාශ සලසා දී ඇත. Rs 135.00 Rs 150.00 Add to cart Buy
-10% Kavya Pushkarani (Maha Hansa Jathakaya) කාව්‍ය පුෂ්කරණි (මහා හංස ජාතකය) - බෞද්ධ සාහිත්‍යයේ මුදුන් මල්කඩක් වූ පන්සිය පනස් ජාතකයේ මහා හංස ජාතක කථාව ඇසුරෙන් ප්‍රබන්ධ කරන ලද මෙම කාව්‍ය මටසිලිටි බසින් චිරාගත සම්ප්‍රදාය අනුගමනය කර ප්‍රතිභා ශක්තියෙන් යුතුව තමාට ආවේනික වූ ශෛලියකින් නිර්මාණය කර ඇත. Rs 99.00 Rs 110.00 Add to cart Buy
-10% Bhakthi Geetha භක්ති ගීත - මේ පාළි ගීත ගෙතුණේ, භක්තිය නිසාය. විනෝදය සඳහාය. භක්තිය නිසාම පුද්ගලයකු හැදෙන තරමත්, පුද්ගලයකුගෙන් සිද්ද විය හැකි හොඳ වැඩවල තරමත්, අත් දැකපු භික්ෂුවක් වශයෙන් භක්තිය නැති අය තුළ ඇතිවීමත්, ඇති අය තුළ තව තව වැඩි දියුණු වීමත්, පතමින් හිතවතුන්ගේ ඉල්ලීම නිසා මෙය භක්ති ගීත පොතක් බවට හැරවිනි. Rs 247.50 Rs 275.00 Add to cart Buy
-10% Angeerasa Rasodanaya අංගීරස රසෝදානය - බුද්ධ චරිතය ආශ්‍රයෙන් රචනා කරන ලද කාව්‍යමය උදානයකි. Rs 45.00 Rs 50.00 Add to cart Buy
-10% Aththudave Siri Rahula Pabanda අත්තුඩාවේ සිරි රාහුල පබඳ - රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති සාහිත්‍ය සූරී අත්තුඩාවේ සිරි රාහුල මහ නාහිමියන් වහන්සේ විසින් වරින් වර ලියා පළ කරන ලද කුඩා කවිපොත් පහක එකතුවකි. Rs 405.00 Rs 450.00 Add to cart Buy
-10%Out-of-Stock Ekathu Kala Kavi - 1 Out-of-Stock එකතු කළ කවි - 1 - අල්විස් පෙරේරාගේ විපුල වූත් මහරු වූත් කවි මහිමය, විශ්මයාවහ වෙයි. සිංහල කවිය කෙරෙහි ඔහුගේ කැපවීමත්, ඒ පිළිබඳ ඔහු තුළ වූ ඉමහත් සාදර භක්තියත් විශිෂ්ට වූයේය. දශක තුනකට මඳක් වැඩි කෙටි කාලපරිච්ඡේදයක් තුළ ඔහුට පසළොස් දහසක් ඉක්මවන තරම් වූ විශාල කවි සංඛ්‍යාවක් ලියන්නට හැකිවීමෙන් පෙනී යන්නේ, ඉඥල කවිය පිළිබඳ ඔහුගේ ඉමහත් කැපවීමය. Rs 1,350.00 Rs 1,500.00 Details View details
-10%Out-of-Stock Lakunusara Wisithura Out-of-Stock ලකුණුසර විසිතුර - හෙවත් ලක්ෂණ සාරය නම් වූ විචිත්‍ර ග්‍රන්ථය ප්‍රමාණයෙන් කුඩා වුවත් සියවස් ගණනක සිට මෙරට වියත් හෙළ කිවියන් අතර භාවිත වන්නකි. මෙය ඡන්දස් කාව්‍යාලංකාරාදිය පිළිබඳ වූවක් නොව ඉෂ්ට කාව්‍ය බන්ධනය පිළිබඳව ලක්ෂණ හඳුන්වාලීමට ලියන ලද්දකි. Rs 270.00 Rs 300.00 Details View details
-10% Bauddha Geetha Mangjaree බෞද්ධ ගීත මඤ්ජරී - නම් වූ මෙම ගීත එකතුව 2550 සම්බුද්ධත්ව ජයන්තිය සමරමින් ඔබ අතට පිරිනමනු ලබන්නේ ඉමහත් සතුටකිනි. අපරිමිත භක්තියෙන් හා ශ්‍රද්ධාවෙනි. බුදු ගුණයෙන් ජීවය ලබා බොදු බැතියෙන් සම්භවය ලබා නිර්මාණය වූ මෙම බෞද්ධ භක්ති ගීත සංග්‍රහය සිංහල සාහිත්‍යය තුළ දිගු කලක් තිස්සේ පැවැති බලවත් අඩුපාඩුවක් සම්පූර්ණ වීමකැයි විශ්වාස කළ හැකිය. Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10% Piyek Pudana Siyak Geetha පියෙක් පුදන සියක් ගීත - නිර්මාණශීලී තරුණයකු වන ලලිත් ප්‍රියංකර විසින් සම්පාදනය කර ඇති මෙම ග්‍රන්ථය සිංහල ගීත සාහිත්‍යයේ ප්‍රබල අඩුවක් පිළිබඳ නවමු කතිකාවතක් ඇති කරවීමට පදනම සකස් කිරීමක් වැනි ක්‍රියාවලියකි. සාමන්‍යය රසිකයෙකුට විනා ගීත නිර්මාණ පිළිබඳ පර්‍යේෂණයක නිරතවන කෙනෙකුට පවා පිය ගුණ ගී සියයක් සොයා එකතු කිරීම යනු එතරම් පහසු වූ සුරම්‍ය කටයුත්තක් ලෙස සැලකිය හැකි නොවේ. එයට හේතුව එය එතරම්ම අපහසු නිසාය. Rs 225.00 Rs 250.00 Add to cart Buy
-10%Out-of-Stock Sanna Sahitha Gupthila Kavya Out-of-Stock සන්න සහිත ගුප්තිල කාව්‍යය - තොටගමුවේ රාහුල හිමියන්ගේ ශිෂ්‍ය හිමි නමක් වූ වෑත්තෑවේ හිමියන් විසින් රචනා කරන ලද ගුත්තිල මහා කාව්‍යය සඳහා ජාතක පොතේ 237 වැනි ජාතක කථාව වූ ගුත්තිල ජාතකය පාදක වී තිබේ. ගුත්තිල කාව්‍ය තුළ පද්‍ය 511ක් ඇතුලත් වී ඇති අතර වෑත්තෑවේ හිමියන් විසින් වායු ගණය මුල් කොට ගෙන රචනා කර ඇත. ජාතික කථා පුවත් පදනම් කොට ගෙන කෝට්ටේ සමයේ දී ලියැවී ඇති කාව්‍ය කෘති දෙකෙන් දෙ වැන්න ගුත්තිල කාව්‍යයයි. රචනා කර ඇති විරිත සමුද්‍ර ඝෝශ යයි. එනම් සමුදුරෙ රිද්මයටයි. කෝට්ටේ යුගයට අයත් මෙම කාව්‍ය සංග්‍රහය තුළින් බෝසතුන් 'ගුත්තිල' නම් වීණා වාදකයාව ඉපිද 'මූසිල' නම් තම ගෝලයා සමඟ වාද කළ අයුරු නිරුපණය කෙරේ. කතුවරයා මෙම කෘතියට විශේෂ නාමයක් ලබා දී නොමැති අතර, එම නිසා ජාතක පොතෙහි එන ගුත්තිල නාමය ම මේ සඳහා භාවිත වේ. වෑත්තෑවේ හිමියන්, තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන්ගේ ගෝලයෙකි. කාව්‍යාකරණයෙහි තම ගෝලයා තුල තිබු හැකියාව දුටු රාහුල හිමි ඒ කෙරෙහි තමා තුල පවතී අප්‍රසාදය පල කිරීමට තම අතවැසියෙකු විසින් වෑත්තෑවේ හිමියන්ට දිනපතා පලා කොළ 3 පංගුවක් බෙදන ලෙස උපදෙස් දුන්නේය. මෙසේ 'පල නො කියා පලා බෙදන' බව වටහා ගත් වෑත්තෑවේ හිමි පෙරලා ගමට වැඩි අතර, තම අකෘතඥයකු නොවන බව ගුරුතුමාට හැගවීම සදහා ගුත්තිල කාව්‍ය රචනා කරන ලදී. ලෙන් බැහැර ව ගිය වෑත්තෑවේ හිමියන් තමන් ගුරු ද්‍රෝහියකු නොවන බව පෙන්වීම පිණිස ගුත්තිල කාව්‍යය රචනා කළ බවත් පැවසේ. හය වැනි පරාක්‍රමබාහු රජ සමයේ (කෝට්ටේ යුගයේ) මෙය ලියැවුණු බවට සැලකෙන ගුත්තිල කාව්‍යය, සිංහල සාහිත්‍ය ඉතිහාසයේ සුවිශේෂී නිර්මාණයක් ලෙසින් ද සිංහල පද්‍ය සාහිත්‍ය පෝෂණය කළ උසස් රසවත් ග්‍රන්ථයක් ලෙසින් ද ඉමහත් ප්‍රසාදයට ලක් වී ඇත. තවද සංසාර නෞකා වූ සර්වඥයන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවසන සමයෙහි දේවදත්ත නම් ස්ථරවීරයන් වහන්සේ අරභයා මෙය දක්වන ලදි. Rs 234.00 Rs 260.00 Details View details
-10% Gangarohana Warnanava ගංගාරෝහණ වර්ණාව - ඉතා කලාතුරකින් දැක ගැනීමට අවස්ථාවක් ලැබිය හැකි ගංගා රෝහණ වර්ණනාව අපූර්ව පින්කම් වැනුමකි. ඉන් පින්සිත ද කවි සිත ද පිනවයි. සනහයි. බුදු දහමේ නව ප්‍රබෝධයක් ඇති ව විවිධ මාදිලියේ පුද පින්කම් පැවැත්වෙන මෙවන් ප්‍රබෝධයක් ඇතිව, විවිධ මාදිලියේ පුද පින්කම් පැවැත්වෙන මෙවන් වකවානුවක වී. ඩී. එස්. ගුණවර්ධනයන් සංස්කරණය කළ මෙම ගංගාරෝහණ වර්ණනාව සාමාන්‍ය පාඨක ජනතාවට මෙන් ම බෞද්ධ පාඨක පිරිසටද එකසේ වැදගත් කෘතියක් වනු නොඅනුමාන ය. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10%Out-of-Stock Wana Rajadahana Out-of-Stock වන රජදහන - විෂ්ණුශර්ම පාදයන්ගේ පංචතන්ත්‍රයේ සිංහල කාව්‍යානුවාදයකි. සරල පද්‍යයෙන් ඉදිරිපත් කර ඇති මෙම ග්‍රන්ථය සිංහල පාඨකයින්ට ඉතා වැදගත් වන ග්‍රන්ථයකි. Rs 585.00 Rs 650.00 Details View details
-10% Samayanthara Agam Thulanaya සමයාන්තර ආගම් තුලනය - අන්තර් ආගමික අධ්‍යාපනය වර්තමානයේ අත්‍යවශ්‍ය වන අතර ලාංකේය ඉතිහාසය තුළ එම අධ්‍යාපනය පැවතුනි. තුලනාත්මක ආගමික අධ්‍යයනය විවේක බුද්ධියක් නැති අයෙකුට කිසිසේත් කළ නොහැකිය. අන්තවාදී දැඩි මතධාරීන් ට මෙම කෘතිය තුළින් බුද්ධිමය පරිචයක් ඇති කර ගත හැකිය. Rs 441.00 Rs 490.00 Add to cart Buy
-10%Out-of-Stock Yanthra Rathnakaraya Out-of-Stock යන්ත්‍ර රත්නාකරය - මෙම කෘතිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යන්ත්‍ර නැමති රත්නවලින් පරිපූර්ණ රත්න ආකරයකි. ජීවිතය ප්‍රභාස්වර දිශානතියකට යොමු කරමින් සමෘද්ධිය, සෞභාග්‍යය උදාකර ගැනීමට පමණක් නොව, ග්‍රහ අපල, අමනුෂ්‍ය දෝෂ, ලෙඩ දුක් නිවන්ත්‍රණයට ඉවහල් වෙන අති ප්‍රබල යන්ත්‍රරත්න රාශියක් මෙම කෘතියේ අන්තර්ගතව ඇත. ඒ මතු ද නොවේ. පොදුවේ යන්ත්‍රකරණයේ දී පිළිපැදිය යුතු සිරිත් පිළිවෙත් ද, ඇතැම් යන්ත්‍ර සඳහා පුරාණාචාර්‍යවරු අනිවාර්‍ය කර ඇති වත්පිළිවෙත් ද, එක් එක් යන්ත්‍ර මඟින් ලැබිය හැකි ගුණ බල අන්තර්ගත ගුණ බල අන්තර්ගත ගුණ ප්‍රකාශ ද මෙහි ඇතුළත් ය. එබැවින් මෙම ග්‍රන්ථය යන්ත්‍ර කාරක, යන්ත්‍ර සාධක යන ඩෙහ්පාර්ශවයට ම ඉතාමත් ප්‍රයෝජනවත් සාරගර්භ මාහැඟි ශාස්ත්‍රීය කෘතියකි. Rs 3,150.00 Rs 3,500.00 Details View details