Books

New
Maga Phala Adath Labiya Haakida
බුදුරජාණන් වහන්සේ
"සුභද්‍රය, යම් ශාසනයක ආර්ය අෂ්ඨාංගික මාර්ගය නැත්තේ නම් එහි පළමුවන ශ්‍රමණයා ද නැත, දෙවන ශ්‍රමණයා ද නැත. තුන්වන ශ්‍රමණයා ද නැත. සතරවන ශ්‍රමණයා ද නැත. යම් ශාසනයක ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඇත්තේ නම් එහි පළමුවන ශ්‍රමණයා ද ඇත. දෙවන ශ්‍රමණයා ද ඇත. තුන්වන ශ්‍රමණයා ද ඇත. සතරවන ශ්‍රමණයා ද ඇත. සුභද්‍රය, මේ ශාසනයෙහි ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඇත්තේය. ඒ නිසා සුභද්‍රය පළමුවන ශ්‍රමණයා ඇත්තේ මෙහි ය. දෙවන, තෙවන, සිව්වන ශ්‍රමණයා ඇත්තේ මෙහි ය. සුභද්‍රය, අනිත් තැන් ශ්‍රමණයන්ගෙන් හිස් ය. "ඉමෙව සුභද්ද භික්ඛු සම්මා විහරෙය්‍යුං න සුඤ්ඤො ලෝකො අරහන්තෙහි අස්ස" සුභද්‍රය, මේ භික්‍ෂුන් මනාකොට වාසය කෙරෙන්නේ නම් ලෝකය රහතුන්ගෙන් හිස් නොවන්නේ ය.
Rs 300.00
New
Kriya vivaranaya
අලුත් ගතෙකි; අලුත් පිළිවෙළෙකි; අලුත් මතබෙහෙවි. මත අලුත් වුවද පෙරැ යෙදුම් මතැ නැගිණ. ඒ කෙසේ වුවත් මත බෙයට බොහෝ ඉඩ ඇති.හැකි තරම් නිවැරැදි කරන්නට තැත් කළ ද වරද නැති වුව පුදුමයෙකි; පුහුදුන් බැවිනි. දක්නා අප ද දක්වත් වා.හෙළු පද යෙදුමට බන්නෝ බොහෝ හ. සකරුණු බියෙකි. නිරණට මඟෙක් නැත් නම් කවර දෙවියන්ගේ පිහිට යැ? ඒ අතින් මෙතෙක් නොලද පිහිට ලබන එළි බිඳක් සපයා - ලන්නට යැ මෙ ගත සැපැයුණේ.මෙහි සියලු හිමි කම් අප සතු යැ. එහෙයින් මෙගත්හි දැක්වෙන කරුණු උපුටා - ගැන්ම නිය විරුදු වෙයි.
මුනිදාස කුමාරණතුංග
Rs 475.00
New
Buddha Charithaya
"දහම් පාසල් අවසාන සහතික පත්‍ර පසුගිය විභාග ප්‍රශ්නෝත්තර සංග්‍රහය " කාලීන අවශ්‍යතාවක් පිරිමැසීමක් ලෙස ඉතා වටිනා ප්‍රශ්නෝත්තර සංග්‍රහයක් වන අතර. අද වන විට දහම් පාසල් අවසාන විභාගය කෙරෙහි විශේෂ අවධානයක් සමාජය තුළ යොමු වී ඇතත් අවාසනාවකට එම විභාගය කුමක් සඳහා දැයි යන අර්ථකථනය සමාජගත වී නැත. ඒ නිසාම එම විභාගය කෙරෙහි දක්වන ආකල්පය ඇල්මැරී ගිය එකකි. එය කෙසේ වුව ද, මේ අවශ්‍යතාව තේරුම්ගත් බොහෝ පිරිසක් ද, අප සමාජයේ සිටිති. දහම් පාසල තුළින් ලබා ගන්නා වූ විෂය දැනුමට අතිරේක මෙම ප්‍රශ්නෝත්තර සංග්‍රහය පරිශීලනය කිරීමෙන් විභාගය සඳහා විශේෂ සූදානම් වීමක් ශිෂ්‍යයන්ට ලබාගත හැකිය.
Rs 300.00
New
Saddharmapundarika Sutraya
මහායාන නවධර්ම ග්‍රන්ථ අතුරින් චීන - ජපාන - නේපාලාදි දේශයන්හි අතිමහත් සම්භාවනාවට පාත්‍ර වී ඇති කෘතිය නම් සද්ධර්ම පුණ්ඩරික - සූත්‍රය යි. පරිවර්ත නමින් හැඳින් වෙන පරිච්ජේද 27කින් හෙබි එහි පස්වැන්න වන ඕෂධී පරිවර්තයට පූජ්‍ය ලේල් වල අරීය ධම්ම හිමියන් සපයා ඇති සිංහල පරිවර්තනය මා දන්නා තරමින් එවන් කෘතියක් ඇසුරින් සම්පාදනය වී ඇති ප්‍රශස්තතම සංස්කරණය යි. ඕෂධී සම්බන්ධ උපමා ආශ්‍රයෙන් බුදුන් වදාළ ධර්මය අන්තර්ගත හෙයින් එනමින් හැඳින්වෙන මෙම පරිවර්තය ඇතැම් විශ්ව විද්‍යාල වල බෞද්ධ ධර්ම සාහිත්‍යය සඳහා නිර්දිෂ්ට ව ඇත. බැලූ බැල්මට ම පූජ්‍ය ලේල් වල හිමියන් ගේ මෙම පරිවර්තනය, වයසින් යොවුන් වුව ද ශාස්ත්‍රීය ඥානයෙන් මුහුකුරා - ගිය, අනාගත පිරිපුන් පඬිවර අංකුරයක ව්‍යායාමයක් බව ප්‍රකට කරයි. ස්වකීය පරිවර්තනයට එහිමියන් සපයා ඇති දීර්ඝ ප්‍රස්තාවනාව සම්‍යක් සම්බුද්ධත්වය, සර්වඥතා ඥානය, ශූන්‍යතාව, නිර්වාණය හා නිවෘතිය, ෂඩ්ගතික සත්ත්ව භව, තථාගතඋපාය-කෞශල්‍ය ඥානය, බෝධි චිත්තය ආදි ධර්ම සංකල්ප අන්තර්ගතඕෂධී පරිවර්තය. බඳුන් කොට ඇති ව්‍යක්ත විවරණයත්, බෞද්ධ මිශ්‍ර සංස්කෘතය පිළිබඳ නිදසුන් සහිතව සිදු කොට ඇති අංග සම්පූර්ණ සාකච්ඡාවන් කෘතියේ අගය නංවා - ලයි. බෞද්ධ මිශ්‍ර සංස්කෘතයේ සෑම පැතිකඩක් ම අලළා කැර ඇති එම විවරණය මෙතෙක් ඒ පිළිබඳ ව සිංහලයෙන් ලියැ වී ඇති ඉතාමත් පරිපූර්ණ විස්තරය බව නොපැකිළ ව පවසමි. එසේ ම, ව්‍යක්ත සිංහලයෙන් සිදු කොට ඇති තමන් ගේ මෙම පරිවර්තනයේ විශ්වසනීය භාවය තහවුරු කිරීම සඳහා, එහිමියෝ මෙතෙක් පළ වී ඇති වෙනත් පරිවර්තන දෙකක් සමග එය සංසන්දනය කැර - පෙන්වති. මෙවන් හරබර ශාස්ත්‍රීය ව්‍යායාම යුගයේ අවශ්‍යතාවකි. බෞද්ධ සංස්කෘතසාහිත්‍යය හදාරන සියලු ම විද‍්‍යාර්ථින් මෙය අනිවාර්යයෙන් කියැවිය යුතු ග්‍රන්ථයක් බව ප්‍රකාශ කරන අතර ම, මෙවන් ශාස්ත්‍රීය කටයුතු ඉදිරියටත් කැරගෙන යාමට පූජ්‍ය ලේල්වල අරීයධම්ම හිමියනට ශක්තියත්, ධෛර්යයත් ලැබේ වා යි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.
මහාචාර්ය වෝල්ටර් මාරසිංහ
Rs 500.00
New
Bhawa Duka niwana maga
ඉංජිනේරුවකු වන සිඩ්නි සිරිවර්ධන සූරීහු "භව දුක නිවන මඟ " කෘතියෙන්ඒ මගෙහි සැටි ධර්මානුගත කරුණු ඇසුරින් දකවන්නාහු නූතන ලොවට ද අදාළ කරති. මෙහි ඇතැම් කරුණු හැදෑරීමෙන් නිවැරැදි බුදු දහම පිළිබඳ විමැසිල්ලට මඟ පාදයි. පැවිදි නොපැවිදි දෙපසේ මැ නුවණැස් ඇරැවීමට සමත් "භව දුක නිවන මඟ" දැනුම් මගට දොර විවැරුමක් බව ඉඳුරා කිව හැකියි.
Rs 200.00
New
Sinhala Demala Shabdakoshaya
මෙම සිංහල දෙමල ශබ්දකෝෂය සිංහල දෙමල භාෂාව අධ්‍යනය කරණු ලබන සියලු දෙනා හට ඉතා වටිනා ශබ්දකෝෂයක් ලෙස හැදින්විය හැකිය
Rs 500.00
New
Dambadiwa vandana
දඹදිව වන්දනා' මෙම කුඩා අත් පොත බෙහෙවින් අගය කළ යුතු ප්‍රයෝජනවත් රචනයකි. ශ්‍රද්ධාවෙන් බැති සිතින් බුද්ධ භූමිය වන්දනාව සඳහා යන අය වෙනුවෙන් සම්පාදනය කරන ලද මෙම කෘතිය දැනගත යුතු සියලු කරුණු සාරවන් ලෙසට ඇතුළත් කරන ලද අපේ රටේ සියලු බෞද්ධ වන්දනාකරුවන් භාවිත කළ යුතු අත් පොතක් ලෙසට අගය කරන අතර ප්‍රවීණ ලේඛිකාවක් මෙන් ම ජනප්‍රිය ගුරුවරියක වූ නාලිනී සුසීලා දිසානායක මහත්මිය තම දිර්ඝකාලීන වෘත්තීය අත්දැකීම් ද උපයෝගී කරගෙන මෙම කෘතිය අනායාසයෙන් කියවා ගෙන යා හැකි ලෙසට රචනා කර තිබෙන අතර තථාගත දේශනය අනුව සංවේදනීය ස්ථාන තම දෑසින් දැක බලා කුසල් රැස්කර ගත යුතු පිළිවෙළ මෙන් ම එම ස්ථානවල වටිනාකම ශ්‍රේෂ්ඨත්වය හා උතුම් බව හඳුන්වා ඇත්තේ පහන් සිත් ඇති වන අයුරිනි. එම ස්ථාන වල දැනසිටිය යුතු ඉතිහාසය ද පසුබිම ද නිවැරදි දැනුමින් උචින ලෙසට ගොනුකර තිබේ.
Rs 350.00
NewOut-of-Stock
Henry Parker Purathana Lanka
Out-of-Stock
හෙන්රි පාර්කර්ගේ ANCIENT CEYLON නම් කෘතිය ඇසුරින් බි.එන්. ආර්. ජයසේන මහතා විසින් සිංහලට පරිවර්තනය කරන ලද පුරාතන ලංකාව නම් මෙම කෘතිය තුළ ශ්‍රි ලංකාවේ මුල්ම ජන පද පිළිබදවත් පූරාතනයේ සිටි වැදි ජනතාව හා නූතනයේ වෙසෙන වැදි ජනතාව පිළිබදවත් ඔවුන් වන්දනාමාන කළ අකාරය  සහ ඔවුන්ගේ ආගමික කටයුතු සහ ලංකාවේ ප්‍රාග්තන දෙවියන් පිළිබදවත් කරුණු රාශියක් ගොනු වූ ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
New
Manawa sannivedanaya
ජන සන්නිවේදනය මේ වන විට අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වලට ද ඇතුළත් වී ඇත. එම විද‍්‍යාර්ටීන්ට මෙන් ම සරසව් සිසුසිසුවියන්ට ද පොදුවේ මේ විෂය අරබයා උනන්දු වන පාඨකයන්ට ද වැදගත් වන අත්පොතක් ලෙස මානව සන්නි වේදනය කෘතිය හඳුන්වාදිය හැකිය.
Rs 250.00
New
Bauddha Rajadhani Pilibada Charikawa
චීන ජාතික පාහියන් ස්වාමීන් වහන්සේ ක්‍රි. ව. 399 - 414 කාලය තුළ ලංකාවේ සහ ඉන්දියාවේ කළ චාරිකා පිළිබඳ සටහන් මේ කෘතියෙහි ඇතුළත් ය.ස්කොට් ජාතිකයකු වූ ජේම්ස් ලෙගි ඔක්ස්ෆර්ඩ් සරසවියේ පළමුවන චීන භාෂා හා සාහිත්‍ය මහාචාර්යවරයා වූයේය. දිගු කලක් මලක්කාවේ සහ හොංකොංහි ධර්මදූත කටයුතුවල නිරතව සිටි ඔහු මූලාශ්‍ර කීපයක් ඇසුරු කරමින් පාහියන් හිමියන්ගේ චාරිකා සටහන් ඉංග්‍රීසියට නැගීය. මේ කාර්යයේ දී ඔහුට රිස් ඩේවිඩ්ස් පඬිතුමා ඇතුළු වියතුන් කීප දෙනෙකුගේ සහාය ලැබුණි.
Rs 250.00
New
Gauthama Budu Siritha
බුද්ධ පරිනිර්වාණයෙන් පසු ඇති වූ ප්‍රධාන සංගායනාවල දී ධර්ම විනය සංග්‍රහ කිරීම හැර ශාස්තෲන් වහන්සේගේ අපදානය කුමානුකූලව සකස් කර තැබීම කෙරෙහි අවධානයක් යොමු වූ බවට සාක්ෂි නැත. දැනට අප විසින් භාවිත කෙරෙන බුද්ධ චරිත පෙළ පොත්වල සහ පසුකාලීන ප්‍රකරණ ග්‍රන්ථ ඇසුරෙන් සකස්කර ගත් නිර්මාණයන් ය. එම නිසා ශාසන ඉතිහාසය තුළ අද දක්වාම විවිධ නිකාය ගුරුකුල වලට අයත් බුද්ධ වරිත සංග්‍රහ වෙමින් පවතී. මේ අතර සරල සංක්ෂිප්ත බුද්ධ චරිත මෙන්ම ආශ්චර්ය අද්භූතසිදුවීම් වලින් අලංකාර වූ අසිරිමත් වූ බුදු සිරිත් ද දක්නා ලැබේ.ආචාර්ය පැලැන්වත්තේ ධම්මතිලක හිමියන් විසින් රචිතථෙරවාද ධර්ම විනයෙහි සංගෘහිත ගෞතම බුදුසිරිත ත්‍රිපිටකාගතදේශනා හා වාර්තා ඇසුරෙන් වඩාත් විශ්වසනීය අයුරින් සකස් කළ බුද්ධ චරිතයක් ලෙස සඳහන් කළ හැකිය.
Rs 350.00
New
Dhamma sarana
සංස්කාරක සටහන
ධම්ම පිටකත්‍රයෙහි සුලභ වදනකි. අර්ථ සමුදායක් රැගත් ගැඹුරු වදනකි. ධම්ම විවිධාර්ථ හෙයින් තැනට සුදුසු අයුරින් ගතයුතුය. ධාරනාර්ථවාචී ධර ධාතුවෙන් පරම ධම්ම ප්‍රත්‍යයෙන් සංසිද්ධ ධම්ම අර්ථ සමූහයක් ගෙන දෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිරවද්‍ය කරුණු විය යුතු ස්වභාවය යන අර්ථයෙන් ධම්ම නම් වෙයි. සංස්කෘතයේ දරන උසුලන සිහියේ රඳන යන අර්ථ ගෙන දෙන ධර්ම යන ප්‍රකෘතියෙහි එම අර්ථයෙන් බුදුරදුන් වදාළ සියල්ල ධර්මයයි. ධම්ම ක්‍රියාකාරිත්වය අනුව ධම්ම සංකල්පයකි. මෙම සංකල්පයෙහි ව්‍යාප්ත වූ අර්ථ ක්‍ෂේත්‍රයක් ඇති බවත් බෞද්ධ චින්තනයෙහි සර්වප්‍රකාරයෙන්ම වැදගත් වූ අර්ථ ගාම්භීර්යයක් මෙම සංකල්පයෙහි අන්තර්ගත බව ත්‍රිපිටක හා අර්ථකථාවන්හි දක්නට ඇති අර්ථ විවරණවලින් දැකීමට පුළුවන. පෙර අපර දෙදිග පහළ වූ චින්තකයන් දාර්ශනිකයන් රාෂ්ට්‍ර පාලකයන් මෙම සංකල්පය අර්ථ නිරූපණය කර ඇත.
Rs 850.00
New
Lagna Wimasuma
ලග්න විමසුම නම් වූ මෙම කෘතිය ඒ ඒ ලග්න ආශ්‍රිතව ලියැවුණු විස්තරාත්මක විශ්ලේෂණයකි. මෙය හුදු ලග්න පලාපල ප්‍රකාශනයක් නොව ඉතා සංකීර්ණ විශ්ව බලපෑම් තුළ ග්‍රහයින්ගේ ක්‍රියාකාරකම් ඒ ඒ ලග්න හිමියන්ගේ ජීවන ක්‍රියාවලිය කෙරෙහි ශුභ අශුභ වශයෙන් බලපාන අන්දම ජෝතීර් විද්‍යානුකූල මූලධර්මයන් ඔස්සේ විමසා බැලෙන විචාරාත්මක කෘතියකි.   
Rs 450.00
New
Shasthreeya Lekanayaka Mulashra Dakvime Widikrama
ශාස්ත්‍රීය ලේඛන මූලධර්ම නමින් පළ කෙරෙන පොත් පෙළක පළමුවැන්න වන මෙය ශාස්ත්‍රීය ලේඛනයක මූලාශ්‍රය දැක්වීමේ විධික්‍රම නිදර්ශන සහිත ව පෙන්වා දෙයි. උසස් අධ්‍යාපනයේ යෙදී සිටින විද්‍යාර්ථීන්ට මෙන් ම ශාස්ත්‍රීය ග්‍රන්ථකරණයේ නියැළෙන්නන්ට ද මේ කෘතිය ප්‍රයෝජනවත් අත් පොතක් වනු ඇත.
Rs 150.00
New
Aparadha Vidyawa
අපරාධ විද්‍යාව නූතනයෙහි ප්‍රබල ඉල්ලුමක් පවතින ජනප්‍රිය විෂයය ධාරාවකි. විශ්ව විද්‍යාල මට්ටමින් පරිබාහිරව විවිධ ආයතන රැසක් නූතනයෙහි අපරාධ විද්‍යාව පිළිබඳ හැදෑරීම, උනන් දුජනක ලෙස සිදු කරනු පෙනේ.මෙම කෘතිය අපරාධ විද්‍යාවේ සඳහන් සංකල්ප, මතවාද හා කාලීන ප්‍රවණතා කිහිපයක් ඉතා විෂය බද්ධව සාකච්ඡා කළ කෘතියකි. අපරාධ විද්‍යාවේ සඳහන් න්‍යායයන් මුල් වරට සිංහලයෙන් සවිස්තරාත්මකව සාකච්ඡා කරන්නේ මෙම කෘතියෙන් බව කිව යුතුය.
Rs 700.00
New
Kantha Abhiwurdiya Sandaha Bududahamin Laba Gatha Haki Margopadesha
මහාචාර්ය සිල් වී සේනාධීර දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකික විද්‍යාර්ථීන්ගේ නැණස පෑදූ විශ්‍රාමික විශ්වවිද්‍යාල ආචාර්ය වරියකි. අධ්‍යාපනවේදය සම්බන්ධයෙන් ග්‍රන්ථ රාශියක් රචනා කළ ප්‍රශස්ත ලේඛිකාවකි. අධ්‍යාපනවේදය විෂය ක්ෂේත්‍රයෙන් ඔබ්බට ගොස් ඇය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විශ්‍රාමික පුස්තකාලයාධිපති වූ දැනට මහනුවර බෞද්ධ ග්‍රන්ථප්‍රකාශන සමිතියේ සිංහල සංස්කාරක වන එන්. ටී. එස්. ඒ. සේනාධීර මහතා විසින් රචනා කරන ලද කාන්තා අභිවෘද්ධිය සඳහා බුදු දහමින් ලබා ගත හැකි මාර්ගෝපදේශ යන මෙම කෘතිය කාලීන සමාජ අර්බුද හමුවේ කාන්තාවගේ භූමිකාව මෙන් ම ඇයගේ අභිවෘද්ධිය සම්බන්ධයෙන් වන බෞද්ධ ඉගැන්වීම මොනවට පිළිබිඹු කරන ග්‍රන්ථයක් බව අපගේ හැඟීමයි. එම දෙපළට අපගේ සුභාශිංසන ද මේ සමග වේ.
Rs 500.00
New
Adahili Ha Wishwasa
ශ්‍රී ලාංකික ජන සමාජයේ අතීතයේ පැවති ඇදහිලි සහ විශ්වාස ගැන බොහෝ විස්තර ඇතුළත් මෙම කෘතියෙන් ඒ පිළිබඳ තොරතුරු අධ්‍යයනය කරන පාසල් සිසුන්ටත්, විශ්වවිද්‍යාල සිසුන්ටත්, ගුරු මහත්ම මහත්මාදීන්ටත්, ඒ පිළිබඳව උනන්දුවක් දක්වන අනෙකුත් පාඨකයින්ටත් ඉමහත් ප්‍රයෝජනයක් ලබා ගත හැකි වනු ඇත. 
Rs 300.00
New
Dhammapadayen Punchi Obata Kathandara
කතෘ ගෙන්...
ධම්මපදය යනු සමස්ත මිනිස් සමාජයටම ගැළපෙන පරිදි රචනා වූ මහඟු ග්‍රන්ථයකි. ජීවිතයේ ඕනෑම අවස්ථාවකට සම්බන්ධ කර ගත හැකි ආදර්ශ පාඨ ඇතුළත් ධම්මපදය පැරැන්නන් නිතරම පරිහරණය කිරීමට පුරුදුව සිටියා. ජීවිතයේ සරල මට්ටමේ සිට ඉතාම ඉහළ මට්ටම දක්වා හෙවත් නිවන් අවබෝධය දක්වා පුද්ගලයකු හැඩගැසිය යුතු ආකාරය ධම්මපදයේ සඳහන් වෙනවා. සමාජය ගුණ ධර්මවලින් දිනෙන් දිනම පිරිහෙමින් පවතිනවා. එම නිසා ධම්මපදයේ වටිනාකම වර්තමානයේ හොඳින්ම දැනෙනවා.
තෝරා ගත් කතා කිහිපයක් මෙහි දී ඉතා ලිහිල් හා සරල භාෂාවෙන් පුංචි දූ දරුවන් වෙනුවෙන් මම ඉදිරිපත් කිරීමට උත්සාහ කළා. ඒවා අපේ ජීවිත හැඩ ගස්වා ගැනීමේ දී බොහෝ ප්‍රයෝජනවත් වෙන ආදර්ශවත් කතා කිහිපයක්. ඒවා හොඳින් කියවා බලා ඒවායින් පුංචි ඔබේ ජීවිතයට ගත හැකි හොඳ  දේ වෙන් කරගෙන ඒවා පිළිපදින්න. එවිට ජීවිතය මනා ලෙස හැඩ ගස්වා ගත හැකියි.
Rs 200.00
New
Jeeewithaya Saha Manokaya
පොත පිළිබඳව.
ලොව බොහෝ රටවල ජීවිතය, මරණය, යළි උපත සහ මනෝකාය පිළිබඳ පොත් රාශියක් ප්‍රකාශයට පත් වී තිබේ. කලක් " හුදු විද්‍යාත්මක දෘෂ්ටියකින්' එම ප්‍රස්තුත දෙස බැලීමට පුරුදුව උන් මනුෂ්‍යයන් සිය සීමිත දැක්ම වෙනස් කරගෙන යන බව ඒවායින් පළ වේ.මිනිස් දෘෂ්ටියෙහි සිදුවෙමින් පවතින මෙම වෙනසට පාදක වූ සාධකය, මිනිසා පිවත් වන ලෝකය ඔහු සිතා සිටියාට වඩා අතිශයින් පුළුල්, ගැඹුරු හා සංකීර්ණ එකක් බවත්, ඒ පිළිඹඳ මිනිස් සංජාතන ශක්තීන් ඉතා සීමිත බවත් මෑතදී විද්‍යාව තුළින්ම අනාවරණය වීමයි.මිනිසාට වසර දස දහසක් පමණ පැරණි පාරම්පරික දැනුම් සම්භාරයක් උරුම වී තිබේ. එහෙත් විද්‍යාවේ සීමිත කෝණයන් තුළින් ඒවා දෙස බැලීම නිසා, ගත වූ සියවස් කිහිපය තුළ එම පාරම්පරික දැනුම් සහ අත්දැකීම් සම්භාරය ඔහු අතින් නොතකා හැරිණි.මේ නිදසුන බලන්න. විශ්වයේ පවත්නා ලොකු කුඩා චක්‍රාවාට සහ ග්‍රහලෝක පිළිබඳවත්, අනවරතයෙන් එහි සිදුවන වෙනස්කම් ගැනත්, නූතන විද්‍යාඥයන් බොහෝ කරුණු දැන ගත්තේ ගත වූ වසර දෙසීය තුළයි. මනුෂ්‍යයකු මවුකුස පිළිසිඳ ගත්තා ආකාරය පිළිබඳ මිනිස් දැනුමේ වයස ඊටත් වඩා අඩුය. එහෙත් බුදුරදුන් විශ්වය ගැනත්, මනුෂ්‍යයකුගේ පිළිසිඳ ගැන්ම ගැනත් අද විද්‍යාවෙන් හෙළි වී ඇති ආකාරයේ නිවැරදි විස්තරයක් කළේ මීට වසර දෙදහස් පන්සියයක් පමණ ඉහතදී ය. එපමණක් නොව උන්වහන්සේ කළ විස්තරය විද්‍යාව ඉක්මවා යන්නක් බව ඔබට මේ පොතෙන් දැනගන්නට ලැබෙනු ඇත.
Rs 240.00
New
Esopge Upama Katha 100
කුඩා ළමුන් සදහා උපමා කතාන්දර 100ක් ඇතුළත් ඉතා වටිනා ග්‍රන්ථයකි. 
Rs 300.00
New
Wishnu Deviyo
විෂ්ණු වන්දනාවේ ආරම්භය, විකාශනය, විෂ්ණු දෙවියන් හා බැඳුණ විවිධ සංකල්ප හා මතිමතාන්තර මෙම ග්‍රන්ථයේ අන්තර්ගත වන අතර විෂ්ණු දෙවියන් පිළිබද හැදෑරීමට ඇති ඉතා වටිනා ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය.
Rs 300.00
New
Patichchasamuppadaya
බෞද්ධ දර්ශනයෙහි පදනම පටිච්චසමුප්පාදය වේ. එහි මූලික අරමුණ අනුව සසර දුක ප්‍රහාණය වන අයුරින් විවරණය කෙරෙයි. පරම ගම්භීර දේශනාවකි. ධර්මය යනු ලෝක ස්වභාවයකි. දහම අවබෝධ කර ගැනීමට නම් හේතු ඵල පරම්පරාව විදහාලන ආකාරයද හඳුනා ගතයුතුය. පවත්නා කාලයෙහි ප්‍රත්‍යක්ෂ කර ගත හැකි බැවින් සාන්දිට්ඨිකය.
Rs 400.00
New
Maharahath sariyuth mugalan dagasau vatha
කතෘගෙන්...
ගෞතම බුද්ධ ශාසනාම්බරයෙහි කනකමය තරු ලෙසින් අග්‍ර ශ්‍රාවක සැරියුත් - මුගලන් මහරහත්හු බබළන සේක. අගසව්වන් වහන්සේ පෘථග්ජන ලෝක වාසීන්ට පිං කෙතකි. ඇසූ දුටුවනට රසඳුනකි.දෑගසව්වන් වහන්සේගේ චරිතාපදානයන් ඇසුවාහු අසත්පුරුෂයෝ සත්පුරුෂයෝ වෙති. දුර්දාන්තයෝ සුපේශල ශික්ෂාකාමීහු වෙත් ම ය. වෛරීහු ක්ෂාන්තිවාදීහු වන්නෝ ය. දුසිල්හු පාරිශුද්ධ ශීලවන්තයෝ වෙති.එහෙයින් මේ දෑගසව් වත කියවන්නාහු අසන්නාහු තම තමන් හැකි පමණින් ගුණ නුවණින් හා සීලයෙන් දියුණු වෙත්වා! එවැනි ගුණ බිඳක් පාඨක සිත්හි වැපිරීම අපගේ පැතුමයි.
Rs 125.00
New
Auguste Comte Samaja Vidyawe Piya
සමාජ විද්‍යාව ස්වාධීන විෂයක් ලෙස ආරම්භ වී වර්ධනය වීම යුරෝපා සමාජය තුළ සිදු වූ සමාජ සමය විපර්යාසයන් රැසක සාමුහික ප්‍රතිඵලයකි. තත් කාලීන යුරෝපා සමාජය දේශපාලනයික හා ආර්ථික වශයෙන් මුහුණ දුන් සුවිශාල අභියෝග රැසක් මෙහිදී හඳුනාගත හැක. මෙම සංකීර්ණ සමාජ විපර්යකාරකයක් නිවැරදිව තේරුම් ගෙන ඒ තුළින් ශාස්ත්‍ර ලෝකයම අවදි කළ සමාජ චින්තකයන් කීප දෙනෙක්ද ඒ සමග හඳුනාගත හැක.
ඔගස්ට් කොමිට් එහිලා මූලාරම්භක විනේතෘවරයෙකි. මෙම කෘතිය ඔගස්ට් කොමට් පිළිබඳව රචිත ප්‍රථම සිංහල කෘතියයි. ඔහුගේ මතවාද හැඩ ගැස් වූ පෞද්ගලික ජිවන අනුභූතීන් හා අවස්ථාවන් මෙමගින් ආනුභවිකවම සාකච්ඡාවට ලක් කිරීම වැදගත්ය. මහාචාර්ය දයා අමරසේකර මෙරට ප්‍රකට සමාජ විද්‍යා ගත් කතුවරයෙකි. සමාජ විදහා නැණ නුවණ පොදු ජන සමාජය වෙත රැගෙන යාමට මහෝපකාරී වූ ඔහුගේ කෘති අතර මෙම කෘතිය වෙසෙසින්ම කැපී පෙනෙයි.
Rs 200.00