Books

New
Manushya prethayan samaga kala dushkara kriyawak
සමාජ සමීක්ෂණ පිළිබඳ උනන්දුව තුළින් අප ජීවත්වන සමාජ පරිසරය ගැඹුරින් තේරුම් ගැනීමට අද බොහෝ අය තුළ දැඩි උනන්දු ජනක තත්ත්වයක් දැකිය හැකිය. සිඟන්නන්, ගණිකාවන්, ගැට කපන්නන්, මිනිස් වෙසින් සිටින අධමයන්, ව්‍යාජ වට්ටෝරු වෙදුන්, කපටි මන්ත්‍රකරුවන් ආදී සැවොම අපගේ සමාජයෙහි ප්‍රබල භූමිකාවක් ඉටු කරති. ඔවුන්ගේ අදෘශ්‍යමාන කාර්යභාර්ය ද මතුපිටින් පෙනෙන ස්වරූපය ඉක්මවා පවතී. නූතන මිනිසා තම ජීවිතගමනේ විවිධ ආපදාවන්, අවශ්‍යතාවන් ඉදිරියෙහි මේ කවර හෝ පුද්ගලයෙකුට කොටු වෙයි. කවර හෝ අත්දැකීමක් ලබමින් සිටී. සමාජය නම් පෘථුල ජාලයෙහි එලී පැටලී වෙලී සිටින අපි මේ අපූර්ව චරිත කෙසේ අත් හරිමුද? සැබවින්ම අපට මොවුන් මඟහැර ගිය හැකිද?
මෙම කෘතිය මෙම ප්‍රශ්නය ආනුභවිත අත්දැකීම් ආශ්‍රයෙන් සාකච්ඡා කරන කෘතියකි. මෙම අපූර්ව මිනිසුන්ගේ ලෝකයෙහි ගිලෙමින් මෙහි කතුවරයා ඔවුන්ගේ සැබෑ රුව ගුණ හඳුනා ගත්තෙකි. ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සම්මානිතමහාචාර්ය නන්දසේන රත්නපාල මෙම සමාජ සමීක්ෂණ තුළින් පාඨකයාට ලබා දෙන දැනුම සහ අනුභූතිය වැදගත්ය. රසවත්ය.
මහාචාර්ය දයා අමරසේකර පේරාදෙණිය විශ්ව විද්‍යාලය
Rs 1,350.00
New
Sinhala Bashawa Ha Sahithya
සිංහල භාෂාව හා සාහිත්‍යය නම් මෙම කෘතිය ආචාර්‍ය ජි. එස්. බී. සේනානායක මහතා විසින් රචනා කරණ ලද අතර ක්‍රිස්තුවර්ෂ ආරම්භයේ සිටම ආරම්භ වී වැඩුණු සිංහල සාහිත්‍යයක් සිංහලයා සතු වූ අතර සිංහල සාහිත්‍යයෙන් තෝරා ගත් සම්භාව්‍ය කෘති කිහිපයක් පිළිබදව ලුහුඩු විමසීමක් මෙම කෘතිය ඇසුරෙන් සිදු කෙරෙන අතර භාෂාවේ ආරම්භය හා විකාශය හැදින්වෙන ප්‍රමාණවත් කෘතියක් මෙතෙක් පළකරවා නොමැති කාළ වකවානුවක මෙවැනි කෘතියක් පළ කිරිම ඉතා විශිෂ්ට කාර්ය්‍යක් වන අතර සිංහල භාෂාව් පිළිබද අධ්‍යනය කරණු ලබන ඕනෑම කෙනෙකු හට ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 350.00
New
Balavatharopadesha Nam U Pali Shabdhanushasanaya
බාලාවතාරෝපදේශ නම් වූ පාලි ශබ්දානුශාසනය වාද්දුව පෝහද්දරමුල්ල මහී ගර්ජනාරාමාධිපතිට වැඩ වුසූ පූජ්‍යපාද පෝහද්දරමුල්ලේ ඤාණධජ මහා ස්වාමින් වහන්සේ විසින් රචිත පාලි ව්‍යාකරණ ග්‍රන්ථයකි. මෙම ග්‍රන්ථය පාලි භාෂාව අධ්‍යනය කරණු ලබන සියලු දෙනා හට ඉතා වටිනා ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,700.00
New
Nonivena Pahan Sila Bandara Ahaliyagoda Nirmanawalokanaya
විමලජෝති යතීන්ද්‍ර ප්‍රණීත නොනිවෙන පහන් සිළ කෘතිය මා දකින්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සහෘද සංවාද ආස්වාදයෙහි අභිෂ්ට ඵලාගමයක් වශයෙනි. මානව මෛත්‍රියේ ආනුභාවය, ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ මාධූර්ය, ස්භාව ධර්මයේ ආශ්චර්ය, යුද්ධයේ කෲරත්වය, දේශවාත්සල්‍යයේ මහිමය ආදිය අරභයා බණ්ඩාර ඇහැළියගොඩ කිවිඳුන් තුළ පහළව ගිය විවිධ විචිත්‍ර භාවමය අනුභූතීන් ආශ්‍රිත නිර්මාණාත්මක ඵල සම්පතක් වැනි මෙම කවි හා ගීත රචනා මංජරිය ඔහුගේ කාව්‍යමය ආධ්‍යාත්මයේ ප්‍රත්‍යක්ෂ පිළිබිඹුවක් වැන්න. බණ්ඩාරයන්ගේ එම කාව්‍යමය ආධ්‍යාත්මය හා විමලජෝති යතිවරයාණන්ගේ සුකුමාර මතික ආධ්‍යාත්මය අතර පවත්නා හෘදය සංවාදය නින්නාද වන 'නොනිවෙන පහන් සිළ' කෘතිය වූ කලී පූර්ව වාසනා ගුණ සම්පන්නයෙකුගේ නිර්මාණ අරබයා පූර්ව වාසනා ගුණ සම්පන්න සහෘදයෙකු ගැයූ රමණීය ආස්වාද උදානයක් ලෙස හැඳින්වීම කවර වරද ද?
කරුණාරත්න අමරසිංහ,
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී,
ප්‍රවීණ ලේඛක,
Rs 1,000.00
New
Wap Masa Pura Pasa Mihindu Pura Atawaka
අනුබුදු හිඳු මහරහතන් වහන්සේ ලක්වැසියනට ථෙරවාදී බුදු සමය හඳුන්වා දීමත් සමගම මෙරට ජාතික, ආගමික, සංස්කෘතික හා සාමාජික නවෝදයකට මං පෙත් විවර කෙරිණි. ඒ තුළින් ඉදිරිපත් කළ ජීවන දැක්ම ලක්වැසියන් ගේ හදවත තුළ තදින්ම මුල් බැස ගත්තේය. එය එදාමෙදාතුර නොසිඳී නොබිඳි පැවත එයි. ඒ නිසාම ලක්වැසි ජනතාව බුදුසමය සුරකිමින් ඒ ඔස්සේ ක්‍රියා කරනුයේ අපමණ සැදැහැ සිතකින් යුක්තවයි. ලංකාවාසීන්ගේ සැම ක්‍රියාකාරකමකින් ම හෙළි වන්නේ ලංකාවේ සංස්කෘතිය හැඩගැස්වීමට බුදු සමයෙන් ලැබුණු මනා පිටුවහලයි.
Rs 350.00
New
Paurusha Sanwardhana Ha Athma Sammanana Wardhana Wada Potha
අප තුළ ආත්ම විශ්වාසය ඇති කල්හි හමුවන වන කවර අභියෝගයකට වුව ද සාර්ථකව මුහුණ දිය හැකි ය. අපට ඉහළ ඉලක්ක ගොඩනගාගෙන ඒවා සාක්ෂාත් කරගත හැකි ය. 21 වන ශත වර්ෂය යනු අභියෝගාත්මක ශතවර්ෂයකි. නවෝත්පාදන නිරතුරු බිහි වේ. මෙම ශීඝ්‍රයෙන් සංවර්ධනය වන නව ලෝකයට සාර්ථකව මුහුණ දීමට ඉහළ ආත්ම සම්මානනයක් අප තුළ වර්ධනය කරගත යුතුම ය.මෙම ආත්ම සම්මානන වර්ධන වැඩපොත ඔබ තුළ ඇති ආත්ම විශ්වාසය වර්ධනය කර ගැනීමට උදව් වන ලෙසට විශේෂයෙන් සකසා ඇත.

ඔබ අන් අය සමඟ සසඳා බැලීම නවතා ලීමට
ඔබගේ විශ්වාස හා ආශාවන් කවරේ දැයි නිවැරදිව හඳුනා ගැනීමට
චිත්තවේග කළමනාකරණය කරගෙන, ධනාත්මක ආකල්පයක් ගොඩ නංවා ගැනීමට
වගකීම් දැරීමට හා සැමට මෙත් සිත දැක්වීමටත්

යථාර්ථවත් ඉලක්ක ගොඩනගා ගැනීමට හා ඉදිරියේදී මතුවන කවර හෝ අභියෝග වලට සාර්ථකව මුහුණ දී ජීවිතය ජය ගැනීමටත් සුවිශේෂී මග පෙන්වීමක් කරයි.
Rs 500.00
New
Edineda Jivithayata Manovidyawa
කතෘගෙන්...
මනෝ විද්‍යාත්මක මූලයම් පදනම් කරගෙන ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා " එදිනෙදා ජිවිතයට මනෝ විද්‍යාව " ලියා ඇත.විද්‍යාවේ න්‍යාය හෙවත් මූලධර්‍ම ප්‍රායෝගිකව භාවිත කිරීම තාක්ෂණයයි. එසේම මනෝ විද්‍යාව විෂයයේ න්‍යාය හෙවත් මූලධර්‍ම ප්‍රායෝගිකව භාවිත කිරීම " එදිනෙදා ජිවිතයට මනෝ විද්‍යාව " මගින් කෙරේ. එනිසා " එදිනෙදා ජිවිතයට මනෝ විද්‍යාව " මනෝ විද්‍යාවේ තාක්ෂණයයි.මෙහි එන සෑම රචනයක් ම මනෝවිද්‍යා මූලධම් වලට එකඟ වේ. එදිනෙදා ජිවිතයට මනෝ විද්‍යාව සම්බන්ධ කර නොගැනීම නිසා මිනිස් සංහතියේ දියුණුව අඩපණ වී ඇත. මානව ශික්ෂාව පොත් පෙල ඔබට එම අවස්ථාව හදා දෙයි.එදිනෙදා ජිවිතයට මනෝ විද්‍යාව" හි පොත් කාණ්ඩ කීපයක් අන්තර්ගත ය. මෙය පළමුවැන්න ය. මෙය කියවා තේරුම් ගෙන ජීවිතයට සම්බන්ධ කර ගන්න. සෑම වචනයක් ම හොඳින් කියවා පිළිපදින්න.ඔබ සාර්ථකත්වයේ මාවතට පා තබා ඇති බව ඔබට දැනෙනු ඇත.
Rs 300.00
New
Heta Lowa Dinana Maga
පාඨක ජන මහ දිනූ
' මිනිස් සිතේ හාස්කම්' පොත් පෙළේ කතුවර සුමනදාස සමරසිංහ ළමයින් වෙනුවෙන් විශේෂයෙන් සම්පාදනය කළ පොතකි.ළමයින්ට ඉතා වටිනා සිතිවිලි, ආකල්ප හා දැක්මක් ඇති කර ගන්නට අනුබල දෙන කෙටි - එහෙත් සාරවත් මාතෘකා හැට හයක් ඔස්සේ මේ අගනා පොත සම්පාදනය කර ඇත.බස ලිහිල්ය. කියවන දෙය එකවර සිතට වටහා දෙන සුලුය. කෙටි රචනාය; එහෙත් තව ප්‍රබෝධයක්, ජවයක් ළමුහට ඇති කර දෙනු හිසැකය.
Rs 300.00
New
Minis Manase Mahimaya
කතෘගෙන්...
ලෝකයට විමුක්තියක් හෝ සහායයක් ලැබේ නම් හුදෙක්ම දරුවා වෙතින් පමණෙකි. කවර හෙයින්ද යත්, දරුවා මිනිසාගේ ද සමාජයේ ද නිර්මාපකයා වන බැවිනි.දරුවා සහජයෙන්ම උරුම කර ගෙන ඇති අතිමහත් හැකියා සම්භාරය, නව ලොවක් නිර්මාණය සඳහා උදව් වන පරිදි, පෙර පාසල් වියේ දී උන්නතියට පත් කරනු වස් සහාය විය හැකි අන්දම මෙහි පැහැදිලි කෙරේ
Rs 500.00
New
Maha Molakarayo
21 වෙනි සිය වසයේ සාර්ථකත්වයට වැඩිම බලපෑමක් කළේ ව්‍යාපාර බව කවුරුත් පිළිගන්නා සත්‍යයකි. අනාගත අභියෝගයන්ට නොබියව මුහුණ දී ජිවිතය සාර්ථකත්වයට පත්කර ගැනීමට නම් සියලු දෙනාම ව්‍යාපාර දර්ශනය අවබෝධ කරගත යුතුය. ඒ සඳහා ලෝකය වෙනස් කළ විශිෂ්ට ව්‍යාපාරිකයන් නැවත හැදෑරීමෙන් සමාජයේ වෙසෙන සෑම කෙනෙකුටම ඉගෙනගත හැකි පාඩම් බො-හෝය. මෙම කෘතිය ඊට මහඟු පිටුවහලක් සපයයි.
Rs 700.00
The Buddha's Ancient Path
A prominent monk of Sri Lanka, well-known in both East and West, explains the central teachings of Buddhism, focusing on the Four Noble Truths and the Noble Eightfold Path. In a lively and inspired style, he explores the path in detail, citing many stories from Canon and commentaries. ‘The book is written in a firm and clear style … These interpretations, authoritative and unimpeachable, may be taken as a trustworthy guide.’ —(I. B. Horner)
Rs 350.00
The Road To Liberation
The BPS is an approved charity dedicated to making known the Teaching of the Buddha, which has a vital message for all people. 
Founded in 1958, the BPS has published a wide variety of books and booklets covering a great range of topics. Its publications include accurate annotated translations of the Buddha's discourses, standard reference works, as well as original contemporary expositions of Buddhist thought and practice. These works present Buddhism as truly is-a dynamic force which has influenced receptive minds for the past 2500 years and is still as relevant today as it was when it first arose. 
For more information about the BPS and our publications, please visit our website, or write an e-mail, or a letter to the:
Rs 80.00