Books

New
mala poth pincha
පරිවර්තනය මහාචාර්ය ඩබ්ලිව්. එම්. ගුණතිලක
ටිබෙට් ඉගැන්වීම් වල විස්තර කෙරෙන පරිදි, මරණය සිදුවන මොහොතේදී, ලොව සෑම දෙයක්ම මෙන්ම ප්‍රාණී සත්වයාද සෑදී ඇති පස, ජලය, ගින්න, වාතය හා අවකාශය යන මූල ධාතු එකක් අනෙකට වශයෙන් එකිනෙකක් තුළට ගිලී යන්නේය.එබඳු තවත් ක්‍රියාවලියකට පසුව, මිය යන පුද්ගලයාගේ සූක්ෂ්ම විඥානය ශරීරයෙන් ඉවත් වී 'බාඩෝ ශරීරය' නම් වූ සියුම් ශරීරයක් සහිත 'බාඩෝ' නම් වූ අතරමැදි හෙවත් අන්තරාභව තත්ත්වයකට පත් වෙයි. මෙම බාඩෝ ශරීරයට, ඝන ද්‍රව්‍ය පසාරු කරගෙන යාම, ඕනෑම තැනකට සිතුවිල්ලක් පහළවන වේගයෙන් ඉගිලී යාම වැනි හැකියාවන් ඇත.
Rs 400.00
New
Jeevithaya Maranaya Ha Manokaya
පරිවර්තකගේ සටහන....
මළගිය කෙනෙකුට යළි පන ලැබීම වනාහි, ඔහුගේ හෝ ඇයගේ ‍පෙර පිනක් - ලැබීමක් හෝ දේව බලයක් ලෙසම අදහන්නට හුරු පුරුදු වූ ජනතා බහුතරයකින් සමන්විත, ශ්‍රී ලාංකික සමාජයේ අදත් අපි ජිවත් වෙමු.' නන්දන තිලක් මගුලාගම ' මහතා විසින් රචිත "How The Dead Could Be Revived?" නැමැති කෘතිය ඊයේ අද ගැනම නොව, අනාගතය සඳහා විශේෂ අවධානය දෙමින් ලියූවක් බව පළමුව කියමි.නවීන තාක්ෂණය අතින් ඉහළින් වැජඹෙන, යුරෝපීය රට වලට නම් අද මෙහි එන කරුණු අරුමයක් නොවූවද, දියුණුව සොයා යන ශ්‍රී ලංකාවේ අපට නම් මෙහි අඩංගු කරුණු විශ්මය දැන විය හැකිය.එහෙත් මරණය හා යළි පන ලැබීම පිළිබඳ සිද්ධීන් තිර ලෙසම සිදු වූ සැබෑ දේවල් බවට නවීන විද්‍යාව විසින් සනාථ කර ඇති බැවින්, එහි තර්කයක් නැත.සැඟවී තිබුණද, සැබෑව සැබෑවක්මය. කරුණු තමාට සපථ වූ දින, ආශ්චර්යයන් ලෙස පෙනුණු දැනුණු දෑ සත්‍ය ලෙසම පිළිගන්නට මැළිවන්නෝ වෙත්නම්, ඒ ඉතාම කලාතුරකිනි.යථාර්ථවාදීව සිතන ඕනෑම කෙනෙකුගේ බුද්ධිමය නිම් වළලු පුළුල් කිරීමට මෙම පොත මහඟු එළියක් වනු නොඅනුමානයි. වෛද්‍ය විද්‍යා සහ මනෝ විද්‍යා සිසු සිසුවියන්ටද මෙය මහඟු අත්වැලක් වනු නිසැක බවත් මෙම පොත පරිවර්තනය කරන අතරතුර මට හැඟී ගියේය.මා යළිත් අවධාරණය කරන්නේ, මෙම කරුණු අතීතයට වර්තමානයට වඩා අනාගතයටම ඔබ යොමු කරන බවකි.
Rs 160.00
New
Lokaya Sathvaya Saha Nirvanaya
ප්‍රකට ගුන්ථ කර්තෘවර එස්. අයි.ගමගේ මහතාගේ නවතම කෘතිය ලෝකය,සත්ත්වයා සහ නිර්වාණය යි ග්‍රන්ථ නාමය ම මෙහි අන්තර්ගතය සුවසල් විෂය පථයක් ස්පර්ශ කරන බව පැහිදිලිව ප්‍රකට කරයි. මීට පෙරාතුව පළ වූ "මිනිස් සිත, "සසර ගමන සහ පුනරුත්පත්තිය” කෘතියෙහි සාකච්ඡාවට බදුන් වූ චිෂය ක්ෂේත්‍රයේ ම ඉදිරි පියවරක් ලෙස නවතම කෘතිය හැදින්වීම යෝග්‍යය පරිච්ඡේද වයි එකකින් පරිමිත මෙය සාමාන්‍ය සිංහල පාඨක ලෝකයා අරමුණු කර ගනිමත් සැකසී ඇත. මෙබඳු විෂය පථයක් ආවරණය වන සේ භුන්ථයක් සැකසීම කෘතහස්තලේඛකයෙකුට මිස සුළුතරයෙකුට කළ නොහැකිය. කෙනෙකු සතුව විශ්ව කෝෂයට බදු දැනුමක් තිබිය හැකිය එහෙත් ඒ දැනුම පාඨකයා වෙත වහනය කිරීම ලේසි පහසු කාර්යයක් නොවේ මේ අභියෝගය ගමගේ මහතා සාර්ථක ලෙස ජයග්‍රහණය කොට ඇත සිංහල ගුරු සිසු දෙපිසේ ම ඥාන පථය පෘථුල කිරීම සඳහා ප්‍රයත්න දරන ගමගේ මහතා සාමාන්‍ය සිංහල පාඨක ලෝකයාගේ ඥානාහි වෘද්ධය පිණිස කැප වීමද පැසසුම් කටයුතු වෙයි ගමගේ මහතාගේ මේ කෘතිය ජංගමශීලී අතිශය සංකීර්ණ වර්තමාන සිංහල පාඨක සමාජය වෙත නොකල්හි හමා ආ අමා පවනක් වේවා යි තම
එච්. එම්. මොරටුවගම
Rs 275.00
New
karma vipaka
කර්ම විපාක පිළිබඳ බුදු දහමෙහි විවිධ ආකාරයෙන් පැහැදිලි කර තිබේ. කරන ලද විවිධ කර්මවල විපාකයන්ගෙන් බේරීමට හැකි සත්ත්වයෙක් ලෝකයෙහි කිසිම තැනක නැත."චුල්ල කම්ම විභංග" සූත්‍රයට අනුව විශ්වය තුළ වෙසෙන සියලු දෙනාම කර්මය දායාද කොටගෙන ද, කර්මය ස්වකීය කොටගෙන ද, කර්මය නෑදෑයෙකු කොටගෙන ද, කර්මය පිළිසරණ කොටගෙන ද වෙසෙති.ඇතැමුන් සිතනුයේ, තම තමන් කරන කර්මවල විපාක නැත යනුවෙනි. ඇතැමුන් සිතනුයේ කර්මවල විපාක මේ ආත්මයේදීම අත් විඳීමට සිදුවනු ඇත යනුවෙනි. එහෙත් කරන ලද කර්ම වලට විපාක කුමන ආත්මයකදී හෝ අත් විඳීමට සිදුවන බවට කදිම නිදසුන් කිහිපයක් ධර්මවේදී නාලන්දේ විමලවංශ හිමියන් විසින් ලියන ලද මෙම කර්ම විපාක ග්‍රන්ථය මඟින් විදහා දක්වා ඇත.
Rs 550.00
New
Pera Bhawaye Daruwan Soya
ඇය සිය ළමා කාලයේ සිට මතකයන් සහ සිහින මගින් සිය පෙර ජීවිතය දකියි. ඒ අතරින් ගමන් කොට පෙර භවයේ තමා විසූ ගම කරා ගොස් තමා පෙර ජීවිතයේදී සිටි නිවස, ආ ගිය කඩ සාප්පු පල්ලි ආදිය දැක බලා ගන්නී ය.එපමණක් නොව පෙර භවයේ තම කුසින් බිහි කළ, දැන් වියපත්ව සිටින තම දරුවන් ද මුන ගැසෙන්නී ය.
මේ ජෙනීගේ සැබෑ කථාවයි
Rs 480.00
New
Kusala Ha Akusala Karma Karma Vipaka Ha Punuruppatthiya
කතෘගෙන්...
කර්මය, කර්ම විපාකය හා පුනරුප්පත්තිය යන විෂයන් බෞද්ධයන්ගේ හිත්වලට ඉතා සමීප ය. ඔවුන් ඒවා ගැන නිතර සිතති. කථා කරති, සිත හදාගැනීම පිණිස ද ඒ දැනුම යොදවති.එහෙත්, ඒ පිළිබඳව ඔවුන් තුළ තිබෙන දැණුම බොහෝ විට අසම්පූර්ණ ය. මන් ද කර්ම විෂය ගැඹුරු, තේරුම් ගැනීමට ඉතා අපහසු එකක් බැවිනි. එය අචින්ත්‍ය ය යැයි තථාගතයන් වහන්සේ වදාළේ එබැවිනි.ඇතැම් විට කර්මයත් විපාකයත් අතර තිබෙන පරතරය දීර්ඝ ය. විපාකයේ ස්වභාවය භිහිසුණු ය, එහෙත් එකිනෙක සමඟ සැසදීමට අසීරු ය. තේරුම් ගැනීමට අමාරු ය.මේ නිසා කර්ම විපාකය සුළුකොට තකන අඥානයා අකුසලයට බිය නොවෙයි. කුසලය මායිම් නොකරයි. මේ නිසා සසර සැරිසරන පුරාවට ම අපා දුක් විඳී. අල්පායුෂ ලබති. සිතාගත නොහැකි තරමේ දරුණු දුක් කම්කටොලු වලට හා සිත් තැවුල්වලට මුහුණ දෙයි.කර්ම විපාකය තහවුරු කිරීම පිණිස ද නිසිසේ අවබෝධ කරවීම පිණිස ද සද්ධර්මයට එකඟව කරුණු ගෙනහැර දක්වා තිබෙන මෙහි පුනරුප්පත්ති කථා පෙලක් ද අන්තර්ගත ය.
Rs 250.00
New
Apatama dakiya haki ilaga bhawaya
කතෘගෙන්...
'' අපටම දැකිය හැකි ඊළඟ භවය - 2" නමැති මෙම දහම පොත නිර්මාණය වූයේ, කලක පටන් මාගේ චිත්තාභ්‍යන්තරයෙහි ගැඹුරුම තැනක හටගෙන පැලපදියම්ව තිබූ වටිනා බණ පොතක් ලිවීමේ අදහස. මල්ඵල ගන්වමින් ඉරිදා ලංකාදීප ප්‍රධාන කර්තෘ, ප්‍රවීණ මාධ්‍ය වේදී ආරියනන්ද දොඹගහවත්ත සූරින් විසින් තම පුවත්පතට දහම් ලිපි පෙළක් ලබා දෙන ලෙස කළ ආරාධනය මූල බීජය කරගෙනය.
Rs 250.00
New
Dharmashoka Dambadiva Bauddha Adhirajya
ආර්.ජේ.ද. සිල්වා මහතා විසින් රචිත මෙම ග්‍රන්ථය සැකසීමට ඉන්දියාවේ පළ වී ඇති ඉතා වටිනා ග්‍රන්ථ ගණනාවක් ම උපයෝගී කරගෙන ඇත. මෙම තොරතුරු ඇතුළත් කරමින් මෙතුමා විසින් නවකතා ශෛලියක් අනුගමනය කරමින් රචනා කරන ලද මෙම අගනා කෘතිය සාමාන්‍ය මහජනතාව, දහම් පාසල් ශිෂ්‍ය - ශිෂ්‍යාවන් මෙන් ම දඹදිව වන්දනාවේ යෙදෙන සියලුම සැදැහැවතුන් වන්දනා ගමනට පෙර කියවීමෙන් ධර්මාශෝක රජු සහ ඔහු විසින් බුද්ධ ශාසනය නඟා සිටුවීමට කර ඇති මෙහෙය ගැන ඉතා වැදගත් වෙතිහාසික තොරතුරු රාශියක් අනාවරණය කර ගත හැකි වනු ඇත. 
Rs 1,600.00
New
Sooriyakantha Mala
පරිවර්තකගෙන්...
The Sunflower - 'සූරියකාන්ත මල' මෙම කෘතිය මට ලැබුණේ මා හිතවත් දයාවංශ ජයකොඩි යුවලගෙනි.මෙයද නාසි යුද සමයේ සිදු වූ තවත් ශෝකාන්තයකි. හිට්ලර් විසින් යුදෙව් ජනතාව සමූල ඝාතනය කිරීමේදී ඔවුන් විඳි වධ වේදනාවන් පිළිබඳ තවත් එක් කතාවකි.එහෙත් මෙය තරමක වෙනස් මුහුණුවරක් ගනී. යුදෙව් ජනතාව ඝාතනය කිරීමට නාසි හමුදාවට එක්වූ ජර්මන් තරුණයෙක් තමන් අතින් යුදෙව් ජනතාවට සිදු වූ අපරාධ වටහාගෙන ඒ පිළිබඳ පාපෝච්චාරණය කොට සිරගත කොට සිටි යුදෙව් තරුණයෙකුගෙන් සමාව ඉල්ලයි. එහෙත් ඔහුට සමාව දිය යුතු ද නැද්ද පිළිබඳව දෙගිඩියාවෙන් සිටි යුදෙව් තරුණයා සමාව දෙන්නේ නැත.ඔහු තමා ගත් තීරණය නිවැරදි දැයි ලෝකයාගෙන් අසයි. ඒ අවස්ථාවෙදී ඒ ගැන අදහස් දක්වන විද්වතුන් රැසකයේ ප්‍රකාශ මුල් කෘතියේ ඇතුළත්ය. පාඨකයා වෙහෙසන්නට නොහැකි බැවින් එම කොටස අත්හළෙමි. එහෙත් ඔහුගේ තීරණය ගැන අදහස් දැක්වීම පාඨකයාට බාරය.
Rs 480.00
The Buddha's Ancient Path
A prominent monk of Sri Lanka, well-known in both East and West, explains the central teachings of Buddhism, focusing on the Four Noble Truths and the Noble Eightfold Path. In a lively and inspired style, he explores the path in detail, citing many stories from Canon and commentaries. ‘The book is written in a firm and clear style … These interpretations, authoritative and unimpeachable, may be taken as a trustworthy guide.’ —(I. B. Horner)
Rs 350.00
The Road To Liberation
The BPS is an approved charity dedicated to making known the Teaching of the Buddha, which has a vital message for all people. 
Founded in 1958, the BPS has published a wide variety of books and booklets covering a great range of topics. Its publications include accurate annotated translations of the Buddha's discourses, standard reference works, as well as original contemporary expositions of Buddhist thought and practice. These works present Buddhism as truly is-a dynamic force which has influenced receptive minds for the past 2500 years and is still as relevant today as it was when it first arose. 
For more information about the BPS and our publications, please visit our website, or write an e-mail, or a letter to the:
Rs 80.00