Ape Shanthi Karma
Out-of-Stock
ලක්වැසි ජනතාවගේ ආගම සම්බන්ධයෙන් සලකන විට තව මත් දෙවියන්, යක්ෂයන්, භූතයන් පිළිබඳ විශ්වාස ජන සමාජයෙන් ඉවත් ව ගොස් ඇතැයි සැලකිය හැකි නොවේ.විශේෂයෙන් දකුණු ප්‍රදේශයේ පැවැත්වෙන ශාන්ති කර්ම මිනිසුන්ගේ අපල උපද්‍රව පමණක් නොව වෛද්‍ය විද්‍යාවෙන් සුවයක් ලබා ගතයුතු කායික මානසික රෝග පවා දුරු කර දැමීමට තරම් ශක්තිමත් ප්‍රතිකාරයක් ලෙස අදටත් පිළිගන්නා බව පෙනේ. ඒ නිසා ම වෛද්‍ය විද්‍යාව ඉක්මවා අභිචාර විධිවලින් සහනයක් පතා ජනතාව කටයුතු කරන අවස්ථා ද දැක ගත හැකි වේ. නන්දික බැද්දේගම මහතා ලංකාවේ විවිධ ප්‍රදේශ වල සිදු කෙරෙන යක්ෂ ශාන්ති කර්ම, ග්‍රහ ශාන්ති කර්ම හා දේව ශාන්ති කර්ම පිළිබඳ කරුණු එක් රැස් කරමින් අභිචාර විධිවලින් ජනතාව ලබන ශාන්තිය පිළිබඳ දී‍්‍රකා ශාස්ත්‍රීය විග්‍රහයක් මේ කෘතියෙන් එළි දක්වා තිබේ. මේ විෂය පිළිබඳ ව මීට පෙර විවිධ විද්වතුන් කරුණු අනාවරණය කොට ඇතත් ඒවායේ දක්නට නො ලැබෙන ඓතිහාසික තොරතුරු ද මෙයට ඇතුළත් කරමින් සකස් කොට තිබෙන නිසා සංස්කෘතිය, ජනශ්රැතිය, සමාජ විද්‍යාව, සිංහල බස වැනි විෂයයන් හදාරන ශාස්ත්‍රාභිලාෂීන්ටත් ඒ විෂය සම්බන්ධයෙන් පර්යේෂණ කාර්යයෙහි ගියුක්ත වන්නන්ටත් එක සේ ප්‍රයෝජනය ගතහැකි කෘතියක් ලෙස මෙය හැඳින්විය හැක.
Rs 350.00