Books

NewOut-of-Stock
Ape Shanthi Karma
Out-of-Stock
ලක්වැසි ජනතාවගේ ආගම සම්බන්ධයෙන් සලකන විට තව මත් දෙවියන්, යක්ෂයන්, භූතයන් පිළිබඳ විශ්වාස ජන සමාජයෙන් ඉවත් ව ගොස් ඇතැයි සැලකිය හැකි නොවේ.විශේෂයෙන් දකුණු ප්‍රදේශයේ පැවැත්වෙන ශාන්ති කර්ම මිනිසුන්ගේ අපල උපද්‍රව පමණක් නොව වෛද්‍ය විද්‍යාවෙන් සුවයක් ලබා ගතයුතු කායික මානසික රෝග පවා දුරු කර දැමීමට තරම් ශක්තිමත් ප්‍රතිකාරයක් ලෙස අදටත් පිළිගන්නා බව පෙනේ. ඒ නිසා ම වෛද්‍ය විද්‍යාව ඉක්මවා අභිචාර විධිවලින් සහනයක් පතා ජනතාව කටයුතු කරන අවස්ථා ද දැක ගත හැකි වේ. නන්දික බැද්දේගම මහතා ලංකාවේ විවිධ ප්‍රදේශ වල සිදු කෙරෙන යක්ෂ ශාන්ති කර්ම, ග්‍රහ ශාන්ති කර්ම හා දේව ශාන්ති කර්ම පිළිබඳ කරුණු එක් රැස් කරමින් අභිචාර විධිවලින් ජනතාව ලබන ශාන්තිය පිළිබඳ දී‍්‍රකා ශාස්ත්‍රීය විග්‍රහයක් මේ කෘතියෙන් එළි දක්වා තිබේ. මේ විෂය පිළිබඳ ව මීට පෙර විවිධ විද්වතුන් කරුණු අනාවරණය කොට ඇතත් ඒවායේ දක්නට නො ලැබෙන ඓතිහාසික තොරතුරු ද මෙයට ඇතුළත් කරමින් සකස් කොට තිබෙන නිසා සංස්කෘතිය, ජනශ්‍රැතිය, සමාජ විද්‍යාව, සිංහල බස වැනි විෂයයන් හදාරන ශාස්ත්‍රාභිලාෂීන්ටත් ඒ විෂය සම්බන්ධයෙන් පර්යේෂණ කාර්යයෙහි ගියුක්ත වන්නන්ටත් එක සේ ප්‍රයෝජනය ගතහැකි කෘතියක් ලෙස මෙය හැඳින්විය හැක.
New
Deviwaru saha dewala
ආදි යුගයේ පටන්ම ගෞරවයෙන් භක්තියෙන් දෙවියන්ට පුද සත්කාර කළ මිනිසා දෙවියන්ගෙන් විමුක්තියක් හෝ මෝක්ෂයක් බලාපොරොත්තු නොවීය. හැමවිටම දෙවියන්ගෙන් අපේක්ෂා කර ඇත්තේ ලෞකික ලාභ ප්‍රයෝජනයි. හින්දු සංස්කෘතිය අනුව නම් එළුවන් ගවයන් වැනි සතුන් බිලිදී යාග හෝම කොට දෙවියන්ගෙන් සතුරන් නැසීමට, ධන ධාන්‍ය සම්පත් ලබා ගැනීමට පුත්‍රයන් ලබා ගැනීමට බලාපොරොත්තු වී ඇත. එහෙත් බෞද්ධ වත් පිළිවෙත් අනුව සත්ව හිංසනය වෙනුවට පලතුරු, කැවිලි, වස්ත්‍ර මල්පහන් වැනි දේවල් පූජාවන් සඳහා පාවිච්චි කරමින් දෙවියන්ගෙන් ලෞකික ලාභ ප්‍රයෝජන ඉෂ්ට කරවා ගැනීමට කටයුතු කරන බව පෙනේ.
Rs 670.00
New
Dedimunda deviyo
බෞද්ධ ජනතාවගේ පුද පූජාවන්ට ලක්ව සිටින දෙව් දේවතාවුන් අතර දැඩිමුණ්ඩ දෙවියන්ට හිමිවන්නේ වැදගත් තැනකි. දේවතා බණ්ඩාර දෙවියන් නමින් සතර කෝරලයේ පුද ලබන මෙම දෙවියන් දිවයිනේ වෙනත් ප්‍රදේශ වලදී විවිධ නම් වලින් හඳුන්වන බව පෙනේ මෙම ග්‍රන්ථය මගින් ජනශ්‍රැතිවේද මූලධර්ම අනුව දැඩිමුණ්ඩ දේව සංකල්පය විග්‍රහ කරන අතර බැතිමතුන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් පුද පූජා විධි සහ දෙවියන් හා බැදුණු සාහිත්‍යාංග ද මෙහි ඇතුළත් කර තිබේ.
Rs 460.00
New
Sakala Sawbhagya Kedawana KiriAmma Danaya
ලොව්තුරා බුද්ධත්වය ප්‍රාර්ථනා කරනු ලබන පත්තිනි දේව මෑණියන් සම්බන්ධව නොයෙක් ග්‍රන්ථ ලියැවී ඇතත් කිරි දානය සම්බන්ධව පැහැදිලිව ලියැවුණු පාරම්පරික දැනුම ගබඩා වූ ග්‍රන්ථයක් ලක්දිව නොමැති තරම්ය.
" දළුමුර කරඬුව '' වැනි පූජනීය වූ පරම්පරාගත අභිචාර පූජා විධි පිළිබඳ දැනුම ද දැනට අප තුළින් සම්පූර්ණයෙන්ම වියැකී යාමෙන් හෙළයාගේ සාම්ප්‍රදායික සිරිත් විරිත් පවා වැනසී යමින් පවතී.
"සකල සෞභාග්‍යය කැඳවන කිරි අම්මා දානය '' පූජනීය වූත් පර්යේෂණාත්මක වූත් සාරගර්භ කරුණු ඇතුළත් ඉමහත් වටිනා කාලෝචිත ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය.
Rs 375.00
New
Indrajith Ge Kriyoddeeshaya
රාවණ පුත් ඉන්ද්‍රජිත් ගේ ක්‍රිඩීශය නම් මෙම ග්‍රන්ථය තුළ විවිධ හෝම ක්‍රම හා පූජා විධි බොහෝමයක් අන්තර් ගත අතර එම  හෝම ක්‍රම හා පූජා විධි පිළිබදව දැනුමක් ලබා ගන්නටත් උගත් ජනයාට ඒ පිළිබදව පරීක්ෂණ පැවැත්වීමටත් මෙය ඉතා ප්‍රයෝජන ග්‍රන්ථයක් වනු නොඅනු මානය.
Rs 1,640.00
New
Iperani Sinhala Lankeya Devi Devathavo
කර්තෘගෙන් වචනයක්.....
ශ්‍රී විෂ්ණු, කතරගම, පත්තිනි, නාථ, විභීෂණ ආදී මහා දෙවිවරු පිළිබඳව කව්රුත් කතා කරති. ලියති. කියවති. නමුත් ලාංකීය දෙවිවරු කෙතෙක් ද?වැඩහිටි කන්දේ සිට බින් තැන්න, වෙල්ලස්ස, වැදිරට හරහා වැව් බැඳි රටට ගොස් දකුණු ලක හරහා නැවතත් වට වන්දනාවේ ගිය ගම් නියම්ගම් ගණන දන්නේ දෙපා පමණි. ඒ මහන්සිය නිසාවට " ඉපැරණි සිංහලේ ලාංකීය දෙවිදේවතාවෝ" ඔබ අතට ගෙන ඒමට හැකි විය. තමන් තනි තනිව සිටින දෙවිවරු ඇතත් ඒ පැත්තට පෑන නොමෙහෙයවුණි.දෙවියන් මිනිසාට වඳින බව සමහරු කියති. දෙවියන්ගෙන් වැඳුම් ගත හැකි එක "මනුස්ස පුලුටක්" ලක් පොළවේ සිටී දැයි ප්‍රශ්න නොකරමි. වසර දහස් ගණනක සිට දෙවියන් පිදූවන්ට සිදු වූ හානියක් ඇද්දැයි නොදනිමි. උගුරට හොරා බෙහෙත් නෑ නොහැක.මේ පොතට කරුණු සෙවීමේ දී උපකාරී වූ වැඩහිටි කන්දේ පූසාරි වශයෙන් දිවි ගෙවූ දිවංගත ශ්‍රී සංගරම් පිල්ලේ සාමිතුමා, දිවංගත බෝදාගම විජේනායක රාළහාමි ඇතුළු අය බොහෝ ය. නම් වශයෙන් ලිවීමට දිග වැඩිය. අපහසුය.මෙහි සඳහන් දේවනාම පිළිබඳ සැකයක්ද ඉපදෙනු ඇත. අපේ මුතුන්මිත්තන්ගේ විශ්වාසයට ගෞරව කරමු. මින් යමක් උගතහැකි නම් එය මා හට මහත් මානසික සුවයකි.කරුණු රැස් කිරීමේ දී පසුගිය පනස් වසර තුළ පොතපත ද, දන්නා දේ නොහඟවා කියා උපකාර කළ හැමද සාදරයෙන් සිහි කරමි.
Rs 275.00
New
Sarvaraksha Hevath Bhuthasthambhanaya Ha Uchchatanaya
ඩී .ඩබ්ලිව්. මාරපන  ඇම් .කේ. යූ. බණ්ඩාර යන මහත්වරු දෙපල විසින් සම්පාදිත පිටු 65කින් සමන්විත සර්වාරක්ෂා හෙවත් භූතස්තම්භනය හා උච්චාටනය පොතේ  යන්ත්‍ර මන්ත්‍ර  කටයුතු සිදු කිරීමට මත්තෙන්  නොවරදවාම දැනගෙන සිටිය යුතු ඔබේ සහ අන් අයගේ ආරක්ෂාව සැලසීම සඳහා භාවිතා කරන  ආරක්ෂා මන්ත්‍ර  53ක් මෙන්ම කඩ ගෙවතු ආරක්ෂාව ,ස්ත්‍රී ආරක්ෂාව ඇදුරු ආරක්ෂාව සහ නොයෙක් දෝෂයන්ගෙන් අරක්ෂාවීමට භාවිතා කරන බලගතු මන්ත්‍ර මෙන්ම ඒවා භාවිතා කරන පිළිවෙල පිළිබඳ වටිනා තොරතුරු රැසක් මෙම පොතේ ඇතුළත් වේ.
Rs 320.00
New
Manthara manjariya
 “මන්තර මජරිය” නම් වූ මෙම කෘතිය තුළ ද ඊට බෙහෙවින් සමාන ය.මෙහි අත් බෙහෙත් නැති නමුදු දෛනික ජිවිතයේ දී මුහුණ දීමට සිදු වෙන රෝගාබාධ ඇතුළු විවිධ උපද්‍රව නිවාරණය කර ගැනීමට හැකි ගුප්ත ශාස්ත්‍රීය පිළියම් රාශියක් අන්තර්ගතය.විවිධ රෝගාබාධ, අමනුෂ්‍ය දෝෂ, වගාවට පළිබෝධ නිසා වන හානි, ඇස්වහ කටවහ, හෝවහ දෝෂ, වන සත්ව උවදුරු, සර්ප දෂ්ට නිසා සිදුවන ආසාධන පමණක් නොව තව නොයෙකුත් උපද්‍රව ජය ගැනීමට හැකි ගුප්ත ශාස්ත්‍රීය පිළියම් මෙම කෘතියේ අන්තර්ගතව තිබේ.
Rs 450.00
NewOut-of-Stock
Ravendharthadeepani
Out-of-Stock
මුළු මහත් ලෝකයේට විශිෂ්ටතම සංස්කෘතියකට උරුමකම් ඇති ශ්‍රී ලාංකික අපි සැවොම එකී  මහා ප්‍රොව ජාතියෙහි සාඩම්බර නිමිකරුවන් වෙමු. අපටම ආවේණික වූ ඇදහිලි හා විශ්වාසවලින් පූර්ණ ජාතියක් වූ ශ්‍රී ලාංකිකයින් ගුප්තවිද්‍යාවෙහි කුමන හෝ කරුණු පිළිබදව දැන සිටි භූත විද්‍යා ඇදුරන්ට විය. දෛනිත පීවන පැවැත්මේ විවිධ බාධක බිදලීමට අවශ්‍ය ගුප්ත කරුණු පිළිබඳව යම් තම්මකින් හෝ දැන සිටි බවුහු වතී විද්‍යාව කෙරෙහි ද අප්‍රමාණ විශවාසයක් ඇති අයවලුන් බව අප නම දනිමු.
නාවිතයෙකු නොමැති නෞතාවක් සේ වතී ක්ෂේත්‍රය තුළ ගමන් කරන හළයන්ට පළපුරුදු නාවතයෙකු සේ ප්‍රයෝජන ගත හැකි මේ මහා භූත විද්‍යා ප්‍රකරණය වෛද්‍යාචාර්ය පූජ්‍ය අල්ගම වන්නේ සුමනවංශ හිමියන්ගේ වති ශාස්ත්‍රය පිළිබඳ දැනුම් සම්භාරයෙහි ප්‍රතිහයති. ගුරු ගෝල බැඳීමෙන් ගම්භීරත්වය වින මේ තෘතිය ලාංකිත භූත විද්‍යා ඇදුරන්ගේ  අවධානයට යොමු විය යුතු මෙතෙන් කලක් හෙළි නොවූ රහස් කර ගත් දුර්ලභ කෘතියක් ලෙස හැදින්විය හැකිය. 
New
Roga Nivaranaya Saha Nirogi Suvaya Sadaha Dhanvantharee pudha pujaa saha sthrothra
'රෝග නිවාරණය සහ නිරෝගී සුවය සදහ ධන්වන්තරී පුද පුජා සහ ස්තෝත්‍ර' යන මෙම ග්‍රන්ථයේ අනාදිමත් කාලයක සිට පැවත එන ඉන්දීය ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය‍යේ ධන්වන්තරී නම් දෙවි කෙනෙකුගේ බල මහිමයෙන්  ලෙඩ දුක් සුව කරණ ක්‍රම ස්ත්‍රොත්‍රද අන්තර්ගත ඉතා වටිනා ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය.
Rs 200.00
NewOut-of-Stock
Kali Maniyo
Out-of-Stock
කතු වැකිය....
මා විසින් දෙවිවරුන් පිළිබඳව ලියනු ලබන පොත් පෙළෙහි සිව්වැන්න "කාලි මෑණියෝ” නමින් ඔබ අතට පත් වේ. මෙය ද අනෙක් පොත් තුන මෙන්ම දෙවි දේවතාවුන් පිළිබඳව තොරතුරු සොයා විශ්ලේෂණය කර ලියන ලද පර්යේෂණ කෘතියක් ලෙස සැලකිය හැකිය. දෙවිවරුන් පිළිබඳව ලියනු ලබන ශාස්ත්‍රීය ලේඛන, ජනශ්‍රැති අධ්‍යයනය නමැති විෂය ක්ෂේත්‍රයට අයත් වේ. මේවාට තොරතුරු ලබා ගන්නේ මිනිසුන් අතර පවතින ජන විශ්වාස සහ ජනප්‍රවාද වලිනි.
මෙම පොතේ ඇතුළත් තොරතුරු, පූජා විධි, මන්ත්‍ර, කවි පන්ති ආදිය ලබා ගෙන ඇත්තේ මුද්‍රිත හෝ අතින් ලියන ලද පොත්වලින් සහ කපු මහත්වරු, දේවගැතිවරු, ගුප්තවිද්‍යාඥයන්, දේශීය වෛද්‍යවරුන් ආදී අයගෙනි. ඇතැම් දේවගැතිවරු දුරකථනයෙන් අප විමසන ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් දීර්ඝ විස්තර ලබා දුන්හ. මන්ත්‍ර සහ කවි පන්ති ලියා එවූහ. ඔවුන් බොහෝ දෙනකු තම නම ගම ප්‍රසිද්ධ වෙනවාට මනාප නොවන හෙයින්, මෙහි දී ඒ කිසිවකුගේ නම සඳහන් නොකරන්නට වග බලා ගතිමි. එසේ වුවත් ඔවුන් සැම දෙනාටම අපගේ හෘදයංගම ස්තුතිය පුද කරන්නට මෙය අවස්ථාව කර ගනිමි.කාලි මෑණියන් ගැන ලියැවුණ මෙම පොත කුඩා පොත් පිංවක් වශයෙන් අද ඔබ අතට පත් වුවත්, අනාගතයේ දී මෙයට තවත් කරුණු ඇතුළත් කර පරිපූර්ණ පොතක් බවට පත් කරන්නට බලාපොරොත්තු වෙමි. එම නිසා කාලි මෑණියන් ගැන මෙහි සඳහන්ව නැති තොරතුරු, මන්ත්‍ර, කවි පන්ති ආදිය ඔබ දන්නේ නම් ඒවා මා වෙත ලියා එවන ලෙස ඇරයුම් කරමි.
NewOut-of-Stock
Saman Deviyo
Out-of-Stock
"සමන් දෙවියෝ " පොත පරිශීලනය කිරීමෙන් සුමන සමන් දෙවියන් පිළිබඳ වැදගත් කරුණු රැසක් දැන ගැනීමට හැකි වන අතර, ලංකාවේ විවිධ පළාත්වල දැකිය හැකි සමන් දේවාල පිළිබදවද සමන් දෙවියන් පිළිබද සදහන් ඉපැරණි ශිලා ලේඛන වැනි දේ පිළිබදවද මෙම ලිපිය මගින් කරුණු රාශියක් අනාවරණය කර ගත හැකි වනු ඇත.
New
Paththini pujawa saha shanthiya
නව සැකැසුම ගැන....
දශක ගණනාවක් ම මේ කුඩා ග්‍රන්ථය බොහෝ දෙනාට පත්ති පූජාව නිවැරදිව පවත්වා ශාන්තිය උදාකර ගැනීම පිණිස උපකාර වූවාට සැකයක් නැත. පත්තිනි දේවියගේ කතා පුවත මෙහි සැකෙවින් දක්වා ඇතත් පත්තිනි හෑල්ල නමින් දන්නා ජනසාහිත්‍යයෙහි එන ජනප්‍රිය කාව්‍ය සංග්‍රහය ගැන බොහෝ දෙනෙක් නොයෙක් වර විමැසූහ. මෙම කතා පුවතට ම සම්බන්‍ධ පාළඟ හෑල්ල නම් වූ අන්‍ය කාව්‍ය සංග්‍රහයක්ද ජනශ්‍රැතියෙහි එයි. මේ දෙකම දැනට පාඨකයාට ලබාගත හැකි බවක් නොපෙනන නිසා ඉන් පත්තිනි දේවියගේ නාමය ප්‍රමුඛ කොට රචිත පත්තිනි හෑල්ල මෙම පොතට උපෑඳියක් ලෙස ඇතුළත් කිරීමට අදහස් කෙළෙමු. කන්නගීගේ ස්වමියා වූ කෝවලන්ගේ නාමය ප්‍රමුඛ කොට රචිත පාළඟ හෑල්ල මතු පළ කෙරෙන පත්තිනි උපත හෙවත් සිලප්පදිකාරම් නමැති ග්‍රන්ථයේ සිංහල අනුවාදයට ඇතුළත් කිරීමට අදහස් කරමු.
Rs 220.00
New
Pretha Wasthuwa
මේ ප්‍රේත වස්තුව පාලි පේතවත්ථු අටුවාව සරල සිංහලයට නැඟීමෙහි ප්‍රතිඵලයකි. ඒම නිසා ප්‍රේත වස්තු කථා පහසුවෙන් තේරුම් ගැනීමට මේ ග්‍රන්ථය සහාය වෙයි.ප්‍රේත වස්තුවෙහි කථාවස්තු අතර ගාථාද දක්නට ලැඛෙයි. මේ ග්‍රන්ථයෙහි ගාථා කථා වස්තු වලට ඇතුළත් නොකොට ගාථාවන්හි අර්ථ සපුරා සිංහලයට නගා ඇත. එහෙත් ග්‍රන්ථය අවසානයෙහි ප්‍රේත වස්තුවේ සියලු ගාථා අර්ථ සමඟ දක්වා ඇත. ග්‍රන්ථයෙහි කථාවස්තූන්හි සඳහන් කොට ඇති අංක මඟින් එයින් පැවසෙන අර්ථය සහිත ගාථාව කුමක්ද යනු හඳුනාගත හැකි ආකාරයට මෙම ග්‍රන්ථය රචනා කර ඇත.
Rs 1,850.00
New
Janahada Wesena Ape Devi Gana
මිනිස් මනසේ එක් චමත්කාරජනක කලාපයක් මුර්තිමත් කරන්නකි, දේව සංකල්පය. තම සිතුවිලි පරාසයට නතු නොවූ විවිධ සාධක, ගාම්භීර, අද්භූත හා ගෞරවපූර්වක මනෝභාවයන් හා සංකලනය කරමින්, ඒවා ජීවමාන කිරීමේ මිනිස් කාර්යාවලියක හැඩරුව ජනශ්‍රැතිය' මගින් දැකිය හැකි ය. ජනකතා හා පුරාණෝක්ති අප අතට පත් වන්නේ ඒ ඔස්සේය. 'ජනහද වෙසෙන අපේ දෙව් ගණ' කෘතියේ ඇතුළත් කතා සමුච්චය සැකසී ඇත්තේ ද, ඒ ආශ්‍රිත ව ය.
Rs 680.00
New
Deviyo Saha Prethayo
සූත්‍ර පිටකයට දීඝ නිකාය, මජ්ඣිමනිකාය, සංයුක්ත නිකාය, අංගුත්තරනිකාය, ඛුද්දකන්කාය යැ' යි පෙළ පොත් පහක් ඇත. එයින් ඛුද්දකනිකායට ඛුද්දක පාඨ, ධම්මපද, සුත්තනිපාත, විමානවත්ථු, පේතවත්ථු, ථේර ගාථා, නිද්දේස, පටිසම්භිදාමග්ග, අපදාන, බුද්ධවංස, පොත් පහළොවක් අන්තර්ගත වේ. ඒ ග්‍රන්ථ විමානවත්ථුපාළි සහ පේතවත්ථු පාළි යන පොත් දෙකේ ම ඇතුළත් වන්නේ දෙවිවරුන් සහ ප්‍රේතයන් පිළිබඳ කථාන්තරය. එම කථා සංක්ෂිප්ත ව පාලි ගාථා වලින් විමානවත්ථු පාළි හා පේතවත්ථු පාළි පොත් දෙකේ දැක්වේ. ඒ කථා විස්තර සහිත ව අන්තර්ගත වෙන්නේ විමානවත්ථු අට්ඨ කථාවේ සහ පේතවත්ථු අට්ඨ කථා නම් පොත් දෙකේය. මහාචාර්ය කෝන්ගස්තැන්නේ ආනන්ද හිමියන් විසින් රචිත මෙම කෘතිය මගින් එම කරුණු ඉතා සංශිප්ත ලෙස ඉදිරිපත් කරණු  ලබයි.
Rs 300.00
NewOut-of-Stock
Sadew Lowa Vatha Gotha
Out-of-Stock
හෙළ බොදුනුවන්ගේ හද ගැස්ම මනාව වටහා ගත් අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ තම ධර්ම ප්‍රචාරය ආරම්භ කරමින් විමාන වත්ථු, පේත වත්ථු දේශනා කළ සේක. තමන් විසින් කරනු ලබන කර්මවල ඵල විපාක දැන ගැන්මේ නොතිත් ආශාවෙන් පුද්ගලයා ක්‍රියා කරනු ලැබේ. පුද්ගලයා තමා කරන කුශලා කුශල කර්මයන්ගේ විපාක ලෙස හිමිවන ස්ථාන (භවය) පිළිබඳ විස්තර මෙකී ත්‍රිපිටක ග්‍රන්ථ තුළ විස්තර වේ. " සදෙව් ලොව වත ගොත ' ග්‍රන්ථය තුළින් කාම සුගතිය සහ රූප අරූප යන බ්‍රහ්ම ලෝක පිළිබඳ කරන විස්තර කියවන අසන සැම දෙනාගේ සිත්හි ඇති කරනුයේ කුශල සිතුවිලි ය. කුශල මග පියනගන සත්වයා නිරතුරුවම සදාචාර සම්පන්න චර්යාවන්ගෙන් යුතු වේ. එවැනි පුද්ගලයන්ගේ එකතුවෙන් නිර්මාණය වන සමාජය වඩාත් ම යහපත් වේ. ඒ සඳහා වූ මග පෙන්වීමක් මෙම ග්‍රන්ථයේ විස්තර කෙරේ. එබැවින් සෑම පුද්ගලයෙකුම කියවිය යුතු ධර්ම ග්‍රන්ථයකි.
අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය මහා සංඝ සභාවේ අතිගරු මහා නායක ශාස්ත්‍රපති අති පූජ්‍ය වස්කඩුවේ රතනසිරි මහ නාහිමි
New
Guptha gaveshanaya saha dewatha swapna
මෙම කෘතිය තුළින් අතීතයේ සිට හෙලයන් විසින් පවත්වගෙන ආ කනප්පු, කුලු, පොල්, කවඩි ආදි අචේතනික වස්තූන්ට භූතයන් ආවේශ කරවා කළ හැකි විවිධ වූ අදෘෂ්‍යමාන ක්‍රියාකාරකම් දක්වා  ඇති ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකි කෘතියකි.
Rs 320.00
New
Paththini Deviyo Ha Yathukarma saha Puda Puja
ශ්‍රී ලාංකේය ජනාගමයේ සුවිශේෂී පූජනීය චරිතයක් වන පත්තිනි මෑණියන් පිළිබඳව සාරවත් ජනශ්‍රැති, මූලික කරගත් සංස්කෘතිකාංග රැසක් දක්නට ලැබේ. වෙනත් සමකාලීන දේව වන්දනයන්ට වඩා පත්තිනි ඇදහිල්ල පොදු ජනතාවගේ එදිනෙදා දිවියට සමීප වීමට එකී යාතු කර්ම මගින් ලැබී ඇත්තේ සුවිශාල අනුබලයකි. පත්තිනි දේවතාවිය පිළිබඳ පර්යේෂණාත්මක කෘති රැසක් ඇතද, එතුමිය අගයන පොදු ජනයාට පහසුවෙන් කියවා තේරුම් ගත හැකි කෘතීන් ඉතා අල්පය. මෙම කෘතිය රචනය කළේ එම අරමුණෙනි. පත්තිනි දේවතාවිය සිංහල බෞද්ධයා තුළ ගොඩ නගාගත් පූජනීයත්වයත් ඒ හා බැඳුණු සිංහලයාගේ යාතු කර්මත් පිළිබඳ සරල විමසුමක් කිරීමට මෙමගින් ප්‍රයත්න දැරීමි.
Rs 150.00
New
Sinhala Dewa Puranaya
කතෘගෙන්..
සිංහල ජනතාව අතර පුද පූජාවට ලක් වූ දෙවි දේවතාවුන් පිළිබඳ නාමාවලියක් සකස් කිරීමේ අරමුණින් මෙම අධ්‍යයනය ආරම්භ කරන ලදී. සාහිත්‍යගතව මෙන් ම මුඛ පරම්පරාගතව ද එන දෙවි දේවතා විත්ති අකාරාදි පිළිවෙළට මෙහි සංහිතා ගත කර ඇත. අපේ දෙවි දේවතාවුන් ගැන මෙ බඳු පුළුල් අධ්‍යයනයක් සිදුවන පළමු අවස්ථාව මෙය යි. මේ අධ්‍යයනය සර්ව සම්පූර්ණ යැයි නො කියමු. එහෙත් මෙහි ඇතුළත් අන්දමට අති විශාල දෙවි දේවතා සමූහයක් පිළිබඳ තොරතුරු එක්තැන් කිරීමට ලැබීම ශාස්ත්‍රීය වශයෙන් වටිනා කාර්යයකැයි සිතන්නෙමු.මෙම ග්‍රන්ථයේ ආමුඛයෙහි මූලාශ්‍ර පිළිබඳ හැඳින්වීමක් ඇත. එම මූලාශ්‍ර අංක අනුව දක්වා ග්‍රන්ථයේ පසුව එම අංකයෙන් මූලාශ්‍රය කවරේද යන්න සඳහන් කරනු ලැබේ. බේ. අනතුරුව පිටු අංකය ද දක්වා ඇත.ග්‍රන්ථයේ පළමු කොටසෙහි දී හැඳින්වීමක් වශයෙන් සිංහල දේව විශ්වාස පිළිබඳ ඓතිහාසික මෙන් ම සමාජ විද්‍යාත්මක විමර්ශනයක් ඉදිරිපත් කොට තිබේ. දෙවන කොටස දේව නාමාවලිය සඳහා ඇරුණේ ໖.මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් දෙවි දේවතාවුන්ට අමතරව වෙනත් කිසියම් දෙවි දේවතාවුන් පිළිබඳ තොරතුරු හෝ මෙහි ඇතුළත් තොරතුරු වලට නැතහොත් වෙනස් තොරතුරු හෝ කිසියම් පාඨකයෙකු සතුව ඇත් නම් එය දන්වන ලෙස කරුණා ධ්‍යාසයෙන් ඉල්ලා සිටිමු.
මෙම ග්‍රන්ථය සකස් කිරීමේ දී ඊට නොමසුව ආධාර කළ සුධීන් ගැන විශේෂයෙන් සඳහන් කළ යුතු ය. මුලාශ්‍ර සටහනේ ඔවුන්ගේ නම් සඳහන් වේ. ඒ අතුරෙන් විශේෂයෙන් සඳහන් කළ යුත්තෙක් නම් බොහෝ තොරතුරු සපයා දී මෙහි නම් ද යෝජනා කළ පියසේන කහඳගමගේ මහතායි. ඒ මහතා ඇතුළු සුධීන්ට අපගේ හෘදයංගම ස්තුතිය පුද කරමු.ග්‍රන්ථය මුද්‍රණය කිරීමේ කටයුක්ත භාරගෙන එය මනාව ඉටු කළ රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති නිහාල් අතුකෝරළ මහතා සහ ප්‍රකාශන අංශයේ නිලධාරි මහතුන් ඇතුළු කාර්ය මණ්ඩලයට අපගේ විශේෂ ස්තුතිය හිමි වේ.අත්පිටපත සකස් කිරීමේ දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂණ අර මුදලින් ලැබුණු අනුග්‍රහය කෘතවේදීව සිහිපත් කරමු.
Rs 1,250.00
New
Baudda puda puja sanskruthiya
මුල් බුදුසමයේ ප්‍රධානතම හා ආසන්නම අරමුණ අනුගාමිකයින්ට නිවන් පසක් කර ගැනීමට මගපෙන්වීමයි.එහෙත් වැඩි කලක් ගත වීමට පෙරාතුව බහුතර ගිහි සැදැහැවතුන්ගේ අවශ්‍යතාව අනුව එය මෙලොව සහ එලොව යන දෙලොවෙහිම හිතසුව පිණිස වන ජීවන මාර්ගයක් ඉදිරිපත් කරන ආගමක් බවට පත්කරගනු ලැබිණි.වෙනස් වූ ආසන්න අරමුණු දෙකක් මුදුන් පමුනුවා ගැනීම උදෙසා ස්ථර දෙකක සිට බෞද්ධ චරණය අනුගමනය කරන අනුගාමිකයින් දෙපිරිසක් බිහිවුණු බව පැහැදිලිය. බෞද්ධ පුද පූජා හා ඇදහිලි අයිති වන්නේ බහුතර බැතිමතුන් අනුගමනය කරන චරණයටය. වර්තමානයේ මේ බහුතර සැදැහැවත් පිරිස විසින් අනුගමනය කෙරෙන චරණය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට නම්, එයට පදනම් වූ පුද පූජා හා ඇදහිලි ගැන නිරවුල් දැනුමක් ලබාගත යුතුමය.
මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ මෙම කෘතියේ සුවිශේෂී වැදගත්කම වන්නේ එවන් විවිධ බෞද්ධ පුද පූජා හා ඇදහිළිවල ප්‍රභවය, විකාසය මෙන්ම බහුතර ගිහි අනුගාමිකයින්ගේ ආසන්න අරමුණ මුදුන් පමුණුවා ගැනීමට එය කෙතරම් අදාළ වන්නේද යන්න බෞද්ධ දෘෂ්ටිකෝණයෙන් පිරික්සා බලා ඉතා සරලව හා සුගමව පැහැදිලි කර තිබීමයි.
සනත් නානායක්කාර
Rs 1,550.00
New
Graha dosha haraniya
උපතේ සිට ජීවත් වන කාල පරාසය තුළ ස්ත්‍රියකට හෝ පුරුෂයකුට හෝ ලොකු කුඩා සැමට ඇති වන මාරක ඒරාෂ්ටක අපල, අවුල් වියවුල්, බරපතළ රෝග පීඩා, ධන හානි, පවුල් ජීවිතවල බිඳ වැටීම් සිදු වන බව රහසක් නොවේ. ජීවිතයේ කිනම් අවස්ථාවක හෝ එවැනි ගැටලු උදා වනු ඇත.එහෙත් නිවැරදි කේන්ද්‍රයක් තුළින් නිවැරදි පලාඵල කථනය කරන්නකුට එය ප්‍රකාශ කළ හැකිය. මේ නිසා සෑම කෙනෙක්ම හය මාසයකට, අවුරුද්දකට වරක්වත් කේන්ද්‍රය බලවා ගත යුතුව ඇත. නිවැරදි කේන්ද්‍රයක් තුළින් සත්‍ය ප්‍රකාශ විය යුතුය. එසේ නොවීම නිසා උත්පත්ති කේන්ද්‍රය ද ප්‍රතික්ෂේප කරන්නෝ වෙති.කෙසේ වෙතත් ග්‍රහයින් අස්ථානගත වීම, වක්‍ර වීම, ගමන් කිරීම, විරුද්ධ රාශියකට පැමිණීම මහාදශා අතුරු දශා කාලවල නීච දුර්වල ග්‍රහයින්ගේ බලපෑම් මත ජීවිතයට බලපාන ගැටලුවලින් මිදීම සඳහා මේ කුඩා ග්‍රන්ථයෙන් ඔබට පැතිකඩ කීපයක් පෙන්වා ඇත. එයින් එකකින් හෝ කීපයකින් හෝ සහනයක් ලබා ගැනීමට ඔබට වාසනාව ඇතැයි මම විශ්වාස කරමි.මෙම ග්‍රන්ථය සකස් කිරීමට ඇදුරු ඩබ්ලිව්. සෝමදාස මහතාගෙන් ලැබුණ මග පෙන්වීම අගේ කොට සලකමි. ගුප්තබල ධර්ම බල යන්ත‍්‍ර මන්ත්‍ර සහ මහමන්ත‍්‍ර විද්‍යාව පරිශීලනය කරන පාඨකයින්ගේ ඉල්ලීම පරිදි ලියූ කුඩා ග්‍රන්ථයකි මේ.
ඊබට් අමරසේන
Rs 160.00
The Buddha's Ancient Path
A prominent monk of Sri Lanka, well-known in both East and West, explains the central teachings of Buddhism, focusing on the Four Noble Truths and the Noble Eightfold Path. In a lively and inspired style, he explores the path in detail, citing many stories from Canon and commentaries. ‘The book is written in a firm and clear style … These interpretations, authoritative and unimpeachable, may be taken as a trustworthy guide.’ —(I. B. Horner)
Rs 350.00