Books

Tholsthoyi Thagor saha Gandhi
'තොල්ස්තෝයි තාගෝර් සහ ගාන්ධි ත්‍රිකෝණගත ත්‍රිමූර්තිය' යන මෙම කෘතිය තුළින් ඩබ්ලියු.ඒ.අබේසිංහ මහතා විසින් එකම කෘතියක් තුළින් තිදෙනාම එක් කොට ඉතා විශ්ලේෂණාත්මක අයුරින් පෙර පරිදි ත්‍රිකෝණගත ත්‍රිමුර්තියක් ලෙස ඉදිරිපත් කර ඇති මෙම කෘතිය ලොකු කුඩා සියලු දෙනා හට ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 200.00
Shreshta Charitha - 4
ඉතිහාසයෙහි තම නම සටහන් කරමින් ඉතිහාසය ගොඩ නැගීමට මෙන්ම සමාජය නව මං කරා පිවිසවීමට, එය වෙනස් කිරීමට මූලික මෙහෙයක් ඉටු කළ පුද්ගලයන්ගේ චරිත වලින් අපට ලබා ගැනීමට හැකි ආදර්ශ බොහෝ ය. මෙම මෙහෙවර ඉටු කිරීමෙදි ඔවුන්ට මුහුණ පෑමට සිදු වූ ගැටළු. ඔවුන් ඒවාට සාර්ථක ලෙස විසඳුම් සොයාගත් අයුරු ඔවුන්ගේ ජීවන දැක්ම හා ජිවන ආකල්ප පිළිබඳ කිසියම් දැකීමක් ඔවුන්ගේ චරිත වලින් අපට ලබාගත හැකි අතර ශ්‍රෙෂ්ඨ චරිත-4 යන මෙම කෘතිය තුළින් ඉතිහාසයේ සිටි එවැනි ශ්‍රෙෂ්ඨ චරිත කිහිප දෙනෙකු පිළිබදව රසවිදින පාඨකයා හට මනා විශ්ලේෂනාත්මක දැනුමක් ලබා ගත හැකිය. 
Rs 400.00
Out-of-Stock
Yuropiya chinthanaya bauddha punarudaya ha olkot
Out-of-Stock
යුරෝපීය චින්තනය. බෞද්ධ පුනරුදය හා ඔල්කොට් නම් වූ මෙම කෘතිය  ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමාගේ ජීවිත කථාවත්, එතුමා ගෙන් ලංකාවේ බෞද්ධ පුනරුදයට හා විශේෂයෙන් බෞද්ධ අධ්‍යාපනයට සිදු වු සුවිශේෂ මෙහෙවරත් සම්බන්ධයෙන් හැදෑරීමට ඇති ඉතා සාර්ථක නිබන්දයක් වන අතර  ඊට හේතුව කතුවරයා යොදා ගෙන ඇති තුන්කොන් දෘෂ්ටි කෝණයයි; එනම් යුරෝපීය පසුබිම. බෞද්ධ පුනරුදය හා ඕල්කට් තුමාගේ භූමිකාවය. ඉතා වැදගත් මේ පුස්තුතය දෙස බලන මෙම අපූර්ව දෘෂ්ටි කෝණය කෘතියට නැවුම් බවක් එක් කිරීමට සමත් වී ඇත. බුද්ධි ප්‍රබෝධයකට, රස වින්දනයකට මෙන් ම ජාති හිතෛෂි භාවයකට පාඨකයා රැගෙන යන අපූර්ව කෘතියක් ලෙස මෙම කෘතිය හැදින්විය හැකිය.
Srimath Walisingha Harishchandra Charithaya
කතුවරයාගෙන්...
මේ කුඩා පොතේ අන්තර්ගත වන්නේ බෝධිසත්ව ගුණෝපේත ශ්‍රීමත් බ්‍රහ්මචාරි වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා ගේ චරිත කථාව යි. මෙය සම්පූර්ණ චරිත  කථාව නොව එතුමා ගේ චරිත ය පිළිබඳ ව දැන ගත යුතු මූලික කරුණු ස්වල්පයක් බව දතයුතු ය. මෙතුමා ගෙන් සිංහල ජාතියට හා සම්බුද්ධ ශාසනයට සිදු වූ සේවාව අතිමහත් ය.
අනුරාධපුර ශුද්ධ නුවර පිහිටි සිද්ධස්ථාන හා මිහින්තලා පුදබිම මිසදිටුවන් ගෙන් බේරා දීමට මුල් වී ක්‍රියා කළේ මෙතුමා ය. නාරන්විට සුමනසාර හිමියන් හා එක් වී මහා සෑයේ සංවර්ධන කටයුතු සඳහා මහත් වූ සේවාවක් සිදු කළේය. මෙතුමා ජීවත් වූයේ වසර තිස්හයක් වැනි කෙටි කාලයකි. ඒත් ඒ කෙටි කාලය තුළ දී රට පුරා යමින් සිදු කළ දේශනා ගණන අතිමහත් ය. දහස් ගණනකි. ග්‍රන්ථ දහ තුනක් ද සම්පාදනය කළේය. බුදු සසුන වෙනුවෙන් මුළු ජීවිතය ම කැප කළේය. ඒත් මේ තොරතුරු කිසිවක් මේ කාලයේ සිටින බහුතරයක් දෙනා නොදනිති. දැන ගැනීමට මගක් ද නැත.කරුණු මෙසේ පවතින බැවින් ' ශ්‍රීමත් බ්‍රහ්මචාරි වලිසිංහ හරිශ්චන්ද්‍ර චර්තය' නම් වූ මේ කුඩා පොත සම්පාදනය කළෙමි. මේ පොත මුල සිට අග දක්වා කියැවීමෙන් ශ්‍රීමත් බ්‍රහ්මචාරි වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා පිළිබඳ ප්‍රමාණවත් අදහසක් ලබා ගැනීමට හැකිවනු ඇතැ'යි සිතමි.
Rs 400.00
Out-of-Stock
Wanniyalaththo
Out-of-Stock
වනපෙත පරම්පරා උරුමයයි. මහකැලය ජීවන අඩවියයි. දඩමං - අලිමං - උරමං සේම, අධිමං දිගේ සැරිසරනුයේ සහජිවන සබැඳියාවෙනි. වනපෙත සතා සිව්පාවා හා සොබාදහමේ අස්පර්ශය සංස්කෘතික සම්ප්‍රදායට ඔව්හු පරම්පරා ලේ උරුමයෙන් උරුමක්කරුවෝ වෙති. ඌරුවරිගෙ වන්නිය ලැත්තෝ බිහිවන්නේ ආදිවාසී සියලු ජන සම්මුතීන් හා නායකත්ව ජන්ම ලාභය උත්පත්තියෙන් කරපින්නා ගෙන ය. ආදිවාසී පරම්පරා උරුම සුරැකීම සිය සනුහරේ ඇත්තන්ගේ ජීවන සුරක්ෂාව වත්මන් නායක වගකීම් අතර ප්‍රධානය. වනදිවියේ සිරිත් විරිත්, වත්පිළිවෙත්, කිලි, තහංචි, ජනවිශ්වාස, ඇදහිලි හා ජනසම්මුතීන් ඉදිරියට පවත්වා ගෙන යෑමේ අභියෝග වන්නිය ලැත්තෝ සතු ප්‍රධාන වගකීමකි.
"වන්නියලැත්තෝ" චරිතාපදානය සම්මානිත ලේඛක ජනශ්‍රැතිවේදී ගුණසේකර ගුණසෝම සාකච්ඡා ඇසුරෙන් ප්‍රබන්ධිත මානව පුස්තක වියමනකි. එමඟින් ආදිවාසී උරුමයන් ලේඛනාරූඪ කර මතු පරපුර උදෙසා සුරක්ෂා කර තිබේ. කොටස් පොජ්ජ දාසයකින් අන්තර්ගතය සමන්විත මේ චරිතාපදානය යනු: ආදිවාසි සියලු ජනශ්‍රැති එක මිටකට කැටිකර වැදි වහර හා සිංහල ගද්‍ය ශෛලීය කදිමට ඈඳාගත් චරිතාපදානයකි. එහෙයින් වන්නියලැත්තෝ' චරිතාපදානය වූ කලී, ආදිවාසි ජනශ්‍රැති, වාග්ග්විද්‍යා, සංස්කෘතික මානව විද්‍යා, පරිසරවිද්‍යා, ජීව විද්‍යා, ශාකවිද්‍යා, වෛද්‍ය මානවවිද්‍යා, සෞඛ්‍ය විද්‍යා, සොබාදම් විද්‍යා, මෘදු කුසලතා සංවර්ධන විද්‍යා, අස්පර්ශනීය සංස්කෘති උරුම පමණක් නොව ඉතිහාස මුලාශ්‍ර ආදී අධ්‍යයන විෂය මූල රැසක එකතුවකි. එහෙයින් වන්නියලැත්තෝ' චරිතාපදානය සිරිලක ආදිවාසි විශ්ව කෝෂයකි.
මහින්ද කුමාර දළුපොත
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය
Out-of-Stock
Predictive Astrology
Out-of-Stock
Astrology can be considered a useful branch of knowledge only if its concepts and principles could be applied to assess the personality and life of a person, and to look into the years ahead to tell him as to what is in store for him.
The Signs, Houses and Planets are the three basic factors which need to be understood clearly for developing successful predictive ability. In PREDCTIVE ASTROLOGY--AN INSIGHT, rules and facts pertaining to each of these factors have been given and the effect of one factor on the other has been analysed in a very comprehensible and instructive manner.
Jyothishaye Nopenena Manaya
ජ්‍යෝතිෂයේ නොපෙනෙන මානය නැමැති මෙම කෘතිය ආචාර්ය පියසේන රතුවිනාන මහතා විසින් රචනා කර ඇති අතර කෙනෙකුගේ ජන්මපත්‍රයේ උපන් වේලාවේ සිට මරණය දක්වා ගමන් කරන මේ භව ගමනේ දී ජ්‍යෝතිෂයට අනුව තමන්ට බල පිහිටන ග්‍රහයන්  කවරෙක්ද ? එසේ තම තමන්ගේ ජිවිත වලට එවැනි ග්‍රහයන් බලපැවැත් වෙන්නේ කෙසේද ? එසේම ජ්‍යෝතිෂයේ ගුප්ත ස්වභාවය, නොපෙනෙන මානය යන මෙවැනි දේ පිළිබදව ඉතා පුළුල් විශ්ලේෂනයකින් අනතුරුව එළිදක්වන ලද ඉතාමත් වටිනා   කෘතියක් ලෙස හැදින්විය හැකිය. 
Rs 425.00
Sonduru kadallata vasthu vidya athvalak
නිවසක් තැනීමේදී හා පවත්වාගෙන යාමේදී ජ්‍යොතිෂ විද්‍යාත්මකව සලකා බැලිය යුතු බොහෝ කරුණු ගෘහ මූලිකයන් විසින් හා නිවාස සාදන්නත් විසින් මගහැරීම නිසා එම නිවසට සිදුවන බොහෝ අපල උපද්‍රව වලින් පීඩා විඳීමට නිවැසියන්ට සිදුවේ. නමුත් මෙවැනි ගැටලු පිළිබඳව නිවැරදි ජ්‍යොතිෂ ශාස්ත්‍රානුකූල විධික්‍රම නිසි පරිදි අනුගමනය කළ හොත් ඒවා සාර්ථකව විසදා ගැනීම අසීරු නොවේ.
වාස්තු විද්‍යාව සහ ජ්‍යොතිෂ පිළිබඳව සඟරා සහ පුවත්පත් ආදියට නිරන්තරයෙන් ලිපි සපයන ඩී. එම්. නිලන්තකුමාර ධනසේකර මහතාගේ මෙම ප්‍රයත්නය බොහෝ දෙනාගේ ඉමහත් අස්වැසිල්ලට හේතුවනු නොඅනුමානය. 
Rs 400.00
Jeevithayata Jeyathishaya
ජිවිතයට ජ්‍යෙතිෂය නැමැති මෙම කෘතිය මගින් ජීවන ගැටලු රැසකට ජ්‍යෙතිෂයෙන් පිළියම් දෙන ආකාරය පිළිබදව ඉතා සංශිප්ත ලෙස කරුණු ගොනු වූ කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 430.00
NewOut-of-Stock
Nelson Mandela
Out-of-Stock
නෙල්සන් මැන්ඩෙලා 20 වන හා 21 වන සියවසේ ලෝක දේශපාලන ඉතිහාසයට එක්වන්නේ වර්ණභේදවාදයට හා අධිරාජ්‍ය වාදයට එරෙහි අප්‍රිකානු ජාතික විමුක්තිය සඳහා වූ අරගලය තුළ විවිධ ස්වරූපයෙන් සිය බුද්ධිමය, දේශපාලන හා සංවිධානමය ශක්‍යතාව යොදා ගනිමින් අධිපතිවාදී ලෝක දේශපාලනයට අභියෝග කරමින්, ගෝලීය යුගයෙහි දකුණු අප්‍රිකාව තුළ නිදහස් ජාතික රාජ්‍යයක් ගොඩනගා එය ජාතික සංහිඳියාවේ හා සංවර්ධනයේ මාවතට යොමු කළ අද්විතීය මානවවාදියෙකු ලෙසය. වාර්ගික, ජාතික හා සංස්කෘතික බහුවිධත්වයකින් යුත් දකුණු අප්‍රිකාවට පමණක් නොව ලෝකයේ බොහෝ රටවලට ආදර්ශයට ගත හැකි නව දේශපාලන සංස්කෘතියක සමාරම්භය සඳහා මාර්ගය විවෘත කළ සුවිශේෂී දේශපාලනඥයෙකු වූ නෙල්සන් මැන්ඩෙලාගේ එම දුෂ්කර වූද, නිර්භීත වූද, සාර්ථක වූද ප්‍රයත්නයට හේතු පාදක වූ පසුබිම, දර්ශනය, දැක්ම හා උපාය මාර්ග පිළිබඳ විවරණයක් තුෂානි බුළුමුල්ල නෙල්සන් මැන්ඩෙලා චරිතාපදානය කෘතිය මගින් ඉදිරිපත් කර තිබේ.
New
Saddarmapundarika Suthraya Kumarajeeva Himiyange China Parivarthanaya
මහායාන ධර්ම ග්‍රන්ථ අතුරින් ඉතා ම උසස් වූ ධර්ම ග්‍රන්ථයක් ලෙස ජාත්‍යන්තර වශයෙන් අතිශයින් සම්භාවනීය වූ සාහිත්‍ය කෘතියක් ලෙස  සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය සැලකෙන අතර. මහායානිකයන් කියා සිටින්නේ මෙම සූත්‍රය බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර අතුරින් ඉතා ම මූලික වූ සූත්‍රය වන බව යි. එමෙන් ම ඓතිහාසික වශයෙන්ද මෙය ඉතා පැරණි වන බව විචාරකයෝ කියා සිටිති. බුද්ධ දේශිත මුල් ම සූත්‍ර අතුරින් මෙය ප්‍රධාන තැන් ගන්නා බව මහායානිකයන්ගේ අදහස වන අතර 'සද්ධර්මපුණ්ඩරීක සූත්‍රය' කුමාරජීව හිමියනන්ගේ චීන පරිවර්තනය ඇසුරින් මහාචාර්ය ලියොන් හුර්විට්ස් මහතාගේ ඉංග්‍රීසි පරිවර්තනය ඇසුරින් මහාචාර්ය ගුණපාල ධර්මසිරි මහතා විසින් සිංහලයට පරිවර්තනය කර ඇති ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 2,000.00
New
Akasha Gangavarohana Indeeya Charika Satahan
සිංහල පර්යටන සාහිත්‍යයට අභිනවයෙන් එකතු වන ආකාශ ගංගාවරෝහණ නමැති මෙම කෘතිය විචිත්‍ර දෘශ්‍යමානය විනිවිදිමින් අපගේ අසල්වැසි රාජ්‍යය වෙලා ගත් අඳුරුබර සමාජ යථාර්ථයෙන් බිඳක් මෙසේ සංජීවනී රූපසිංහ මහත්මිය විසින් අප හමුවේ තබයි.
Rs 1,000.00
New
Budu himi pahasin pin bimak wu mahiyanganaya
" බුදුහිම් පහසින් පින් බිමක් වූ මහියංගණය * නම් වූ මෙම ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථය. 2011 වර්ෂයේ දී ප්‍රකාශිත. "පැරණි ලක්දිව බුදු සිරිපා පහස ලද මයියංගණය " නමැති කෘතියේ සංශෝධිත පිටපතකි. 2026 වර්ෂය වන විට සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් ව වසර 2615 ක්ද සම්මා සම්බුදු රජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් ව වසර 2570 ක් ද සම්පූර්ණ වේ. ඒ නිමිත්තෙන් බෞද්ධ ජනහදවත් වල බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරනු පිණිස, අලුතින් ඇතුළත් කරන ලද පරිච්ඡේද කිහිපයකින් ද සමන්විත ව පාලි ත්‍රිපිටකය, අට්ඨ කථා, මහාවංස, දීපවංස වැනි ප්‍රාමාණික ප්‍රාථමික මූලාශ්‍රයන් ද වෙනත් ද්විතීයික හා තෘතීයික මූලාශ්‍රයන් ද පරිශීලනය කොට සම්පාදනය කරන ලද මෙම ග්‍රන්ථය, මා හැඟි ධර්ම ශාස්ත්‍රීය සම්ප්‍රදානයකි.
Rs 750.00
New
Sammukha Deva Prasadaya Ammaduva Kuda Kataragama Devalaya
අම්මඩුව කුඩා කතරගම දේවාලය පිළිබඳ සවිස්තර විග්‍රහයක් අන්තර්ගත වන මේම කෘතිය සාර්ථක පර්යේෂණ නිබන්ධනයක ස්වරූපයක් ගනියි.දේවාලයේ අතීතය, දේවාල පරිශ්‍රය, වත්පිළිවෙත් සහ ඇසළ පෙරහර ආදී සංස්කෘතික අංග මෙන්ම, කතරගම දෙවියන් පිළිබඳ පුරාවෘත්ත ඇතුළත් වන හෙයින්, දේවාලය පිළිබඳ පූර්ණ චිත්‍රයක් නිර්මාණය වෙයි. තේමාවට අදාළ වන විශ්වසනීය තොරතුරුවලින් සමන්විත වන හෙයින් මේම කෘතිය පාඨකයන්ට වඩාත් ප්‍රියමනාප වනු නොඅනුමානය.
Rs 1,000.00
New
Seevali Maharahathan Wahanse
'සීවලී මහා රහතන් වහන්සේ' නම් මෙම කෘතිය තුළ මින් භද්‍ර කල්ප ලක්ෂයකට පෙර පියමතුරා සම්බුද්ධ රාජයාණන්ගෙන් ප්‍රථම විවරණ ලැබීමෙන් අනතුරුව අපගේ උත්තම ගෞතම ශ්‍රී පාද මූලයේ ප්‍රත්‍යලාභීන් අතර අග්‍රස්ථානයද, විශ්වයේ අනන්තයටත් වඩා අපරිමිතසාගරයේ පත්ලටත් වඩා මහා ගැඹුරැති වදන් නමැති මායාවෙන් පවසා අවසන් කළ නොහැකි අවබෝධයෙන්ම වටහා ගත යුතු ඒ නිමල බුදු දහම වටහා ගත් උත්තරීතර සීවලී සමිඳාණන් පිළිබදව සදහන් වේ.
Rs 600.00
New
Jayathilaka Saha Suraweera
කර්තෘ සටහන...
මෙම කුඩා පොතට ඇතුළත් වනුයේ, මවිසින් කේ. ජයතිලක තෙමස් අනුස්මරණ උත්සවයේදීත්, ඊට කලින් පැවැත්වුණු මහාචාර්ය සුරවීර අභිනන්දන උත්සවයකදීත් කරන ලද දේශන දෙකක පිටපත්ය.පළමුවැන්න කථන රීතියෙන්ද, දෙවැන්න ලේඛන රීතියෙන්ද සම්පාදනය වී ඇති බැව් පාඨකයින්ට පෙනී යනවා ඇත.මේ දේශන දෙකම, එකී විද්වතුන්ගේ සාහිත්‍ය මෙහෙවර පිළිබඳව කරන ලද පූර්ණ විමර්ශනයක් සේ නොසැලකුව මැනවි
Rs 150.00
New
Seewali Maha Rahathan Wahanse
ශ්‍රී සම්බුද්ධ ශාසනයේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ අතරින් සජෝතිමත්ව බැබළුණු රහතන් වහන්සේ නමක් වන සීවලී මහා රහතන් වහන්සේ ප්‍රත්‍යලාභීන් අතර හා සිවු පසය ලද්ද වුන් අතර අග්‍රස්ථානය ලබා ගත්තේය. ගෞතම බුදුරජාණන් වහන්සේ වෙතින් මෙම තනතුර ලබා ගන්න උන්වහන්සේ කල්ප ලක්ෂයක් පෙරුම් පිරූහ. එම ගමන් මඟ මෙම කෘතිය තුළින් විස්තර කෙරේ
Rs 250.00
New
Maha rahathun daka ganimu
'සංයුක්ත නිකාය - පඨම පාස සූත්‍රයෙහි' දේශිත උපදේශය අනුසාරයෙන් නිවන් මග පසක් කිරීමෙහි යුහුසුළු වන හා නිවැරදි බුදු දහම පිළිබඳ ගවේෂණයෙහි යෙදෙන නූතන සමාජයට ශාස්ත‍්‍රිය මෙන්ම සරලව තේරුම්ගත හැකි කෘතියක් ලෙස "මහ රහතුන් දැක ගනිමු" කෘතිය ප්‍රසම්පාදිතය. ධර්ම ඥානාභිලාෂී ජනයාට මෙමගින් ත්‍රිපිටකයෙන් හෙළිවන ' මහ රහතන් වහන්සේ' පිළිබඳ දහම් කරුණු නිවැරදිව ග්‍රහණය කර ගැනීමට මග පෙන්වයි. මහ රහත් සංකල්පය පිළිබඳව මෑත යුගයේ පළවුණු විශිෂ්ටත ම කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 250.00
New
Maliyadewa maha rahathan wahanse (Gaweshanathmaka adyanayak)
'මලියදේව මහ රහතන් වහන්සේ '  යන මෙම කෘතිය මලියදේව මහ රහතන් වහන්සේ පිළිබදව ගවේෂණාත්මක අධ්‍යයනයකින් අනතුරුව නාලිනී සුසීලා දිසනායක මහත්මිය විසින් රචනා කොට පඨක ඔබට පිළිගන්වනු ලබයි.
Rs 413.00
NewOut-of-Stock
Kisagothami Maha Rahath Theraniya
Out-of-Stock
කර්තෘ වැකිය...
" කිසාගෝතමී මහ රහත් තෙරණිය වනාහි ගෞතම බුදුරදුන් ගේ ශාසනයේ රූක්ෂ චීවරධාරී භික්ෂුණන් අතුරින් අග්‍රස්ථානය ලබා ගත් මහ රහත් තෙරණින් වහන්සේ යි. කිසාගෝතම් කථා පුවතථෙරවාද බෞද්ධ ලෝකයා අතර අතිශයින් ම ප්‍රකට ය. ලොකු කුඩා සියලු ම දෙනා කිසාගෝතමී කථා පුවත ගැන මැනවින් දනිති. එය එසේ වුවත් මෙතුමිය ගේ ශුද්ධ වූ චරිතයට අදාළ තොරතුරු පෙළ අටුවාහි ඒ තරම් ම ප්‍රකට නැත.
තරමක හෝ විස්තරයක් සපයා ගැනීමට පිහිට වන්නේ "මනෝරථ පූරණි” නම් වූ අංගුත්තර නිකායට්ඨ කථාවත්, " පරමත්ථදීපනී" නම් වූ ථෙරී ගාථාට්ඨ කථාවත්, ථෙරී අපදාන පාළියත් ය. එසේ ම ධම්ම පදට්ඨ කථාවේ සහස්ස වර්ග වර්ණනාවේ කිසාගෝතමී ථෙරි වස්තුවත්, බ්‍රාහ්මණ වර්ග වර්ණනාවේ කිසාගෝතමී ථෙරී වස්තුවත්, සද්ධර්ම රත්නාවලියේ කිසාගෝතමීන්දෑ ගේ කථා වස්තුවත් වැදගත් ය."
New
Duwille Raduna Piya satahan
ක්‍රි.පූ. පළමුවන සියවසේ සිට වර්තමානය දක්වා දිවෙන බුදුරදුන්ගේ චරිතාපදාන සිය ගණනක් ඇති නමුත්, කිසිදු සුවිශේෂත්වයක් නොමැති ව, ඒ හැමෙකක ම පාහේ දැකිය හැක්කේ, ත්‍රිපිටකයෙන් අහුලාගෙන තිබෙන කරුණු කිහිපයක් බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් සියවස් ගණනාවකට පසු ඇති වූ ජනප්‍රවාද සමග මිශ්‍ර කිරීමකි. ඔස්ට්‍රේලියානු බෞද්ධ භික්ෂුවක වූ එස්. ධම්මික විසින් රචිත මෙම පොත, බුදුන් වහන්සේ සහ උන් වහන්සේගේ ඉගැන්වීම් පිළිබඳ පැරණිතම වාර්තාව වන පාලි ත්‍රිපිටකයේ ඇති තොරතුරු පමණක් භාවිතා කරමින් ගන්නා ප්‍රවේශය වෙනස් එකකි. බුදුන් වහන්සේ දැන සිටි ලෝකය - එහි ආගම සහ සංස්කෘතිය පිළිබඳ සජීවී හා සවිස්තරාත්මක - විස්තරයක් ලබා දීමෙන් අරඹන කතුවරයා, ඉන්පසු කරන සඳහනෙහි ඇත්තේ, ත්‍රිපිටකය පුරා විසිර තිබුණ බුදුන් වහන්සේ සම්බන්ධ පොඩි පොඩි තොරතුරු රාශියකි. උන් වහන්සේ කෙබඳු කෙනෙක් ද යන්න පිළිබඳ චිත්‍රය පරිපූර්ණ එකක් වන්නේ, ඒවා සියල්ල එකට එකතු කළ විට ය. බුදුන් වහන්සේගේ උස, මහත සහ පෙනුම, උන් වහන්සේගේ ගමන් බිමන්, උන් වහන්සේ පිළිබඳ විවිධ පුද්ගලයින් සිතු දේ, උන් වහන්සේගේ දෛනික චර්යාව සහ ඉගැන්වීමේ විලාසය සහ වඩාත් ම වැදගත් ලෙස, උන් වහන්සේගේ අසාමාන්‍ය ඉවසීම සහ කරුණාව පිළිබඳ විස්තරයක් මේ පොත අපට සපයන අතර, බුදුන් වහන්සේ ගැන අපට කියනු ලබන සහ සැමවිට ම අප විශ්වාස කර තිබෙන බොහෝ දේ ත්‍රිපිටකයෙන් සොයාගත නොහැකි බව ද අපි මෙයින් උගනිමු. එහි ප්‍රතිඵලය වන්නේ, සැබෑ මිනිසෙකු පිළිබඳ යථාර්ථවාදී සහ බලගතු චිත්‍රයකි. සවිස්තරාත්මක තොරතුරු ඉදිරිපත් කිරීමකට සූක්ෂම ලෙස යොමු කර ඇති මේ පොත, ඉතිහාසයේ වැදගත් ම චින්තකයෙකු හොඳින් දැන හඳුනා ගැනීමට කැමති ඕනෑම කෙනෙකුට අත්‍යවශ්‍ය කියවීමක් වනු ඇත.
හෘදරෝග විශේෂඥ වෛද්‍ය උපුල් විජයවර්ධන
Rs 1,500.00
New
Buduhu Wada Wesathi
කතෘ හිමියන්ගෙන්...
පිරිනිවනට සම්බන්ධ වන ලක්ෂණ පරිනිර්වාණ ධාතුවට වැඩම කරන බුදුපියාණන් වහන්සේගේ මනෝ ධාතුවට ද අදාළ විය හැකිය යන හැඟීමෙන් යුක්තව බුදුහු වැඩ වෙසෙති' නමැති මේ කුඩා නිබන්ධනය නිත්‍ය මංගල, නිත්‍ය සුන්දර පරම රමණීය, ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති, සදාකාලික සැප ඇති, ශාන්තප්‍රණීත, අමෘත මහා නිර්වාණ ධාතුවක් පිළිබඳව 'තෙර බස' වදාළ පැරණි සඟපිය උතුමන් වෙතබැති සිතින් යුතුව පිරිනමමි.
Rs 150.00
New
Atawisi Budurajanan Wahanse Saha Poya Dolaha
ඉපදෙමින් මැරෙමින් සසර පුරා එක් රූපයකින් ඉපිද මැරී නැවත වෙනත් රූපයකින් නැවත ඉපදෙයි. මෙම සසර ගමන නවතාලීම සඳහා බුදුවරු ලොව පහළ වෙති. දෙව්ලොව හා බඹ ලොවට වඩා මනුලොව මිනිසාට පින් රැස්කර ගත හැකි අවස්ථා බහුලයි. ලොව පහළ වූ බුදුවරු සංඛ්‍යාව අප්‍රමාණය. එම බුදුරජාණන් වහන්සේලා හා ගෞතම බුදුරජාණන් වහන්සේගේ කල්පයේ හා පෝය දොළහ පිළිබඳව සවිස්තරව කරුණු ඇතුළත්ව ඉදිරිපත් කර ඇති ග්‍රන්ථයක් ලෙස 'අටවිසි බුදුරජාණන් වහන්සේලා සහ පෝය දොළහ' හැදින්විය හැකිය.
මෙම ධර්ම ග්‍රන්ථය සම්පාදනය කිරීමෙහි ලා කතුවරයා විසින් සද්ධර්මරත්නාකරය, පූජාවලිය, සද්ධර්ම රත්නාවලිය. සද්ධර්මාලංකාරය වැනි කෘතිවල කරුණු ගුරුකොට ගෙන ඇත.
Rs 800.00
New
Jothiya Maha Rahathan Wahanse
මේ කුඩා ග්‍රන්ථයේ විස්තර වන්නේ ජෝතීය මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිතකථාවයි. මුන් වහන්සේ ද අසු මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරට අයත් නොවූවද, ගෞතම බුදුසසුන තුළ ප්‍රකට එසේ ම ප්‍රමුඛ මහ රහතන් වහන්සේ තමකි. බොහෝ දතා අසා ඇත්තේ මුන් වහන්සේ පැවදි වීමට පෙර භාවිත කළ 'ජෝතිය සිටුතුමා යන නමයි. දානයක් පුදා පින් අනුමෝදන් කරබා විට ස්වාමින් වහන්සේලා ජෝතිය. ජ්වල, මෙණ්ඩක, පූර්වාක, ලෝකවලිය. ධනජය ආදී මහ සිටුවරුන් මෙන් මහත් වූ සැප සම්පත් ලබා......... යනාදී වශයෙන් දේශනා කරණු අපට අසන්නට ලැබේ.
මෙසේ ජෝතිය සිටු යන නම අසා ඇතත් එතුමා ගේ චරිත කථාව දන්නේ ඉතා සුළු පිරිසති. එය ඉතා පැහැදිලි සත්‍යයකි. ජෝතිය මහ රහතන් වහන්සේ ගිහි සමයේ මගධයේ අගනුවර වූ රජගහ නුවර වාසය කළ අමිතයභෝගී මහා සිටුවරුන් පස්දෙනා අතුරින් එක් අයෙකි. අවසානයේ කෝට් කෝට් ගගාතක අතිමහත් වූ ධනයත් තමා සතුව පැවති ඒ අසිරිමත් මහා ප්‍රාසාදයත් යන මේ සැම අලුකම ලූ කෙළ පිඬත් මෙන් ඉවත දමා බුදු සසුනේ පැවදි බව ලැබ කල් නොයවා සියලු කෙළෙසුන් නසා උතුම් වූ මහ රහත් භාවයට පත් ව භව ගමන අවසන් කළහ. සැබෑවිත් ම මුන් වහන්සේ ගේ චරිත කථාව ඉතා විසිතුරු ය. දානයේ ආනිශංස. පිනේ බලවත්කම මේ ශුද්ධ වූ චරිත කථාව ඇසුරින් මැතවත් දත හැක. මෙහි සඳහන් කර ඇති තොරතුරු හැරයනු විට මුන් වහන්සේ හේ පැවිදි ජිවිතයට අදාළ තොරතුරු පෙළ අටුවාහි දක්නට නැත.
Rs 350.00