Books

Mul Budu Samaya Ha Madyamaka Darshanaya
මෙම පොත කියවීමෙන් පසු මගේ තුන් ප්‍රණාමයකි. සත්ත්වයා පිළිබඳව ගැඹුරු වුත් විස්තීර්ණ වූත් දැනුම් ප්‍රවාහයක් ඉදිරිපත්කොට ඇති බුදුන් වහන්සේටත්, උන්වහන්සේ ලොවට දුන් සංස්කෘතියටත්, එතරම් සංකීර්ණ නොවූ මෙම දැක්ම කියවීමට පහසු මන්න්පිනවන බසකින් මුත් පරිසමාප්තව ඉදිරිපත් කොට ඇති මහාචාර්ය භික්ඛු මිහිත හිමිටත් ය.
ආචාර්ය හෙල් මුත් බර්කාට්, ටොරොන්ටෝවේ රයර්සන් බහුතාක්ෂණික සරසවියේ භෞතික විද්‍යා මහාචාර්ය: 'විද්‍යාව සාමය උදෙසා' (Science for Peace) සංගමයේ සභාපති
Rs 750.00
Kotte Sahithya Yugaya
කෝට්ටේ සාහිත්‍ය යුගය යන මෙම කෘතිය තුළ කෝට්ටේ සාහිත්‍ය යුගයට අයත් සාහිත්‍යය, සමාජ, සංස්කෘතිය දේශපාලන පසුබිම පිළිබදව විස්තර රැසක් ගැබ් වී ඇති ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකි අතර මෙය සිංහල සාහිත්‍යය ඉතිහාසය උගන්වන සහ ඉගෙනගන්නා ගුරු-සිසු දෙපාර්ශවයම පරිශීලනය කළ හැකි ප්‍රමාණික ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය.
Rs 708.00
Sinhale Henri Marshal
වෛද්‍ය හෙන්රි මාර්ෂල් ම සිය සංඥාපනයේ පවසන පරිදි ඔහු 1808 දී ලංකාවට පැමිණියේ ය; කන්ද උඩරට රාජධානිය අත්පත් කරගැනීම සඳහා 1814 දී සංවිධානය කළ හමුදාවේ පළමු වන සේනාංකයට අයත් වූයේ ය. 1816 සිට 1821 තෙක් උඩරට පළාත්වල ජ්‍යෙෂ්ඨ ම වෛද්‍ය නිලධරයා වූයේ ය.මේ නිසා ම වෛද්‍ය හෙන්රි මාර්ෂල් කන්ද උඩරට රාජ්‍යය ඉංග්‍රීසින් හට අත්පත් වීම හා 1818 උඩරට නිදහස් සටන ද යන, අප රටට අතිශයින් ම වැදගත් වූ චෙතිහාසික අවස්ථාවන්හි සාක්ෂ්‍ය කරුවෙකි; සිංහලයේ අන්තිම රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ හා කතාබස් කළ තැනැත්තෙකි; කැප්පෙටිපොළ මහ නිලමේ සිය මරණයට වීරෝදාර ලෙස මුහුණ දුන් අයුරු දෑසින් දුටු වාර්තාකරුවෙකි. අද අප ගේ ජාතික වස්තුවක් වන ඒ වීරයා ගේ හිස් කබල රැකුණේ ද ඒ අවස්ථාවේ දී මේ වෛද්‍යවරයා වය ආරක්ෂා කරගැනීමට කටයුතු කළ නිසාය.
දහනව වන සියවසේ ලංකාව පිළිබඳ ව යුරෝපීයයන් ලියූ අනෙක් කෘතිවලට වඩා මේ කෘතිය සුවිශේෂ වනුයේ වෛද්‍ය මාර්ෂල් මෙය රචනයේ දී දක්වා ඇති මධ්‍යස්ථ භාවය නිසා ය. එහි දී ඔහු හා සම වනුයේ වෛද්‍යවරයකු ම වූ ජෝන් ඩේවි පමණි. එයට අමතර ව, ලංකාව පිළිබඳ ව ඒ වන විට පළ ව තිබු ග්‍රන්ථයන් ගෙන් ද නොපළ වාර්තා සටහන්, දිනපොත්, ලියුම්, හමුදා වාර්තා සටහන් ආදි බොහෝ මූලාශ්‍රයයන්ගෙන් ද උපුටාගත් කරුණු වලින් මේ ග්‍රන්ථය පිරි පවතී.
Rs 950.00
Parapuraka Jeewaka
කතෘගෙන්...
මෙම නවකතාව සඳහා බුදුන් වහන්සේටත් වෙදකම් කළ ජීවක කෝමාරභච්ච වෙදැදුරුතුමා ප්‍රස්තුත කරගත්තේ එම චරිතය තුළින් විද්‍යමාන වන ආයුර්වේද වෙදකමේ මූලික සිද්ධාන්ත වර්තමානයට ගැළපීමට ඇති උවමනාවත්, ඔහු නිසා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට ලැබෙන පූජනීය බවත් නිසාය. මහා ඉතිහාසයක් ඇති ඇයුර්වේදය තුළ ජීවක යනු යුග ගණනාවක් එකට යා කරන සමත් පුරුකක් යැයි මට සිතේ.සියවස් ගණනාවක් ගෙවී ගිය ද ජීවකගේ නම අද ද අප සිහිපත් කරනුයේ ආශ්චර්යවත් මිනිසෙකු ලෙස ය. කටු චිකිත්සාව වැනි එකල ඉන්දියානුවන් නොදැන සිටි ප්‍රතිකාර ක්‍රම, වර්තමානයේ දී සලකනුයේ මෙම ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයාගේ සොයා ගැනීමක් ලෙසිනි. තායිලන්තයේ සම්බාහන චිකිත්සකයෝ ජිවක කෝමාරභච්චයින් තායි සම්බාහනයේ පියා ලෙස සලකති. චීන ජාතිකයන් ඔහුව සලකනු ලබන්නේ සියලු පුරාණ වෛද්‍යවරුන් අතරින් ශ්‍රේෂ්ඨතමයා ලෙස ය. සංස්කෘත සහ ටිබෙට් අනුවාදයනට අනුව, පිටක විසින් සිදු කළ වෛද්‍ය ප්‍රාතිහාර්යයන් හේතුවෙන් ඔහුව "වෛද්‍ය රජු " ලෙස තුන් වතාවක් එවකට රාජ සභාව විසින් පිළිගෙන නම් කර තිබේ. එබැවින්, " තෙවරක් ඔටුනු පැළඳි වෛද්‍යවරයා * ලෙස ද ඔහුව හැඳින්වේ.
ජීවක දිවි පෙවත තුළ අති දක්ෂ වෙදැදුරෙක් මෙන්ම දැහැමි බොදු උපාසකයෙක් ද සිටී. වෙදැදුරු තුළ සැඟවුණු ආධ්‍යාත්මික ශක්තිය එම උපාසකයා වීම අවිවාදිත ය. භාග්‍යවතුන් වහන්සේටත් වෙදකම් කිරීම එක පසෙකි. නීරෝගීකම උදෙසා ශාසනයට උචිත ඇවතුම් පැවතුම් නිර්දේශ කිරීමට තරම් භාග්‍යවතුන් වහන්සේට සමීප උපාසකයෙක් වීම තවත් පසෙකි. තම භව දුක් නිරෝධය සඳහා ආර්යගාමී වීම මේ සියල්ලටම වඩා උතුම් ගුණයකි.
Rs 1,200.00
Lankawa:kalu suddange palana samaya-2 kotasa(1948-2024)
නීතිඥ ආචාර්ය චන්ද්‍රසිරි විජයවික්‍රම මහතා විසින් රචනා කරන ලද ලංකාවේ කළු සුද්දන්ගේ පාලන සමය දෙවන භාගය නැමැති මෙම කෘතිය තුළ ලංකාවේ තිබෙන භූමි අසමමිතිකතාවය, භූගෝලවිද්‍යා අවපාලනය ,බුදු දහම හා භූගෝලවිද්‍යා නීතිය යන සාධක මත රටට තිරසාර සංවර්ධනයක් ළගාකර ගත හැකි ආකාරයත් තවත් එවැනි ඉතා වටිනා මතෘකාවන් බොහෝමයක් පිළිබදවත් මෙම කෘතිය තුල සාකච්චා කරණු ලබයි.
Rs 1,400.00
Punchi rahula Hamuduruvo
මේ මහරු කවිය පැන නැගිය හැක්කේ සැබෑ ලෙස ම බුද්ධ පුත්‍රයකු වීමට වීර්යය වඩන, එහි දී ජන්මයෙන් ම බුදුන් වහන්සේ ගේ පුතණුවන් වූ රාහුල පොඩි හාමුදුරුවන් ගේ චරිතය ආදර්ශයක් කොටගත් හදවතකින් ම ය. රාහුල හාමුදුරුවන් ගැන ලියැවුණු පතපොත ඇතත් තවත් රචනයක් කරන්නට සිත් වූයේ ළමා පරපුරට එයින් වන මහඟු යහපත නිසා යැයි ගත් කතුවර මහ නාහිමිපාණෝ පෙරවදනෙහි ලා පවසති.
රසයෙන් පරිපූර්ණ කමනීය බස් වහරක් යොදා ගනිමින් කරුණ රසයෙන් ළමා හදවත් මුදු - මොළොක් කර කීකරුකමේ හා ගුණ ගරුක බවේ ආදර්ශයන් යළි අත් නොහැරෙන සේ ඒ හදවත්වලට ඇතුළු කිරීමට මේ කෘතිය සමත් වනු නිසැකය. එපමණක් නො වේ. බුදු රජාණන් වහන්සේ කරුණා භරිතහදින් කුඩා රාහුල හිමියනට සලකන අයුරු, උපදෙස් දෙන අයුරු, උගන්වන අයුරු මෙහි ලා අප මහ නාහිමිපාණන් අතින් මනෝහර ලෙස සිතුවම් කැරෙන්නේ සිය දරුවන් කෙරෙහි, සිය සිසුන් කෙරෙහි පැවැතිය යුතු ආකාරය පිළිබඳ ව ගුරු-දෙගුරුන් ද නැවත නැවතත් සිතීමට යොමු කරවමිනි. මේ අප සැම ගේ හදෙහි මෙත් කරුණා ගුණාංගයන් අමතමින්, මුළු මහත් සමාජය ම 'බුදු හිමි - දහම් උණුසුම' පතන සමාජයක් බවට පත් කරලීමේ ශක්‍යතාවෙන් යුත් මහාර්ඝ ළමා කෘතියකි.
Rs 180.00
Piyasamara
කෘතිය ඇසුරෙන්...
නව (වත්මන්) අනුභූතීන් හෘදයාංගමය ලෙස ප්‍රකාශ කිරීමට උචිත කව්බසක් නිපදවා ගැනීමට සමත් වීම පිය සමරෙහි සුව්ශේෂ ජයග්‍රහණයයි. අර්ථ සංක්ෂේපණය, අලංකාරෝක්ති පිටු දැක ස්වාභාවික ව කළ රචනය, වස්තු විෂයයට ම ගැළපෙන විරිතආදී වශයෙන් නූතන රසිකයන් ගේ හද බැදගන්නා ලක්ෂණ රැසක් එහි වේ. ඖචිත්‍ය ගුණයෙන් පිය සමර කිසිදු කවකට දෙ වැනි නො වේ.
මුල් වරට පිය සමර ප්‍රකාශයට පත් කරමින් ජයන්ත වීරසේකරයන් ඊට සැපයූ සංඥාපනයට හා ව්වරණයට අමතර ව මහාචාර්ය පී. බී. මීගස්කුඹුර, ගුණදාස අමරසේකර සහ ශ්‍රීනාත් ගණේවත්ත විසින් සැපයුණු විචාර ලිපි 3ක් මේ සංස්කරණයට ඇතුළත් ව ඇත. පිය සමර පිළිබඳ අපූරු රසදීමක් වන මහාචාර්ය මීගස්කුඹුර ගේ ලිපිය සිංහල කාව්‍ය විචාරයට නව මානයක් එක් කරයි. කව්බසෙහි විශේෂතා පිළිබද වත් වත්මනට උචිත කව්බසක් නිපදවා ගැනීමට ගතයුතු මග පිළිබඳ වත් අමරසේකර සිය ලිපියෙන් විශද කොට දක්වයි
Rs 400.00
Buddha s Physician The Story Of Jivaka Komarabhacca
In Jivaka's life, we see both a talented physician and a devoted Buddhist layperson. It is undeniable that the spiritual power hidden within the physician is that of the devotee. Providing treatments to the Blessed One is only one aspect of his life. Being a close devotee of the Blessed One and capable of recommending appropriate health practices for the Sangha is another. Above all, his pursuit of the Arya path for the cessation of his own suffering from the cycle of birth is his most admirable quality.
Rs 1,200.00
Prabandhopadeshaya
'' අදහස් ප්‍රකාශ කිරීම සමාජ ජීවිතයෙහි ඉතා උත්තම කාර්යයෙකි. දන්නවුන් ගේ දැනුම් දැනැ, නොදන්නෝ ද දන්නෝ වෙති. සමාජය ගුණඥානාදි උත්තම මනුෂ්‍ය ධර්මයෙන් වැඩෙනුයේ ඒ මඟිනි. අධ්‍යාපනයේ උසස් මැ අංගයෙක් නම් එකකු ගේ අදහස් සෙස්සවුන්ට ඉඳුරා පවසන්නට පුරුදු කිරීම යි.
“කො පමණ මහත් ගණනක් ශාස්ත්‍ර මාතෘකා දත ද අදහස් නිරාකූල ලෙස රසවත් ලෙස බලවත් ලෙස වදිනා ලෙස පැවැසීමේ ශක්තිය නැත්තේ ශාස්ත්‍ර ලෝකයෙහි අත්‍යන්ත ප්‍රමාණයේ දුර්වලයෙකි. එ හෙයින් ශික්ෂකයෙක් වේවා, ශිෂ්‍යයෙක් වේ වා, ඉතා මහත් උත්සාහයක් කළ යුත්තේ ප්‍රබන්ධනයෙහි ශක්තිය වඩා-ගැන්මට යැ. වහලක් නැති වැ එය කළ හැක්කෝ විරලයෝ යැ. මාතෘකාව පමණක් ලැබුණු කලැ උඩ බැලියැ හැකි, බිම බැලියැ හැකි, කාලය අවසන් වන්නට ළං වූ විටැ යම් කිසි ප්‍රලාපයක් ලියා සුසුමක් හෙළා ගෙදර බලා ගිය හැකි. ස්වෛරී වැ ප්‍රබන්ධයක් කිරීමේ විශිස්ටෝපදේශ ලැබුණ හොත් කරුණු මෙයට ඉඳුරා වෙනස් වන්නේ යැ. මේ පොත ඒ බඳු උපදේශාංශුවක් දෙති යි සිතම් හ. " 
Rs 690.00
Out-of-Stock
Mulika Koriyanu Bhashawa
Out-of-Stock
මූලික කොරියානු භාෂාව නම් මෙම ග්‍රන්ථය සම්පාදනය කළ පාක් හියුන් ජො කතුවරිය දකුණු කොරියාවේ යොංහි (Kyunghee University) විශ්ව විද්‍යාලයෙන් කොරියානු භාෂාව සහ සංස්කෘතිය පිළිබඳ ප්‍රථම උපාධිය ද, එම සරසවියෙන්ම කොරියානු භාෂාවේ ව්‍යාකරණ සම්බන්ධව ශාස්ත්‍රපති උපාධියද, එම සරසවියෙන්ම කොරියානු භාෂාව සහ සංස්කෘතිය පිළිබඳ පුළුල් මෙන්ම නිරවද්‍ය දැනුමක් ලබාදීමේ උදාර අරමුණෙන් යුක්තව ග්‍රන්ථ සම්පාදනයට එළඹීම මහත් භාග්‍යයකි. කොරියානු භාෂාව පිළිබඳ කෘතහස්තදැනුමකින් තොර පුද්ගලයන් අතින් කොරියානු භාෂා දැනුමත්, අභ්‍යාසලාභීන්ට EPS-TOPIC විභාගය සඳහා අවශ්‍ය මඟ පෙන්වීමක් ලබා දීමට මහඟු අත් වැලක් වනවාට කිසිදු සැකයක් නොමැත.
1993 - 2004 දක්වා Kyo-weon" Keumjatab, Kyoshin ආයතනයන්හි ද 2005 සිට 2011 දක්වා Hongik" Sejong, Kyunghee සහ චීනයේ Chinghwa යන විශ්ව විද්‍යාල වලද, 2011 සිට මේ දක්වා EPS-TOPIC විභාගාපේක්ෂකයන් සඳහා දේශන පවත්වමින් ද, කොරියාවෙහි විදේශ ශ්‍රමිකයන් උදෙසා සමාජ සුභ සාධන වැඩසටහන් යටතේ 2004 වසරේ සිට පුරා වසර හතරක් කොරියානු භාෂාව පිළිබඳ ඉගැන්වීටම් කටයුතුවල යෙදෙමින් ද ලබා ගත් පරිචය, මෙම ග්‍රන්ථ සම්පාදනයෙහි ලා බෙහෙවින් ඉවහල් වී තිබේ. "කොරියානු භාෂා අධ්‍යයනයේදී විදේශිකයන්ට අත්වැලක්" නමින් කොරියානු භාෂාවේ ව්‍යාකරණ සම්බන්ධ ග්‍රන්ථයක් රචනා කළ ඇය "Speak Korean for Sri Lanka" නම් ග්‍රන්ථය රචනයෙහි දැනට නිරතව සිටින්නීය.භාෂා ව්‍යවහාරය සම්බන්ධයෙන් මාර්ගෝපදේශකත්වය ලබා දෙමින් මෙම ග්‍රන්ථයේ ප්‍රශස්ත භාවයට දායකවීමට හැකි වීම ගැන බෙහෙවින් සතුටු වන අතර, මෙබඳු ග්‍රන්ථයක් රචනා කිරීම සම්බන්ධයෙන් පාක් හියුන් ජො කතුවරියට ප්‍රශංසනාත්මක ගෞරවය පුද කරමි. " මූලික කොරියානු භාෂාව " නම් වූ මෙම ග්‍රන්ථය ශ්‍රී ලාංකේය දූ දරුවන්ට කොරියානු භාෂාව අධ්‍යයනයේ දී ඉමහත් සේ සරණ වන බව සොම්නසින් ප්‍රකාශ කරමි.
ආචාර්ය චන්ද්‍රා කරුණාරත්න
කොරියානු භාෂාව පිළිබඳ කථිකාචාර්ය ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය
Deshiya Yak Thovil Ha Nuthana Batahira Ranga Shilpa Krama
වෛද්‍ය වන්දන අබේවර්ධන සිය දර්ශනපති උපාධිය සඳහා කැලණිය විශ්ව විද්‍යාලය වෙත ඉදිරිපත් කළ 'දේශීය යක් තොවිල් හා නූතන බටහිර රංග ශිල්ප ක්‍රම නම් නිබන්ධය පාඨ ග්‍රන්ථයක් ලෙස පාඨකයා අතට පත්වී මම බෙහෙවින් අගය කරමි. පිස්කැටර්. බ්‍රෙස්ට්. ආටෝ, ග්‍රොටොස්හි ආදි නූතන බටහිර රංග කලා පර්යේෂකයන් ආසියාතික රංග කලාව ගැන විවිධ පර්යේෂණ සිදුකොට ඇතත්, ශ්‍රී ලාංකේය ශාන්තිකර්ම සම්ප්‍රදායේ ශක්‍යතා වටහා ගැනීමට උත්සාහ කොට නොමැත.
වකි රංග වේදීන් ආසියාතික රංග කලාවේ ඇතැයි හඳුනාගත් සියලු සාධහිය ලක්ෂණ දේශීය ශාන්තිකර්මයෙහි අන්තර්ගත වී ඇති ආකාරය විශ්ලේෂණාත්මක ව විග්‍රහ කෙරෙන මෙම කෘශියේ එකී කරුණු සනාථ කිරීම සඳහා ප්‍රමාණවත් ලෙස නිදසුන් සපයා ඇත. බටහිර වෛද්‍ය වදනව හැදැරීමෙන් කතුවරයා ලබා තිබූ විශ්ලේෂණ හැකියාට මානව ශාස්ත්‍ර අධ්‍යයන හා පර්යේෂණ සඳහා බෙහෙත් ප්‍රයෝජනවත් විය. ගැඹුරු ශාස්ත්‍රීය අධ්‍යයන කෙරෙහි ලැදියාවක් දක්වන මෙවැනි පර්යේෂකයකුට උපදෙස් දීමට අවස්ථාව ලැබීම භාගයක් කොට සලකමි. මෙම නිබන්ධයෙන් ගවේෂණය කොට ඇති බොහෝ තොරතුරු රංග කලාවේ නව මංපෙත් සොයා යන්නන්ට අගනා පිටිවහලක් වනු ඇත.
මහාචාර්ය මංගලිකා ජයතුංග
Rs 1,295.00
Bauddha Dharmacharya Wibhagaya Sadaha Sva Adhyana Patamalava
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් බෞද්ධ දහම් පාසැල් වල විද්‍යාර්ථීන් සඳහා වාර්ෂිකව පවත්වනු ලබන බෞද්ධ ධර්මාචාර්ය විභාගයට නියමිත ථෙරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම්, බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය, අභිධර්මය, බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය, බෞද්ධ සමාජ දර්ශනය යන විෂය නිර්දේශයන් ආවරණය වන පරිදි ප්‍රශ්නෝත්තර ස්වරූපයෙන් ගුරුපදේශ රහිතව ස්ව අධ්‍යයන පාඨමාලාවක් ලෙස කේ. ජී. දිසානායක මහතා විසින් පළකරන ලද මෙම ග්‍රන්ථය  පාසැල් වල විද්‍යාර්ථීන් හට මහගු පිටුවහලක් වනු ඇත. 
Rs 1,200.00
Aristotle saha Bharatha
1984 වර්ෂයේ මහාචාර්ය ඒ. වී. සුරවීරගේ ඇරිස්ටෝටල් කාව්‍ය ශාස්ත්‍රය නම් කෘතිය ප්‍රකාශයට පත් වීමෙන් දේශීය සාහිත්‍ය කලා අධ්‍යයන විෂය පථය පුළුල් වූයේ ය. දැන් ඇරිස්ටෝටල් සහ හරතමුනි යන විශාරදයන්ගේ නාට්‍ය සාහිත්‍ය සංකල්ප විෂයෙහි පූර්ණ අධ්‍යයනයක් ලෙස සැලකිය හැකි 'Aristotle and Bharata' නම් කෘතියේ සිංහලානුවාදයක් සම්පාදනය කිරීම ද දේශීය සාහිත්‍යකලා විචාර මාර්ගයේ තවත් සන්ධිස්ථානයක් වනු ඇත. නාට්‍ය කලාවටත්, සාහිත්‍යයටත් අදාළව ග්‍රීසියේ ද භාරතයේ ද විසූ අග්‍රගණ්‍ය විද්වතුන් දෙදෙනෙකුගේ මතවාද පිළිබඳ ප්‍රාමාණික අධ්‍යයනයක් වෙත සිංහල පාඨකයා සමීප නොවීමේ අඩුපාඩුව මහාචාර්ය සුරවීර අතින් සම්පූර්ණ වන්නේය.
Rs 450.00
Duka Dina Jayagath Hapannu
දුක දිනා ජයගත් හපන්නු නම් මෙම කෘතියට නවයුගය පුවත් පතේ පුරා අවුරුද්දකට වැඩි කලක් නොකඩවා පළ වූ ජනප්‍රිය විශේෂාංග පෙලක එකතුවක් ලෙස හැදින්විය හැකි අතර නූතන සමාජයට ඉතා වටිනා නිර්මාණයක් වනු නොඅනු  මානය.
Rs 750.00
Krutheema Buddhiyen Nivan Dakeema
කතෘතුමාගෙන්...
බුද්ධත්වයට පත්වීමේ හැකියාවක් කෘත්‍රිම බුද්ධියට (AI) ඇතැයි ද, බෞද්ධයාගේ අවසාන ඉලක්කය වන නිර්වාණය කරා ළඟා වීමට ද කෘත්‍රිම බුද්ධියට ඉහළ විභවයක් ඇතැයිද,** අපරදිග බොහෝ තැන්හි කතා වන මොහොතක, ඒ පිළිබඳව ගැඹුරෙන් විමසා බැලීමේ උවමනාවක් මට ඇතිවුණි. මේ පොතඔබ අතට පත් වන්නේ ඒ හේතුවෙනි.කෘත්‍රිම බුද්ධියේ ප්‍රඥාවට ළඟා විය හැකි ලෞකික උච්චස්ථානයට බුදු දහමේ අග්‍රඵලය ලඝු කිරීම සැහැල්ලුවෙන් සැලකිය හැකි නොවේ. මෙම ග්‍රන්ථය මවිසින් ලියන්නට යෙදුණේ මේ කාරණය පැහැදිලි කිරීමටය. ඒ සඳහා බුදු දහමේ උගන්වන හේතුඵලවාදය වන පටිච්ච සමුප්පාද ධර්මය කේන්ද්‍රීය කර ගැනුණේ මිනිසාගේ සාංසාරික පැවැත්ම ඇසුරෙන් මෙවන් මතයන්ට පිළිතුරු සෙවිය යුතු නිසාය.
කෘත්‍රිම බුද්ධිය නිර්වාණ අවබෝධය කිරීමත්, කෘත්‍රිම බුද්ධිය ඇසුරෙන් එහි සහය ලබා මිනිසුන් වන අප නිර්වාණ අවබෝධය ලබා ගැනීමත් එකිනෙකට වෙනස් සංකල්ප දෙකකි. බුද්ධිමත් මිනිසුන් හැටියට අප විසින් කළ යුතු වන්නේ නිර්වාණාවබෝධයට නවීන තාක්ෂණික මෙවලම් කුමන ආකාරයකින් පිහිටාධාර කරගත හැකි දැයි සොයා බැලීමයි. මේ පොත එවැන්නකට ද ඔබගේ දෙනෙත් පාදනු ඇත.
Rs 750.00
Purathana lakdiwa
පූජ්‍ය ඇති පොළ මංගල හිමියන් විසින් ගිහියෙකු ලෙසද යතිවරයකු ලෙස ද ලියන ලද ශාස්ත්‍රීය ලේඛන සිය ගණනකි. ඒ අතරින් ලියවිලි දහයක් තෝරාගෙන පුරාතන ලක්දිව නමින් ග්‍රන්ථයක් මෙලෙස ප්‍රකාශයට පත්කොට තිබිම අගය කළ යුතුය. මංගල හිමියන් වඩාත් ගැඹුරින් අධ්‍යයනය කර ඇත්තේ යටත් විජිත සමයේ ඉතිහාසය පිළිබඳවය. එම යුගය පිළිබඳව දැනට ජීවත්ව සිටින ප්‍රාමාණික උගතුන් කීපදෙනා අතර උන්වහන්සේගේ නම ඉහළ ස්ථානයක ලා සැලකිය හැකිය.කෙසේ වුවද, මේ ග්‍රන්ථය සඳහා මංගල හිමියන් තෝරාගෙන ඇත්තේ පුරාතන ඉතිහාසය පිළිබඳව උන්වහන්සේ විසින් ලියන ලද ලිපි දහයකි. ඒවා අනුරාධපුර සහ පොළොන්නරු යුග වලට අදාළ විවිධ මාතෘකා අළලා ලියවී ඇත. මේ ලිපි මගින් තමන් වහන්සේ පුරාතන ඉතිහාසය පිළිබඳව ද තම දැනුම සහ නිපුණතාව ප්‍රකට කරනු ලැබ ඇත. ඉතිහාසය යනු හුදෙක රජවරුන් බලයට පත් වීම සහ ඔවුන් විසින් කරන ලද කටයුතු පමණක් නොවන බව මේ ග්‍රන්ථයේ ඇතුළත් ලිපි වලින් මනාව තේරුම්ගත හැකිය. ඉතිහාසය දෙස මානව විද්‍යාත්මක දෘෂ්ටියකින් බැලීමට මංගල හිමියන්ට හැකි බව මේ ලිපි මාලාවෙන් පැහැදිලිය. ශ්‍රී ලංකාව හඳුන්වන ලද පැරණි නම් අසූ හතක් පිළිබඳව මෙහි ප්‍රථම ලිපියට විෂය වී ඇත. මෙරට පුරාණ ගම, වැව්. කාසි, ආහරණ සහ සෞඛ්‍යය පිළිබඳව ලිපි දෙකක් ද මෙරට විසූ මහා රජවරුන් දෙදෙනෙකු වන විජයබාහු සහ පරාක්‍රමබාහු ගේ කාර්යය සාල්‍ය පිළිබඳ ලියවී ඇති ලිපි දෙකෙන් එම ශ්‍රේෂ්ඨයින් ශාස්ත්‍රීය ලෙස හඳුන්වා දීමට කටයුතු කර ඇති ආකාරය ප්‍රසංශනීයය.
පූජ්‍ය ඇති පොළ මංගල හිමියන් දශක ගණනාවක් තුළ ශාස්ත්‍රීය ලෝකයට කළ මෙහෙවර අනාගත පරපුර වෙත මෙලෙස ග්‍රන්ථානුගතව ඉදිරිපත් කිරීමට විවේකය සහ අවස්ථාව ලැබේවායි ද නව පර්යේෂණ මගින් අප සැම දැනුවත් කිරීමට උන්වහන්සේට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි.
මහාචාරය අනුර මනතුංග, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරල්
Rs 1,410.00
Kendaraya Ha Palapala Kiyana Hati
කේන්දරයක් සකස් කිරීම පහසු කාර්යයක් වුවද ඒ අනුසාරයෙන් නිවැරැදි සත්‍ය වූ පලාපලයක් ගොඩනැගීම ගැටලු සහගතසංකීර්ණ වූ ක්‍රියාවකි. එම ගැටලු අවම කරමින් නිවැරැදි සත්‍ය අනාවැකි ප්‍රකාශයට පත්කිරීම සඳහා අත්‍යාවශ්‍ය ජ්‍යොතිෂාංඝ රාශියක එකමුතුවක් ලෙස 'කේන්දරය හා පලාපල කියන හැටි' කෘතිය එළි දක්වා ඇත.
ග්‍රහ යෝග, සංයෝග, ගෝචරය, ග්‍රහ සංකුලතා, වර්ගීකරණය, බලාත්මක භාවය, ප්‍රබල ශුභා ශුභයන් ආදි කරුණු පලාපලය සඳහා උපයෝගී කරගන්නා අන්දම පැහැදිලි කර ඇත්තේ විවිධාකාරයේ උදාහරණ සහිතවය. එබැවින් ජ්‍යොතිෂ සිද්ධාන්තපිළිබඳ සැකහැර කරුණු අධ්‍යයනය කිරීමට හැකිය. අනතුරුව අනාවැකි ප්‍රකාශ කිරීම සඳහා යොදා ගන්නා සියලු මාර්ගෝපදේශ සරලව දක්වා තිබීම මෙම කෘතියේ ඇති විශේෂත්වයකි.
Rs 1,090.00
Out-of-Stock
Mathakaya Amthaka weema Saha Dimenshiyava
Out-of-Stock
ලංකාවේ වයෝවෘද්ධ ජනගහනය වැඩි වෙමින් පවතින අතර, වර්තමාන අතිධාවනකාරී ආර්ථික රටාව සමඟ ජනතාවගේ ජීවන තත්වය වෙනස් වී ඇත. විශේෂයෙන්ම සාම්ප්‍රදායික ජන සමාජයේ දක්නට ලැබුණු සාමූහික පවුල වෙනුවට, කුඩා පවුල් වැඩි වෙමින් පවතී. ඩිමෙන්ෂියාව අනාගතයේ දී රටේ සෞඛ්‍ය පද්ධතියට මෙන්ම ජන සමාජයට ද මුහුණ දෙන්න සිදුවෙන ප්‍රබල අභියෝගයක් විය හැක.කලක් තිස්සේ මහා බ්‍රිතාන්‍යයේ සේවය කළ මනෝ වෛද්‍ය විශේෂඥ ඩග්ලස් මුල්ගිරිගම මහතා මෙම තත්වය හඳුනා ගෙන මෙම කෘතිය ලිවීම ප්‍රශංසා සහගත ය. රෝගය ඇතිවීමට බලපාන සාධක, රෝග ලක්ෂණ, අවදානම් පිරිස්, අවදානම් සහගත තත්වයන්, ප්‍රතිකර්ම හා සමාජීය කළමනාකරණය ආදී වැදගත් කරුණු රැසක් මෙම ග්‍රන්ථයෙන් සාකච්ඡාවට ලක් කර ඇත. සාමාන්‍ය ජනයාගේ අවබෝධය වැඩි වර්ධනය කිරීම සඳහා සිංහල බසින් ලියැවුණු පොත්පත් හා ලේඛන ඇත්තේ අල්පයකි. එබැවින් සරල බස් වහරක් උපයෝගී කර ගනිමින් රචනා කර ඇති මෙම කෘතිය ඩිමෙන්ෂියා රෝග තත්වය පිළිබඳ සාක්ෂරතාව ඉහළ නැංවීමට හේතු වනු ඇතැයි සිතමි.
මනෝ වෛද්‍ය විශේෂඥ සජිවන අමරසිංහ මනෝ වෛද්‍ය උපදේශක, ජාතික මානසික සෞඛ්‍ය රෝහල,
සභාපති, ශ්‍රී ලංකා මනෝ චිකිත්සක විද්‍යාලය
Patichcha Samuppada Dharma Niyamaya Saha Nivan Maga
කතෘතුමාගෙන්...
සංසාර ගමන භයානක දුක් සහිත ය. නුවණැති බෞද්ධයාගේ පරම අභිලාෂය විය යුත්තේ මේ සංසාරයෙන් මිදී නිවන් දැකීමයි. නිවන් මඟ ගිය හැක්කේ බුද්ධෝත්පාද කාලයක මිනිස් භවයක් ලැබූ අයෙකුට පමණ ය.අපි මේ ජීවත් වන්නේ ගෝතම බුරජාණන් වහන්සේගේ ධර්මය ලොව පවතින කාලයේ යි. බුද්ධෝත්පාද කාලයක් පහළ වන්නේ කල්ප ගණනකට පසුවයි. බුද්ධෝත්පාද කාලයකදී වුවත්, මනුස්ස ප්‍රතිලාභයක් නොලැබුනහොත් සද්ධර්මය අවබෝධ කරගැනීමට නොහැකි වෙයි. නිවන් දැකීමට ලැබෙන අවස්ථාව "කණ කැස්බෑ විය සිදුරකින් පුන්සඳ බලනවාටත් වැඩිය දුර්ලභයි" කියන්නේ ඒ නිසාය.සාංසාරික දුක ඇතිවන අන්දම පටිච්ච සමුප්පාද ධර්මය පහදා දෙයි. දුකට හේතුව තණ්හාවෙන් සසරට බැඳීමයි; හෙවත් උපාදානයයි. උපාදානය ඇතිවන්නේ අවිද්‍යාව හෙවත් දුක ඇති වීමට හේතුව නොදැනීම යි. ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීමෙන් අවිද්‍යාව දුරුකර, තණ්හා උපාදාන අහෝසි කළ හැකි යි.
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළමු පියවර සම්මා දිට්ඨිය යි. සම්මා දිට්ඨිය යනු සියලු සංස්කාරකයන්ගේ අනිත්‍ය, අනාත්ම බව දැකීම යි. සම්මා දිට්ඨිය වැඩුනු විට සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජන තුන ප්‍රහාණය වී, සෝවාන් ඵලයට පත් වෙයි. සෝවාන් වීම යනු පරම නිවන් මඟට පත්වීම යි.ගිරිමානන්ද සූත්‍රයේ දේශනා කර ඇති පරිදි අනිච්ච සඤ්ඤා, අනත්තසඤ්ඤා වඩා, සෝවාන් මාර්ග ඵල සාක්ෂාත් කර ගන්නා පිළිවෙත මෙම පොත් පිංච විස්තර කරයි
Rs 825.00
Sanskrutha Adhunika Shabdhakoshaya
ශ්‍රී ලාංකේය සම්භාව්‍ය අධ්‍යාපන ඉතිහාසයෙහි කලෙක පටන් පැවැති අවශ්‍යතාවක් සම්පූර්ණ කිරීමක් වශයෙන් සංස්කෘත ආධුනික ශබ්දකෝෂය" සම්පාදනය වී ඇත. පිරිවෙන් හා ආධුනික සිසුන් සඳහා මෙම ශබ්දකෝෂය සම්පාදන වී ඇතත්, එමගින් දුහුනන් හට පමණක් නොව වියතුන්ට ද අනල්ප වූ ප්‍රයෝජනයක් අත්වනු නිසැක ය. මෙම ආධුනික ශබ්ද කෝෂය ආකෘතික වශයෙන් ඉතා සරල ය. ශබ්දකෝෂ සම්පාදනයේ දී ජනප්‍රිය අකාරාදි පිළිවෙළ අනුව වචන හෙවත් පද ගොනු සඳහා දේවනාගරී අක්ෂර භාවිත කරමින්, එම ශබ්දවල උච්චාරණය ද සිංහල අක්ෂර වලින් දක්වමින්, අර්ථ පැහැදිලිව දක්වා ඇත. සංස්කෘත විෂය වැනි සම්භාව්‍ය භාෂාවක් අධ්‍යනය කිරීමට අපේක්ෂා කරන ආධුනික ශිෂ්‍යයන්ට මහත් ප්‍රයෝජනයක් සලසන කෘතියකි.වචන පන්දහසකට අධික ප්‍රමාණයකට අර්ථ සපයා ඇති අතර, ශාස්ත්‍රීය ගවේෂණය සඳහා දේශීය හා විදේශීය මූලාශ්‍ර රාශියක් පරිශීලනය කර තිබීම ද සැලකිය යුත්තකි. නූතන තාක්ෂණික උපකරණ සඳහා භාවිත කරන වචන මෙන්ම, විද්‍යාත්මක වචන කෙරෙහි ද අවධානය යොමු කර තිබීම සුවිශේෂ ලක්ෂණයකි.තවද සංඛ්‍යා නාම, සංඛ්‍යා ස්ථාන නාම සහ විශේෂ වචන වසයෙන් දින හතේ නම්, මාස දොළහේ නම් දක්වා තිබීම ද අගය කළ යුතු ය. අ. ධා - අර්ථවත් ධාතු, ක්‍රි.වි -ක්‍රියා විශේෂණ, අව් - අව්‍යපද, නි - නිපාතපද වශයෙන් ශබ්දකෝෂ ක්‍රම වේද වලට අනුව කෙටි යෙදුම් දක්වා තිබීම ද ශබ්දකෝෂය පරිශීලනයෙහි පහසුවකි.සංස්කෘත විෂය පිළිබඳ ප්‍රාමාණික විද්වත් භාවයක් අත්කරගෙන සිටින පදියතලාවේ අමරවංශ හිමි ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර පිළිබඳව සහ තුලනාත්මක වාග් විද්‍යාව සම්බන්ධව ද ශාස්ත්‍රීය පර්යේෂණ රාශියක ව්‍යාවෘතව සිටියි. ග්‍රන්ථ කරණය සම්බන්ධයෙන් උන්වහන්සේ සතු සුවිශේෂ වූ ප්‍රායෝගික දැනුම "සංස්කෘත ආධුනික ශබ්දකෝෂය ¨ සම්පාදනයෙහි ද, යොදාගෙන තිබේ. ඉතා පරිශ්‍රමයෙන් වචන තෝරාගෙන, එහි නිරුක්ති ප්‍රකාරව අර්ථ දැක්වීම කෙරෙහි අවධානය යොමු කර ඇත. සංස්කෘත භාෂාව සහ සාහිත්‍යය පිළිබඳ සමාරම්භයේ සිට වර්තමානය දක්වා භාෂාමය, සමාජීය අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය ශබ්ද භාවිතය පිළිබඳ සංග්‍රහයක් ලෙස ද, අගය කළ හැකිය.
පූජ්‍ය පැපිළියානේ සුමිත්ත නා හිමි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය, නිට්ටඹුව.
Rs 560.00
Aithihasika Thorathuru Athulath Salagama Wanshaya
ජී. ප්‍රසාදිනී ද සිල්වා විසින් රචිත, සලාගම ප්‍රජාවගේ ඓතිහාසික පසුබිම සහ තොරතුරු ඇතුළත් පොතකි. මෙම කෘතිය මගින් ශ්‍රී ලංකාවේ නිරිතදිග වෙරළබඩ ප්‍රදේශවල කුරුඳු වගාව සහ වෙළඳාම සමඟ ඓතිහාසිකව බැඳී පවතින සලාගම (සාලිය) කුලය පිළිබඳ තොරතුරු අනාවරණය කරයි. 
Rs 410.00
Hindi Bhashave Upatha Saha Wikashaya
1912 නොවැම්බර් මස 28 වන දින ජපානයේ ෂිමෙන් ප්‍රිෆෙක්චයේ මිට්සු නගරයේ උපත ලද හජිමේ නකමුර ජපාන ප්‍රාචීන වේදියෙකු, දෘෂ්ටිවේදියෙකු, දාර්ශනිකයෙකු සහ වේද, හින්දු හා බෞද්ධ ශුද්ධ ලේඛන පිළිබඳ විශේෂඥයෙකු ලෙස ලෝක පූජිත ශාස්ත්‍රඥයෙකි.1936 දී ටෝකියෝ ඉම්පීරියල් විශ්ව විද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ලබා ගත් ඔහු 1943 දී සාහිත්‍ය චක්‍රවර්ති උපාධිය ද 1957 දී වේදාන්ත දර්ශන ඉතිහාසය පිළිබඳ ආචාර්ය උපාධිය ද ලබා ගත්තේ ය.1943 දී ටෝකියෝ ඉම්පීරියල් විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය ධූරයට පත් වූ ඔහු 1954 සිට 1973 දක්වා එම විශ්වවිද්‍යාලයේම මහාචාර්ය පදවිය හොබවා පාලි හා සංස්කෘත භාෂාවන් මෙන් ම බෞද්ධ ශුද්ධ ග්‍රන්ථ පර්යේෂණය හා ප්‍රචලිත කිරීම සඳහා මහත් සේ දායක වී ඇත. පොලි ත්‍රිපිටකය ප්‍රථම වතාවට ජපන් භාෂාවට පරිවර්තනය කිරීමෙන් ජපානයේ මහත් ප්‍රසිද්ධියට හා ජනප්‍රසාදයට ලක් වූ එතුමා, පෙරදිග හා දකුණු ආසියානු රාජ්‍යයන් හි විශේෂයෙන් තායිවානය, කොරියාව හා ජපානයෙහි අනාගාමික විද්වත් අධ්‍යයනයන් කෙරෙහි මහත් බලපෑමක් කළ විද්වතෙකි.1973 දී සංස්කෘත පාලි හා පුරාතන භාරතීය දර්ශන පිළිබඳ ව ශාස්ත්‍රීය, පර්යේෂණ සඳහා ටෝකියෝ පෙරදිග ඇකඩමිය පිහිටුවීම නකමුර මහාචාර්යවරයාගේ විශිෂ්ට සේවයකි.පුළුල් ක්ෂේත්‍රයක ශාස්ත්‍රීය පර්යේෂණයන් හි යෙදුණු මහාචාර්ය නකමුර පුරාතන භාරතීය ඉතිහාසය, ප්‍රාථමික බුදු සමයෙහි ලක්ෂණ, භාරතීය දර්ශන සම්ප්‍රදායන්, විශේෂයෙන් පෙර අපර දෙදිග සංස්කෘති සබඳතා යන විෂයයන් ඇතුළත් විෂය ග්‍රන්ථ 170කට වැඩි ප්‍රමාණයක් ද දහසකට අධික ඉංග්‍රීසි හා ජපන් භාෂාවෙන් රචිත ලිපි ද සම්පාදනය කර ඇත.ඔහුගේ ජීවිතයේ අවසාන අවධිය, දකුණු අත පමණක් ක්‍රියාත්මක කළ හැකි ගිලන් ඇඳකට සීමා වුව ද, දකුණු අතට පෑනක් දුන් විට, ඔහුගේ අදහස් ගංගාවක් සේ ගලා ආ බව වාර්තා වේ.මහාචාර්ය නකමුර 1999 ඔක්තෝම්බර් මස 10 දින අභාවප්‍රාප්ත වූ නමුත් චතුමා විසින් බෞද්ධ ප්‍රජාවට කරන ලද අමිල සේවය හේතුවෙන් ඔහුගේ නාමය පෙර අපර දෙදිගම සදා අමරණීය වනු ඇත.
Rs 290.00
Manasika Peedanaya Saha Kansava
මෙම සුවිශේෂී කෘතියෙහි කතුවරයා වූ විශේෂඥ මනෝ වෛද්‍ය ඩග්ලස් මුල්ගිරිගම මහතා මහා බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ විශේෂඥ මනෝ වෛද්‍ය උපදේශකයෙකු ලෙස වසර 36 ක දීර්ඝ කාලයක් සේවය කර, විශිෂ්ට වෘත්තීය අත්දැකීම් සම්භාරයක් සතු අයෙකි. පළමුව මනෝ වෛද්‍යවරයෙකු වශයෙන් ලංකාවේ සේවය කළ ඔහු පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා බ්‍රිතාන්‍යයට ගියේ ය. පසුව එහි ජාතික සේවයට බැඳී මනෝ වෛද්‍ය වෘත්තියෙහි නිරත විය. එම කාලය තුළ ඔහු උකහාගත් දැනුම් සම්භාරයන් හා අත්දැකීම් මෙම විශිෂ්ට කෘතියට පාදක වේ.
"මෙම ග්‍රන්ථය වැදගත් හේතු තුනක් නිසා අද්විතීය ස්ථානයක් හිමි කර ගනී. පළමු වන හේතුව නම්, පාඨකයාගේ ප්‍රතිලාභය උදෙසා, මානසික සෞඛ්‍යය පිළිබඳ නූතන වර්ධනයන් අන්තර්ගත කළ ග්‍රන්ථයක් බිහි කිරීමයි. දෙවැනි කරුණ නම්, මෙම ග්‍රන්ථය මේ විෂය පිළිබඳ උනන්දුවක් දක්වන සෑම කෙනෙකුගේ ම විවිධ විමසීම් සහ ප්‍රශ්න වලට පිළිතුරු සපයන විස්තරාත්මක ප්‍රකාශනයක් වීමයි. තෙවැනි හේතුව නම්, ලොව පුරා භාවිතා වෙන විවිධ භාෂා වලින් පරිණාමය වී ආ, සංකීර්ණ සංකල්ප සාමාන්‍ය ජනයාට ඉතා පහසුවෙන් අවබෝධ කර ගැනීමට පහසු අකාරයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කිරීමට වෛද්‍ය මුල්ගිරිගම මහතා සමත් වී තිබීමයි. මෙම දක්ෂතාව ඔහුගේ ප්‍රකාශනයේ ඇති ඉතාමත් ම වැදගත් අංශයක් ලෙස මම අගය කරමි” මෙම වැදගත් ප්‍රකාශනය, මානසික සෞඛ්‍යය වෘත්තියේ යෙදී සිටින සහ සමාජ ශුභ සාධන සේවාවල නිරත ව සිටින අයට ද, අධ්‍යයන ක්ෂේත්‍රයේ යෙදී සිටින අයට සහ රෝගීන් ඇතුළු පොදුවේ මහා ජනයාට ද අතිශයින් ඵලදායි වන බව මගේ විශ්වාසයයි. මෙම ග්‍රන්ථය සෑම පුස්තකාලයක දීම පාඨකයාට කියවීමට ලැබේවා යන්න මගේ ප්‍රාර්ථනයයි.
මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ සම්මානිතමහාචාර්ය නාලක මෙන්ඩිස් මහතා.
Rs 1,060.00
New
Sulabha Manasika abadha
කෘතිය ඇසුරෙන්...
මානසික ආබාධ පිළිබඳව සිංහල බසින් සරලව ලියවුණ පොත්පත් වල අඩුවක් පෙනෙන්නට තිබෙන බැවින් එම අඩුව පිරවීම අරමුණු කරගෙන මෙම පොත රචනා කර ඇත. ජනතාව අතර මානසික ආබාධ පිළිබඳව ඇති අවබෝධයේ බොහෝ අඩුපාඩු ඇත. එම නිසා මානසික ආබාධ ඇත්තවුන් පිළිබඳව ගොඩ නැගෙන අසුබවාදී ආකල්ප නිවැරදි කිරීමේ උත්සාහයක් ලෙසත්, ඔවුන්ට සමාජ සාධාරණයක් ඉටු කරලීමට ගත් ප්‍රයත්නයක් ලෙසත් මෙම කෘතිය ඉතා හැඳින්විය හැකිය.මෙහි කතුවරයා වන මනෝ වෛද්‍ය විශේෂඥ ඩබ්. ඒ. එල්. වික්‍රමසිංහ මහතා අවුරුදු 25 කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ විවිධ පළාත් වල සේවය කර ලබාගත් දැනුම සම්භාරය ද, විදේශීය අධ්‍යාපනය හා අත්දැකීම ද උපයෝගී කරගෙන මෙම පොත සම්පාදනය කර ඇත.
Rs 700.00