Samaja Widyave Mulika Sankalpa
සමාජ විද්‍යාව විෂය සම්බන්ධයෙන් න්‍යායාත්මක හා ප්‍රායෝගික භාවිතය පදනම් කොටගත් ග්රන්ථ කොතෙක් ලියැවී ඇතත් ප්‍රශ්නෝත්තර සංග්‍රහයක් පළ වූ පළමු අවස්ථාව මෙය ලෙස හැදින්විය හැකිය. සමාජ විද්‍යාව විෂය ඇසුරෙන් ප්‍රශ්නෝත්තර සංග්‍රහයක් ඉදිරිපත් කිරීම ඉතා වෙහෙසකර කටයුත්තකි. හේතුව යම් ප්‍රශ්නයකට පිළිතුරක් සම්පාදනය කිරීමේදී ඉතා විශාල කරුණු ප්‍රමාණයක් එක්රැස් කළ යුතු නිසාය. විජිත ලංකා මහතා විසින් එම හාරදූර කාර්යය ඉතාමත් ප්රශස්ත අන්දමින් ඉටුකර ඇති ආකාරය මෙම කෘතියෙන් මනාව පිළිඹිබු වන බව සතුටින් ප්‍රකාශ කළ යුතුය. එබැවින් බාහිර උපාධියට සමාජ විද්‍යාව විෂය හදාරන විද්‍යාර්ථීන්ට මෙය ඉතා වටිනා කෘතියක් ලෙස නිර්දේශ කරමි.කැළණිය විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව සම්බන්ධ ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධිය හදාරා ඇති විජිත ලංකා මහතා මේ වන විට ආර්ථික විද්‍යා ග්රන්ථ ගණනාවක් සම්පාදනය කර තිබෙන කතුවරයෙක් වන අතරම සුවහසක් විද්‍යාර්ථීන්ගේ ආර්ථික විද්‍යාව හා සමාජ විද්‍යාව දැනුම් පථය පුළුල් කිරීමට වෙහෙසවන ආචාර්යවරයෙක්ද වේ. ඔහුගේ ප්රයත්නය සාර්ථක වේවායි ඉත සිතින් ප්‍රාර්ථනය කරමි.
සම්මානිත මහාචාර්ය බී. ඒ. ටෙනිසන් පෙරේරා
සම්මානිත මහාචාර්ය බී. ඒ. ටෙනිසන් පෙරේරා
Rs 1,500.00