Out-of-Stock Niwan Magata Piyawarak Out-of-Stock One Foot In The World නම් කෘතියෙහි සිංහල අනුවාදය වන මෙය නිවන් මග කරා පා තබමින් ලොව ගමන්කරන අයට එදිනෙදා ජීවිතයේ දී හමුවන ප‍්‍රශ්නවලට ධාර්මිකව මුහුණ දීමටත්, ඒවා සාර්ථක ලෙස නිරාකරණය කර ගැනීමටත් උපකාරී වන්නකි. Rs 60.00 Details View details
Ape Saba Niwahana මෙම කුඩා පොතේ දැක්වෙනුයේ මහලූ වයසට පත්ව, මරණයේ සේයාව දැක ගනිමින් සිටි එක්තරා කාන්තාවකගේ නිවසට වැඩම කළ අචාන් චා හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනාවක සිංහල අනුවාදයයි. Rs 60.00 Add to cart Buy
Dharmaye Margaya ධර්මයේ මාර්ගය - ආර්ය මාර්ගය, කර්මය සහ පුනර්භවය, පටිච්ච සමුප්පාද ධර්මය, භාවනා නැමැති සදහම් මාතෘකා ඔස්සේ පූජ්‍ය ඤාණතිලෝක හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා ඇසුරෙන් සම්පාදනය වූ වටිනා කෘතියකි. Rs 250.00 Add to cart Buy
Uththareethara Brahmavihara Guna Sathara ''The Four Sublime States'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනය වන මෙයින් මිනිස් සිතෙහි වර්ධනය කරගත හැකි මෛත‍්‍රිය, කරුණාව, මුදිතාව සහ උපේක්ෂාව යන උත්තරීතර ගුණ සතරෙහි යථා ස්වරූපය පිළිබද නිරවුල් අවබෝධය ද සත්‍යාවබෝධය ද අත්කර ගැනීම සදහා එම උතුම් ගුණයන් උපකාරී වන අන්දම පැහැදිලි කරයි. Rs 130.00 Add to cart Buy
Achan Cha Natha පූජ්‍ය අචාන් චා හිමියන්ගේ දේශනා වලින් උපුටාගත් කොටස් ඇසුරෙන් සකස් කරන ලද්දකි. Rs 150.00 Add to cart Buy
Me Jeevithayedima Maga - Pala Labana Maga මේ ජීවිතය තුළදීම මග ඵල ලැබීමට නම් බාහිර අංග ලෙස කල්‍යාණ මිත‍්‍ර ඇසුර, සද්ධර්ම ශ‍්‍රවණයත් ලැබිය යුතුය. මෙම සදහම් ග‍්‍රන්ථය තුළින් චතුරාර්යය සත්‍යය අවබෝධ කොට මග ඵල ලබන මග කල්‍යාණ මිත‍්‍රයෙකු ලෙස ඉතා සරල බසින් පහදා දෙයි. Rs 720.00 Add to cart Buy
Dukin Mideeme Maga ''The Way To Freedom From Suffering'' නම් කෘතියෙහි සිංහල අනුවාදය වන මෙහි චතුරාර්ය සත්‍යය මුල් කරගත් බෞද්ධ ඉගැන්වීම් පිළිබද සංක්ෂිප්ත හැදින්වීමක් අන්තර්ගත වේ. Rs 110.00 Add to cart Buy
Sithata Badha Karana Panchaneewarana saha ewa jayaganna hati සිතට බාධා කරන පඤ්චනීවරණ සහ ඒවා ජයගන්නා හැටි පිළිබද පාලි ත‍්‍රිපිටකයෙන් සහ අටුවා කථාවන්ගෙන් උපුටාගත් කොටස් සහ ඒ ගැන අර්ථ විවරණයන්ගෙන් සැදුම්ලත් කෘතියකි. Rs 160.00 Add to cart Buy
Out-of-Stock Buddhimathun Ya Yuthu Maga - E Ama Niwan Dora Viwara U wagai Out-of-Stock බුදු දහමේ මූලිකාංගයක් වන පටිච්ච සමුප්පාදය සම්බන්ධ දැනගත යුතු වටිනා දහම් කරුණු සරල බසින් පහදා දී ඇති සුවිශේෂී කෘතියකි. Rs 320.00 Details View details
Manasa Pilibanda Bauddha Wiggrahaya ගත, සිත, නිවන භාවනා, ධ්‍යාන, කර්මය, පුනර්භවය ආදී කරුණු සම්බන්ධ බුද්ධ ධර්මයේ ගැටළු තැන් විවරණය කෙරෙමින් ගුරු සිසු දෙපක්ෂයට ම වැදගත් වන සේ ලියන ලද පොතක් බව සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ආගමික විෂය භාර ලේඛක හිමියෝ සඳහන් කරති. බුදුසමය ගැන ෆ්‍රොයිඞ් ඇතුළු විද්වතුන්ගේ අදහස් වලින් යුත් මෙම ග‍්‍රන්‍ථයට සමථ, විදර්ශන, කසින, ආනාපාන ආදී විිවිධ භාවනා ක‍්‍රම පිළිබඳව විස්තරයක් ඇතුළත්ය. Rs 900.00 Add to cart Buy
Out-of-Stock Rahathan Wahanse Saha Wimukthi Suwaya Out-of-Stock නිබදවම ආදී පෙළ දහමට යොමු වෙමින් පරිච්චේද දහයක් ඔස්සේ මෙහි මතු කෙරෙන විවරණ සැබවින්ම සරළය, සුගමය, රසවත්ය. බුදු සමයෙහි එන ගැඹුරුතම ප‍්‍රස්තුතය මුල්කොටගෙන නව ආකල්පයකින් සම්පාදනය වී ඇති මෙම කෘතිය දහම් රසයත්, දහම් දැනුමත් සොයන සැමට අපූරු අනුග‍්‍රහයකැයි කිව යුතුය. Rs 450.00 Details View details
Out-of-Stock Seelaya Ha Seelanisansa Out-of-Stock ප‍්‍රතිපත්ති ගරුක, සංවර සත්පුරුෂ මනුෂ්‍ය ප‍්‍රජාවක් ඇති කරලීම සඳහා සීලය ප‍්‍රධාන වන බව දක්වමින් සීලය සම්බන්ධ ව අර්ථ, ප‍්‍රභේද, ආනිසංස, ලක්‍ෂණ ආදී විස්තර රැසක් දක්වන පොතකි. Rs 50.00 Details View details
Out-of-Stock Patichchasamuppada Dharma Out-of-Stock ''A Discourse On Paticcasamuppada'' නම් කෘතියේ සිංහල පරිවර්තනයක් වන මෙහි පටිච්ච සමුප්පාදය පිළිබද කළ සාරගර්භ ඉගැන්වීම් අන්තර්ගත වේ. Rs 290.00 Details View details
Rahathan Wahanse Saha Niwan Suwaya මෙම ග්රන්ථය මගින් ආර්ය අෂ්ටාංගික මාර්ගය සහ දුක්ඛ සංකල්පය මෙන්ම නිවන පිළිබදව මෙතෙක් උගතුන්ගේ අවධානයට යොමු නොවූ කරුණු රැසක්ද විචාරාත්මකව විමසීමට ලක්කර තිබේ. Rs 320.00 Add to cart Buy
Out-of-Stock Chathurarya Sathya Bhavanava Out-of-Stock බුදු දහමෙහි මුලික පදනම චතුරාර්ය සත්‍ය ධර්මය වේ. එය නිතර මෙනෙහි කිරීමක් වශයෙන් භාවනාවට නගන්නේ කෙසේද යන්නත් , ඊට සම්බන්ද අත්දැකීම් කුමන ස්වරුපයක් ගන්නේද යන්නත් මෙමගින් විග්‍රහ කරනු ලබයි. Rs 280.00 Details View details
Lobhaya Abhibavannata බුදු දහමට අනුව ලෝභ දෝෂ මෝහ වශයෙන් අකුසල් මුල් 3 කි. මෙම පොතෙහි මුලික අරමුණ ලෝභය පිළිබඳව විමසා බැලීමයි. ලෝභහි ද විවිධ වූ ප්‍රභේදයෝ වෙති. ලෝභයත් සමග තමන්ගේ මනස ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ධර්මනුකුලව පැහැදිලිකිරීමකට ලක්කර ඇති මෙය ඉතා අගනා කෘතියකි. Rs 375.00 Add to cart Buy
Out-of-Stock Laukika Arya Ashtangika Margaya Out-of-Stock බෞද්ධයන්ට හුරු පුරුදු දහම් කොට්ඨාශයක් වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය, හතර වන සත්‍ය වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයෙහි අඩංගු වෙයි. බුද දහමෙහි හරයට සම්බන්ද වූ මෙම න්‍යාය සුවිශේෂී බවත්, ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ව්‍යුහය කෙසේද යන්න මෙහිදී විග්‍රහ කරනු ලබයි.. Rs 265.00 Details View details
Out-of-Stock Sankhara Out-of-Stock ස්කන්‍ධ පඤ්චකයෙහි සඳහන් සංඛාර යන්නෙන් ක‍්‍රියාකාරීත්වයේ අපූර්වත්වය මෙමගින් විස්තර විභාගකොට දක්වා ඇත. දැකීම්, ඇසීම් හා විඳීම් මගින් ඉන්‍ද්‍රිය බද්ධව චිත්ත චෛතසික ධර්මයන් හරහා සංස්කාර උපදනා අයුරුත් ඒවා අනෙකුත් සංස්කාර ධර්මයන් හා ප‍්‍රතිබද්ධ වන ආකාරයත් විස්තර කරන මෙහි සංඛාර විමුක්තියට අවැසි මාර්ගයද ප‍්‍රකාශිතය. Rs 300.00 Details View details
Buddha Dharmaya බුද්ධධර්මාචාර්ය සහතික පත්‍ර පරීක්‍ෂණය බෙහෙවින් උපකාරී වන ග්‍රන්ථයක් ලෙසින් හඳුන්වා දිය හැක. Rs 350.00 Add to cart Buy
Nirwana Vinishchaya නිවන පිළිබඳව සොයන සැදැහෙවතුන් බොහොමය. එහෙත් ඒ පිළිබඳ තත්ත්වාකාරයෙන් ලියැවුණ පොත පත අල්පය. ත්‍රිපිටකය පුරා හඳුන්වා දී ඇති නිර්‍වාණ ධර්මය පිළිබඳ කරුණු මේ පොතින් සාකච්ඡා කොට ඇති අතර ඒ පිළිබඳව ඇති වූ ආචාර්ය වාදයන් සහ පුනරුප්පත්තිය පිළිබඳව විස්තර කෙරෙයි. නිර්‍වාණය පිළිබඳ තත්ත්වාකාරෙයන් ප්‍රමාණාත්මක අවබෝධයක ලබා ගැන්මට මෙම ග්‍රන්ථය උපකාරී වේ. එහෙත් නිර්‍වාණය යනු ගැඹුරු දහමක් බැවින් මධ්‍යම පඥාව ඇත්තවුන්ට වුවද මෙම කරුණු තේරුම් ගැන්මට නම් නොපසුබට උත්සහයෙන් සිහිනුවණින් යුක්තව වරදක් දෙවරක් නොව කිහිප වාරයක් කිය විය යුත්තේමය. Rs 390.00 Add to cart Buy
chathurarya Sathyaya බුද්ධ දර්ශනයේ පරම සාරය වන්නේ චතුරාර්ය සත්‍යයි. නියම බෞද්ධයෙකු එය යම් පමණකට හෝ දැන සිටීම අත්‍යවශ්‍යය කරුණකි. ඉතා ගැඹුරු දහමක් වූ මේ චතුරාර්ය සත්‍යය ධර්‍මයන් පිළිබඳ තත්ත්වාකාරයෙන් අවබෝධ කර ගැනීම කිසිවකුගේ මග පෙන්වීමක් නොමැතිව කළ නොහැක්කකි. මේ පිළිබඳ ප්‍රමාණාත්මක අවබෝධයක් ලබා ගැනීමට මේ ග්‍රන්ථයෙහි කරුණු පියවරෙන් පියවර පෙළ ගස්වා ඇත. මේ ධර්‍ම කරුණු පිළිබඳ දැක්වීමේදී අලුත් දහම් පදයන් පිළිබඳව ද පහසු ලෙස තේරුම් ගැනීමට හැකි වන පරිදි විස්තර කර ඇති බැවින් මේ ග්‍රන්ථය සියලු බෞද්ධ සියලු දෙනාටම අතිශයින් වැදගත් ග්‍රන්ථයකි. Rs 400.00 Add to cart Buy
Patichcha Samuppada Vivaranaya පටිච්ච සමුප්පාදය යනු බුදු දහමේ ඇති මූලික ඉගැන්වීම්වලින් එකකි. මේ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීම ඉතා අපහසු කාර්යයකි. ඊට හේතුව නම් ධර්‍මයෙහි ඇති ගැඹුරු ස්වභාවයයි. තත්ත්වය එසේ වුවද පටිච්ච සමුප්පාදය පිළිබඳ ප්‍රමාණාත්මක අවබෝධයක් ලබා ගැනුමට පියවරෙන් පියවර මෙම ග්‍රන්ථයෙහි විස්තර කර ඇත. එහිදි බුදු දහම අධ්‍යයනය කරන්නන්ට සහ ධර්‍මය අවබෝධ කර ගැන්මට වෙර දරන්නන්ටද ධර්‍මයෙහි සඳහන් වන පටිච්චාද සමුප්පාදය පිළිබඳ ඇතිවන ගැටළු සහ එම ගැටළු ඇති වීමට හේතු ද දක්වා ඇති බැවින් අන් ග්‍රන්ථයන්ට වඩා මෙම ග්රන්ථය මගින් ඒ පිළිබඳ අවබෝධ කර ගැන්ම ඉතා පහසුය. Rs 550.00 Add to cart Buy
Bodhipakshika Dharma Wistharaya සතර අපාය ආදී දුක්ඛයන්ගෙන් මිදී නිවන් දැකීම සඳහා බුදුන් වහන්සේ විසින් දේශනා කර ඇති මාර්ගය නම් සත්තිස් බෝධිපාක්ෂික ධර්‍මයන් වැඩීමයි. අතීතයේ යමෙක් නිවන් දුටුවාහු නම් ඒ හැම නිවන් දුටුවේ ද සත්තිස් බෝධි පාක්ෂික ධර්‍ම මාර්ගයෙන්ම වේ. එමෙන්ම අනාතගතයෙහි යමෙක් නිවන් දක්නේ නම් ඒද සිදු වන්නේ මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්‍ම මාර්ගයෙන් ම වේ. එහෙයින් නිවන් දක්නට වෙර දරන සැදැහැතියෝ මේ ධර්‍ම පිළිබඳව නුවණින් විමසිය යුතුය. ඒ සඳහා ලියැවී ඇති පහසුවෙන් තේරුම් ගත හැකි ග්‍රන්ථය නම් මේ බෝධිපාක්ෂික ධර්‍ම විස්තරය වේ. Rs 510.00 Add to cart Buy