Books

-20%
Nivanata Ekama Maga maha sathipattana suthraya asurin
කතෘගෙන්...
මහා සතිපට්ඨාන සූත්‍රය තරම් ප්‍රසිද්ධියට සහ ගෞරවයට පාත්‍ර වූ වෙනත් සූත්‍රයක් නොමැති තරම් ය. බොහෝ දෙනා විහාරස්ථානයන් හීදි හඬ නඟා කීමට, ඇහුම්කන් දීමට, කියවීමට තෝරා ගන්නේ මෙම සූත්‍රයයි. මරණාසන්න අයට ඇසෙන පරිදි කියවීම ද සිදුවෙයි. එසේ කරන්නේ බුදුපියාණන් විසින් සිත නිදහස් කරගැනීම පිළිබඳව කරන ලද දේශනාව ඇසීමෙන් ජීවිතයේ අවසාන මොහොතේ සිත එකඟ වී සැනසීමට, ප්‍රීතියට පත්වේය යන බලාපොරොත්තුවෙනි. බුදුපියාණන් කල විසූ ධම්මික උපාසක මරණාසන්න වූ කල ඔහුට බණ ඇසීමට ආශාවක් ඇති විය. නිවසට වැඩි භික්ෂූන් ඇමතූ ධම්මික උපාසක සියලු බුදුවරයන් ඇසුරු කළ සතිපට්ඨාන සූත්‍රය ඇසීමට කැමති බව පැවසීය.මහා සතිපට්ඨාන සූත්‍රය තරම් විශාල අටුවාවක් ඇති, එයට සම්බන්ධ පරිවාර සූත්‍ර දේශනා ඇති, දෙස් විදෙස් බුද්ධිමතුන්ගේ සම්භාවනාවට පාත්‍ර වූ වෙනත් සූත්‍රයක් නැති තරම්ය. විසුද්ධි මාර්ගය ද එයට කළ අත්පොතක් බඳු ය. ජර්මන් ජාතික ඤාණපෝනික තෙරණුවෝ " සතිපට්ඨානය - බෞද්ධ භාවනාවේ හදවත" නමින් ඉංග්‍රීසි භාෂාවෙන් පොතක් පළකර ඇත. බුරුම සතිපට්ඨාන භාවනා ක්‍රමය යනුවෙන් වෙනම භාවනා ක්‍රමයක් ද ඇත. හැකි අයුරින් එම විස්තර එක තැනකට ගෙන දහම් ලැදි අයට කියවීමට සැලැස්වීම මෙම පොත ලිවීමේ අරමුණ වෙයි.
මෙම කෘතිය ප්‍රකාශයට පත්කිරීමට අනුමැතිය දුන් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ තැන්පත් පූජ්‍ය කිරම විමලජෝති නාහිමිපාණන් ගෞරවයෙන් සිහිපත් කරන අතර, එහි කාර්ය මණ්ඩලය සහ නන් අයුරින් සහයෝගය දුන් දයාබර බිරිඳ මානෙල් ද අදරින් සමරමි
Rs 380.00
Rs 475.00
-20%
Prayogika Jeevithayata Bududahama Suthra Dharma Asurin
'ප්‍රායෝගික ජීවිතයට බුදුදහම' යන මෙම ග්‍රන්ථය පූජ්‍ය බණ්ඩාරවෙල සද්ධාතිස්ස හිමියන් විසින් රචනා කර ඇති අතර  බොහෝ පිරිස් ආමිස පූජාවට ප්‍රමුඛතාව දෙන වර්තමානයේ හුදෙක් පින්කම්වලට යෙදවීමෙන් ඔබ්බට පැමිණ සතිමත් බව පුහුණු කිරීමෙන් ආරම්භ කර පියවරෙන් පියවර ධර්මාවබෝධය සඳහා ඉදිරිගාමී ගමනක මුලාරම්භය සඳහා අවශ්‍ය කරන මග පෙන්වීම මෙම ග්‍රන්ථයෙහි අන්තර්ගතව ඇත.
Rs 140.00
Rs 175.00
-20%
Sri Lankawe Shila Lipi Sannivedanaya
ශ්‍රී ලංකාවේ ශිලාලිපි හා සන්නිවේදනය පිළිබද සිරිසමන් විජේතුංග මහතා විසින් සම්පාදිත මෙම ග්‍රන්ථය ඉතා වැදගත් කෘතියක් වන අතර මෙම කෘතිය මගින් ඉතා වටිනා ශාස්ත්‍රීය සේවාවක් සිදු වන අතරේම ශිලාලිපි හා සන්නිවේදනය පිළිබද එක් දේශයක් කෙරෙහි නවමු අලෝක ධාරාවක් යොමුකරමින් ශිලාලිපි හා සන්නිවේදනය අතර පවත්නා සම්බන්ධය මෙලෙස අනාගත විද්‍යාර්ථීන්ට ගෞරවයෙන් ඉදිරිපත් කරනු ලබයි...
Rs 600.00
Rs 750.00
-20%
Upanishadaya Saha Bududahama
කෘතහස්ත ලේඛකයකු වන ප්‍රේමරත්න සමරනායක මහතා විසින් රචනා කොට ඇති උපනිෂදය සහ බුදු දහම යන මෙම කෘතිය පැරණි භාරතයේ වෛදික සාහිත්‍යයෙහි අවසාන කොටස වන උපනිෂද් සාහිත්‍යයෙහි අන්තර්ගත චින්තනය හා බෞද්ධ චින්තනය එකට තබා කරනු ලබන ශාස්ත්‍රීය අධ්‍යයනයකි.
Rs 696.00
Rs 870.00
-20%
Dependent Origination - An Analysis of Mind
Dependent origination is the core teaching common to all sects of Buddhism. It describes how a being comes to be, persists and with the realization of Nirvana, ceases to be. Persistence or life – existence - is unsatisfactory – dukkha – since ageing, illnesses and death etc., take place during this life. In order to fully cease dukkha – the unsatisfactory existence - one needs to understand dependent origination which invariably leads them to the practice of the Noble Eightfold Path culminating in the cessation of unsatisfactory existence - dukkha. Nimal Fernando, the author of this treatise, has explained dependent origination as an analysis of mind so that those who are not so enamored with the traditional presentation may find it compelling.
Rs 560.00
Rs 700.00
-20%
Sathiyata Doratuva Water Break Meditation
කෘතිය ඇසුරෙන්...
තම ආරාමයේ දසත පැතිරෙන ගාථා නාදය ද, වර්ණවත් උත්සවයන් ද මධ්‍යයේ, සංඛ නම් තරුණ ස්වාමීන් වහන්සේට තම සිතේ සන්සුන් බව අහිමි වන බව දැනුණි. අවට පරිසරය කෙතරම් නිස්කලංක වුවද සුන්දර වුවද උන්වහන්සේගේ සිත නොසන්සුන් විය. ඉටු කළ යුතු යුතුකම් හා වගකීම් වල භාරධුරත්වය උන්වහන්සේගේ සිතේ කැළඹුණු ස්වභාවය වැඩි කිරීමට සමත් විය.
එක් නිහඬ සන්ධ්‍යාවක ගලායන ගග අසබඩදී උන්වහන්සේගේ නායක ස්වාමින් වහන්සේ උන්වහන්සේට අපුරූ ත්‍යාගයක් පිරිනැමූහ. එය නම් නිශ්ශබ්දව භාවනා කිරීමකින් තොරව ජලය පානය කිරීම යන සරල ක්‍රියාකාරකම තුලින් සතිමත් බව අත්දැකිය හැකි මාර්ගය පෙන්වීමයි.
ඉතා සරල මොහොතක් සතිමත්භාවයට දොරටුවක් බවට පත් කළ හැකි වතුර වීදුරු භාවනාව එයින් ආරම්භ විය. සතිය පවතින්නේ මේ ආශ්වාසය ප්‍රාශ්වාසය තුලයි. සිතේ නැවතීම තුලයි. මේ මොහොත තුලයි.
මෙම පොත් පිංච එම සතිමත් මොහොතට පුද කරමු.
එය ඔබට මොහොතක් නැවතී, දිවට දැනෙන ජලයේ රස විඳිනවාක් මෙන් සතිමත් බව ද විද ගැනීමට ආරාධනා කරයි. 'සතිමත් බව කිසිවිටකත් ආයාසයෙන් සොයා යා යුතු දෙයක් නොවෙයි. එය නිරතුරුවම ඔබ තුළ පවතී. එය ඔබේ අවධානය ලැබෙන තෙක් බලා සිටියි "
Rs 720.00
Rs 900.00
-20%
Jataka Tales Of The Buddha 4, 5, 6
Reincarnation or Rebirth was something taken for granted and a living reality in the continent of India 2600 years ago. Considering the present-day scenario, the West is inching its way into accepting reincarnation as something similar judging from various publications and experiments on hypnotic regression. In these stories found within these pages have been enumerated the past births of the Buddha, which were delivered as discourses as a cure for a certain psychological malady of a certain monk. These stories are parabolic in their exhortations and full of insights into leading a life fully in accordance with the morality inculcated in Buddhism. There are 548 Jataka Stories in all. Earlier 217 of these Tales were published with the translator and editorship of Ken and Visakha Kawasaki. The 331 odd stories found in this three-volume treatise is published as a sequel to the above with the translator and editorship of Mr. Viranjeewa Weerakkody.
Rs 3,960.00
Rs 4,950.00
-20%
Patichcha Samuppadaya Manasa Pilibada Wishleshanayak
පටිච්ච සමුප්පාදය මනස පිළිබද විශ්ලේෂණයක් යන මෙම කෘතිය වසර පහළොවක පමණ කාලයක සිට භාවනාවෙහි යෙදී අත්දැකීම් ලබාගෙන සිටින නිමල් ප්‍රනාන්දු මහතා විසින් රචනාකර ඇති අතර එය සත්වයකුගේ භවාන්තර උත්පත්තිය සංසාරික පැවැත්ම ධර්මාවබෝධය හා නිර්වාණවබෝධය පිළිබදව විස්තර කරයි.නොයෙකුත් කරුණු සංයෝජනය වීමෙන් මුළු විශ්වධාතුවම ඇතුළුව එහි තුළ අන්තර්ගත සියලු වස්තූන්හි හටගැන්ම,පැවැත්ම අභාවයටපත්වීම හා නැවත හට ගැන්ම සිදුවන බවත් මේ චක්‍රයෙන් මිදී යා හැකි බවත් ඒ සදහා මාර්ගයයක් පවත්නා බවත් ධර්මයෙහි විග්‍රහ වේ.
මෙම ග්‍රන්ථයේ කර්තෘ නිමල් ප්‍රනාන්දු මහතා පටිච්ච සමුප්පාදය තුළින් සිත පිළිබද විශ්ලේෂණයක් මෙහි ඉදිරිපත් කර ඇත. පටිච්ච සමුප්පාදය පිළිබදව ගැඹුරු අවබෝධයක් නොමැති අයට වුවද ඒ පිළිබදව ක්‍රමානුකූල අවබෝධයක් ලබා ගැනීමට පිටුවහලක් වන ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය.
Rs 840.00
Rs 1,050.00
-20%
Saddharmadhara
ශ්‍රී සම්බුද්ධ මෙහෙයුම් පුණ්‍ය භාරයේ පණිවිඩය...
ත්‍රෙෙලෝකනාථ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් වදාළා වූ උතුම් සම්බුදු වදන කමටහන් කෙරෙනා ''සද්ධර්මධාරා භාවනා වැඩසටහන'' සඳහා යෝගියෙකු ලෙස හෝ පාඨකයෙකු ලෙසින් ඔබ හා සම්බන්ධ වන්නේ භක්ති පූර්වකවය. අතිපූජනීය බම්බලපිටියේ ඤාණාලෝක හිමිපාණන්ගේ උපදේශකත්වය හා අනුශාසකත්වය පරිදි මෙම සද්ධර්මධාරා තෝරාගත් සූත්‍ර දේශනා සංග්‍රහය සම්පාදනය කෙරිණි.
උතුම් සම්බුද්ධ භාෂිතය ප්‍රායෝගික පදනමක් මත පිහිටා ඉදිරිපත් කෙරෙන මෙම තෝරාගත් සූත්‍රගත දේශනාවන් උපයෝගී කරගනිමින් යෝගියෙකු ලෙස ආර්ය මාර්ගය හා සම්බන්ධ වන ඔබ සැබෑ බුදු වදනින් ආලෝකවත් වනු ඇත. න්‍යායාත්මක කරුණු ඇසුරු කරගනිමින් මෙන්ම භාවනා අත්දැකීම් තමා තුළින් ම ළඟා කර ගැනීමට අවස්ථාව ඔබට උදාවනු ඇත. ශ්‍රද්ධා ඉන්ද්‍රිය සහ ශීලය හා තපස, බල ධර්මයන් වශයෙන් දියුණු කර ගන්නා අතරෙහි සද්ධර්මධාරා තෝරාගත් සූත්‍ර දේශනා ග්‍රන්ථය ඇසුරු කරන ඔබ ධර්ම මාර්ගයෙහි උපරිම ඵල අත්විඳිනු දැකීම අපගේ විශ්වාසයයි.
Rs 1,560.00
Rs 1,950.00
-20%
Ratana Sutta
A detailed description of one of the most used suttas by ven.Balangoda Dhammananda 
Rs 336.00
Rs 420.00