-10%New Kotipathiyeku Wimata Nam එක් පුද්ගලයෙකුට මුදල් ඉතිරි කිරීමට අවශ්‍ය විය.ඔහු ජීවත් වන්නේ මුදල් ණයට ගැනීමෙනි.ඩොලරයක් ණයට ගෙන,ඉතිරි කිරීමේ ගිණුමකට බැර කරන මෙන් මම ඔහුට උපදෙස් දුනිමි.මුදල්වල වැදගත්කම ඔහුට වැටහුනේ එසේ කළ දිනයේය. Rs 351.00 Rs 390.00 Add to cart Buy
-10%New Manovidya Upadeshana Praveshaya මානව ගැටලු විසදා ගැනීමෙහිලා මනෝවිද්‍යාත්මක උපදෙශනය අතිශය ප්‍රශස්ථ ය. එම න්‍යායාත්මක ඥානය නූතන සමාජයට දායාද කිරීම කාලීන අවශ්‍යතාවයකි. මනෝවිද්‍යා උපදෙශන න්‍යායන් සම්බන්ධයෙන් ලාංකීය අධ්‍යයන ක්ෂ්‍රේත්‍රයෙහි ප්‍රමාණික ග්‍රන්ථ සොයා ගැනීම තරමක් දුෂ්කර ව්‍යායාමයකි. ඒ සම්බන්ධයෙන් සිදුකොට ඇති ශාස්ත්‍රීය විමර්ශන අතිශය දුබල වීම ඊට හේතුව යි. ''මනෝවිද්‍යා උපදෙශන ප්‍රවේශ'' නමැති මෙම කෘතිය මගින් එම අවශ්‍යතාව පූර්ණය වනු නොඅනු මානය. Rs 441.00 Rs 490.00 Add to cart Buy
-10%New Jeewithayen Pasu Jeevithaya බුදුදහම ලෞකිකත්වය ද ආධ්‍යාත්මිකත්වය ද පිළිබඳ පරිපූර්ණතම ආකල්ප ඉදිරිපත් කරන ආගමික ඉගැන්වීමකි.ලොව විකසිතවූ දහම් පුෂ්පයේ සුවඳ විඳීමට බොහෝ ජනයා අතීතයේ පෙළ ගැසුණහ. වත්මන් ලාංකේය බෞද්ධයා දහම් සුවඳෙහි හෝ රසයෙහි අගය නො දන්නා නිලමැසි චින්තනයෙන් යුක්ත අවස්ථාවක මීමැසි සමනළ බොදු සිත් පුබුදු කරන දහම් සිසිලත් සුවඳත් මුසුවූ ග්‍රන්ථයකි මෙය. ශාස්ත්‍රීය කර්කශ බවෙන් තොර වූ ද ඕලාරික දහමේ විවරණයන්ගෙන් තොර වූ ද මෙවන් දහම් පොත් පත් යුගයේ අවශ්‍යතාවකි. බුදුවදන යැයි මුසාවදන් පතුරුවන්නන්ට ද සාමාන්‍ය බෞද්ධයා අමතක කළ බෞද්ධ උගතුන්ට ද ආදර්ශයක් වන ජීවිතයෙන් පසු ජීවිතය නැමැති මෙම ග්‍රන්ථය ගිහි පැවිදි උගත් නූගත් කාටත් අර්ථසම්පන්න බෞද්ධ හස්තසාර ග්‍රන්ථයක් සේ හැඳින්විය හැකිය. Rs 765.00 Rs 850.00 Add to cart Buy
-10%New Pohosath Wanna Sathutin Sitinna මෙම ග්‍රන්ථයෙන් කියැවෙන වැදගත් පනිවුඩ කීපයක්ම ඇත. ඉන් පළමු වැන්න වත්මන් අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් අවශ්‍ය බවය. දෙවැනි පනිවුඩය වන්නේ මේ ලෝකය තුළ කිසිවක් හිඟ නැති බවය. හිඟයක් ඇත්නම් එයට හේතුව හරියට වැඩ නොකිරීමය. තුන්වන පනිවුඩය වන්නේ මුදල් අත්‍යවශ්‍ය වුවත් මුදලට සතුට අත් කර ගැනීමට නොහැකි බවය. මුදල් වලට අමතරව වෙනත් යමක් අත්කර ගත යුතු බව කතුවරයාගේ හැඟීමය. ඒ කුමක්ද යන්න මෙම ග්‍රන්ථය කියවීමෙන් දැනගත හැක. මෙම කෘතිය සැබෑ ලෙසටම කතුවරයාගේ අත්දැකීම් මත රචනා කරන ලද්දක් වීම ද තවත් වැදගත් කාරණයකි. Rs 1,080.00 Rs 1,200.00 Add to cart Buy
-10%New Wishva Akarshana Neethiya කර්තෘ ගෙන්... ඔබේ යටි හිත විශ්වයේම කොටසකි. එයට අපිරිමිත බලයක් ඇත. මුලින්ම අප එය හඳුනාගත යුතුය. එය විශ්වාස කළ යුතුය. විශ්ව ආකර්ෂණ නීතිය යනු ඔබ, ඔබගේ යටි හිත මගින් ඔබේ අරමුණු සාක්ෂාත් - කරගන්නා ප්‍රබල ක‍්‍රමවේදයකි. මේ තුළ යම් අදෘෂ්‍යමාන ස්වභාවයක් තිබෙන බව පෙනෙන නමුත්, මෙය විද්‍යාත්මක සංකල්පයක් සහ ක්‍රියාවලියකි Rs 1,080.00 Rs 1,200.00 Add to cart Buy
-20%NewOut-of-Stock Sowan Wanu Was Out-of-Stock කර්තෘ ගෙන්... මේ එළැඹී තිබෙන්නේ 2600 සම්බුද්ධත්ව ජයන්තිය යි. බුදු රජාණන් වහන්සේ බුද්ධත්වය ලැබීමෙන් වසර 2600 ක් ඉක්ම ගොස් ඇති අවස්ථාවක යි, අප මේ ජීවත් වන්නේ. සමහර විට බුදු රජාණන් වහන්සේ සිටි යුගයේත් අප මිනිස් භවයක් ම ලබා සිටින්නට ඇති. ඒ වාගේ ම බුදු රජාණන් වහන්සේ ගෙන් බණ අහන්නටත් ඇති. ඒත් ඒ කිසිවක් අප හරි හැටි දන්නේ නැහැ. අපට දැන ගන්නට තරම් ප්‍රඥාවකුත් නැහැ. කොහි සිට ආවේ ද යන්නත්, කොහි යන්නේ ද යන්නත්, නොදන්නා අපි තව මත් මෝහයෙන් මුළා වී මේ සසර සැරිසරනවා. බුදු දහමට අනුව, අප කළ යුත්තේ තව මත් සසර සැරිසැරීම ගැන පසුතැවිලි වීම නො ව සසරින් එතෙර වීම සඳහා වහ වහා කළ යුතු දේ කිරීම යි. බුදු දහම තුළ පසුතැවිලි වන්නට ඉඩක් නැහැ. ඒකට හේතු කිහිපයක් ම තිබෙනවා. එකක් තමයි පසුතැවිලි වීම ප්‍රමාදයට කාරණයක්. ඒ කියන්නේ මාර්ග-ඵල ලබා ගැනීම වළකා ලන්නක්. අනෙක් අතින් එ සේ පසුතැවිලි වුණා කියා ලැබිය හැකි කිසි දු ප්‍රතිලාභයක් නැහැ. ලෞකික ව හෝ විඳිය හැකි සැපයක් සුවයක් නැහැ. ඒ ගැන ඔබ ම දෑස් පියා ගෙන මඳක් කල්පනා කර බලන්න Rs 176.00 Rs 220.00 Details View details
-20%New Danayen Sapiri Bhavaya කර්තෘ ගෙන්... ඔබ දන්නවාද? සත්ත්වයකු ගේ සියලු බලාපොරොත්තු ඉටු කර දෙන්නට දානය හා සමාන වෙනත් උතුම් වස්තුවක් නැති බව ඔබ දන්නවාද? දානය කියා කියන්නේ ඔබෙන් ගිලිහී නොයන, අන් අයට උදුරා දිනා ගත නොහැකි, ඔබට පමණක් ම හිමි පුණ්‍ය නිධානයක්. එ පමණක් නො වෙයි... ඔබ මෙ ලොව හැර යන විට රැගෙන යන නිධානය තමයි ඒ. සියලු දිව්‍ය-මනුෂ්‍ය සම්පත් විතරක් නොවෙයි, නිර්වාණ සම්පත්තිය සඳහාත් දානය උපකාර වන බව බුදුන් වහන්සේ දේශනා කළා. ඉතින්... ඔබට භවයෙන් භවයට රැගෙන යන්නට නිධානයක් අවශ්‍ය ද? ... එ සේ නම් දන් දෙන්න. ඔබට ප්‍රාර්ථනා කරන සියල්ල ඉටු කර ගැනීමට අවශ්‍ය ද? ... එ සේ නම් දන් දෙන්න. ඔබට සුන්දර රූසපුවක්, මධුර ස්වරයක්, අධිපතිභාවය සහිත පරිවාර සම්පත්තියක් අවශ්‍ය ද? ...එ සේ නම් දන් දෙන්න. Rs 200.00 Rs 250.00 Add to cart Buy
-20%New Arya Prabandha සමාජයේ අවධානයට යොමු විය යුතු විවිධ පැතිකඩ රැසක් බුදු දහම ඇසුරින් සාකච්ජාවට බදුන් වී ඇති මෙම ග්‍රන්ථය අධ්‍යාපනඥ නදී අමා ජයසේකර මහත්මිය සහ වෛද්‍ය හසිකා ඩිල්හානි ජයසේකර මහත්මිය විසින් රචනා කර ඇති අතර නැදිමාල බෞද්ධ හා සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ඔබ අතට පත් වන ඉතා වටිනා ග්‍රන්ථයකි Rs 200.00 Rs 250.00 Add to cart Buy
-10%New Supiri Mathakaya මිනිසා මිහිතලයේ වෙසෙන සුවිශේෂී පිවියා බවට පත්ව ඇත්තේ ඔහු සතු විශ්මිතමානසික හැකියාවන් නිසයි. චින්තාමය හැකියාව හා මතක හැකියාව ඒ අතරින් ප්‍රධාන වේ. සිතීමේ හැකියාව මෙන් ම මතක හැකියාව ද අපගේ බොහෝ දෛනික කාර්යයන් සඳහා අත්‍යවශ්‍ය වේ. මතකයේ සිදුවන ඌනතාවයන් නිසා පොදුවේ අප සෑම අයෙකුට ම විවිධ ගැටළුවලට මුහුණ පෑමට සිදු වේ. මතක හැකියාව පිළිබඳ මැසිවිලි නගන්නන් අතර පරීක්ෂණ සඳහා සූදානම් වන සිසු දරුවෝ ප්‍රධාන වෙති. පිළිතුරු සැපයීමේ දී මතකය ආවර්ජනය කර ගැනීමේ අපහසුව ගැන ඔවුහු නිරතුරුව තමන්ට ම චෝදනා කර ගනිති. එහෙත් මතක තබා ගැනීමේ හැකියාව දියුණු කර ගැනීම සඳහා ක්‍රම ශිල්ප බොහොමයක් තිබේ. සුපිරි මතකය නම් මේ පොත තුළින් මතක තබා ගැනීමේ හැකියාව දියුණු කරලීමට කදිම මඟ පෙන්වීමක් සැපයේ. මතක තබා ගැනීමේ ක්‍රම ශිල්ප රැසක් පිළිබඳව මෙහි දී කතුවරයා විසින් සරල බසින් හා සිත් ගන්නා අන්දමින් විස්තර කර දී ඇත. මතක හැකියාව දියුණු කර ගැනීමට අවශ්‍ය සෑම අයකුට ම මෙම කෘතිය තුළින් අත්වැලක් සැපයෙනු නිසකය. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10%New Darshanika Manovidyawa දර්ශනය හා මනෝ විද්‍යාව මෙන්ම, තර්ක ශාස්ත්‍රය යන අංශත්‍රයෙන්ම ග්‍රන්ථ රචනා කළ කර්තෘ හිමියන් වෙතින්. ඔබ අතට පත්වන නව්‍ය ග්‍රන්ථය. "දාර්ශනික මනෝවිද්‍යාව නම් ග්‍රන්ථය වේ. මනෝ විද්‍යාවෙහි රැකුම්ගෙ දර්ශනය නම් වේ. විය. විද්‍යාවට සේම මනෝ විද්‍යාවටද පොදු වූවක් හෙයින්, දර්ශනයෙන් තොරව මනසට ද පැවැත්මක් නොමැත. මනෝ විදනව වෙතින්, මනස හා සබැඳි බොහෝ ප්‍රපංච අධ්‍යයන හා පර්යේෂණ කෙරෙන්නේ නමුත්, අවසාන නිගමනයකට හා එකඟතාවයකට හෝ පැමිණි නම් නැත. මනෝවිද්‍යාඥයාට විසඳිය නොහැකි බොහෝ ප්‍රස්තුත දාර්ශනික මනෝවදනඥයා විසින් විමර්ශනය කරනු ලබයි. එය, එසේ වන්නේ, මනස හා සබැඳි කාය චිත්ත ගැටලුව හා චිත්ත වේග මෙන්ම, අධිෂ්ඨානය හා මරණය සේම, පුනර්භවය හා බුද්ධිය වැනි ප්‍රස්තුත මෙම කෘතියෙන් උපන්‍යස්ථ වන හෙයිනි. Rs 225.00 Rs 250.00 Add to cart Buy