Home

-10%New
Kotipathiyeku Wimata Nam
එක් පුද්ගලයෙකුට මුදල් ඉතිරි කිරීමට අවශ්‍ය විය.ඔහු ජීවත් වන්නේ මුදල් ණයට ගැනීමෙනි.ඩොලරයක් ණයට ගෙන,ඉතිරි කිරීමේ ගිණුමකට බැර කරන මෙන් මම ඔහුට උපදෙස් දුනිමි.මුදල්වල වැදගත්කම ඔහුට වැටහුනේ එසේ කළ දිනයේය. 
Rs 351.00
Rs 390.00
-10%New
Manovidya Upadeshana Praveshaya
මානව ගැටලු විසදා ගැනීමෙහිලා මනෝවිද්‍යාත්මක උපදෙශනය අතිශය ප්‍රශස්ථ ය. එම න්‍යායාත්මක ඥානය නූතන සමාජයට දායාද කිරීම කාලීන අවශ්‍යතාවයකි. මනෝවිද්‍යා උපදෙශන න්‍යායන් සම්බන්ධයෙන් ලාංකීය අධ්‍යයන ක්ෂ්‍රේත්‍රයෙහි ප්‍රමාණික ග්‍රන්ථ සොයා ගැනීම තරමක් දුෂ්කර ව්‍යායාමයකි. ඒ සම්බන්ධයෙන් සිදුකොට ඇති ශාස්ත්‍රීය විමර්ශන අතිශය දුබල වීම ඊට හේතුව යි. ''මනෝවිද්‍යා උපදෙශන ප්‍රවේශ'' නමැති මෙම කෘතිය මගින් එම අවශ්‍යතාව පූර්ණය වනු නොඅනු මානය.
Rs 441.00
Rs 490.00
-10%New
Jeewithayen Pasu Jeevithaya
බුදුදහම ලෞකිකත්වය ද ආධ්‍යාත්මිකත්වය ද පිළිබඳ පරිපූර්ණතම ආකල්ප ඉදිරිපත් කරන ආගමික ඉගැන්වීමකි.ලොව විකසිතවූ දහම් පුෂ්පයේ සුවඳ විඳීමට බොහෝ ජනයා අතීතයේ පෙළ ගැසුණහ. වත්මන් ලාංකේය බෞද්ධයා දහම් සුවඳෙහි හෝ රසයෙහි අගය නො දන්නා නිලමැසි චින්තනයෙන් යුක්ත අවස්ථාවක මීමැසි සමනළ බොදු සිත් පුබුදු කරන දහම් සිසිලත් සුවඳත් මුසුවූ ග්‍රන්ථයකි මෙය. ශාස්ත්‍රීය කර්කශ බවෙන් තොර වූ ද ඕලාරික දහමේ විවරණයන්ගෙන් තොර වූ ද මෙවන් දහම් පොත් පත් යුගයේ අවශ්‍යතාවකි. බුදුවදන යැයි මුසාවදන් පතුරුවන්නන්ට ද සාමාන්‍ය බෞද්ධයා අමතක කළ බෞද්ධ උගතුන්ට ද ආදර්ශයක් වන ජීවිතයෙන් පසු ජීවිතය නැමැති මෙම ග්‍රන්ථය ගිහි පැවිදි උගත් නූගත් කාටත් අර්ථසම්පන්න බෞද්ධ හස්තසාර ග්‍රන්ථයක් සේ හැඳින්විය හැකිය. 
Rs 765.00
Rs 850.00
-10%New
Pohosath Wanna Sathutin Sitinna
මෙම ග්‍රන්ථයෙන් කියැවෙන වැදගත් පනිවුඩ කීපයක්ම ඇත. ඉන් පළමු වැන්න වත්මන් අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් අවශ්‍ය බවය. දෙවැනි පනිවුඩය වන්නේ මේ ලෝකය තුළ කිසිවක් හිඟ නැති බවය. හිඟයක් ඇත්නම් එයට හේතුව හරියට වැඩ නොකිරීමය. තුන්වන පනිවුඩය වන්නේ මුදල් අත්‍යවශ්‍ය වුවත් මුදලට සතුට අත් කර ගැනීමට නොහැකි බවය. මුදල් වලට අමතරව වෙනත් යමක් අත්කර ගත යුතු බව කතුවරයාගේ හැඟීමය. ඒ කුමක්ද යන්න මෙම ග්‍රන්ථය කියවීමෙන් දැනගත හැක. මෙම කෘතිය සැබෑ ලෙසටම කතුවරයාගේ අත්දැකීම් මත රචනා කරන ලද්දක් වීම ද තවත් වැදගත් කාරණයකි. 
Rs 1,080.00
Rs 1,200.00
-10%New
Wishva Akarshana Neethiya
කර්තෘ ගෙන්...
ඔබේ යටි හිත විශ්වයේම කොටසකි. එයට අපිරිමිත බලයක් ඇත. මුලින්ම අප එය හඳුනාගත යුතුය. එය විශ්වාස කළ යුතුය. විශ්ව ආකර්ෂණ නීතිය යනු ඔබ, ඔබගේ යටි හිත මගින් ඔබේ අරමුණු සාක්ෂාත් - කරගන්නා ප්‍රබල ක‍්‍රමවේදයකි. මේ තුළ යම් අදෘෂ්‍යමාන ස්වභාවයක් තිබෙන බව පෙනෙන නමුත්, මෙය විද්‍යාත්මක සංකල්පයක් සහ ක්‍රියාවලියකි
Rs 1,080.00
Rs 1,200.00
-20%New
Sowan Wanu Was
කර්තෘ ගෙන්...
මේ එළැඹී තිබෙන්නේ 2600 සම්බුද්ධත්ව ජයන්තිය යි. බුදු රජාණන් වහන්සේ බුද්ධත්වය ලැබීමෙන් වසර 2600 ක් ඉක්ම ගොස් ඇති අවස්ථාවක යි, අප මේ ජීවත් වන්නේ. සමහර විට බුදු රජාණන් වහන්සේ සිටි යුගයේත් අප මිනිස් භවයක් ම ලබා සිටින්නට ඇති. ඒ වාගේ ම බුදු රජාණන් වහන්සේ ගෙන් බණ අහන්නටත් ඇති. ඒත් ඒ කිසිවක් අප හරි හැටි දන්නේ නැහැ. අපට දැන ගන්නට තරම් ප්‍රඥාවකුත් නැහැ. කොහි සිට ආවේ ද යන්නත්, කොහි යන්නේ ද යන්නත්, නොදන්නා අපි තව මත් මෝහයෙන් මුළා වී මේ සසර සැරිසරනවා. 
බුදු දහමට අනුව, අප කළ යුත්තේ තව මත් සසර සැරිසැරීම ගැන පසුතැවිලි වීම නො ව සසරින් එතෙර වීම සඳහා වහ වහා කළ යුතු දේ කිරීම යි. බුදු දහම තුළ පසුතැවිලි වන්නට ඉඩක් නැහැ. ඒකට හේතු කිහිපයක් ම තිබෙනවා. එකක් තමයි පසුතැවිලි වීම ප්‍රමාදයට කාරණයක්. ඒ කියන්නේ මාර්ග-ඵල ලබා ගැනීම වළකා ලන්නක්. අනෙක් අතින් එ සේ පසුතැවිලි වුණා කියා ලැබිය හැකි කිසි දු ප්‍රතිලාභයක් නැහැ. ලෞකික ව හෝ විඳිය හැකි සැපයක් සුවයක් නැහැ. ඒ ගැන ඔබ ම දෑස් පියා ගෙන මඳක් කල්පනා කර බලන්න
Rs 176.00
Rs 220.00
-20%New
Danayen Sapiri Bhavaya
කර්තෘ ගෙන්...
ඔබ දන්නවාද? 
සත්ත්වයකු ගේ සියලු බලාපොරොත්තු ඉටු කර දෙන්නට දානය හා සමාන වෙනත් උතුම් වස්තුවක් නැති බව ඔබ දන්නවාද? දානය කියා කියන්නේ ඔබෙන් ගිලිහී නොයන, අන් අයට උදුරා දිනා ගත නොහැකි, ඔබට පමණක් ම හිමි පුණ්‍ය නිධානයක්. 
එ පමණක් නො වෙයි... 
ඔබ මෙ ලොව හැර යන විට රැගෙන යන නිධානය තමයි ඒ. 
සියලු දිව්‍ය-මනුෂ්‍ය සම්පත් විතරක් නොවෙයි, නිර්වාණ සම්පත්තිය සඳහාත් දානය උපකාර වන බව බුදුන් වහන්සේ දේශනා කළා. 
ඉතින්... 
ඔබට භවයෙන් භවයට රැගෙන යන්නට නිධානයක් අවශ්‍ය ද? 
... එ සේ නම් දන් දෙන්න. 
ඔබට ප්‍රාර්ථනා කරන සියල්ල ඉටු කර ගැනීමට අවශ්‍ය ද? 
... එ සේ නම් දන් දෙන්න. 
ඔබට සුන්දර රූසපුවක්, මධුර ස්වරයක්, අධිපතිභාවය සහිත පරිවාර සම්පත්තියක් අවශ්‍ය ද? 
...එ සේ නම් දන් දෙන්න. 
Rs 200.00
Rs 250.00
-20%New
Arya Prabandha
සමාජයේ අවධානයට යොමු විය යුතු විවිධ පැතිකඩ රැසක් බුදු දහම ඇසුරින් සාකච්ජාවට බදුන් වී ඇති මෙම ග්‍රන්ථය අධ්‍යාපනඥ නදී අමා ජයසේකර මහත්මිය සහ වෛද්‍ය හසිකා ඩිල්හානි ජයසේකර  මහත්මිය විසින් රචනා කර ඇති අතර නැදිමාල බෞද්ධ හා සංස්කෘතික මධ්‍යස්ථානය විසින්  ඔබ අතට පත් වන ඉතා වටිනා ග්‍රන්ථයකි
Rs 200.00
Rs 250.00
-10%New
Supiri Mathakaya
මිනිසා මිහිතලයේ වෙසෙන සුවිශේෂී පිවියා බවට පත්ව ඇත්තේ ඔහු සතු විශ්මිතමානසික හැකියාවන් නිසයි. චින්තාමය හැකියාව හා මතක හැකියාව ඒ අතරින් ප්‍රධාන වේ. සිතීමේ හැකියාව මෙන් ම මතක හැකියාව ද අපගේ බොහෝ දෛනික කාර්යයන් සඳහා අත්‍යවශ්‍ය වේ. මතකයේ සිදුවන ඌනතාවයන් නිසා පොදුවේ අප සෑම අයෙකුට ම විවිධ ගැටළුවලට මුහුණ පෑමට සිදු වේ. මතක හැකියාව පිළිබඳ මැසිවිලි නගන්නන් අතර පරීක්ෂණ සඳහා සූදානම් වන සිසු දරුවෝ ප්‍රධාන වෙති. පිළිතුරු සැපයීමේ දී මතකය ආවර්ජනය කර ගැනීමේ අපහසුව ගැන ඔවුහු නිරතුරුව තමන්ට ම චෝදනා කර ගනිති. 
එහෙත් මතක තබා ගැනීමේ හැකියාව දියුණු කර ගැනීම සඳහා ක්‍රම ශිල්ප බොහොමයක් තිබේ. සුපිරි මතකය නම් මේ පොත තුළින් මතක තබා ගැනීමේ හැකියාව දියුණු කරලීමට කදිම මඟ පෙන්වීමක් සැපයේ. මතක තබා ගැනීමේ ක්‍රම ශිල්ප රැසක් පිළිබඳව මෙහි දී කතුවරයා විසින් සරල බසින් හා සිත් ගන්නා අන්දමින් විස්තර කර දී ඇත. මතක හැකියාව දියුණු කර ගැනීමට අවශ්‍ය සෑම අයකුට ම මෙම කෘතිය තුළින් අත්වැලක් සැපයෙනු නිසකය.
Rs 270.00
Rs 300.00
-10%New
Darshanika Manovidyawa
දර්ශනය හා මනෝ විද්‍යාව මෙන්ම, තර්ක ශාස්ත්‍රය යන අංශත්‍රයෙන්ම ග්‍රන්ථ රචනා කළ කර්තෘ හිමියන් වෙතින්. ඔබ අතට පත්වන නව්‍ය ග්‍රන්ථය. "දාර්ශනික මනෝවිද්‍යාව නම් ග්‍රන්ථය වේ. මනෝ විද්‍යාවෙහි රැකුම්ගෙ දර්ශනය නම් වේ. විය. විද්‍යාවට සේම මනෝ විද්‍යාවටද පොදු වූවක් හෙයින්, දර්ශනයෙන් තොරව මනසට ද පැවැත්මක් නොමැත. මනෝ විදනව වෙතින්, මනස හා සබැඳි බොහෝ ප්‍රපංච අධ්‍යයන හා පර්යේෂණ කෙරෙන්නේ නමුත්, අවසාන නිගමනයකට හා එකඟතාවයකට හෝ පැමිණි නම් නැත. මනෝවිද්‍යාඥයාට විසඳිය නොහැකි බොහෝ ප්‍රස්තුත දාර්ශනික මනෝවදනඥයා විසින් විමර්ශනය කරනු ලබයි. එය, එසේ වන්නේ, මනස හා සබැඳි කාය චිත්ත ගැටලුව හා චිත්ත වේග මෙන්ම, අධිෂ්ඨානය හා මරණය සේම, පුනර්භවය හා බුද්ධිය වැනි ප්‍රස්තුත මෙම කෘතියෙන් උපන්‍යස්ථ වන හෙයිනි.
Rs 225.00
Rs 250.00
-10%New
jeewithayata Para Kiyana Mul Lamaviya
බොහෝ විට දරුවන් හඬන්නේ සරල අවශ්‍යතාවන් වෙනුවෙනි. මීට අමතරව අසනීප තත්ත්වයන්ද මීට බලපෑ හැකිය. සාමාන්‍යයෙන් අලුත උපන් දරුවෙකු සතියකට දින 03 ක් පමණ නැහැවීම ප්‍රමාණවත්ය. එහෙත් දිනපතා දරුවාගේ මුහුණ, දෙකන් දෙපස, බෙල්ල, රහස් ප්‍රදේශ පිරිසිදු කළ යුතුය. මෙම කෘතිය දරුවන්ගේ මුල් ළමා විය සම්බන්ධයෙන් වන සියළුම අත්‍යවශ්‍ය කරුණු අන්තර්ගත කොට ලියැවී ඇත. මෙම කෘතියේ මුල් කර්තෘවරු පර්යේෂණ රාශියක් කොට ඉන් සනාථ වන කරුණු අඩංගු කර මෙම ග්‍රන්ථය ලියා පල කර ඇත. 
Rs 351.00
Rs 390.00
-10%New
Sithaka wehesa
සිතක වෙහෙස ස්වාමිපුරුෂයන්ගේ පැමිණිලි නමින් මීට ප්‍රථම මා විසින් පොතක් පළ කරන ලදී. "සිතක වෙහෙස නැමැති මේ පොතේ අන්තර්ගත වන්නේ විවාහක කාන්තාවන් තමන්ගේ ජීවිතය තම ස්වාමිපුරුෂයන්ගේ ඇතැම් චර්යාවන් හා ගති පැවතුම් නිසා අසහනකාරී තත්වයකට පත්වී යැයි පවසමින් ඒ හා සම්බන්ධයෙන් කරන විස්තරයත්ය. ආවර්ජනයන්ය. එබැවින් මේ පොත" සිතක වෙහෙස " භාර්යාවන්ගේ පැමිණිලි යනුවෙත් නම් කළෙමි. ඇතැම් කාන්තාවන් උගත් කමින්. සමාජ ආර්ථික මට්ට වලින් විවිධ වෙනස්කම් පළ කළ ද බහුතරයකගේ මානසික වෙහෙස සඳහා මුල් වන්නේ ප්‍රධාන කාරණා කිහිපයකි. ඒ අතර විශ්වාසය බිඳ දැමීම, ලිංගික ජීවිතය, මානව ගරුත්වය පිළිබඳව අසංවේදීතාව කැපී පෙනේ. ප්‍රේමය. ආදරය ගැන අවබෝධයක් නොමැති කම, දරුවන් කෙරෙහි අසංවේදී වීම මෙන්ම විවිධ සමාජ ආර්ථික පීඩාවන් ද පොදු තත්වයන් යටතේ කැපී පෙනේ. මෙහි අන්තර්ගත විස්තර කියවන කවරෙකුට වුව එය පැහැදිලිවනු ඇත. 
Rs 1,107.00
Rs 1,230.00
-10%New
Adaraneeya Daruwani
කර්තෘ ගෙන්...
තරුණ වියට පත් දරුවෙකු රටට සම්පතකි. ඔහු වඩාත් යහපත් සම්පතක් බවට පත්වන්නේ අධ්‍යාපන වරප්‍රසාදය හොදින් උරුම කර ගැනීමෙන් ය. අධ්‍යාපනය යනු විෂය කාරණා ඉගෙන විභාග සමත් කිරීම පමණක් නොවේ. අධ්‍යාපන වරප්‍රසාදයෙන් පිබිදුණ පුද්ගලයා තමන්ට ගෞරවනීය මෙන් ම අන්‍යයන්ට ගෞරවනීය කෙනෙකු විය යුතු ය. අභියෝගයකට මුහුණ දිය හැකි, ගැටලුවක් නිරාකරණය කර ගත හැකි, දරා ගැනීමේ ශක්තියක් ඇති කෙනෙකු විය යුතුය. ඒ වටිනාකම් ජීවිතයකට උරුන වන්නේ ජිවිතාවබෝධය පුළුල් කර ගැනීමෙනි. අවබෝධාත්මක වින්දනයක් මගින් මානව පුරුෂාර්ථ වෙත සංවේදී වීමෙනි. අධ්‍යපනයෙන් පිබිදුණු කෙනෙකු ගේ අගය නිර්ණය වන්නේ ඔහු ජිවිතය හා සමාජය සම්බන්ධයෙන් දක්වන ආකල්පවලිනි. 
Rs 702.00
Rs 780.00
-10%New
Preethimath Premaniya Jeevithayakata
මෙලොව ජීවිතය සතුටින් ගත කිරීම අප සැමගේ ප්‍රාර්ථනයයි. දරුවකු පිළිසිඳ ගත් මොහොතේ සිට මරණය දක්වාමත්, ඇතැම් විටක මරණින් පසුවත් අප සැවොම එකට ඇද බැඳ තබන තනි සාධකයක් වේ නම් ඒ ආදරයයි. ආදරයෙහි ස්වභාවයන් විවිධ ය. ආදරයේ අවශ්‍යතාවන් ද විවිධ ය. ඒ නිසා ඒ ඒ කාලයට අවශ්‍ය, සන්තෘප්ත විය යුතු ආදරයක් ඇත. මේ ආදර අවශ්‍යතාව නිසි ලෙස හඳුනා ගෙන ඒ ඒ වයසට උචිත ලෙස ආදරය දැක්වීම මගින් ආදර තටාක පුරවා ගත හැකි ය. ඒ පිළිබඳ මනෝවිද්‍යාත්මක අර්ථකථනයක් මෙම පොතෙහි අන්තර්ගත ය. ඔබේ පුද්ගල ජීවිතයත්, පවුල් ජීවිතයත් සාර්ථක කර ගැනීම සඳහා ආදරය භාවිත කළ හැකි ආකාරය පිළිබඳ සවිස්තර පැහැදිලි කිරීමක් ඇති සිංහලෙන් පළ වූ පළමු ග්‍රන්ථය මෙයයි. 
Rs 270.00
Rs 300.00
-10%New
Sapalavath Vivaha Jivithayakata Maga
මිනිස් ජීවිතයේ වැඩි කාලයක් අප ජිවත් වනුයේ විවාහක බිරියන් හෝ සැමියන් ලෙසය. යමකු වසර 25 න් විවාහ වී, අවු 70 ක් ජීවත් වන්නේ නම් අවුරුදු 45 ක් ම ගත කරනුයේ විවාහ පවුල් ජිවිතයක් තුළ ය. ජීවිතයේ ඉතා වටිනා ම දීර්ඝ කාලයක් සතුටින් සාර්ථක ව ගත කිරීම අපගේ අධිෂ්ඨානය හා ප්‍රාර්ථනව විය යුතු ය. එය සඵලවත් ජීවිතයක අත්‍යවශ්‍ය අංගයකි. මිනිසාට ඇති අපූර්වතම හැකියාව වන්නේ අලුතින් යමක් ඉගෙන ගෙන තම ජීවිතය තමාට රිසි පරිදි හසුරුවා ගැනීමට ඇති හැකියාවයි. සතුන් හුදෙක් ම ආරයේ සහ පුහුණුවේ ප්‍රතිඵලයක් වුව ද, මිනිසාට ආරය, පුහුණුව මෙන් ම, ඉගෙනීම ද තම දිවිය හැඩ ගස්වා ගැනීම සඳහා උපකාර කර ගත හැකිය. පිළිසිඳ ගත් මොහොතේ සිට හැම මොහොතක ම හැම දිනකම මිනිස් ජිවියා ඉගෙන ගනිමින් තම ජිවිතය සාර්ථක කර ගනී. විවාහ ජීවිතය ද සඵලවත් ගත කිරීමට උගත හැකි ය. තැත් වරද ක්‍රමයෙන් ඉගෙන ගන්නවා වෙනුවට, පොත් පත් වලින් පර්යේෂණ වාර්තා වලින්, අනෙකුන්ගේ දැනුමෙන් හා අත්දැකීමෙන් ද මිනිසාට ඉගෙන ගත හැකි ය. 
Rs 360.00
Rs 400.00
-10%New
Mohanaya Ha Mohana Shilpa Krama Athpotha
ශ්‍රී ලංකාවේ සිංහල පාඨක ජනතාවට මෝහනය හා මෝහන ශිල්ප ක්‍රමය පිළිබඳ සවිස්තරව හඳුන්වා දීමේ අරමුණින් මෙම පොත ලියා ඇත. මෝහන විද්‍යාව හා මෝහන ශිල්ප ක්‍රමය ආරම්භයේ සිට මේ දක්වා විකාශය වූ අන්දමත්, වර්තමානයේ මෝහන විද්‍යාව භාවිත වන අන්දමත් සවිස්තරව දැනගත හැකි ය. නූතන වෛද්‍ය විද්‍යාත්මක හා ස්නායු වෛද්‍ය පර්යේෂණ අනුව මෝහනය හා සම්බන්ධ කර ඇති පර්යේෂණ නිසා මෝහන විද්‍යාව වර්තමානයේ යළි සාකච්ඡාවට බඳුන් ඇත. පහත සඳහන් ගැටලු වලට හා අවශ්‍යතා වලට මෝහන ශිල්ප ක්‍රම භාවිත කර සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි ය. 
අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ට ඉහළ ප්‍රතිඵල ලබා ගැනීමට 

ඉගෙන ගන්නා කරුණු හොඳින් මතක තබා ගැනීමට 
විභාග වලට සාර්ථකව පිළිතුරු ලිවීමට. 
විභාග භීතිකා වලින් මිදීමට. 
විභාග වලින් ඉහළ ප්‍රතිඵල ලැබීමට  

මානසික පීඩන අවම කරගැනීමට 

අනියත බිය, ලජ්ජාව හා සබකෝලය අඩු කරගැනීමට 
මිතුරු සබඳතා වැඩි දියුණු කරගැනීමට 
භීතිකා, කාංසා හා ක්ලමථ අඩු කරගැනීමට 

ඇබි බැහි වීම් වලින් අත්මිදීමට 

දුම් පානය මත්පැන් භාවිතය - මත්ද්‍රව්‍ය භාවිතය ආදී අහිතකර පුරුදු බිඳගැනීමට 
නිය හැපීම, ඇඟිලි ඉරීම, නින්දේ දී ඇඳ තෙමීම 
නපුරු සිහින දැකීම් නවතා සුව නින්දක් ලබා ගැනීමට රැකියා ක්‍ෂේත්‍රයේ දී ඉක්මන් උසස්වීම් ලබාගැනීමට 
ඉහළ අලෙවි කටයුතු කරගැනීමට 
නායකත්වය දෙමින් කණ්ඩායම් ජයග්‍රහණය කරා ගෙන යාමට මගපෙන්වයි. 

ස්වයං මෝහන ක්‍රම ශිල්ප ක්‍රම ද අන්තර්ගත ය. ඔබට නිරතුරු උපකාර කරගත හැකි විශිෂ්ට අත්පොතකි
Rs 450.00
Rs 500.00