Manik Gal Sathu Wishmitha Balaya
Out-of-Stock
පරිවර්තක ගෙන්...
"මැණික් ගල් සතු විශ්මිත බලය" නමින් ඔබ අතට පත් වනුයේ මැණික් විද්‍යාව පිළිබඳ විශේෂඥයකු වූ Michael Katz විසින් ජර්මන් බසින් රචිත Wisdom of the Gemstone Guardian නම් අගනා ග්‍රන්ථයෙහි සිංහල පරිවර්තනයයි. කතුවරයා තම පෙරවදනෙහි හා කෘතඥතා දැක්වීම් සටහනෙහි ද තුති පුදා ඇති පරිදි මෙම පොතෙහි එන අදහස් ඔහු වෙතට ලබා දුන්නේ අපර ලෝකයෙන් (inner world) මැණික් ගල් වලට අධිපති උතුමන් සමග සාකච්ඡා පැවැත් වූ, විශේෂිත බලයක් සහිත වූ කාන්තාවක විසිනි. ඒ ඒ මැණික් ගල්වලට අධිපති ආරක්‍ෂක උතුමන් සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡා ලෙස මෙම ග්‍රන්ථය රචනා කර ඇත. Michael Katz සඳහන් කරන පරිදි එම විශේෂිත හැකියාවක් තිබූ කාන්තාවගේ සහාය නොවන්නට මේ පොත ලියැවෙන්නේ නැත.
Katz පවසන පරිදි, මෙම පොතෙහි අන්තර්ගත වන්නේ මැණික් ගල්වලට අධිපති උතුමන් (Gemstone Guardian) විසින් දෙන ලද සම්මුඛ සාකච්ඡාවල එකතුවකි. එතුමා සඳහන් කරන පරිදි, මෙම පොතෙහි දක්වා ඇති මැණික් ගල්වල රෝග සුව කිරීමේ ගුණයක් ඇත. එම මැණික්වල නියම ගුණාංගය සහ චිකිත්සක බලය ලබා ගැනීමට නම් ඒ ඒ මැණික්වලට විශේෂිත වූ වර්ණය, ගුණය, පිරිසිදු බව හා සංගතතාව යන ප්‍රමිත කළ සාධක සහිතඒවා විය යුතුයි. එසේ නොමැති ව හුදු වාණිජ පරමාර්ථයෙන් නිර්මාණය කරන බාල මට්ටමේ කෘත්‍රිම මැණික් වලින් එම බලය ලබාගත නොහැකි ය.

Rs 2,000.00