Home

New
Buddha Charithaya
"දහම් පාසල් අවසාන සහතික පත්‍ර පසුගිය විභාග ප්‍රශ්නෝත්තර සංග්‍රහය " කාලීන අවශ්‍යතාවක් පිරිමැසීමක් ලෙස ඉතා වටිනා ප්‍රශ්නෝත්තර සංග්‍රහයක් වන අතර. අද වන විට දහම් පාසල් අවසාන විභාගය කෙරෙහි විශේෂ අවධානයක් සමාජය තුළ යොමු වී ඇතත් අවාසනාවකට එම විභාගය කුමක් සඳහා දැයි යන අර්ථකථනය සමාජගත වී නැත. ඒ නිසාම එම විභාගය කෙරෙහි දක්වන ආකල්පය ඇල්මැරී ගිය එකකි. එය කෙසේ වුව ද, මේ අවශ්‍යතාව තේරුම්ගත් බොහෝ පිරිසක් ද, අප සමාජයේ සිටිති. දහම් පාසල තුළින් ලබා ගන්නා වූ විෂය දැනුමට අතිරේක මෙම ප්‍රශ්නෝත්තර සංග්‍රහය පරිශීලනය කිරීමෙන් විභාගය සඳහා විශේෂ සූදානම් වීමක් ශිෂ්‍යයන්ට ලබාගත හැකිය.
Rs 300.00
New
Saddharmapundarika Sutraya
මහායාන නවධර්ම ග්‍රන්ථ අතුරින් චීන - ජපාන - නේපාලාදි දේශයන්හි අතිමහත් සම්භාවනාවට පාත්‍ර වී ඇති කෘතිය නම් සද්ධර්ම පුණ්ඩරික - සූත්‍රය යි. පරිවර්ත නමින් හැඳින් වෙන පරිච්ජේද 27කින් හෙබි එහි පස්වැන්න වන ඕෂධී පරිවර්තයට පූජ්‍ය ලේල් වල අරීය ධම්ම හිමියන් සපයා ඇති සිංහල පරිවර්තනය මා දන්නා තරමින් එවන් කෘතියක් ඇසුරින් සම්පාදනය වී ඇති ප්‍රශස්තතම සංස්කරණය යි. ඕෂධී සම්බන්ධ උපමා ආශ්‍රයෙන් බුදුන් වදාළ ධර්මය අන්තර්ගත හෙයින් එනමින් හැඳින්වෙන මෙම පරිවර්තය ඇතැම් විශ්ව විද්‍යාල වල බෞද්ධ ධර්ම සාහිත්‍යය සඳහා නිර්දිෂ්ට ව ඇත. බැලූ බැල්මට ම පූජ්‍ය ලේල් වල හිමියන් ගේ මෙම පරිවර්තනය, වයසින් යොවුන් වුව ද ශාස්ත්‍රීය ඥානයෙන් මුහුකුරා - ගිය, අනාගත පිරිපුන් පඬිවර අංකුරයක ව්‍යායාමයක් බව ප්‍රකට කරයි. ස්වකීය පරිවර්තනයට එහිමියන් සපයා ඇති දීර්ඝ ප්‍රස්තාවනාව සම්‍යක් සම්බුද්ධත්වය, සර්වඥතා ඥානය, ශූන්‍යතාව, නිර්වාණය හා නිවෘතිය, ෂඩ්ගතික සත්ත්ව භව, තථාගතඋපාය-කෞශල්‍ය ඥානය, බෝධි චිත්තය ආදි ධර්ම සංකල්ප අන්තර්ගතඕෂධී පරිවර්තය. බඳුන් කොට ඇති ව්‍යක්ත විවරණයත්, බෞද්ධ මිශ්‍ර සංස්කෘතය පිළිබඳ නිදසුන් සහිතව සිදු කොට ඇති අංග සම්පූර්ණ සාකච්ඡාවන් කෘතියේ අගය නංවා - ලයි. බෞද්ධ මිශ්‍ර සංස්කෘතයේ සෑම පැතිකඩක් ම අලළා කැර ඇති එම විවරණය මෙතෙක් ඒ පිළිබඳ ව සිංහලයෙන් ලියැ වී ඇති ඉතාමත් පරිපූර්ණ විස්තරය බව නොපැකිළ ව පවසමි. එසේ ම, ව්‍යක්ත සිංහලයෙන් සිදු කොට ඇති තමන් ගේ මෙම පරිවර්තනයේ විශ්වසනීය භාවය තහවුරු කිරීම සඳහා, එහිමියෝ මෙතෙක් පළ වී ඇති වෙනත් පරිවර්තන දෙකක් සමග එය සංසන්දනය කැර - පෙන්වති. මෙවන් හරබර ශාස්ත්‍රීය ව්‍යායාම යුගයේ අවශ්‍යතාවකි. බෞද්ධ සංස්කෘතසාහිත්‍යය හදාරන සියලු ම විද‍්‍යාර්ථින් මෙය අනිවාර්යයෙන් කියැවිය යුතු ග්‍රන්ථයක් බව ප්‍රකාශ කරන අතර ම, මෙවන් ශාස්ත්‍රීය කටයුතු ඉදිරියටත් කැරගෙන යාමට පූජ්‍ය ලේල්වල අරීයධම්ම හිමියනට ශක්තියත්, ධෛර්යයත් ලැබේ වා යි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.
මහාචාර්ය වෝල්ටර් මාරසිංහ
Rs 500.00
New
Bhawa Duka niwana maga
ඉංජිනේරුවකු වන සිඩ්නි සිරිවර්ධන සූරීහු "භව දුක නිවන මඟ " කෘතියෙන්ඒ මගෙහි සැටි ධර්මානුගත කරුණු ඇසුරින් දකවන්නාහු නූතන ලොවට ද අදාළ කරති. මෙහි ඇතැම් කරුණු හැදෑරීමෙන් නිවැරැදි බුදු දහම පිළිබඳ විමැසිල්ලට මඟ පාදයි. පැවිදි නොපැවිදි දෙපසේ මැ නුවණැස් ඇරැවීමට සමත් "භව දුක නිවන මඟ" දැනුම් මගට දොර විවැරුමක් බව ඉඳුරා කිව හැකියි.
Rs 200.00
New
Sinhala Demala Shabdakoshaya
මෙම සිංහල දෙමල ශබ්දකෝෂය සිංහල දෙමල භාෂාව අධ්‍යනය කරණු ලබන සියලු දෙනා හට ඉතා වටිනා ශබ්දකෝෂයක් ලෙස හැදින්විය හැකිය
Rs 500.00