New Maharahath sariyuth mugalan dagasau vatha කතෘගෙන්... ගෞතම බුද්ධ ශාසනාම්බරයෙහි කනකමය තරු ලෙසින් අග්‍ර ශ්‍රාවක සැරියුත් - මුගලන් මහරහත්හු බබළන සේක. අගසව්වන් වහන්සේ පෘථග්ජන ලෝක වාසීන්ට පිං කෙතකි. ඇසූ දුටුවනට රසඳුනකි.දෑගසව්වන් වහන්සේගේ චරිතාපදානයන් ඇසුවාහු අසත්පුරුෂයෝ සත්පුරුෂයෝ වෙති. දුර්දාන්තයෝ සුපේශල ශික්ෂාකාමීහු වෙත් ම ය. වෛරීහු ක්ෂාන්තිවාදීහු වන්නෝ ය. දුසිල්හු පාරිශුද්ධ ශීලවන්තයෝ වෙති.එහෙයින් මේ දෑගසව් වත කියවන්නාහු අසන්නාහු තම තමන් හැකි පමණින් ගුණ නුවණින් හා සීලයෙන් දියුණු වෙත්වා! එවැනි ගුණ බිඳක් පාඨක සිත්හි වැපිරීම අපගේ පැතුමයි. Rs 125.00 Add to cart Buy
New Auguste Comte Samaja Vidyawe Piya සමාජ විද්‍යාව ස්වාධීන විෂයක් ලෙස ආරම්භ වී වර්ධනය වීම යුරෝපා සමාජය තුළ සිදු වූ සමාජ සමය විපර්යාසයන් රැසක සාමුහික ප්‍රතිඵලයකි. තත් කාලීන යුරෝපා සමාජය දේශපාලනයික හා ආර්ථික වශයෙන් මුහුණ දුන් සුවිශාල අභියෝග රැසක් මෙහිදී හඳුනාගත හැක. මෙම සංකීර්ණ සමාජ විපර්යකාරකයක් නිවැරදිව තේරුම් ගෙන ඒ තුළින් ශාස්ත්‍ර ලෝකයම අවදි කළ සමාජ චින්තකයන් කීප දෙනෙක්ද ඒ සමග හඳුනාගත හැක. ඔගස්ට් කොමිට් එහිලා මූලාරම්භක විනේතෘවරයෙකි. මෙම කෘතිය ඔගස්ට් කොමට් පිළිබඳව රචිත ප්‍රථම සිංහල කෘතියයි. ඔහුගේ මතවාද හැඩ ගැස් වූ පෞද්ගලික ජිවන අනුභූතීන් හා අවස්ථාවන් මෙමගින් ආනුභවිකවම සාකච්ඡාවට ලක් කිරීම වැදගත්ය. මහාචාර්ය දයා අමරසේකර මෙරට ප්‍රකට සමාජ විද්‍යා ගත් කතුවරයෙකි. සමාජ විදහා නැණ නුවණ පොදු ජන සමාජය වෙත රැගෙන යාමට මහෝපකාරී වූ ඔහුගේ කෘති අතර මෙම කෘතිය වෙසෙසින්ම කැපී පෙනෙයි. Rs 200.00 Add to cart Buy
New Manushya prethayan samaga kala dushkara kriyawak සමාජ සමීක්ෂණ පිළිබඳ උනන්දුව තුළින් අප ජීවත්වන සමාජ පරිසරය ගැඹුරින් තේරුම් ගැනීමට අද බොහෝ අය තුළ දැඩි උනන්දු ජනක තත්ත්වයක් දැකිය හැකිය. සිඟන්නන්, ගණිකාවන්, ගැට කපන්නන්, මිනිස් වෙසින් සිටින අධමයන්, ව්‍යාජ වට්ටෝරු වෙදුන්, කපටි මන්ත්‍රකරුවන් ආදී සැවොම අපගේ සමාජයෙහි ප්‍රබල භූමිකාවක් ඉටු කරති. ඔවුන්ගේ අදෘශ්‍යමාන කාර්යභාර්ය ද මතුපිටින් පෙනෙන ස්වරූපය ඉක්මවා පවතී. නූතන මිනිසා තම ජීවිතගමනේ විවිධ ආපදාවන්, අවශ්‍යතාවන් ඉදිරියෙහි මේ කවර හෝ පුද්ගලයෙකුට කොටු වෙයි. කවර හෝ අත්දැකීමක් ලබමින් සිටී. සමාජය නම් පෘථුල ජාලයෙහි එලී පැටලී වෙලී සිටින අපි මේ අපූර්ව චරිත කෙසේ අත් හරිමුද? සැබවින්ම අපට මොවුන් මඟහැර ගිය හැකිද? මෙම කෘතිය මෙම ප්‍රශ්නය ආනුභවිත අත්දැකීම් ආශ්‍රයෙන් සාකච්ඡා කරන කෘතියකි. මෙම අපූර්ව මිනිසුන්ගේ ලෝකයෙහි ගිලෙමින් මෙහි කතුවරයා ඔවුන්ගේ සැබෑ රුව ගුණ හඳුනා ගත්තෙකි. ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සම්මානිතමහාචාර්ය නන්දසේන රත්නපාල මෙම සමාජ සමීක්ෂණ තුළින් පාඨකයාට ලබා දෙන දැනුම සහ අනුභූතිය වැදගත්ය. රසවත්ය. මහාචාර්ය දයා අමරසේකර පේරාදෙණිය විශ්ව විද්‍යාලය Rs 1,350.00 Add to cart Buy