Bhava Thala Niraya Ha Bhava Nirodaya
කෘතිය තුළින්...
වැදගත් බෞද්ධ ග්‍රන්ථ ගණනාවක් එළි දැක්වූ ප්‍රවීණ ලේඛක ගත් කතුවර සිරිපාල මා දුවගේ මහතා අක් මුල් නොදන්නා අනවරාග්‍ර සංසාරය, අති භයංකර ගොර බිරම් නරකාදිය සහ නරකාදියට නොවැටී සිටීමේ සෝවාන් ඵලය ආදී කරුණු ගැන කියන්නට සිය පෑන මෙහෙයවන ආකාරය "භවතල, නිරය හා භව නිරෝධය" තුළින් පෙනී යයි.විශේෂයෙන් මෙහි දී නිරය පිළිබඳව දීර්ඝ විස්තර ගමනක යෙදේ. නිරයේ නිරන්තර බිහිසුණු බව, දුක, වේදනාව මිනිස් හදවත් තුළ කා වද්දමින් නිරය පිළිබඳව බිය ජනිත කරවන්නට උත්සුක වෙයි. නිරයේ දුක පිළිබඳ හැඟීමක් බියක් කා වැදුණු පුහුදුන් පුද්ගලයාට ඉන් ගැලවෙන මග ද කතුවරයා පෙන්වා දෙයි. සෝවාන් ඵල ලාභී පුද්ගලයා නිරයේ නොවැටෙන බව ද සසර ගමන අවසන් කර ගැනුමට හේ පිළිපන් බව ද වටහා දෙන අයුරු අගී.
නිරය පිළිබඳ තොරතුරු ඇතුළත් බොහෝ පොත පතමා දුවගේ මහතා ඇසුරු කොට ඇත. නිරය පිළිබඳව සඳහන් දේව දූත සූත්‍රය. බාල පණ්ඩිත සූත්‍රය, නිමි ජාතකය. උප ග්‍රන්ථයක් සේ දැක්වීම ද වටී.මා දුවගේ මහතා ගේ භාෂා විලාසය හා රචනා ශෛලිය කරුණු පහසුවෙන් වටහා දෙයි.පින්, පව්, කර්මය ආදී ධර්මමය කරුණු රාශියක්, මහත් දැනුම් සම්භාරයක් ලබාදෙන " භවතල, නිරය හා භව නිරෝධය " සසර ගමන කෙළවර කර ගැනීමේ අභිලාෂය ඇත්ත වුනට ඵලදායී මගක් කර ගත හැකි වෙයි.
මහාචාර්ය විලේගොඩ අරියදේව හිමි
රුහුණ විශ්වවිද්‍යාලය - මාතර

Rs 531.00