Psychology

Minis Manase Mahimaya
කතෘගෙන්...
ලෝකයට විමුක්තියක් හෝ සහායයක් ලැබේ නම් හුදෙක්ම දරුවා වෙතින් පමණෙකි. කවර හෙයින්ද යත්, දරුවා මිනිසාගේ ද සමාජයේ ද නිර්මාපකයා වන බැවිනි.දරුවා සහජයෙන්ම උරුම කර ගෙන ඇති අතිමහත් හැකියා සම්භාරය, නව ලොවක් නිර්මාණය සඳහා උදව් වන පරිදි, පෙර පාසල් වියේ දී උන්නතියට පත් කරනු වස් සහාය විය හැකි අන්දම මෙහි පැහැදිලි කෙරේ
Rs 500.00
Nikotin Lolithvaya Suvakirime Pahasu Maga
වෛද්‍ය නිලධාරී ධනුෂ්ක දිසානායක මහතාට ඔහුගේ අපූර්වතම නිර්මාණය උදෙසා සුභාශිංසනය කරමි. ශ්‍රී ලංකා යුධ හමුදාවේ මනෝ වෛද්‍ය විශේෂඥයකු ලෙස මෙම කෘතියේ අන්තර්ගතය නිකොටින් උගුලට හසු වූ පාඨකයන්ට ඉන් අත්මිදීම සඳහා ඉවහල් වන පෙර නොඇසූ නොවිරූ දැනුම් සම්භාරයක් ලබාදෙන බව ප්‍රකාශ කරමි. එය නිකොටින් මත තම ජීවිතය රඳා නොපවත්වන පුද්ගලයෙකු බිහි කිරීමට අවශ්‍ය මානසික පසුබිම ගොඩනගයි.
Rs 550.00
Krurathvayen Mideema
ක්‍රෑරත්වය මිනිස් ආධ්‍යාත්මය මුල්බැසගත් ලක්ෂණයකි. මිනිස් සන්තානයෙන් ක්‍රෑරත්වය බැහැර කරගන්නා අන්දමත් ක්‍රෑරත්වයෙන් විනිර්මුක්ත සිත ළඟා කරගන්නා ආධ්‍යාත්මික සුවය පිළිබඳවත් ක්‍රිෂ්ණමූර්ති සිය BEYOND VIOLENC කෘතියෙන් මනාව විග්‍රහ කර ඇත. එම කෘතිය සිංහලට පරිවර්තනය කිරීම ඉතාමත් ප්‍රයෝජනවත්ය. ක්‍රිෂ්ණමූර්ති දාර්ශනිකයාගේ විශිෂ්ට කෘතියක් සිංහලට පරිවර්ථනය කර පාඨකයන් වෙතලබාදීම ගැන ජයරාජ් කපිල කුලසිංහ මහතාට අපගේ ප්‍රණාමය හිමිවිය යුතුය
Rs 900.00
Duka Shokaya Ha Wishadaya
කතෘගෙන් ඔවදනක්...
සිතින් හා ගතින් විඳවීම 'දුක' යනුවෙන් හැඳින්විය හැකිය. ශෝකය, බිය, කෝපය, වෛරය, ඊර්ෂ්‍යාව ආදී සෘණාත්මක චිත්ත වේග දුක හටගන්වයි. කිසියම් පුද්ගලයෙකු දිගු කාලයක් දුක්බරව සිටින්නේ නම් ඔහු හෝ ඇය මානසික රෝගියෙකි. එනම් විෂාදයෙන් පෙළෙන්නෙකි. මෙවැනි අවස්ථා වලදී බොහෝ දෙනෙකුට ශාරීරික රෝග ලක්ෂණ පහළ වන අතර ඔවුන් සිතනු ඇත්තේ තමන් ශාරීරික රෝගයකින් පෙළෙන බව විය හැකිය. ඇත්තෙන්ම එවැනි ශාරික රෝග ලක්ෂණ වලට කොතරම් ප්‍රතිකාර කළ ද මනසේ දුක්බර බව ඇතිවීමට බලපාන හේතුකාරකය ඉවත් කරන තුරු සුවපත් වන්නේ නැත.
කෙටියෙන් කිවහොත් හේතු කාරකය වන්නේ මනසේ ඍණාත්මක සිතුවිලි මගින් මොළයේ ස්නායු ක්‍රියාකාරීත්වයේ හටගන්නා වෙනසකි. සිතුවිලි වෙනස් කිරීම මගින් මොළය යථා පරිදි ක්‍රියාත්මක කළ හැකිය. මනෝ‍්‍රතිකාර මගින් මෙවැන්නක් සිදු කෙරේ. කෙසේ වුවත් තත්ත්වය බරපතළ නම් ප්‍රතිවිෂාද ඖෂධ මගින් ඊට පිළියම් කළ හැකිය.ආතතියෙන් හා විෂාදයෙන් පෙළීම දිය වැඩියාව, හෘද රෝග ඇතුළු විවිධ බෝ නොවන රෝග හට ගැනීමේ හේතුවක් විය හැකිය. එවැනි රෝග තත්ත්ව සාර්ථකව පාලනය කළ හැක්කේ ආතතියෙන් හා විෂාදයෙන් මිදීම මගිනි.වර්තමාන මිනිස් ජීවන රටාව ඉතා සංකීර්ණ වූවකි. භෞතික සම්පත් ලබා ගැනීමේ කෑදරකමින් යුත් මිනිසා ජීවත් වන්නේ අසහනකාරී පරිසර රටාවක් තුළය. ළමා වියේ පටන් හරිහැටි නින්දක් නොලබා නිතර මානසික පීඩාවට පත්වන්නෝ මැදිවිය එලඹීමටත් ප්‍රථමයෙන් රෝගී වෙති. මින් මිදිය හැක්කේ ලද දෙයින් සතුටු වී සරල ජීවන රටාවකට හැඩ ගැසීමෙන් පමණි.
Rs 300.00
Sathyata Seema Natha Nidahase Piyamba Yannata
 "සත්‍යයට සීමා නැත" මෙම කෘතිය උත්තරාරෝපිතසංකල්ප වලින් මිදි ජීවිතය අලුතින් දකින්නට, ජීවිතය සතුටින් විඳින්නට, චිතය මෙන්ම ලෝකය දෙස සිහියෙන් බලන්නට මඟපෙන්වන, අපූර්ව ආකාරයෙන් සම්පාදිත කෘතියකි. එය සහජයෙන් අන්ධ භාවයට හෝ පෙස භාවයට පත් නොවුවද අඳ මනසින් බිහිරිව ජිවිත ගෙවන, සත්‍යයේ මායාව වැළදගත්. අන්ධකාරයේ සැරිසරණ අපේ සමාජයට, සිත් සීමාවන් සිද බිද දමන්නට මග පෙන්වන සදුපදේශයක් වනු නොඅනුමානය.
Rs 700.00
Kilesa Upakilesa Sankilesa Saha Chiththa Wimukthiya
කිලේස උපක්කිලේස සංකිසෙ‌ලේස සහ චිත්ත විමුක්තිය - කිලේස උපක්කිලේස සංකිසෙ‌ලේස සහ චිත්ත විමුක්තිය නම් ග්‍රන්ථය උසස් උපාධියක් සඳහා කරන ලද පර්යේෂණයකි. මෙවැනි මාතෘකා යටතේ රචිත ග්‍රන්ථ පරිහරණය විරල බැවින් මෙය මුද්‍රණය සඳහා දියපත්තුගම රේවත හිමි විසින් යොමු කර ඇත. තව ද දිගුකාලීන ව පරියේෂණ කරමින් නිම වන ලද ධර්ම ග්‍රන්ථයක් වන අතර උසස් විභාග හා උපාධි සඳහා පාඨකයාට ද එක සේ මහත් ප්‍රයෝජනවත් වන්නකි.
Rs 400.00
Abiyoga Jayagath Daruwo
අභියෝග ජයගත් දරුවෝ සැබෑ වශයෙන්ම අභියෝග හමුවේ නොසැලි නොවැටී, නොපැරදී තම අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත් සරසවි සිසුන් රැසකගේ ජීවන කතා එකතුවකි. ශ්‍රී ලංකාවේ සිවුදෙස ජිවත් වන, විවිධ මට්ටමේ ආර්ථික සාමාජික පසුතලවල ඉපිද හැදී වැඩි, විවිධ පාසල් වල ඉගෙන ගෙන අඩියෙන් අඩිය, වරෙක වැටෙමින්, තව වරක නැගිටිමින්, දුවමින් අවසන සරසවියට ඇතුළත් වීමේ කඩුල්ල පැනගත් උද්‍යෝගිමත්, අධිෂ්ඨානශීලී තරුණ තරුණියන්ගේ කතාන්දරයකි. මෙම ස්වයං ලිඛිත චරිත කතා වර්තමානයේ පාසල් වල ඉගෙන ගන්නා සිසුනට ශක්තියක්, ධෛර්යයක් හා මහත් අභිප්‍රේරණයක් ලබා දෙනු ඇත. ඔව්! මට පුළුවන්! මටත් සාර්ථකත්වයට පැමිණිය හැකියි යන අදහස ළමයින් තුළට කා වැද්දීමට හොඳම පොතක් ලෙස අභියෝග ජයගත් දරුවෝ" හඳුන්වා දිය හැකි ය. 
Rs 450.00
Maha Molakarayo
21 වෙනි සිය වසයේ සාර්ථකත්වයට වැඩිම බලපෑමක් කළේ ව්‍යාපාර බව කවුරුත් පිළිගන්නා සත්‍යයකි. අනාගත අභියෝගයන්ට නොබියව මුහුණ දී ජිවිතය සාර්ථකත්වයට පත්කර ගැනීමට නම් සියලු දෙනාම ව්‍යාපාර දර්ශනය අවබෝධ කරගත යුතුය. ඒ සඳහා ලෝකය වෙනස් කළ විශිෂ්ට ව්‍යාපාරිකයන් නැවත හැදෑරීමෙන් සමාජයේ වෙසෙන සෑම කෙනෙකුටම ඉගෙනගත හැකි පාඩම් බො-හෝය. මෙම කෘතිය ඊට මහඟු පිටුවහලක් සපයයි.
Rs 700.00