Best sellers

-10%
Heladiuvaseen Saha Adivaseen
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ ආදිවාසී ජන අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දයානන්ද සෝමසුන්දර මහතා විසින් සංස්කරණය කරන ලද ආදී වාසීන් පිළිබඳ දෙවන පර්යේෂණ ග්‍රන්ථය වූ හෙළදිව් වාසීන් සහ ආදිවාසීන්' නමැති මෙම කෘතිය, ශ්‍රී ලංකාවේ වසන හෙළදිව්වාසීන් සහ ආදිවාසීන් පිළිබඳ ව ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට අද දක්වා පුරාවිද්‍යාත්මක පර්යේෂණයන්ගෙන් හා සාක්‍ෂි වලින් හෙළි වී ඇති කරුණු ද, ඓතිහාසික පුරාවෘත්තයන්ගෙන් හා ජනප්‍රවාදයන්ගෙන් හෙළි වී ඇති කරුණුද අලළා විද්වතුන්, පර්යේෂකයින්, ගවේෂකයින්, සමීක්ෂකයින් සහ මාධ්‍යවේදීන් විසින් ලියැවුනු පර්යේෂණාත්මක හා ගවේෂණාත්මක ලිපි රැසකින් සමන්විත වන අතර, සමාජ විද්‍යාව, මානව විද්‍යාව, පුරා විද්‍යාව, වාග් විද්‍යාව, සංස්කෘතිය ඇතුළු විවිධ සමාජීය විද්‍යාවන් හා මානව ශාස්ත්‍රයන් හදාරණ හෝ එම විෂයයන් පිළිබඳව උනන්දුවක් දක්වන විද්‍යාර්ථීන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් මාහැඟි ග්‍රන්ථයක් බව කිව යුතු ය.
Rs 796.50
Rs 885.00
-10%Out-of-Stock
Diyawara Urumaya
Out-of-Stock
මේ කෘතියේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ විවිධ ජන වර්ග හා ආගම් ඔස්සේ ප්ලය ගමන් ගන්නා මාර්ගය ඉදිරිපත් කිරීම යි. ශ්‍රී ලාංකිකයන්ට කලාව හා තාක්ෂණය පිළිබඳ මනා ඥාන සම්භාරයක් පමණක් නොව අනාගත පරම්පරා ගණනාවක් ම හැඩ ගැස්වීමෙහි ලා උපයෝගි විය හැකි මනා ප්‍රඥා මහිමයක් ද මේ උරුමයෙන් සුවිශේෂයන් ලැබී ඇති අයුරු වටහා ගැනීමට මේ ගමන් මාර්ගය ඉවහල් වනු ඇත.
Rs 540.00
Rs 600.00
-10%
Ananda Maithreeya Mahanahimiyange Bhavana Athdekim
අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් අපේ පරමාදර්ශී චරිතයකි. (Legend) බෞද්ධ ලෝකයේ පුරාවෘත්තයකි. සමුද්‍ර වෙත්තසිංහ විසින් උන්වහන්සේ පිළිබඳව නැවතවතාවක්, නැණවත්, පැණවත්, සම්භාෂණයක් කතිකාවක් අරඹන ග්‍රන්ථයක් පාඨක සමාජයට ඉදිරිපත් කරයි. බුදු බව පතන බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි වැනි හැඳින්වීම මේ කෘතියෙන් වෙනත් දිශාන්තියකට යොමු කෙරෙයි. මූලාශ්‍රය සනාථ කරමින් විචාරශීලීව සම්පාදනය කර ඇති මේ කෘතිය සෝතාපන්න මාර්ගඵලය ගැන ඥාන මීමාංසාවක් පළට කරන ආධ්‍යාත්මික චින්තන ධාරාවක් විහිදුවයි.
Rs 675.00
Rs 750.00
-20%
The Buddhist Analysis of Mind
Buddhism is a religion that is concerned with taming and training the mind. hence it furnishes a detailed and immaculate philosophy of mind both for the layman and the clergy to grapple with and realize prof. y.Karunadasa who is a well known commentator in buddhism already known for his 'Buddhist Analysis of Mind' has given a stanning commentary on the buddhist view-point of mind, which seems to be oven more interesting.
Rs 768.00
Rs 960.00
-10%
Karunika Thara
ශ්‍රී ලංකාවේ වැඩ සිටින සියලුම භික්ෂුන් වහන්සේලා ගෙන තරාදියක එක් පසෙක දමා බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් අනෙක පස දැමුවත් ඒ පස බර වැඩි වන්නේ යැයි ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් වරෙක පැවසී ය. පිරිසිදු සිල් ගිහිණි ඒ මහා යතිවරයාණන් වහන්සේ සිංහලට පරිවර්තනය කළ කාරුණික තාරා' වූ කලී මහායාන බෝධිසත්වවරියකගේ අතිශය කාරුණික වූද පරිත්‍යාගශිලී වූද ජිවිත පිළිබිඹුවකි. ලෝ වැසියන් දුක් පීඩාදියෙන් මුදනු පිණිසත්, ධර්මය යළි යළිත් ප්‍රචලිත කරනු පිණිසත් නාථ දෙවියන් මිනිස් වෙස් ලැබූ චරිත වරින් වර ලොව පහළ වන බව සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ දැක් වේ. එසේ පහළ වූ ආත්ම භාව 33 ගැන එහිම සඳහන් වේ. මෙහි එන කාරුණික තාරාවෝ එසේ පහළ වූ අවලෝකිතේශ්වර නාථ පුනරාවතාරයක් වෙත්
Rs 450.00
Rs 500.00
-10%
Sitha pubudana dina 365
මෙම ග්‍රන්ථය වෙනත් ග්‍රන්ථ සිය ගණනක සාරාංශයක් ලෙස ද සැළකිය හැක. අවශ්‍ය වුවත් කෙදිනක හෝ කියවීමට නොලැබෙන නම් ගම් නොදන්නා ඒ ග්‍රන්ථ කියවීමේ භාග්‍යය ද මෙමගින් අපට ලැබේ. මෙහි ඇති බොහෝ ඉදිරිපත් කිරීමේ, කියවන ඕනෑම පාඨකයෙකුගේ කුතුහලය දනවන අතර ඒ කියමනට අදාළ කාරණය ගැන දින ගණනාවක් සිතන්නට පෙළඹෙනු නිසැකය. 
Rs 351.00
Rs 390.00
-10%
Minis Diwiye Arutha Soya
මේ කෘතියෙන් නාසි මාරක කඳවුරුවල දී මුහුණ දුන් භයානක සිද්ධි ඇතුළු ට, ඉෂ්ටාර්ථ චිකිත්සාව පිළිබඳ න්‍යායය අනාවරණය කර ගැනීමට පාදක වූ තම ජිවිත අත්දැකීම් කතන්දරයක ආකාරයෙන් ඉදිරිපත් කර ඇත. කතුවරයා ඕස්විවිටස්හි සහ වෙනත් වද කඳවුරු තුළ ගත කිරීමෙන් අනාවරණය කර ගත් ඉෂ්ටාර්ථ චිකිත්සාව, මානසික ව හෝ ආධ්‍යාත්මික ව දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින පුද්ගලයන්ගේ පෞරුෂ ගැටලු නිරාකරණය සඳහා දායක වන නවීන හා සුඛවාදී එළැඹුමක් වේ. 
" පසුගිය වසර පනහ තුළ ලෝකයේ මනෝ විද්‍යා චින්තනයට කරන ලද ප්‍රධාන ම දායකත්වය ලෙස මේ කෘතිය හැඳින්විය හැකිය " 
කාර්ල් ආර්. රොජර්ස් (ප්‍රකට මනෝ විද්‍යාඥ )
Rs 882.00
Rs 980.00
-10%
Bauddha Mano Vidya Praweshaya
බෞද්ධ මනෝ විද්‍යා ප්‍රවේශය නම් මෙම කෘතිය කැළණිය විශ්වවිද්‍යාලයයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ බාහිර කථිකාචාර්යවරයෙකු වන ආචාර්ය ධර්මසේන හෙට්ටිආරච්චි මහතා විසින් රචිත අතර මෙම කෘතිය මගින්   පුද්ගලයා පිළිබද බෞද්ධ අර්ථකතනයෙන් ඉස්මතු වන මනෝවිද්‍යාත්මක විග්‍රහය බෞද්ධ සූත්‍ර ධර්ම අනුසාරයෙන් නිවැරදිව වටහා ගැනීමටත් ඇතැම් බෞද්ධ සංකල්පයන් පිළිබද විවරණ ගැටලු ද නිරාකරණය කරමින් බෞද්ධ මනෝවිද්‍යාවේ මූලධර්මයන් විවරණය වන්නේ බෙහෙවින් ම සිත්ගන්නා සුලු සරල ආකාරයකිනි. 
Rs 630.00
Rs 700.00
-20%
Theravadi Tripitakaye Samarambhaya Ha Wikashaya
"ථෙරවාදී ත්‍රිපිටකයේ සමාරම්භය හා විකාශය” යන මෙම කෘතිය ත්‍රිපිටක සාහිත්‍යය ආරම්භව, වර්ධනය වී ශ්‍රී ලංකාවෙහි හා සෙසු සම්ප්‍රදායික ථෙරවාද බෞද්ධ ලෝකයෙහි ද ව්‍යාප්තව පවත්නා ආකාරය පිළිබඳ සමාලෝචනාත්මක අධ්‍යයනයකි. සාහිත්‍යය, ධර්ම කරුණු සහ ඉතිහාසය ද සංකලනය කරමින් රචනා කොට ඇති මෙම කෘතිය ත්‍රිපිටක සාහිත්‍යය පිළිබඳව දැන ගනු කැමැති ධර්මකාමී සාමාන්‍ය පාඨකයා හට මෙන් ම ත්‍රිපිටකය පිළිබඳව ගැඹුරින් හදාරනු කැමති ශාස්ත්‍රාභිලාෂීන්හට ද එක සේ අර්ථවත් වන කෘතියක් ලෙස හැඳින්විය හැකිය. 
Rs 1,160.00
Rs 1,450.00
Out-of-Stock
The Art of Disappearing
Out-of-Stock
Whether mere bumps in the road or genuine crises, we live in a world of unwanted events that no willpower can prevent. In The Art of Disappearing, Ajahn Brahm helps us learn to abandon the headwind of false expectations and follow instead the Buddha’s path of understanding. Releasing our attachment to past and future, to self and other, we can directly experience the natural state of serenity underlying all our thoughts and discover the bliss of the present moment. In that space, we learn what it is to disappear. Ajahn Brahm, an unparalleled guide to the bliss of meditation, makes the journey as fun as it is rewarding.
The Art of Disappearing, comprised of a series of teachings Ajahn Brahm gave to the monks of Bodhinyana Monastery, where he serves as abbot, offers a unique glimpse into the mind of one of contemporary Buddhism’s most engaging figures.
Beyond Mindfulness In Plain English
Countless people worldwide have made Mindfulness in Plain English a beloved and bestselling classic in almost a dozen languages. Now after nearly two decades, Bhante helps meditators of every stripe take their mindfulness practice to the next level—helping them go, in a word, beyond mindfulness. In the same warm, clear, and friendly voice, Bhante introduces the reader to what have been known for centuries as the “jhanas”—deeply calm, joyous, and powerful states of meditation that, when explored with the clearly presented tools in this book, can lead to a life of insight and unshakeable peace.
Rs 5,000.00
-20%
Maha Ummagga Jataka
Maha ummagga jataka is the lougest among the jataka stories of the buddha, which explain the buddha's saga toward supreme enlightement in his previous incarations.it has been translated into readable english by Mr. viranjeewa weerakkody who has many such translations to his credit, for a connoissenr of religious literature, it forms thrilling and exciting reading.
Rs 840.00
Rs 1,050.00
-10%
Kanda Udarata Janappriya Wu Dewa Sankalpa Ha Ithihasika Dewala
"කන්ද උඩරට ජනප්‍රිය වූ දේව සංකල්ප හා ඓතිහාසික දේවාල ' නමැති මෙම ග්‍රන්ථය නූතන මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක තුනෙහි ජනප්‍රිය වූ දේව සංකල්ප හා ඓතිහාසික වශයෙන් වැදගත්, පූජනීය වූ සතර මහා දේවාල හා අනෙකුත් දේවාල සම්බන්ධයෙන් වැදගත් කරුණු අනාවරණය කරන කෘතියකි.
Rs 495.00
Rs 550.00
-10%
Mahabhinishkramanaya
සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ මහානිෂ්ක්‍රමණය තේමා කරගනිමින් රචිත මෙම කෘතිය සූරියවැව ධම්මපාල හිමියන් විසින් රචනා කරණ ලද ඉතා වටිනා කෘතියක් වන අතර  තදනුබද්ධ ධර්ම කාරණා රාශියක් සිත්ගන්නා සුළු ආකාරයෙන් පාඨකයා  වෙත ඉදිරිපත් කිරීමට දරන ලද ප්‍රයත්නයක සාර්ථක ප්‍රථිඵලයක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,170.00
Rs 1,300.00
-10%Out-of-Stock
Ahalepola adhikaram Thumage Athwedha potha
Out-of-Stock
රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල ස්ථවිරයන් වහන්සේ විසින් රචිත 'ඇහැළපොළ අදිකාරම්තුමාගේ අත්වෙද පොත' නම්  මෙම කෘතිය තුළ ඇහැළපොළ අදිකාරම්තුමාගේ පුස්කොළ පොතෙහි අන්තර්ගතව තිබූ බොහෝ ඖෂධ වට්ටොරු ගණනාවක් එක්කොට  සකස් කරන ලද කෘතියකි.
Rs 405.00
Rs 450.00
-10%
Sadhathuka Prathima
'සධාතුක ප්‍රතිමා' නම් මෙම කෘතිය ලාංකේය සධාතුක ප්‍රතිමා සම්බන්ධයෙන් ලියැවෙන පළමු ශාස්ත්‍රීය ලේඛනය වන අතර බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන ඉෂංඛ මල්සිරි මහතා විසින් රචනා කරන ලද කෘතියකි. 
Rs 1,440.00
Rs 1,600.00
-20%
Experiences Available for Sovan Lay Persons
'herein arya keerthi kumarasena delineates the experiences likely to occur when a buddhist meditator attains  the first stage of sainthood known as soram a stream entry. He also sets out the  procedure  for attaining it through  meditation and development of which mental factors plays a major role in the procedure through which you attain it.
Rs 800.00
Rs 1,000.00
-20%
The Buddha's Eight Great Victories
jayamangala gatha plays an important part of being chanted in every auspicious occasion carried out in a buddhist household. how many of you know the basis underlying their import ? in this book ken and visakha kawasaki mentions at some leugth the basis of each stanza chanted as the jayamangala gatha
Rs 688.00
Rs 860.00
-10%
Nawala Dharma Deshana - 05
'නාවල ධර්ම දේශනා- 05' නමින් මෙම ග්‍රන්ථය වැරැල්ලානේ විමලතිස්ස නාහිමි විසින් රචනා කර සම්බුදු සසුනෙහි චිරස්තිතයටත් ලාංකීය බෞද්ධයාගේ ධම්ම ඥාණය වැඩි දියුණු කිරීමටත් විවිධ මාතෘකාවලින් දේශත තදීය ධර්මය ධම්ම දේශනා ශෛලියෙන්ම රචනා කොට ජිවිතවල විවිධාකාර දුර්වලකම් නැති කර මිනිසාගේ සිත ක්‍රමිකව සකස් කළ යුතු අකාරයට ලිහිල් ව දහම් කරුනු සිත් තුළට කාවදිනා ලෙස රචනා කරන ලද ඉතා වටිනා ග්‍රන්ථයකි.
Rs 405.00
Rs 450.00
-10%Out-of-Stock
Sigiri Gee Nirmana
Out-of-Stock
සීගිරි කැටපත් පවුර, සීගිරිය ඇතුළත සීගිරියකි. පැරණි සිංහල නගර නිර්මාණය හා කලාශිල්ප පිළිබද අවබෝධයක් ලබා ගැනීමට සීගිරි නටබුන් හා චිත්‍ර යම් ප්‍රමාණයකට වැදගත්ද පැරණි සිංහල භාෂාව හා සාහිත්‍යය අධ්‍යයනයෙහි ලා කැටපත් පවුරේ එන කුරුටු ගීද ඒ තරමටම වැදගත්ය. මේ ගී බලවත් පරීශ්‍රමයකින් කියවා අර්ථකථනයන්ද සහිතව ප්‍රකාශයට පත් කිරීමෙන්, අභාවප්‍රාප්ත මහචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් කර ඇත්තේ අනල්ප වූ ශාස්ත්‍රීය සේවයකි. 
Rs 1,800.00
Rs 2,000.00
-10%Out-of-Stock
Liyana kalawa saha Rachana widi krma
Out-of-Stock
ලියනගේ අමරකීර්ති මහතා විසින් රචනා කරන ලද 'ලියන කලාව සහ රචනා විධි ක්‍රම' මෙම පොත අධ්‍යයනය කිරීම තුලින් හුදෙක් නිරවද්‍ය වාකය රචනයට පමනක් සීමා වී පැවති ශාස්ත්‍රීය ලේඛනය පිලිබද කතිකාව විවිධ කෝණ ගණනාවකින් දැකිය හැකි අතර ඒ අතර  ප්‍රවාදත්මක දැනුම ගවේශනය, විචාරාත්මක චින්තනය, ලේඛනය හා සම්බන්ධ විවිධ ආචාරධර්ම ආදිය පිලිබදව මනා දැනුමක් ලබා ගත හැකිය.
Rs 882.00
Rs 980.00
-10%
Sinhala Rasabasa
ලොව සම්භාව්‍ය භාෂා අතර සිංහල භාෂාව ප්‍රමුඛස්ථානයක් ගන්නා අතර මෙම කෘතිය නිර්මාණය කිරීමේ දී සමාන පද, බහු අර්ථ පද, විරුද්ධාර්ථ පද, යුගල පද වැනි තෝරාගත් මාතෘකා කිහිපයක් ගෙන එම්.ජි.සිරිල් මහතා සහ නාලිනී කන්ත්‍රිආරච්චි මහත්මිය විසින් රචනා කරණ ලද 'සිංහල රසබස' නම් මෙම කෘතිය සිංහල භාෂාව අධ්‍යනය කරන්නෙකු හට ඉතා වටිනා ග්‍රන්තයකි. 
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock
Sinhalen Pali
Out-of-Stock
'සිංහලෙන් පාලි' මෙම ග්‍රන්ථය දර්ශනපති ඩී.සද්ධාසේන මහතා විසින් රචනා කර ඇති අතර එතුමා විසින් මෙම ග්‍රන්ථය  රචනා කිරීමේදී පාලි භාෂාව පිළිබද මහා වියතකු වන ඒ.පී.බුද්ධදත්ත ස්වාමීන් වහන්සේගේ ' එඊඩ්ස් ටු පාලි කන්වසේශන් ඇන්ඩ් ට්‍රන්ස්ලේශන්' යන කෘතියෙන් ද ඉතා වටිනා කරුණු ගෙන මෙම කෘතියට අන්තර් ගත කර ගෙන ඇත.
Rs 405.00
Rs 450.00
-10%
Mahayana Muladharma Ha Mul Budu samaya theravadaya
බුද්ධ පරිනිර්වාණයෙන් සප්තම ශත වර්ෂයේ දී පමණ ප්‍රාදුර්භූත වුවා යැයි සැලකෙන මහායාන ධර්ම සාහිත්‍යය මහසෙන් රජු සමයෙහි සංඝමිත්‍ර නමැති භාරතීය භික්ෂුවක් විසින් ලක්දිවට රැගෙන එන ලදැයි සමාජයේ පිලිගැනෙන මතයයි.
Rs 690.30
Rs 767.00