Best sellers

-10%
Sabba Papassa Akaranan
බුදු දහම තුළින් තම දෛනික ජීවන ක්‍රියාවලියේ බාධක මගහරවා ගනු රිසි බෞද්ධයාට, හස්තසාර ක්‍රම විධි ඇතුළත් මෙය අත්පොතක් සේ භාවිතයට ගත හැකි ප්‍රශස්ත ග්‍රන්ථයකි. උපතේ සිට මියෙන තෙක්, දුෂ්කර වූ ජීවන ගමන තුළ මුහුණ දීමට සිදුවන නොයෙක් බාධකයන් ජයගෙන සාර්ථක දිවිපෙවෙතකට අවශ්‍ය බොදු පිළිවෙත් රාශියක් කියාදෙන මෙම ග්‍රන්ථය, පූජ්‍ය අල්ගම වත්තේ සුමනවංශ හිමියන් පාරම්පරිකව ලත් දැනුම් සම්භාරයේ තරම කෙබඳු දැයි කියාපාන කැඩපතක් සේය. ලාභ අලාභ, යස අයස, නින්දා ප්‍රසංශා, සැප දුක් යන අටලෝ දහමෙහි ඒ ඒ අවස්ථාවන්ට මුහුණදෙන පුද්ගලයාගේ පිහිටට හේතු වන අස්වැසිලිදායක ග්‍රන්ථයක් වන මෙය සැබවින්ම සාර්ගර්භ වූ කරුණු අන්තර්ගත වූවක අවසන් ප්‍රතිඵලය ලෙස අගය කළ යුත්තකි.
Rs 450.00
Rs 500.00
-10%
Kshinasrava Margaya
අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානාහිමියන් ගේ දේශන පත්‍රිකා, ඇවතුම්, පැවතුම්, ලියුම්, කියුම්, ග්‍රන්ථ සම්බන්ධ ඉමහත් කීර්තියක් පැතිර තිබේ. මේ අතිශය වටිනා සංසිද්ධීන් මූලාශ්‍රයන් ශාස්ත්‍රීය පර්යේෂණයට යොමු කළ තිළිණ සූරීයපති සුධීමතුන් විසින් නවත ම කෘතියක් පාඨක අතට පත් කර ඇත. ඒ ක්ෂිණාශ්‍රව මාර්ගය නිස්සරණ ප්‍රදීපස්තම්බය පිළිබඳ අනඳ මෙත් නාහිමි දෙසුම් සංග්‍රහය යි. යෞවනයෙකු විසින් මෙබඳු ක්‍ෂේත්‍රයක් ගවේෂණය කිරීම පෙරළා කිසිවක් අපේක්‍ෂා නොකොට කරන ලද සුවිශාල ප්‍රයත්නය සපුරා අගය කරනුයේ පුණ්‍ය චේතනා පෙරදැරි ව ය. මේ කෘතිය කියැවීමෙන් පාඨකයන්ට අපමණ ප්‍රයෝජනයක් ලබා ගත හැකි බැව් ගෞරවයෙන් සඳහන් කරමි.
Rs 675.00
Rs 750.00
-10%Out-of-Stock
Buddhism Lectures and Essays
Out-of-Stock
"Buddhism Lectures and Essays" is a book by Venerable Balangaoda Ananda Maitreya, offering insights into various aspects of Buddhist teachings. It covers topics like the Buddha and his teachings, household life, meditation, and the path to Nibbana. The book is presented as a series of talks and essays, providing a comprehensive introduction to Buddhist principles and practices. 
Rs 900.00
Rs 1,000.00
-10%
Kosol Maha Raju Dutu Sihina Dahasaya Saha Wathman Minis Samajaya Pilibada Wimasumak
කොසොල් මහ රජ දුටු සිහින දහසය සහ වත්මන් මිනිස් සමාජය පිළිබද විමසුමක් යන මෙම කෘතිය තුළින් කොසොල් මහ රජතුමන් විසින් දුටු සිහින 16 බුදුපියාණන් වහන්සේට ඉදිරිපත් කළ මොහොතේ බුදු පියාණන්වහන්සේ විසින් එම එක් එක් සිහිනය විස්තර කර දුන් ආකාරය පිළිබදවත් එම සිහින වල තේරුම් පිළිබදවත් මෙම කෘතිය තුළ අන්තර්ගතය.
Rs 315.00
Rs 350.00
-10%
Gauthama Budun Wahansege Dinapotha
කතෘගෙන්...
බුද්ධ චරිතයේ බොහෝ දෙනෙක් දන්නා සුලභ සුප්‍රසිද්ධ සිදුවීම් මෙම බුද්ධ චරිත කථා පොත්වල පෙල ගස්වා ඇති අතර සූත්‍ර පිටකය සහ විනය පිටකය පුරා උන්වහන්සේ දේශනා කර ඇති ධර්මය සහ විනය කැටිකොට දක්වා ඇති එක් ග්‍රන්ථයක් සොයා ගැනීමට නැත. බුදුන් වහන්සේ ගේ වසර 45ක දේශනාවන්, හමු වූ පුද්ගලයින්, චාරිකා කළ ප්‍රදේශ සහ ස්ථාන සහ සිදු වූ තදනු බද්ධ සිදුවීම් එකම ග්‍රන්ථයකින් කියවා තේරුම් ගැනීමට පාඨකයාට අවස්ථාවක් සලසාදීමත්, ගෞතම බුදුන්වහන්සේ වසර 45 ක කාලය තුල දවස් ගත කළ ආකාරය දින පොතක් ලෙස සකස් කර ඉදිරිපත් කිරීමත් මෙම ග්‍රන්ථය රචනා කිරීමේ පරමාර්ථය යි. මෙමගින් පාඨකයාට බුදු සිරිත මැනවින් වටහා ගැනීමටත් සමස්ත බුද්ධ දේශනාවම අතැඹුලක් සේ කියවා රස විඳ දහම අවබෝධ කර ගැනීමටත් මග පෑදෙනු ඇත.
Rs 2,070.00
Rs 2,300.00
-10%Out-of-Stock
Sarasavi sinhala sinhala shabdakoshaya
Out-of-Stock
මෙම ශබ්දකෝෂය තුළ ශීර්ෂ පද 85,000කට වැඩි ගණනකට අරුත් සපයා ඇති අතර එදිනෙදා භාවිතයේ දී අවශ්‍ය වන වදන් බොහෝමයක් එක් රැස් කර ඇති නිසා අපේ පැරණි පොතපත පරිශීලනය කරන්නන්ට හට මහඟු අත්වැලක් සපයයි. පැරණි බෞද්ධ පොතපත කියවන අයට මාර්ගෝපදේශකයෙකි. සිංහල භාෂාව හදාරන දරුදැරියනට ඉතා ප්‍රයෝජනවත් වන අතර පරිගණක විද්‍යාව,තොරතුරු තාක්ෂණය ඇතුළු විවිධ විෂයයන් රැසකට අදාළ වචන විශාල ප්‍රමාණයක් ඇතුළත් කර ඇති ශබ්දකෝශයකි. නූතන සන්නිවේදනය සඳහා සිංහල බස යොදා ගන්නා අයට මහෝපකාරී ග්‍රන්ථයකි.
Rs 3,150.00
Rs 3,500.00
-10%
Ananda Maithreeya Mahanahimiyange Bhavana Athdekim
අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් අපේ පරමාදර්ශී චරිතයකි. (Legend) බෞද්ධ ලෝකයේ පුරාවෘත්තයකි. සමුද්‍ර වෙත්තසිංහ විසින් උන්වහන්සේ පිළිබඳව නැවතවතාවක්, නැණවත්, පැණවත්, සම්භාෂණයක් කතිකාවක් අරඹන ග්‍රන්ථයක් පාඨක සමාජයට ඉදිරිපත් කරයි. බුදු බව පතන බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි වැනි හැඳින්වීම මේ කෘතියෙන් වෙනත් දිශාන්තියකට යොමු කෙරෙයි. මූලාශ්‍රය සනාථ කරමින් විචාරශීලීව සම්පාදනය කර ඇති මේ කෘතිය සෝතාපන්න මාර්ගඵලය ගැන ඥාන මීමාංසාවක් පළට කරන ආධ්‍යාත්මික චින්තන ධාරාවක් විහිදුවයි.
Rs 675.00
Rs 750.00
-10%
Malaun Soya
ජෙෆ්රි ඉවර්සන්ගේ "In search of the dead" මරණින් මතු ජීව්තය පිළිබඳ සිත් වශී කරන තොරතුරු ඇතුළත් අධිමානසික පර්යේෂණ කෘතියකි. බටහිර රටවල මෙන්ම පෙරදිග රටවල ද අධිමානසික තොරතුරු මේ කෘතියෙහි සංගෘහිත වී තිබේ. අධිමානසික ශක්තිය හෙවත් "සයි" ශක්තිය පිළිබද විද්‍යාත්මක විමර්ශනයක් ද එබඳු විශේෂ ශක්තීන් තිබූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු ද මෙහිලා ප්‍රබල ලෙස ඉදිරිපත් කෙරේ. එසේම පුනර්භවය පිළිබද පර්යේෂණ රැසක තොරතුරු ක්වොන්ටම් හෞතික විද්‍යාව හා පුනර්භවය සම්බන්ධ කරන ඉදිරිපත් කිරීමේ ද චිත්තාකර්ෂණීය වේ. 
Rs 1,125.00
Rs 1,250.00
-10%
Kantha Manovidyawa ha Kanthawadi Upadeshanaya
කාන්තා මනෝ විද්‍යාව හා කාන්තාවාදී උපදේශනය නම් වූ මෙම කෘතිය අදාළ විෂය පිළිබඳ සිංහල මාධ්‍යයෙන් පළ වූ ප්‍රථම කෘතිය වෙයි. මෙහි විශේෂ වැදගත්කම නම් කාන්තාවාදී දෘෂ්ටිය හුවා දක්වමින් පුරුෂයකු විසින් ලියන ලද වීම ය. කාන්තා වාදය ගැන බොහෝ සෙයින් ලියා ඇත්තේ කාන්තා ලේඛිකාවන් වන හෙයින් මෙය නවමු අත්දැකීමක් විය හැකිය. කාන්තා මනෝ විද්‍යාව, මනෝවිද්‍යාවේ අනෙකුත් ශාඛා වලට වඩා ඉඳුරා වෙනස් ය. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව, පුරුෂවාදී දේශපාලනයෙන් කාන්තාව මුදවා ගැනීම, බලය බෙදා ගැනීම, කාන්තාව බලගතු කරණය හා කාන්තාව යටපත් වීමෙන් මුදවා ගැනීම යන පංච මූලධර්ම මතගොඩනැගී ඇති කාන්තා මනෝ විද්‍යාව මෙම කෘතිය මගින් මැනවින් අර්ථකථනය කරනු ලබයි. එසේ ම පවතින සමාජ ක්‍රමය තුළ කාන්තාව ඔසවා තැබිය යුත්තේ කෙසේදැයි මෙම කතුවරයා විග්‍රහ කරයි. තමන් කවු ද? තමන්ගේ නියම ස්වරූපය කවරේ ද? යන්න තේරුම් ගෙන, සීමා පවුරු බිඳ ඉවත හෙළා ස්වයං බලවන්ත කරණය වීමට කැමැති සෑම කාන්තාවක් ම මෙම කෘතිය කියවිය යුතු වේ. කියවා ඉවත හෙළනු වෙනුවට එහි සාරය එන්නත් කරගෙන අන්‍යයන්ට ද එසේ කළ යුතු වේ. 
Rs 450.00
Rs 500.00
-10%
Pudgala Manovidyawa
නූතන මනෝ විද්‍යාවේ පියා සිග්මන් ෆ්‍රොයිඩ් වශයෙන්ද උපදේශනයේ පියා කාල් රොජර්ස් වශයෙන් ද පැවැති ජනප්‍රිය මතවාදය නැවත විමර්ශනය කැරෙන මෙම කෘතිය වත්මන් උපදේශකවරයා හෝ චිකිත්සකවරයා තුළ සැඟවී සිටින සැබෑ ක්‍රියාකාරී සෙවනැල්ල අන් කිසිවකු නොව ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර්ය යන මතවාදය ගම්‍ය කරවයි. 'ස්නායුගත ව්‍යාකූලතා ඇති වන්නේ අවිඥානයට අවරෝධනය කරන ලද ලිංගික අක්‍රමිකතා හේතුවෙනි' යන ෆ්‍රොයිඩියානු මතය ප්‍රතික්ෂේප කරමින් ඉන් ඉවත්ව ගිය ඇඩ්ලර් 'පුද්ගල මනෝවිදන සම්ප්‍රදාය ' නමින් නව සම්ප්‍රදායක් ඇරඹීය. ෆ්‍රොයිඩ්, කාල් යුං වැනි පරමාදර්ශී මනෝවිද්‍යාඥයන් විසින් සඳලු තලයට ඔසවා තබන ලද ' මනෝවිද්‍යාව' පොදු ජනතාවගේ මානසික ගැටලු වලට මග පෙන්විය හැකි පරිදි සඳලු තලයෙන් මහ පොළොවට රැගෙන එන ලද්දේ ඇඩ්ලර් විසිනි. රෝලෝ මේ, කාල් රොජර්ස්, වික්ටර් ෆ්‍රැන්කල්, ඒ බ්‍රහම් මාස්ලෝ, එරික් බර්ග්, ප්‍රිට්ස් විටල්ස් වැනි උපදේශන මනෝ විදන ක්‍ෂේත්‍රයේ දැවැන්තයන් පවා ඇඩ්ලර්ට ණයගැති භාවය පිළිගෙන ඇත. ඊටත් වඩා ඔබ්බට ගිය ඇල්බට් එලිස් " නූතන මනෝවිද්‍යාවේ සැබෑ පියා ෆ්‍රොයිඩ් නොව, ඇඩ්ලර් විය හැකි ය." යන මතය පළ කළේය. 
Rs 315.00
Rs 350.00
-10%
Yatisitha 2
මානසික සහ ආධ්‍යාත්මික නීති සම්බන්ධ ව වසර හතළිහකට වැඩි කාලයක නවමු පර්යේෂණ කළ ආචාර්ය ජෝසප් මර්ෆි ගේ ආකර්ෂණීය සොයා ගැනීම් මේ අගනා කෘතියෙහි අන්තර්ගත වේ. ඔබගේ ජීවිතයේ හැම අංශයකම වර්ධනය සඳහා, යටිසිතේ බලය උපයෝගී කර ගැනීමේ උපක්‍රම මෙහි විස්තර කෙරෙයි. 
මෙහි සඳහන් ඉතා වැදගත් කරුණු අතර කීපයක් නම් 
කනස්සල්ල, බය සහ සෘණ සිතුවිලි ජය ගැනීම 
මූල්‍ය සාර්ථකත්වයට සහ නිදහසට ගත යුතු පියවර 
*ස්වයං පිළිගැනීම සහ සෞභාග්‍යය අත්පත් කර ගැනීම 
සම්බන්ධතා වගා කිරීම සහ සතුට විඳ ගැනීම 
* සුවය සහ සැපත සඳහා අනන්ත හැකියාව වැඩට ගැනීම 
Rs 1,260.00
Rs 1,400.00
-10%
Yatisitha
ස්වයං වර්ධනය සහ ස්වයං සාර්ථකත්වය අත් කර ගැනීමට උපදෙස් දීම සඳහා ලොවේ මේ දක්වා ලියන ලද ග්‍රන්ථ අතර අග්‍රතමය ලෙස මේ පොත සැලකේ. ඔබ අත් පසුරෙහි, පහසුවෙන් ඔබට අල්ලා ගතහැකි ලෙස පවතින අතිශයින් විස්මය ජනක වූ මහා බලය සඳහා වූ යතුර මේ ග්‍රන්ථය මගින් ඔබ අතෙහි තැබෙයි. කිසි දිනක ඉටුකර ගත නොහැකි යයි පෙනෙන සුවිශාල හා දුෂ්කර කාර්යයන්, හුදෙක් තම යටි සිතේ විස්මිත බලය පාලනය කිරීම ඉගෙනීම මගින් ඉටුකර ගන්නට ලොව පුරා ලක්ෂ සංඛ්‍යාතපාඨකයන්ට මේ ග්‍රන්ථය මග පෙන්වා ඇත. පුද්ගලයෙකුට දෛනික කටයුතු හා සමස්ථ ජීවිතය සංවර්ධනය කර ගැනීම සඳහා සිය මනස භාවිතා කිරීමට සරල, ප්‍රායෝගික අත්දුටු අභ්‍යාස ඔහු ඉදිරිපත් කරයි. පාඨකයා ග්‍රහණය කර ගන්නා අපූරු කතන්දර හේතුවෙන් මේ පොත ඉතා රසවත් වී ඇති බවද කිව යුතුය. 
Rs 1,170.00
Rs 1,300.00
-10%
Jeevithaya Suwapath Karagannata Nam..
'LOUISE HAY You can your life' නම් ඉංග්‍රිසි කෘතියේ සිංහල පරිවර්තනය වන ' ජීවිතය සුවපත් කරගන්නට නම්..' කෘතිය සිරිසේන රත්නායක මහතා විසින් සිංහලට පරිවර්ථනය කරන ලද අතර මෙම කෘතිය ලොව පුරා පිටපත් මිලියන ගණනක් අලෙවි වී ඇති අතර මෙම කෘතිය අධ්‍යනය කිරීම තුලින් ඔබේ ධනාත්මක සිතිවිලි අවධිකර ඒ මගින් ජීවිතය දියුණුවෙන් දියුණුවට පත් කරයි. මෙමගින් පුද්ගලයෙකු යනු කවරෙක්ද, ඔහුගේ හැකියාවන් මොනවාද, එම හැකියාවන් ඔප් නංවන්නේ කෙසේද, ඒ සඳහා කාලය කළමණාකරණය කළ යුත්තේ කෙළෙසද ආදී වශයෙන් සවිස්තරාත්මකව ගෙන හැර දක්වයි. 
Rs 351.00
Rs 390.00
-10%Out-of-Stock
Pudgala Paurusha Sanwardanaya Ha Mano Vidyathmaka Upadeshana Niyayan
Out-of-Stock
පුද්ගල පෞරුෂ සංවර්ධනය හා මනෝ විද්‍යා උපදේශනයේ න්‍යායාත්මක පදනම් පිළිබඳ සවිස්තර අධ්‍යයනයක් මෙම ග්‍රන්ථයේ අන්තර්ගත ය. සිග්මන්ඩ් ප්‍රොයිඩ්, වර්ක් එරික්සන්, කාල් රොජර්ස්, ඒ බ්‍රහම් මාස්ලො, හැන්ස් අයිසෙන්ක්, බග් ස්කිනර් වැනි මනෝ විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කළ න්‍යායයන් මෙහි අන්තර්ගත කර ඇත. මෙම ග්‍රන්ථය උපදේශන ක්‍ෂේත්‍රයේ නියැලි සැමට, තම විෂයය පිළිබඳ නිවැරදි විද්‍යාත්මක මූලධර්ම වටහා ගැනීමට උදවු වනු ඇත.
ඊට අමතර ව විශ්ව විද්‍යාල වල මනෝ විද්‍යාව, සමාජ විද්‍යාව, අධ්‍යාපන විද්‍යාව හදාරන පූර්ව උපාධි හා පශ්චාත් උපාධි අපේක්ෂකයන්ට, ප්‍රජා සංවර්ධනයෙහි හා සමාජ සේවා වැඩවල යෙදෙන සංවර්ධන නිලධාරීන්ට, ළමා රැකවරණය හා සංවර්ධනය පිළිබඳව කටයුතු කරන එම ක්‍ෂේත්‍ර වල නිලධාරීන්ට , උපදේශන මධ්‍යස්ථානවල සේවයෙහි නියුතු උපදේශකවරුනට ,පාසල් හා අනෙකුත් අධ්‍යාපන ආයතනවල උපදේශන සේවාවෙහි යෙදෙන උපදේශකවරුන්ට ,  හෙදි පාඨමාලා හදාරන හෙදියන්ට , අධ්‍යාපන ඩිප්ලෝමා, අධ්‍යාපන විද්‍යා පීඨ ඩිප්ලෝමා හදාරන ගුරු සිසුන්ට , ළමා ප්‍රවර්ධන කටයුතුවල නියැලි නිලධාරන්ට හා පරිවාස නිලධාරීන්ට මෙන් ම සෑම ගුරුවරයකුට හා දරුවන් හදාවඩා ගන්නා දෙමාපියන්ට ද අත් පොතක් ලෙස භාවිත කළ හැකි ය. 
Rs 360.00
Rs 400.00
-10%
Bauddha Mano Vidya Praweshaya
බෞද්ධ මනෝ විද්‍යා ප්‍රවේශය නම් මෙම කෘතිය කැළණිය විශ්වවිද්‍යාලයයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ බාහිර කථිකාචාර්යවරයෙකු වන ආචාර්ය ධර්මසේන හෙට්ටිආරච්චි මහතා විසින් රචිත අතර මෙම කෘතිය මගින්   පුද්ගලයා පිළිබද බෞද්ධ අර්ථකතනයෙන් ඉස්මතු වන මනෝවිද්‍යාත්මක විග්‍රහය බෞද්ධ සූත්‍ර ධර්ම අනුසාරයෙන් නිවැරදිව වටහා ගැනීමටත් ඇතැම් බෞද්ධ සංකල්පයන් පිළිබද විවරණ ගැටලු ද නිරාකරණය කරමින් බෞද්ධ මනෝවිද්‍යාවේ මූලධර්මයන් විවරණය වන්නේ බෙහෙවින් ම සිත්ගන්නා සුලු සරල ආකාරයකිනි. 
Rs 630.00
Rs 700.00
-10%Out-of-Stock
Bauddha Manovidya Akalpaya
Out-of-Stock
බෞද්ධ මනෝවිද්‍යා ආකල්ප නම් මෙම කෘතිය අනුරාධපුර බුද්ධශ්‍රාවක බික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, දර්ශනපති, පාතේගම ඤාණිස්සර හිමියන් විසින් රචිත කෘතියකි.
Rs 318.60
Rs 354.00
-10%
APE PRAVADA - 3
සිය ප්‍රථම උපාධිය සඳහා ලංකා විශ්ව විද්‍යාලයෙහි ගණිතය ද ආචාර්ය උපාධිය සඳහා බ්‍රිතාන්‍යයේ සසෙක්ස් විශ්ව විද්‍යාලයෙහි තාරකා භෞතික විද්‍යාව ද හදාළ නලින් ද සිල්වා මහතා සිය සමාජ ශාස්ත්‍රීය දිවිය ඇරැඹුවේ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයකු හා මාක්ස්-ට්‍රොස්ට්ස්වාදි න්‍යායාචාර්යවරයකු ලෙස ය. ලංකා සම සමාජ පක්ෂයෙහි ප්‍රබල ක්‍රියාකාරිකයකු ද නව සම සමාජ පක්ෂය ඇරැඹීමෙහි මූලික වූවකු ද වන ඔහු අසුව දශකය මුල දී ඒ පක්ෂයෙන් ඉල්ලා අස්වෙමින් ලියූ ලිපිය 'මාක්ස්වාදය විද්‍යාත්මක ද?' යනුවෙන් සමාජ සංවාදයකට මුල් විය. විද්‍යාව මත පදනම් ව මාක්ස්වාදය ප්‍රශ්න කිරීමෙන් ඇරැඹුණු මේ සංවාදය, විද්‍යාවේ දර්ශනය විෂය ක්ෂේත්‍රය කරගනිමින් ක්‍රමයෙන් විද්‍යාව හා බටහිර දැනුම ප්‍රශ්න කරන්නක් බවට වර්ධනය වී ය. මාක්ස්වාදය හා විද්‍යාව සම්බන්ධයෙන් කෙරුණු මේ න්‍යායාත්මක ප්‍රශ්න කිරීමේ ජාතික චින්තන සංවාදයේ දාර්ශනික පදනම සැකසීමෙහි ලා මූලික විය. 
Rs 855.00
Rs 950.00
-10%
APE PRAVADA - 2
සිය ප්‍රථම උපාධිය සඳහා ලංකා විශ්ව විද්‍යාලයෙහි ගණිතය ද ආචාර්ය උපාධිය සඳහා බ්‍රිතාන්‍යයේ සසෙක්ස් විශ්ව විද්‍යාලයෙහි තාරකා භෞතික විද්‍යාව ද හදාළ නලින් ද සිල්වා මහතා සිය සමාජ ශාස්ත්‍රීය දිවිය ඇරැඹුවේ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයකු හා මාක්ස්-ට්‍රොස්ට්ස්වාදි න්‍යායාචාර්යවරයකු ලෙස ය. ලංකා සම සමාජ පක්ෂයෙහි ප්‍රබල ක්‍රියාකාරිකයකු ද නව සම සමාජ පක්ෂය ඇරැඹීමෙහි මූලික වූවකු ද වන ඔහු අසුව දශකය මුල දී ඒ පක්ෂයෙන් ඉල්ලා අස්වෙමින් ලියූ ලිපිය 'මාක්ස්වාදය විද්‍යාත්මක ද?' යනුවෙන් සමාජ සංවාදයකට මුල් විය. විද්‍යාව මත පදනම් ව මාක්ස්වාදය ප්‍රශ්න කිරීමෙන් ඇරැඹුණු මේ සංවාදය, විද්‍යාවේ දර්ශනය විෂය ක්ෂේත්‍රය කරගනිමින් ක්‍රමයෙන් විද්‍යාව හා බටහිර දැනුම ප්‍රශ්න කරන්නක් බවට වර්ධනය වී ය. මාක්ස්වාදය හා විද්‍යාව සම්බන්ධයෙන් කෙරුණු මේ න්‍යායාත්මක ප්‍රශ්න කිරීමේ ජාතික චින්තන සංවාදයේ දාර්ශනික පදනම සැකසීමෙහි ලා මූලික විය. 
Rs 981.00
Rs 1,090.00
-10%
The Jhanas
The Pali word jhana literally means “to meditate.” It also refers to a traditional series of states of absorption, each deeper than the last, in which the mind is undistracted by sensation, thoughts, or moods. Shaila Catherine’s friendly, wise approach, blended with contemporary examples and pragmatic "how to" instructions that anyone can try, will show meditators (and non-meditators) how to attain these extraordinary states with relative ease.
Rs 5,850.00
Rs 6,500.00
-10%
Beyond Mindfulness In Plain English
Countless people worldwide have made Mindfulness in Plain English a beloved and bestselling classic in almost a dozen languages. Now after nearly two decades, Bhante helps meditators of every stripe take their mindfulness practice to the next level—helping them go, in a word, beyond mindfulness. In the same warm, clear, and friendly voice, Bhante introduces the reader to what have been known for centuries as the “jhanas”—deeply calm, joyous, and powerful states of meditation that, when explored with the clearly presented tools in this book, can lead to a life of insight and unshakeable peace.
Rs 4,500.00
Rs 5,000.00
-10%Out-of-Stock
Karathota Watha Ha Morathota Watha
Out-of-Stock
කරතොට වත අප්‍රකට තොරතුරු ඇතුළත් ඉතිහාස ග්‍රන්ථයක් වන අතර එකල දකුණු පළාතේ සැගවුණු ඉතිහාසය, රජමහ විහාර, මහා තෙරවරු, පඩිවරු ආදී අප්‍රමාණ තොරතුරු මෙහි කෙටියෙන් විස්තර කර ඇති අතර එසේම මොරතොට ධම්මක්ඛන්ධ හිමියන්ගේ ගුණ වැනුම් වශයෙන් කළ කවි 116 ක් ද ඇතුළත් ග්‍රන්ථයකි.
Rs 855.00
Rs 950.00
-20%
The Freddie Stories
Herein is set forth stories that accentuate low passion directed toward children in the kindergarten and lower primary classes. The stories have a transforming effect on the character of the children and lay the foundation for a compassionate temperament in chilren, which is likely to last till adulthood reading to the fashioning of a truly great human being. 
Rs 920.00
Rs 1,150.00
-10%Out-of-Stock
Andara Madala
Out-of-Stock
ගුණසේකර අධිකාරී මහතා විසින් රචනා කළ ''අන්දර මඩල'' නම් සිංහල ජනකතා කෘතිය අපේ අතීත පරැන්නාගේ රස මනස වත්මන් පරපුරටද තිළිණ කරන්නකි. අතීතයේ සිදු වූ රසබර කතා මනරම්ව අකුරු කර වත්මන් පරපුරේ රස මනස පුබුදුවා ලන්නට ලේඛකයා ගෙන ඇති මෙහෙය ඉතා වටිනා අතර ගුණසේකර අධිකාරී මහතාගේ රසබර ලේඛන කලාව අන්දර මඩල තුළින් මනාව ප්‍රකට වේ.
Rs 1,080.00
Rs 1,200.00