Best sellers
There are 2115 products.
Paramitha Prakaranaya
බුදු, පසේබුදු, මහරහත් යන යන තුන්තරා බෝධියෙන් එක් බෝධියකටවත් පත් නොවී කිසිවකුට සසර දුකින් මිදී නිවන් දැකීම කළ නොහැක්කකි. එමෙන්ම ඒ ඒ තත්ත්වයන් ලබා ගැනීම ද එම තත්ත්වයන්ට අදාළ පාරමිතාවන් සම්පූර්ණ කිරීමෙන් තොරව කළ නොහැක්කකි. එනිසා පාරමිතා ධර්මයෝ නම් නිවන් දක්නට වීරීය කරන සෑම කෙනෙකුම නිවැරදිව අවබෝධ කර ගත යුතු දහමකි. පාරමිතා ධර්මයන් පිරීමේදී කුශලය උසස් වන ආකාරය මෙම පොතින් විස්තර කෙරෙන අතර ඒ ඒ පාරමිතාවන්ට අදාළව බෝසත් පාරමිතා කථාවන් දක්වා තිබීම මෙම ධර්මයන් පිළිබඳව හේතු සහිතව කරුණු අවබෝධ කර ගැන්මට මහෝපකාරී වෙයි. එහෙයින් නිවන් දක්නට උත්සාහවත් වන සැදැහැවතුන් හට මේ ග්‍රන්ථය හස්තසාර ග්රන්ථයක් වනු නොඅනුමානය.
Rs 640.00
Uththareethara Brahmavihara Guna Sathara
''The Four Sublime States'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනය වන මෙයින් මිනිස් සිතෙහි වර්ධනය කරගත හැකි මෛත්‍රිය, කරුණාව, මුදිතාව සහ උපේක්ෂාව යන උත්තරීතර ගුණ සතරෙහි යථා ස්වරූපය පිළිබද නිරවුල් අවබෝධය ද සත්‍යාවබෝධය ද අත්කර ගැනීම සදහා එම උතුම් ගුණයන් උපකාරී වන අන්දම පැහැදිලි කරයි.
Rs 130.00
Dasabodhisaththuppaththikatha Hevath Dasa Bosath Katha Puvatha
දසබෝධිසත්තුප්පත්තිකථා හෙවත් දස බෝසත් කථා පුවත - අනාගතයේදී බුදු බවට පත්වන බෝසත්වරුන් දස දෙනෙකු පිළිබඳ ලියවුනු පාලි ප්‍රබන්දය 'දසබෝධිසත්තුප්පත්තිකථා' යන නමින් හැඳින්වේ. බොහෝ දුෂ්කරව සොයාගන්නා ලද පැරණි පොතක් මුලාශ්‍ර කොට ගෙන, අන්‍ය වූ ලිපි ලේකනාදිය ද ඇසුරු කරමින් ව්‍යක්ත සිංහල පරිවර්තනයක් ද සමගින් මෙය රචනා කර ඇත.
Rs 175.00
Pansiya Panas Jathaka Poth Wahanse (සරළ බසින්)
පන්සිය පනස් ජාතක පොත් වහන්සේ (සරල සංක්ෂිප්ත) - පන්සිය පනස් ජාතක පොත් වහන්සේ (සරල සංක්ෂිප්ත) - පන්සිය පනස් ජාතක පොත පරිශීලනයට කළ නොහැකි භවතුන්ගේ ප්‍රයෝජනය සඳහා මෙම පොත සකස් කර ඇත.පන්සිය පනස් ජාතක කතාව හරයෙන් යුතුව,උපදේශාත්මකව කියවීමට පහසු වත්මන් බසින් සකස් කර ඇත.
Rs 4,200.00
Samanera Bana Daham Potha
සාමණේර බණ දහම් පොත - සැදැහැයෙන් සසුන් වන් කුල දරුවන් විසින් අනිවාර්යයෙන්ම අධ්‍යායනය කළ යුතු සාමණේර බණ දහම් පොත ප්‍රධාන මාතෘකා විසි දෙකක් යටතේ අලුතින් කරන ලද සංස්කරණයකි.දහර භික්ෂුවකට අවශ්‍ය සෑම පාඩමක්ම ඇතුළත් වී ඇත.දර්ශනීය මුද්‍රණයකි.
Rs 800.00
Vibhangappakarana 1
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි එන විභංගප්පකරණ 1 කාණ්ඩය වේ .
Rs 1,800.00
Tripitaka - 57 Complete Set of Books
ථෙරවාද බුදු දහමේ ඉගැන්වීම් එකතුව ත්‍රිපිටකය ලෙස හැඳින්වේ. බුදුන් වහන්සේ ජීවත්ව සිටිය දී කළ ධර්ම දේශනා පසු කලෙක සිදුකල ධර්ම සංගායනා වලදී පිටක තුනකට වෙන්කල බැවින් ත්‍රිපිටක නම ලැබී ඇත. පසුකාලීනව ත්‍රිපිටකය අට්ඨකථා මඟින් අතිරේක කරුණු හා විස්තර කිරීම් සිදු කර ඇත. විනය පිටකය ග්රන්ථ 9න් ද, සූත්‍ර පිටකය ග්රන්ථ 35න් ද, අභිධර්මය ග්රන්ථ 13න් ද යුක්ත අතර සියළු ග්රන්ථ 57න් යුක්ත වේ. මෙම වටිනා අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ධර්ම රත්නය අවබෝධ කර ගැනීමට දැඩි ලෙස උත්සාහ කළ යුතුය. යථාවබෝධය ලබනු පිණිස අවංකව වීර්යය කරන්නා වූ සියල්ලන්ටම අපගේ ශක්ති ප්‍රමාණයෙන් උපකාර කිරීම අපගේ අභිලාෂයයි. ලෝ වටා සිටින සියල්ලන්ටම ත්‍රිපිටකය පහසුවෙන් ලබා ගැනීමට සැලැස්වීම බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය වන අපගේ එක් පියවරකි.
මෙම ත්‍රිපිටක කට්ටලයෙහි සම්පූර්ණ මිල රු.136,245.00ක් වන අතර සම්පූර්ණ ත්‍රිපිටක කට්ටලය මිලදී ගන්නේ නම් පමණක් එහි මිල රු. 95,540/- ක් පමණක් වේ.
මෙම ත්‍රිපිටක කට්ටලයෙහි සම්පූර්ණ මිල රු.136,245.00ක් වන අතර සම්පූර්ණ ත්‍රිපිටක කට්ටලය මිලදී ගන්නේ නම් පමණක් එහි මිල රු. 95,540/- ක් පමණක් වේ.
Rs 95,540.00
Rs 136,245.00
Dhamma Pada Atta Katha - 1
ධම්මපදට්ඨ කථා - 1 - ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Rs 950.00
The Life of The Buddha - Part 1 & 2
Out-of-Stock
The Life of The Buddha Part 1 & 2 - This little book, in two parts, very briefly covers almost all aspects of the Buddha from birth until His parinirvana (death). All important events are presented in simple language.
Rs 1,250.00
Bauddha Acharawidya Praweshaya
බෞද්ධ ආචාරවිද්‍යා ප්‍රවේශය - කැළණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය. රාජිත පී. කුමාර මහතා විසින් "බෞද්ධ ආචාරවිද්‍යා ප්‍රවේශය" නමින් සම්පාදිත මෙම පර්යේෂණාත්මක කෘතිය මගින් ආචාර විද්‍යාවේ න්‍යායාත්මක සහ ප්‍රායෝගික වටිනාකම් මැනවින් අවධාරණය කර තිබේ.
Rs 600.00
Adi Bauddha Darshanaya
ආදී බෞද්ධ දර්ශනය - ආදී බෞද්ධ දර්ශනයේ සෑම පැතිකඩක්ම පාහේ ආවරණය වන පරිදි රචනා කොට ඇති මෙම කෘතිය එම විෂය හදාරණ සිසු දරු දැරියනට ප්‍රයෝජනවත් මූලාශ්‍රයක් වනු ඇත.
Rs 900.00
The Buddhist Series Life Of The Buddha( Level 3)
These books are for the benefit of children to improve their Knowledge of the Dhamma and the English language.
Rs 200.00
The Buddhist Series Life Of The Buddha( Level 4)
These books are for the benefit of children to improve their Knowledge of the Dhamma and the English language.
Rs 250.00
Buddhist Psychotherapy
Buddhist Psychotherapy - It’s about the way of curing psychic maladies by utilizing the principles enunciated in Buddhist psychology and meditation. Dr. Nissanka highlights some case studies of his therapeutic career as recorded from his practice in Sri Lanka and USA. It is a sourcebook for the serious student of Eastern Psychology and Psychiatry.
This book provides an alternative theoretive of model for psychotherapy in general and psychoanalysis in particuar. This model is based on same principles drawn from the teaching of the Buddha and therefore the name "Buddhist Psychotherapy" was given to it.
This book provides an alternative theoretive of model for psychotherapy in general and psychoanalysis in particuar. This model is based on same principles drawn from the teaching of the Buddha and therefore the name "Buddhist Psychotherapy" was given to it.
Rs 320.00
Shunyathawadaye Darshanaya Ha Charanaya
ශුන්‍යතාවදයෙහි දර්ශනය හා චරණය - මහායාන දර්ශනවාදී නාගාර්ජුන පාදයන්ගේ මූල මධ්‍යම කාරිකා නම් ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි. මහාචාර්ය අසංග තිලකරත්න මහතාගේ සාර්ථක පරිවර්ථනයකි. දාර්ශනික ග්‍රන්ථයක සිංහල විවරණය නාගාර්ජුනගේ දර්ශනය පිළිබදව තිලකරත්නගේ අදහස් ද මෙහි සාකච්ඡා කර තිබේ.
Rs 750.00
Sathipatthana Deshana
සතිපට්ඨාන දේශනා - ප්‍රයෝගිකව භාවනාවේ යෙදෙන යතිවරයන් වහන්සේ නමක් විසින් භාවනාව උගැන්වීම උදෙසා ලියන ලද කෘතියකි. ආනාපාන සති භාවනාව පුරුදු කරන්නන් හට නිවැරදිව පුහුණු වීමට අත් පොතක් වන මෙය සතිපට්ඨානයෙහි පරමාර්ථයත් එය වැදීමෙන් ලැබෙන ආනිශන්සයන් යනාදී කරුණු විග්රහ කර ඇත.
Rs 200.00
Anagatha Wanshaya Hewath Methe Budu Siritha
අනාගතවංශය හෙවත් මෙතේ බුදුසිරිත - මෛත්‍රිය බුදුන්වහන්සේ පිළිබඳ කතා පුවත ඉදිරිපත් කිරීම මුඛ්‍ය පරමාර්ථය කර ගත් කතුවරයාණන් වහන්සේ සිංහල අනාගත වංශය පාළි භාෂාවෙන් ලියැවුණු අනාගත වංස හා සමන්තභද්‍රිකා යන අටුවා ග්රන්ථ මූලාශ්‍ර කරගෙන ලියැවුණකි.
Rs 370.00
Piruwana Poth Wahanse (SOFT)
පිරුවානා පොත් වහන්සේ - පිරුවානා පොත් වහන්සේ - ඉතා සුන්දර ලෙස මුද්‍රණය කොට ඇති මෙය සෑම නිවසකම තිබිය යුතු පූජනීය පුස්තකයකි.පිරිත් වල අරුත් දැන ගැනීමට ඉතා ප්රයෝජනවත්ය.
Rs 1,600.00
Deegha Nikaya 2
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන දීඝ නිකාය 2 කාණ්ඩය වේ .
Rs 2,520.00
Vimana Vasthu Prakaranaya
පුනරුත්පත්තිය බුදුදහමෙහි මූලික ඉගැන්වීමකි.කුසල අකුසල කර්ම පුනරුත්පත්තිය සදහා බලපාන ආකාරය මිනිස් සිතට ඒත්තු ගැන්වීමට බෙහෙවින් ඉවහල්වේ.
Rs 935.00
Wichithra Deshana
විචිත්‍ර දේශනා - බුදු බව ප්‍රාර්ථනා කළ අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පැරිසියේදී පැවැත්වූ ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා සංග්‍රහ කොට මේ අනර්ඝ ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
Rs 590.00
Shraddhaven Pragnavata
ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවට - ශ්‍රද්ධාව හා ප්‍රඥාව පිළිබඳව ශ්‍රාස්ත්‍රීය විග්‍රහයක් සරල බසින් මෙම පොතෙන් ඉදිරිපත් කර ඇත. සමහර බෞද්ධයෝ ශ්‍රද්ධාව වර්ධනය කරතත් ප්‍රඥාව වර්ධනයට උත්සාහ නොදක්වති.එහෙත් ප්‍රඥාව සහ ශ්‍රද්ධාව සමව පවත්වාගෙන යායුතු බව මෙයින් පැහැදිළි කරයි.
Rs 275.00
Man Bhuridaththa Therunge Charithapadanaya
Out-of-Stock
අති උත්තම ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන්ගේ ආධ්‍යාත්මික චරිතාපදානය - අතිපූජ්‍ය ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන් වහන්සේ සමකාලීන තායි බුද්ධාගම තුළ මහාපුරුෂයකු ලෙස නැගී සිටිති. පැවිදි ජීවන මාර්ගය ප්‍රගුණ කිරීමේදී හා ශිෂ්‍යයන්ට ධර්මය ඉගැන්වීමේදී පෙන්වූ එඩිතර බව හා අධිෂ්ඨානශීලී බව නිසා උන්වහන්සේ තම ජීවිත කාලය තුළදීම අපරිමිත සම්භාවනාවට සහ ගෞරවයට පාත්‍ර වූහ. අපවත් වී ගෙවී ගිය පනස් වසර තුළදී බෞද්ධ ජනතාව අතර උන්වහන්සේට ලැබී ඇති පූජනීය තත්ත්වය බුදුරජාණන් වහන්සේ සත්‍යය සොයා ගිය මගට සමාන්තර බවට පත්වෙමින් තවමත් ජීවමානව පවතී. මෑත දශක තුළදී තම නිජබිමේ සීමා ඉක්මවා ගිය පිළිගැන්මක් උන්වහන්සේට ලැබුණේ 20 වැනි සියවසේ සම්භාවනීය මහා ධාර්මික පුද්ගලයකු වශයෙනි.
Rs 950.00