Books

Bhikshuwakage Kadapatha
'භික්ෂුවගේ කැඩපත' නම් මෙම කෘතිය ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් නව සාමණේර භික්ෂූන් වහන්සේලා සදහා රචනා කල අතර සාමණේර වහන්සේලා අතින් සිදුවන සුලු සුලු අත පසුවීම් නිවැරදි කර ගනිමින් භික්ෂු ජීවිතය නිවැරදිව ආගම අනුකූලව ගත කරන්නේ කෙසේ දැයි ඉගනීම සදහා ඉතා වටිනා කෘතියකි.
Rs 500.00
Out-of-Stock
niwaradi wahara
Out-of-Stock
සිංහල ව්‍යාකරණය පිළිබද විශේෂඥයකු වන ආචාර්ය පණ්ඩිත ගුණපාල සේනාධීර මහතා විසින් රචිත මෙම කෘතිය නිවැරදිව සිංහල ව්‍යාකරණ භාවිතා කරන ආකාරය පිළිබද මනා දැනුමක් ලබා ගත හැකි කෘතියකි.
Out-of-Stock
Kumarathungu Maga
Out-of-Stock
රුහුණු විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය වරියක් වන මහාචාර්ය ධර්මා රාජපක්ෂ මහත්මිය විසින් රචිත  'කුමාරතුගු මග' නම් මෙම කෘතිය මගින් මෑත කාලීන සිංහල භාෂාවේ උන්නතිය පිළිබදව අවංක හැගීමකින් කටයුතු කළ භාෂා ප්‍රේමියෙකු වන කුමාරතුංග මුනිදාස ශූරීන්ගේ කාව්‍ය කරණය පිළිබදව ඉතා හොද ප්‍රායෝගික දැනුමක් ලබා ගත හැකි ග්‍රන්ථයකි.
Sinhala Viyakarana Guruwaraya
'සිංහල ව්‍යාකරණ ගුරුවරයා' නම් මෙම කෘතිය සිංහල භාෂාව හදාරන හා එය විෂයක් ලෙස විවිධ විභාගවලට ගන්නා ගුරු-සිසු දෙපාර්ෂවයටම ඉතා ප්‍රයෝජනවත් කෘතියකි.
Rs 200.00
Out-of-Stock
Shikshaka Wurthiya
Out-of-Stock
'ශික්ෂක වෘත්තීය' නම් මෙම ලිපි පෙළ හරහා  එදා කුමාරතුංග මුනිදසයන් විසින්  ශික්ෂකයන් අවදි කර ඔවුන් ගත යුතු මග පෙන්වා එ මගින් රට නිවැරදි මගට යොමු කිරීමට දැරූ අභීෂ්ට ප්‍රයත්නයක් ලෙස හැදින්විය හැකිය.
ඒ කෙරෙහි වර්ථමාන සමාජයේ ජිවත් වන ගුරුවරුන්ගේ මෙන්ම අධ්‍යාපන ප්‍රත්පත්ති සම්පාදකයන් ගේ අවධානය යොමු වීම අද ද රටට මහත් වැඩදායී වනු ඇත.
Sinhala Lekana Rithiya
නිවැරදි භාෂා භාවිතයක් සදහා අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් එළි දක්වන ලද ''සිංහල ලේඛන රීතිය'' නව සංස්කරණය නම් මෙම කෘතිය පාසල් වල අධ්‍යපනය ලබන සිසුන්ට , සරසවි අධ්‍යපනය ලබන සිසුන්ට මෙන්ම සිංහල ලේඛන රීතිය පිලිබද අධ්‍යනය කරන ඕනෑම පුද්ගලයෙකු හට ඉතා වටිනා ග්‍රන්ථයකි. 
Rs 300.00
Sinhala Rasabasa
ලොව සම්භාව්‍ය භාෂා අතර සිංහල භාෂාව ප්‍රමුඛස්ථානයක් ගන්නා අතර මෙම කෘතිය නිර්මාණය කිරීමේ දී සමාන පද, බහු අර්ථ පද, විරුද්ධාර්ථ පද, යුගල පද වැනි තෝරාගත් මාතෘකා කිහිපයක් ගෙන එම්.ජි.සිරිල් මහතා සහ නාලිනී කන්ත්‍රිආරච්චි මහත්මිය විසින් රචනා කරණ ලද 'සිංහල රසබස' නම් මෙම කෘතිය සිංහල භාෂාව අධ්‍යනය කරන්නෙකු හට ඉතා වටිනා ග්‍රන්තයකි. 
Rs 300.00
Out-of-Stock
Sinhala Basha Parinamaya
Out-of-Stock
සිංහල සාහිත්‍ය උන්නතිය උදෙසා බද්දේගම විමලවීර ස්ථවීර හිමිපාණන් වහන්සේ විසින් රචිත මෙම කෘතිය පිරිවෙන් අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේලාට මෙන්ම උසස් අධ්‍යපනය ලබන ඕනැම කෙනෙකුට සිංහල භාෂාවේ භාෂා පරිණාමය පිලිබදව අධ්‍යයනය කිරීමට ඉතා වටිනා කෘතියකි.
Bhashava ha samajaya
'භාෂාව හා සමාජය' මෙම කෘතිය මහාචාර්ය කේ.එන්.ඕ.ධර්මදාස මහතා විසින් රචිත කෘතියක් වන අතර මෙම කෘතිය තුලින් මනුෂය සමාජය තුළ භාෂාව දරන තත්වය ද සමාජ සන්ස්ථිතිය අතර ඇති සමාන්තරතාවන් ද සමාජයේ පවත්නා විවිධතාවට අනුරූපව භාෂාවේ විවිධතා දක්නා ලැබෙන ආකාරය ද සවිස්තරාත්මක විමර්ශනයකට භාජනය වේ.
Rs 1,121.00
Mahagama Sekara Saha Ohuge Geya Kavya
ගීත නාටක රචකයෙකු මෙන්ම කාව්‍ය ,චිත්‍රපට ගීත සහ තවත් බොහෝ අලංකාරවත් කවි නිර්මාණ කල නිර්මාණ කරුවෙකු ලෙස මහගම සේකර මහතා හැදින්විය හැකි අතර. රත්න ශ්‍රි විජේසිංහ මහතා විසින් රචිත මෙම කෘතියේ මහගම සේකර මහතාගේ කවි නිර්මාණ පිලිබදව ඉතා වටිනා දැනුම් සම්භාරයක් ලබා ගත හැකිය
Rs 980.00
Gee Madu Puranaya
ලාංකේය දේව ඇදහිලි පද්ධතියේ ශක්තිමත්ම කාන්තා දේවතාවිය සත් පත්තිනි මැණියන්ය. සිය විදේශිය අන්‍යයතාව, දේශසීමා පසෙකලා දේශියකරණයට පත්වීමට තරම් භාගයවත් වුයේ පතිවතාව නම් ප්‍රබල ආසියානු මෙවලම ඇය සියතට ගත් නිසාවෙනි. රමිත් චන්ද්‍රසේකර නම් නූතන පරපුරේ රචකයා විසින් රචිත 'ගී මඩු පුරාණය' නම් පර්යේක්ෂන ග්‍රන්ථයෙන් අධ්‍යනය කරනුයේ ප්‍රධානම පන්තිස් කෝල්මුර සාහිතයට අයත් මඩු පුර පදයවලියේ අන්තර්ගත කරුණු පිලිබදවය.
Rs 980.00
Sinhala Ketikatha Sangrahaya
මෙම කෘතිය පේරාදෙණි සරසවියේ ශාස්ත්‍රවේදී බාහිර උපාධි පාඨමාලාව හදාරන සිසු සිසුවියන් වෙනුවෙන් සැකසුණ නිර්දිෂ්ට කෘතියකි. මෙය කෙටිකතා කලාව හදාරන උපාධි අපේක්ෂකයන්ගේ පමණක් නොව කෙටිකතා කලාව පිළිබද උනන්දුවක් දක්වන වෙනත් ඕනැම අයෙකුගේ ශාස්ත්‍ර උන්නතිය පිණිස උපකාර වනු ඇත.
Rs 800.00
Out-of-Stock
Widheshiya ketikatha sangrahaya
Out-of-Stock
මෙම කෘතිය පේරාදෙණිය සරසවියේ ශාස්ත්‍රවේදී බාහිර උපාධි පාඨමාලාව හදාරන සිසු සිසුවියන් වෙනුවෙන් සැකසුණ නිර්දිෂ්ට කෘතියකි. මෙය විදේශ කෙටිකතා කලාව හදාරන උපාධි අපේක්ෂකයන්ගේ පමණක් නොව විදේශ කෙටිකතා කලාව පිළිබද උනන්දුවක් දක්වන වෙනත් ඕනැම අයෙකුගේ ශාස්ත්‍ර උන්නතිය පිණිස උපකාර වනු ඇත. 
Sinhala Bashadhyana Lipi-01
සිංහල භාෂාවේ අනුපද්ධති සම්බන්ධයෙන් ද සිංහල භාෂාවේ විකාශනය සම්බන්ධයෙන්ද ඉතිහාසගත සාධක හා එහි පරිණාමය කෙරෙහි බල පෑ සමාජ-සංස්කෘතික සාධක පිළිබද ව  පදනම්ව මහාචාර්ය විමල් ජි. බලගල්ලේ මහතා විසින් රචිත මෙම කෘතිය භාෂාව පිළිබද ඇල්මක් හා කුතුහලයක් ඇති බුද්ධිමත් පාඨකයාට ඉතා ඵලදායි වන කෘතියකි.    
Rs 750.00
Sinhala Viyakarana Akaradiya
සිංහල ව්‍යාකරණ අකාරාදිය නම් මෙම කෘතිය තුළින් ව්‍යාකරණ භාවිතයෙදී සිදුවන වැරදි හදුනා ගෙන ඒවා නිවරදි කර ගනිමින් නිවැරදිව සිංහල ව්‍යාකරණ භාවිතා කල යුතු ආකාරය පිලිබදව බාල මහලු ඕනැම  කෙනෙකුට මනා දැනුමක් නිසකව ලබා ගත හැකි කෘතියකි.
Rs 750.00
Sri Rathanasara Wyakarana
සිංහල භාෂාවේ උන්නතිය උදෙසා ශාස්ත්‍රාචාර්‍ය පණ්ඩිත දෙහිගස්පේ ප්ඤ්ඤාසාර හිමිපාණන් වහන්සේ විසින් රචිත මෙම කෘතිය පිරිවෙන් අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේලාට මෙන්ම උසස් අධ්‍යපනය ලබන ඕනෑම කෙනෙකුට සිංහල භාෂාවේ ව්‍යාකරණ භාවිතය පිලිබදව අධ්‍යයනය කිරීමට ඉතා වටිනා කෘතියකි.
Rs 472.00
Sinhala Wyakarana
හික්කඩුවේ ශ්‍රි සුමංගල හිමිපාණන් වහන්සේ සිංහල භාෂාවට කරන ලද සේවය අපිරිමිතය. උන්වහන්සේගේ ග්‍රන්ථ ප්‍රයෝජනයට ගනිමින් එම්.කේ.එච්. සුසන්ත සේනාධීර නම් වූ ඒ අසහාය සම්මානනීය ලේඛකයා විසින් රචිත  සිංහල ව්‍යාකරණ නම් වු මෙම කෘතිය සිංහල භාෂාව ඉගෙනීමට හිතැති සියලු දෙනාගේ ප්‍රයෝජනයට ඉවහල් වනු ඇත.
Rs 275.00
Out-of-Stock
Sinhala Akshara Vinyasa Akaradiya
Out-of-Stock
'සිංහල අක්ෂර වින්‍යාස අකාරාදිය' නම් වු මෙම කෘතිය සම්පාදනය කොට ඇත්තේ සමකාලීන සිංහල ලේඛන මාලාවේ අක්ෂර වින්‍යාස අරඹයා ගැටලු තැන් මතු වූ විට භාවිතා කළ හැකි ප්‍රයෝගික භාෂා අත් පොතක් ලෙසය.
Punchibandara Weragama Pandithumage pada nithiya
හෙළ බස පර ගැති බවින් මුදවා ගැනීමේ දැඩි අදිටනින්, සිය දිවි කැප කළ සරසවි සදරැස කතුවර වේරගම පඩිතුමාණන්ගේ මෙම පද නීතිය වත්මන් තරුණ පුවත්පත් කලාවේදින්ට සහ තරුණ ගුරු පරපුරට ඉතා මහගු දායාදයක් වන කෘතියකි. 
Rs 300.00
Out-of-Stock
Sinhala Sahithya Grantha Wanshaya
Out-of-Stock
ආචාර්ය ප්‍රේමදාස ශ්‍රි අලවත්තගේ මහතා සිංහල සාහිත්‍යයට සම්බන්ධ විවිධ ක්ෂේත්‍රයන්ට අයත් ග්‍රන්ථ රාශියක් රචනා කළ සාහිත්‍ය සම්මානලාභී කෘතහස්ථ ලේඛකයෙකි.
Basha Samiksha
විවිධ ශාස්ත්‍රීය වාර සගරාවල හා අභිනන්දන ග්‍රන්ථ වලට මවිබසින් ඉදිරිපත් කරන ලද ලිපි අතුරින් ලිපි 28ක් පමණ 'භාෂා සමීක්ෂා' නම් වූ මෙම ග්‍රන්ථයට ඇතුළත් කර ඇති අතර මෙම ග්‍රන්ථය මහාචාර්‍ය්ය ඩබ්.එස්. කරුණාතිලක මහතා විසින් සකස් කොට මව්බසින් ඉදිරිපත් කරණු ලබන භාෂා කිහිපයක් අන්තර් ගත ලිපි කිහිපයක එකතුවක් ලෙස හැදීන්විය හැකිය.
Rs 475.00
Out-of-Stock
Sinhala Hodiya Danagan Idura
Out-of-Stock
'සිංහල හෝඩිය දැනගන් ඉදුරා' මහාචාර්ය බන්දුසේන ගුණසේකර මහතා විසින් රචනා කරණ ලද  මෙම කෘතිය තුළින් සිංහල හෝඩියේ ඉතිහාසයත්. ඉතිහාසයේ දී හෝඩිය  භාවිතා කළ ආකාරයත් වර්ථමානයේදී සිංහල හෝඩිය නිවැරදිව භාවිතා කල යුතු ආකාරයත් පිළිබදව මනා ලෙස විග්‍රහ කල ඇති කෘතියක් ලෙස හැදින්විය හැකිය
Out-of-Stock
Liyana kalawa saha Rachana widi krma
Out-of-Stock
ලියනගේ අමරකීර්ති මහතා විසින් රචනා කරන ලද 'ලියන කලාව සහ රචනා විධි ක්‍රම' මෙම පොත අධ්‍යයනය කිරීම තුලින් හුදෙක් නිරවද්‍ය වාකය රචනයට පමනක් සීමා වී පැවති ශාස්ත්‍රීය ලේඛනය පිලිබද කතිකාව විවිධ කෝණ ගණනාවකින් දැකිය හැකි අතර ඒ අතර  ප්‍රවාදත්මක දැනුම ගවේශනය, විචාරාත්මක චින්තනය, ලේඛනය හා සම්බන්ධ විවිධ ආචාරධර්ම ආදිය පිලිබදව මනා දැනුමක් ලබා ගත හැකිය.
Nomiyena Mathaka
නූතන  සිංහල කවීන් අතර  අරිසෙන් අහුබුදු ශූරීන් සුවිශේෂ වන බව අමුතුවෙන් කිව යුතු නැත. මෙම ග්‍රන්ථය අරිසෙන් අහුබුදු ශූරීන් විසින් සමාජයට ඵලදායි සේවයක්  කල යම් පිරිසකගේ ගුන කවියෙන් වැයීමට යොදා ගෙන ඇති අතර ඉතා භාවමය හා රසවත් අර්ථාන්විත වූ කවි පෙළක් මෙම ග්‍රන්ථයේ අන්තර් ගත වේ.
Rs 570.00