SASARIN METHARATA
'කර්තෘ ගෙන්..
'සසරින් මෙතෙරට' නවකතාව ලිවීම සදහා පාදක වූ මූලික කරුණ වුයේ එක්තරා ආරණ්‍ය සේනාසනයක වැඩ සිටින ප්‍රධාන ස්වාමීන් වහන්සේගේ කරුණාව යටතේ ඇති දැඩිවන කුඩා කොලු ගැටයකු මා හට මුණගැසුණ පසුව ය.අප සමාජයේ ජිවත් වන බොහෝ පිරිස් උත්සාහ ගනුයේ කිසියම් පුද්ගලයකු කරන කියන දේවල් අඩුපාඩු විමසා බැලීමට හෝ කරන දෙයක් හෙළා දැකීමට බව බොහෝ දුරට ප්‍රත්‍යක්ෂ කරුණක් බව ඔබ පිළිගනු ඇතැයි සිතමි.
මෙම කෘතිය එවැනි සමාජයක ජිවත් වුණ හිමිනමක් වටා ගෙතුණු මනංකල්පිත චරිතාංගයකි. අනුන්ගේ ගුණදොස් විචාරණ, තමන්ගේ අඩුපාඩු හදුනා ගැනීමට උත්සුක නොවන සමහර පිරිස් ගැන විවේචනාත්මක හදුන්වා දීමක් ද මෙම කෘතියේ කිසියම් තැනක උත්සාහ දරා තිබේ. එයින් පාඨකයාට කිසියම් හෝ අයුරකින් මෙම කතාව රස වින්දනයට බාධාවක් නොවන්නේ යැයි සිතමි. එසේම නවසීය හැත්තෑ ගණන්වල මුල් භාගය වූ සමාජීය පසුබිමක් තුළ චරිත ප්‍රදානය කිරීමට හා උත්සාහ ගනු ලැබුවේ නූතන සමාජයට වඩා රසස්වාදයක් එකල පැවති සමාජය තුළ ගැබ්ව ඇති බව මා විශ්වාස කරන නිසාවෙනි. එහෙත් අද සමාජය තුළ ජීවත්වන තරුණ පිරිසට එහි ඇති රසය වටහා උකහා ගැනීමේ හැකියාවක් ඇත්ද යන්න තේරුම් ගැනීම අපහසුය. අප ජීවත්වන සමාජය තුළ සිදුවන නොයෙකුත් දේ නිසා අපේ ගමන අරමුණු කරා ගමන් කිරීමට නොයෙකුත් බාධා කරදර අතිවන අතර සසරින් එතෙර වීමට උත්සාහ කරන බෝධිසත්ත්වයකුට වුවද මෙම සසරට ඇද බැද බාධක කම්කටොලු විදහා දක්වන නවකතාවක් වශයෙන් 'සසරින් මෙතරට' නවකතාව ඔබ හමුවේ තබමි.

Rs 1,080.00
Rs 1,200.00