Manushya prethayan samaga kala dushkara kriyawak
සමාජ සමීක්ෂණ පිළිබඳ උනන්දුව තුළින් අප ජීවත්වන සමාජ පරිසරය ගැඹුරින් තේරුම් ගැනීමට අද බොහෝ අය තුළ දැඩි උනන්දු ජනක තත්ත්වයක් දැකිය හැකිය. සිඟන්නන්, ගණිකාවන්, ගැට කපන්නන්, මිනිස් වෙසින් සිටින අධමයන්, ව්‍යාජ වට්ටෝරු වෙදුන්, කපටි මන්ත්‍රකරුවන් ආදී සැවොම අපගේ සමාජයෙහි ප්‍රබල භූමිකාවක් ඉටු කරති. ඔවුන්ගේ අදෘශ්‍යමාන කාර්යභාර්ය ද මතුපිටින් පෙනෙන ස්වරූපය ඉක්මවා පවතී. නූතන මිනිසා තම ජීවිතගමනේ විවිධ ආපදාවන්, අවශ්‍යතාවන් ඉදිරියෙහි මේ කවර හෝ පුද්ගලයෙකුට කොටු වෙයි. කවර හෝ අත්දැකීමක් ලබමින් සිටී. සමාජය නම් පෘථුල ජාලයෙහි එලී පැටලී වෙලී සිටින අපි මේ අපූර්ව චරිත කෙසේ අත් හරිමුද? සැබවින්ම අපට මොවුන් මඟහැර ගිය හැකිද?
මෙම කෘතිය මෙම ප්‍රශ්නය ආනුභවිත අත්දැකීම් ආශ්‍රයෙන් සාකච්ඡා කරන කෘතියකි. මෙම අපූර්ව මිනිසුන්ගේ ලෝකයෙහි ගිලෙමින් මෙහි කතුවරයා ඔවුන්ගේ සැබෑ රුව ගුණ හඳුනා ගත්තෙකි. ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සම්මානිතමහාචාර්ය නන්දසේන රත්නපාල මෙම සමාජ සමීක්ෂණ තුළින් පාඨකයාට ලබා දෙන දැනුම සහ අනුභූතිය වැදගත්ය. රසවත්ය.
මහාචාර්ය දයා අමරසේකර පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Rs 1,350.00