-10%Out-of-Stock Malaunge lokaye abirahas Out-of-Stock මලවුන්ගේ ලෝකයේ අබිරහස් නමැති මෙම ග්‍රන්ථය තුළින් දිවැසිවරුන් හෙළි කළ අමනුෂ්‍ය ලෝකයේ විස්මිත තොරතුරු බොහෝමයක් අන්තර් ගත කර රචනා වූ ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය. Rs 216.00 Rs 240.00 Details View details
-10% mala poth pincha පරිවර්තනය මහාචාර්ය ඩබ්ලිව්. එම්. ගුණතිලක ටිබෙට් ඉගැන්වීම් වල විස්තර කෙරෙන පරිදි, මරණය සිදුවන මොහොතේදී, ලොව සෑම දෙයක්ම මෙන්ම ප්‍රාණී සත්වයාද සෑදී ඇති පස, ජලය, ගින්න, වාතය හා අවකාශය යන මූල ධාතු එකක් අනෙකට වශයෙන් එකිනෙකක් තුළට ගිලී යන්නේය.එබඳු තවත් ක්‍රියාවලියකට පසුව, මිය යන පුද්ගලයාගේ සූක්ෂ්ම විඥානය ශරීරයෙන් ඉවත් වී 'බාඩෝ ශරීරය' නම් වූ සියුම් ශරීරයක් සහිත 'බාඩෝ' නම් වූ අතරමැදි හෙවත් අන්තරාභව තත්ත්වයකට පත් වෙයි. මෙම බාඩෝ ශරීරයට, ඝන ද්‍රව්‍ය පසාරු කරගෙන යාම, ඕනෑම තැනකට සිතුවිල්ලක් පහළවන වේගයෙන් ඉගිලී යාම වැනි හැකියාවන් ඇත. Rs 360.00 Rs 400.00 Add to cart Buy
-10% Jeevithaya Maranaya Ha Manokaya පරිවර්තකගේ සටහන.... මළගිය කෙනෙකුට යළි පන ලැබීම වනාහි, ඔහුගේ හෝ ඇයගේ පෙර පිනක් - ලැබීමක් හෝ දේව බලයක් ලෙසම අදහන්නට හුරු පුරුදු වූ ජනතා බහුතරයකින් සමන්විත, ශ්‍රී ලාංකික සමාජයේ අදත් අපි ජිවත් වෙමු.' නන්දන තිලක් මගුලාගම ' මහතා විසින් රචිත "How The Dead Could Be Revived?" නැමැති කෘතිය ඊයේ අද ගැනම නොව, අනාගතය සඳහා විශේෂ අවධානය දෙමින් ලියූවක් බව පළමුව කියමි.නවීන තාක්ෂණය අතින් ඉහළින් වැජඹෙන, යුරෝපීය රට වලට නම් අද මෙහි එන කරුණු අරුමයක් නොවූවද, දියුණුව සොයා යන ශ්‍රී ලංකාවේ අපට නම් මෙහි අඩංගු කරුණු විශ්මය දැන විය හැකිය.එහෙත් මරණය හා යළි පන ලැබීම පිළිබඳ සිද්ධීන් තිර ලෙසම සිදු වූ සැබෑ දේවල් බවට නවීන විද්‍යාව විසින් සනාථ කර ඇති බැවින්, එහි තර්කයක් නැත.සැඟවී තිබුණද, සැබෑව සැබෑවක්මය. කරුණු තමාට සපථ වූ දින, ආශ්චර්යයන් ලෙස පෙනුණු දැනුණු දෑ සත්‍ය ලෙසම පිළිගන්නට මැළිවන්නෝ වෙත්නම්, ඒ ඉතාම කලාතුරකිනි.යථාර්ථවාදීව සිතන ඕනෑම කෙනෙකුගේ බුද්ධිමය නිම් වළලු පුළුල් කිරීමට මෙම පොත මහඟු එළියක් වනු නොඅනුමානයි. වෛද්‍ය විද්‍යා සහ මනෝ විද්‍යා සිසු සිසුවියන්ටද මෙය මහඟු අත්වැලක් වනු නිසැක බවත් මෙම පොත පරිවර්තනය කරන අතරතුර මට හැඟී ගියේය.මා යළිත් අවධාරණය කරන්නේ, මෙම කරුණු අතීතයට වර්තමානයට වඩා අනාගතයටම ඔබ යොමු කරන බවකි. Rs 144.00 Rs 160.00 Add to cart Buy
-10% Lokaya Sathvaya Saha Nirvanaya ප්‍රකට ගුන්ථ කර්තෘවර එස්. අයි.ගමගේ මහතාගේ නවතම කෘතිය ලෝකය,සත්ත්වයා සහ නිර්වාණය යි ග්‍රන්ථ නාමය ම මෙහි අන්තර්ගතය සුවසල් විෂය පථයක් ස්පර්ශ කරන බව පැහිදිලිව ප්‍රකට කරයි. මීට පෙරාතුව පළ වූ "මිනිස් සිත, "සසර ගමන සහ පුනරුත්පත්තිය” කෘතියෙහි සාකච්ඡාවට බදුන් වූ චිෂය ක්ෂේත්‍රයේ ම ඉදිරි පියවරක් ලෙස නවතම කෘතිය හැදින්වීම යෝග්‍යය පරිච්ඡේද වයි එකකින් පරිමිත මෙය සාමාන්‍ය සිංහල පාඨක ලෝකයා අරමුණු කර ගනිමත් සැකසී ඇත. මෙබඳු විෂය පථයක් ආවරණය වන සේ භුන්ථයක් සැකසීම කෘතහස්තලේඛකයෙකුට මිස සුළුතරයෙකුට කළ නොහැකිය. කෙනෙකු සතුව විශ්ව කෝෂයට බදු දැනුමක් තිබිය හැකිය එහෙත් ඒ දැනුම පාඨකයා වෙත වහනය කිරීම ලේසි පහසු කාර්යයක් නොවේ මේ අභියෝගය ගමගේ මහතා සාර්ථක ලෙස ජයග්‍රහණය කොට ඇත සිංහල ගුරු සිසු දෙපිසේ ම ඥාන පථය පෘථුල කිරීම සඳහා ප්‍රයත්න දරන ගමගේ මහතා සාමාන්‍ය සිංහල පාඨක ලෝකයාගේ ඥානාහි වෘද්ධය පිණිස කැප වීමද පැසසුම් කටයුතු වෙයි ගමගේ මහතාගේ මේ කෘතිය ජංගමශීලී අතිශය සංකීර්ණ වර්තමාන සිංහල පාඨක සමාජය වෙත නොකල්හි හමා ආ අමා පවනක් වේවා යි තම එච්. එම්. මොරටුවගම Rs 247.50 Rs 275.00 Add to cart Buy
-10% karma vipaka කර්ම විපාක පිළිබඳ බුදු දහමෙහි විවිධ ආකාරයෙන් පැහැදිලි කර තිබේ. කරන ලද විවිධ කර්මවල විපාකයන්ගෙන් බේරීමට හැකි සත්ත්වයෙක් ලෝකයෙහි කිසිම තැනක නැත."චුල්ල කම්ම විභංග" සූත්‍රයට අනුව විශ්වය තුළ වෙසෙන සියලු දෙනාම කර්මය දායාද කොටගෙන ද, කර්මය ස්වකීය කොටගෙන ද, කර්මය නෑදෑයෙකු කොටගෙන ද, කර්මය පිළිසරණ කොටගෙන ද වෙසෙති.ඇතැමුන් සිතනුයේ, තම තමන් කරන කර්මවල විපාක නැත යනුවෙනි. ඇතැමුන් සිතනුයේ කර්මවල විපාක මේ ආත්මයේදීම අත් විඳීමට සිදුවනු ඇත යනුවෙනි. එහෙත් කරන ලද කර්ම වලට විපාක කුමන ආත්මයකදී හෝ අත් විඳීමට සිදුවන බවට කදිම නිදසුන් කිහිපයක් ධර්මවේදී නාලන්දේ විමලවංශ හිමියන් විසින් ලියන ලද මෙම කර්ම විපාක ග්‍රන්ථය මඟින් විදහා දක්වා ඇත. Rs 495.00 Rs 550.00 Add to cart Buy
-10% Pera Bhawaye Daruwan Soya ඇය සිය ළමා කාලයේ සිට මතකයන් සහ සිහින මගින් සිය පෙර ජීවිතය දකියි. ඒ අතරින් ගමන් කොට පෙර භවයේ තමා විසූ ගම කරා ගොස් තමා පෙර ජීවිතයේදී සිටි නිවස, ආ ගිය කඩ සාප්පු පල්ලි ආදිය දැක බලා ගන්නී ය.එපමණක් නොව පෙර භවයේ තම කුසින් බිහි කළ, දැන් වියපත්ව සිටින තම දරුවන් ද මුන ගැසෙන්නී ය. මේ ජෙනීගේ සැබෑ කථාවයි Rs 432.00 Rs 480.00 Add to cart Buy
-10% Kusala Ha Akusala Karma Karma Vipaka Ha Punuruppatthiya කතෘගෙන්... කර්මය, කර්ම විපාකය හා පුනරුප්පත්තිය යන විෂයන් බෞද්ධයන්ගේ හිත්වලට ඉතා සමීප ය. ඔවුන් ඒවා ගැන නිතර සිතති. කථා කරති, සිත හදාගැනීම පිණිස ද ඒ දැනුම යොදවති.එහෙත්, ඒ පිළිබඳව ඔවුන් තුළ තිබෙන දැණුම බොහෝ විට අසම්පූර්ණ ය. මන් ද කර්ම විෂය ගැඹුරු, තේරුම් ගැනීමට ඉතා අපහසු එකක් බැවිනි. එය අචින්ත්‍ය ය යැයි තථාගතයන් වහන්සේ වදාළේ එබැවිනි.ඇතැම් විට කර්මයත් විපාකයත් අතර තිබෙන පරතරය දීර්ඝ ය. විපාකයේ ස්වභාවය භිහිසුණු ය, එහෙත් එකිනෙක සමඟ සැසදීමට අසීරු ය. තේරුම් ගැනීමට අමාරු ය.මේ නිසා කර්ම විපාකය සුළුකොට තකන අඥානයා අකුසලයට බිය නොවෙයි. කුසලය මායිම් නොකරයි. මේ නිසා සසර සැරිසරන පුරාවට ම අපා දුක් විඳී. අල්පායුෂ ලබති. සිතාගත නොහැකි තරමේ දරුණු දුක් කම්කටොලු වලට හා සිත් තැවුල්වලට මුහුණ දෙයි.කර්ම විපාකය තහවුරු කිරීම පිණිස ද නිසිසේ අවබෝධ කරවීම පිණිස ද සද්ධර්මයට එකඟව කරුණු ගෙනහැර දක්වා තිබෙන මෙහි පුනරුප්පත්ති කථා පෙලක් ද අන්තර්ගත ය. Rs 225.00 Rs 250.00 Add to cart Buy
-10% Apatama dakiya haki ilaga bhawaya කතෘගෙන්... '' අපටම දැකිය හැකි ඊළඟ භවය - 2" නමැති මෙම දහම පොත නිර්මාණය වූයේ, කලක පටන් මාගේ චිත්තාභ්‍යන්තරයෙහි ගැඹුරුම තැනක හටගෙන පැලපදියම්ව තිබූ වටිනා බණ පොතක් ලිවීමේ අදහස. මල්ඵල ගන්වමින් ඉරිදා ලංකාදීප ප්‍රධාන කර්තෘ, ප්‍රවීණ මාධ්‍ය වේදී ආරියනන්ද දොඹගහවත්ත සූරින් විසින් තම පුවත්පතට දහම් ලිපි පෙළක් ලබා දෙන ලෙස කළ ආරාධනය මූල බීජය කරගෙනය. Rs 225.00 Rs 250.00 Add to cart Buy
-10% Dharmashoka Dambadiva Bauddha Adhirajya ආර්.ජේ.ද. සිල්වා මහතා විසින් රචිත මෙම ග්‍රන්ථය සැකසීමට ඉන්දියාවේ පළ වී ඇති ඉතා වටිනා ග්‍රන්ථ ගණනාවක් ම උපයෝගී කරගෙන ඇත. මෙම තොරතුරු ඇතුළත් කරමින් මෙතුමා විසින් නවකතා ශෛලියක් අනුගමනය කරමින් රචනා කරන ලද මෙම අගනා කෘතිය සාමාන්‍ය මහජනතාව, දහම් පාසල් ශිෂ්‍ය - ශිෂ්‍යාවන් මෙන් ම දඹදිව වන්දනාවේ යෙදෙන සියලුම සැදැහැවතුන් වන්දනා ගමනට පෙර කියවීමෙන් ධර්මාශෝක රජු සහ ඔහු විසින් බුද්ධ ශාසනය නඟා සිටුවීමට කර ඇති මෙහෙය ගැන ඉතා වැදගත් වෙතිහාසික තොරතුරු රාශියක් අනාවරණය කර ගත හැකි වනු ඇත. Rs 1,440.00 Rs 1,600.00 Add to cart Buy
-10% Sooriyakantha Mala පරිවර්තකගෙන්... The Sunflower - 'සූරියකාන්ත මල' මෙම කෘතිය මට ලැබුණේ මා හිතවත් දයාවංශ ජයකොඩි යුවලගෙනි.මෙයද නාසි යුද සමයේ සිදු වූ තවත් ශෝකාන්තයකි. හිට්ලර් විසින් යුදෙව් ජනතාව සමූල ඝාතනය කිරීමේදී ඔවුන් විඳි වධ වේදනාවන් පිළිබඳ තවත් එක් කතාවකි.එහෙත් මෙය තරමක වෙනස් මුහුණුවරක් ගනී. යුදෙව් ජනතාව ඝාතනය කිරීමට නාසි හමුදාවට එක්වූ ජර්මන් තරුණයෙක් තමන් අතින් යුදෙව් ජනතාවට සිදු වූ අපරාධ වටහාගෙන ඒ පිළිබඳ පාපෝච්චාරණය කොට සිරගත කොට සිටි යුදෙව් තරුණයෙකුගෙන් සමාව ඉල්ලයි. එහෙත් ඔහුට සමාව දිය යුතු ද නැද්ද පිළිබඳව දෙගිඩියාවෙන් සිටි යුදෙව් තරුණයා සමාව දෙන්නේ නැත.ඔහු තමා ගත් තීරණය නිවැරදි දැයි ලෝකයාගෙන් අසයි. ඒ අවස්ථාවෙදී ඒ ගැන අදහස් දක්වන විද්වතුන් රැසකයේ ප්‍රකාශ මුල් කෘතියේ ඇතුළත්ය. පාඨකයා වෙහෙසන්නට නොහැකි බැවින් එම කොටස අත්හළෙමි. එහෙත් ඔහුගේ තීරණය ගැන අදහස් දැක්වීම පාඨකයාට බාරය. Rs 432.00 Rs 480.00 Add to cart Buy
-10% Sappadasa maha rahathan wahanse කතුවරයාගෙන් "සප්පදාස මහ රහතන් වහන්සේ” නම් වූ මේ ග්‍රන්ථය මා විසින් සම්පාදනය කර ගෙණ යනු ලබන අසූ මහා ශ්‍රාවක චරිත කථා ග්‍රන්ථ මාලාවට අයත් නොවන "මහා ශ්‍රාවක චරිත කථා” ග්‍රන්ථ මාලාවේ නව වැනි කෘතිය යි. Rs 180.00 Rs 200.00 Add to cart Buy
-10% Himalayanu Yogi Swami Ramage Nila Charithapadanaya 3 මෙම කෘතිය පණ්ඩිත් රාජ්මනී ටිගුනායිට් විසින් රචිත 'The Official Biography of Swami Rama of the Himalayas' කෘතියේ අසංක්ෂිප්ත පරිවර්තනයේ අවසන් කොටස වන අතර බටහිර විමතියට පත් කළ හිමාලයානු යෝගී ස්වාමී රාමා තුමාගේ චරිතාපදානය මෙම කෘතිය තුළ අන්තර් ගත වේ. Rs 765.00 Rs 850.00 Add to cart Buy
-10% Wanagatha Rajamaha Viharaya වනගත රජමහා විහාර පොතෙන් වන්දනා කරුවා උත්සාහ කළේ වනාන්තර බදව හෝ වන මැද ගල්ලෙන්වල හුදෙකලා වූ පෙති පිළිම, දාගැබ්, පුරාවිද්‍යා ස්ථාන වන්දනා කිරීමටය. ඒවායේ සැඟවුණු පුරාවිද්‍යාත්මක අගය සහ ඓතිහාසික වටිනාකම සොයා ඉදිරිපත් කිරීමටය. මෙම කෘතියේ ගලේවෙල ගැරඬිගල ලෙන්වල ගල් ඇඳන්, ඇති පොල කඳු බෑවුමේ මාතලේ තල්ගහගොඩ ලෙන් විහාරය. ඇළහැර අමුණ සහ බකමුණේ බුදුරුවයාය පිළිමය. කන්දේගම කන්දේ සැතපෙන පිළිමය. හෙනන්නේගල ලෙනේ දාගැබ සහ උතුරේ කුරුඳුමලේ විහාරය. සපුමල්ගස්කඩ සහ කිඹුලාගලත් ගැන කරුණු අඩංගුය. ලංකා පටුන, යාල වන මැද නටබුන් විහාර මෙන්ම තරුලෙන්ගල සහ පඩිකෙම්ගල ඇතුළු අප තුළ කුතුහලය දනවන පුරාණ රජ මහා විහාර රාශියක් ගැන මෙම කෘතියෙන් දැනුමක් ලබාදෙන අතරම ඒවා සොයා වන්දනා කිරීමට පාඨකයා පොලඹවයි Rs 765.00 Rs 850.00 Add to cart Buy
-10%Out-of-Stock Kala kam paladena hati Out-of-Stock 'කළ කම් පල දෙන හැටි' නම් මෙම කෘතිය වරුණ අබේසේකර මහතා විසින් රචනා කර ඇති අතර අපගේ ජිවිතයේදී අපි විසින් සිදු කරණු ලබන හොද හා නරක යන ක්‍රියාවන් කර්මයක් ලෙස අප ජිවීතයට බලපාන ආකාරය මෙම කෘතිය මගින් තේරුම් ගත හැකිය. Rs 225.00 Rs 250.00 Details View details
-10%Out-of-Stock Karma Wipaka Jeevitha Athdekim Asurin Out-of-Stock කර්මය, ජීවිතය, මරණය හා මරණින් මතු ජීවිතය පිළිබඳ ඉගෙනීමට මිනිසා තුළ ඇති කුතුහලය කිසි දා නිම නොවෙයි. ජීවිතය යනු කුමක් ද? මරණය යනු කුමක් ද? මරණින් මතු සිදු වන්නේ කුමක් ද යන්න පිළිබඳව වේද යුගයේ සිට අද දක්වා ම, මිනිසුන්ගේ අවධානය දිනාගත් ගැටලුවකි. සෑම දාර්ශනිකයකුගේ ම මූලික උත්සාහය ද, මිනිසා යනු කවරෙක් ද යන ප්‍රශ්නයට පිළිතුරු සැපයීමට ය.පුජ්‍ය පුවක් පිටියේ පඤ්ඤාරතන හිමියන් විසින් ලියා ඇති කර්ම විපාක ජීවන අත්දැකීම් ඇසුරින් ග්‍රන්ථය වර්තමාන විද්‍යාත්මක ඥානය සහිත නව පරපුරට චම ගැටලුව මෙන් ම එහි විසඳුම ද තේරුම් ගැනීමට හැකි ලෙසට මනාව ගලපා ලියන ලද ග්‍රන්ථයකි.බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ කර්මය පිළිබඳ මතවාදය, බුදුරදුන්ට සමකාලීන ව ජීවත් වූ දාර්ශනිකයන් ඉදිරිපත් කළ මතවාද සමගින් ඉදිරිපත් කරමින්, ගැඹුරින් වහෙත් සරලව මෙම ග්‍රන්ථයෙහි පැහැදිලි කර ඇත. Rs 540.00 Rs 600.00 Details View details
-10% Marananusmruthiya Hevath Marena Bawa Nithara Sihikireema 'මරණානුස්මෘතිය හෙවත් මැරෙන බව නිතර සිහිකිරීම' යන මෙම ග්‍රන්ථය පැලෑණේ ශ්‍රී වජිරඤාණ මහා නායක මාහිමිපාණන්වහන්සේ විසින් රචනා කරන ලද අතර මිනිසුන් වන අප සියලු දෙනාට ජීවිතයේ මොනයම් හෝ මොහොතක මොනයම් වූ වෙලාවකදී අන්පේක්ෂිත ලෙස මුහුණ දීමට සිදු වන මරණය පිළිබදව ඉතා නිරවුල්ව සියලු පාඨක ජනතාව හට තේරුම් ගැනීමට හැකි වන අන්දමින් රචනා කරණ ලද ඉතා වටිනා කෘතියක් ලෙස හදින්විය හැකිය. Rs 198.00 Rs 220.00 Add to cart Buy
-10% Maranaya Antharabhavaya Karmaya Saha Punarbhavaya 'මරණය, අන්තරාභවය, කර්මය හා පුනර්භවය' යන කෘතිය 'බුදුසරණ' පුවත්පතෙහි පළ වූ ලිපි පෙළක් වන අතර මේ මගින් සාකච්ඡා කරන කරුණු තුළින් බොදු ජනතාවට බුදු දහම පිළිබද ගැඹුරු අධ්‍යනයක් කිරීමට මගපාදා දෙයි. 'අන්තරාභවය' පිළිබඳව මෙම කෘතියේ සිදු කරන සාකච්ඡාව බොදුනුවන් තුළ නව චින්තනයක් ඇති කිරීමට සමත්වන අතර එබැවින් මෙය බොහෝ දෙනා අතර ජනප්‍රිය කෘතියක් වනු නොවනු මානය. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Maranaye Sevanali Ha Bhuthayo 'මරණයේ සෙවණැලි හා භූතයෝ' යන මෙම කෘතිය මරණය පිළිබද සමාජ විද්‍යාත්මක හා දාර්ශනික විග්‍රහයකින් ඉදිරිපත් කර ඇති කෘතියක් වන අතර ශාස්ත්‍රපති පූජ්‍ය වලතර සෝභිත හිමියන් විසින් රචනා කර ඇති ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය. Rs 252.00 Rs 280.00 Add to cart Buy
-10% Maranaye Sita Upatha dakva Hevath Karmaya Saha Punuruppatthiya කර්මය යනු අපව පුනරුප්පත්තියට නතු කොට සංසාර චක්‍රයට තබා ගැට ගසා කරකවන එකම සාධකය බවත් කර්ම විපාක ලිහිල් කර ගනිමින් අධ්‍යාත්මිකව මාර්ගයේ යමින් තෘෂ්ණාව, ඇලීම, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මදමානාදිය සිත්වලින් බැහැරකොට චිත්ත පාරිශුද්ධත්වය ඇති කර ගැනීමෙන් භව ගමන කෙටි කර ගත හැකි බවත් මේ කෘතියෙන් පැවසේ. Rs 450.00 Rs 500.00 Add to cart Buy
-10% Karma vipakaya Pala Dena hati Saha Ma Labu Athdakeem 'කමර් විපාක පල දෙන හැටි සහ මා ලැබූ අත්දැකීම්' යන මෙම කෘතිය පූජ්‍ය වේන්දළුවේ සෝරත හිමිපාණෝ විසින් රචිත අතර මෙම කෘතිය තුළ කමර් විපාක පල දෙන ආකාරය පිළිබදව ඉතා සරල ලෙස විග්‍රහ කර ඇති කෘතියක් ලෙස හැදින්විය හැකිය Rs 135.00 Rs 150.00 Add to cart Buy
-10% karumaye arumaya 'කරුමයේ අරුමය' නම් මෙම කෘතිය තුළ කරුමය හා එහි විපාකය මෙලොවදීම අත්විදීම පිළිබදව ලැබූ අත්දැකීම් වලින් රචිත අතර මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමිපාණන් විසින් විරචිත මෑත කාලින සමාජයට ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය. Rs 247.50 Rs 275.00 Add to cart Buy
-10% Sathwaya maranin mathu weda සෝමසිරි හබරගමුව මහතා විසින් රචිත සත්ත්වයා මරණින් මතු වේ ද ? යන මෙම ග්‍රන්ථය වනාහි බුදුන් වහන්සේගේ චරිතාපදානය ඇසුරින් රචනා වූ ඉතා වටිනා ග්‍රන්ථයක් වන අතර මරණින් මතු උප්පත්තියත් කළ කුසල් අකුසල් අනුව උප්පත්ති දාමය සිදු වන අයුරුත් ඉතා මැනවින් විග්‍රහ කර ඇති ග්‍රන්ථයක් වශයෙන් හැදින්විය හැකිය. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Yali Upan Diyani 'A LITTLE GIRL LOST... BETWEEN DEATH AND LIFE' කෘතිය සිංහල පරිවර්ථනය වන යළි උපන් දියණි නම් මෙම කෘතිය තුළින් මරණයත් ජීවිතයත් අතර අතරමංවුණු දැරියකගේ කතාව කුමාරි ගුණරත්න මහත්මිය විසින් පාඨක ඔබ හමුවේ ගෙන හැර දක්වන අතර මෙය සත්‍ය සිදුවීමක් ඇසුරින් ගෙන හැර දක්වන්නකි. Rs 1,260.00 Rs 1,400.00 Add to cart Buy
-10% Alokayen Parinamanaya Wuwo 'TRANSFORMED BY THE LIGHT' නම් කෘතියේ සිංහල පරිවර්ථනය වන 'ආලෝකයෙන් පරිණාමනය වූවෝ' නම් මෙම කෘතිය අධිනීතීඥ කූමාරි ගුණරත්න මහතමිය විසින් සිංහලට පරිවර්ථනය කරන ඇති අතර මෙම කෘතිය තුළින් මරණාසන්න අත්දැකීම් මගින් මිනිස් ජිවිත වලට ඇතිවෙන ප්‍රබල බලපෑම් පිළිබද කරණ ලද අධ්‍යනයක් තුළින් රචනා වූ ඉතා වටිනා කෘතියක් ලෙස ලෝක ජනාදරය දිනා ගත් කෘතියකි. Rs 427.50 Rs 475.00 Add to cart Buy