Books

New
mala poth pincha
පරිවර්තනය මහාචාර්ය ඩබ්ලිව්. එම්. ගුණතිලක
ටිබෙට් ඉගැන්වීම් වල විස්තර කෙරෙන පරිදි, මරණය සිදුවන මොහොතේදී, ලොව සෑම දෙයක්ම මෙන්ම ප්‍රාණී සත්වයාද සෑදී ඇති පස, ජලය, ගින්න, වාතය හා අවකාශය යන මූල ධාතු එකක් අනෙකට වශයෙන් එකිනෙකක් තුළට ගිලී යන්නේය.එබඳු තවත් ක්‍රියාවලියකට පසුව, මිය යන පුද්ගලයාගේ සූක්ෂ්ම විඥානය ශරීරයෙන් ඉවත් වී 'බාඩෝ ශරීරය' නම් වූ සියුම් ශරීරයක් සහිත 'බාඩෝ' නම් වූ අතරමැදි හෙවත් අන්තරාභව තත්ත්වයකට පත් වෙයි. මෙම බාඩෝ ශරීරයට, ඝන ද්‍රව්‍ය පසාරු කරගෙන යාම, ඕනෑම තැනකට සිතුවිල්ලක් පහළවන වේගයෙන් ඉගිලී යාම වැනි හැකියාවන් ඇත.
Rs 400.00
New
Jeevithaya Maranaya Ha Manokaya
පරිවර්තකගේ සටහන....
මළගිය කෙනෙකුට යළි පන ලැබීම වනාහි, ඔහුගේ හෝ ඇයගේ ‍පෙර පිනක් - ලැබීමක් හෝ දේව බලයක් ලෙසම අදහන්නට හුරු පුරුදු වූ ජනතා බහුතරයකින් සමන්විත, ශ්‍රී ලාංකික සමාජයේ අදත් අපි ජිවත් වෙමු.' නන්දන තිලක් මගුලාගම ' මහතා විසින් රචිත "How The Dead Could Be Revived?" නැමැති කෘතිය ඊයේ අද ගැනම නොව, අනාගතය සඳහා විශේෂ අවධානය දෙමින් ලියූවක් බව පළමුව කියමි.නවීන තාක්ෂණය අතින් ඉහළින් වැජඹෙන, යුරෝපීය රට වලට නම් අද මෙහි එන කරුණු අරුමයක් නොවූවද, දියුණුව සොයා යන ශ්‍රී ලංකාවේ අපට නම් මෙහි අඩංගු කරුණු විශ්මය දැන විය හැකිය.එහෙත් මරණය හා යළි පන ලැබීම පිළිබඳ සිද්ධීන් තිර ලෙසම සිදු වූ සැබෑ දේවල් බවට නවීන විද්‍යාව විසින් සනාථ කර ඇති බැවින්, එහි තර්කයක් නැත.සැඟවී තිබුණද, සැබෑව සැබෑවක්මය. කරුණු තමාට සපථ වූ දින, ආශ්චර්යයන් ලෙස පෙනුණු දැනුණු දෑ සත්‍ය ලෙසම පිළිගන්නට මැළිවන්නෝ වෙත්නම්, ඒ ඉතාම කලාතුරකිනි.යථාර්ථවාදීව සිතන ඕනෑම කෙනෙකුගේ බුද්ධිමය නිම් වළලු පුළුල් කිරීමට මෙම පොත මහඟු එළියක් වනු නොඅනුමානයි. වෛද්‍ය විද්‍යා සහ මනෝ විද්‍යා සිසු සිසුවියන්ටද මෙය මහඟු අත්වැලක් වනු නිසැක බවත් මෙම පොත පරිවර්තනය කරන අතරතුර මට හැඟී ගියේය.මා යළිත් අවධාරණය කරන්නේ, මෙම කරුණු අතීතයට වර්තමානයට වඩා අනාගතයටම ඔබ යොමු කරන බවකි.
Rs 160.00
New
Lokaya Sathvaya Saha Nirvanaya
ප්‍රකට ගුන්ථ කර්තෘවර එස්. අයි.ගමගේ මහතාගේ නවතම කෘතිය ලෝකය,සත්ත්වයා සහ නිර්වාණය යි ග්‍රන්ථ නාමය ම මෙහි අන්තර්ගතය සුවසල් විෂය පථයක් ස්පර්ශ කරන බව පැහිදිලිව ප්‍රකට කරයි. මීට පෙරාතුව පළ වූ "මිනිස් සිත, "සසර ගමන සහ පුනරුත්පත්තිය” කෘතියෙහි සාකච්ඡාවට බදුන් වූ චිෂය ක්ෂේත්‍රයේ ම ඉදිරි පියවරක් ලෙස නවතම කෘතිය හැදින්වීම යෝග්‍යය පරිච්ඡේද වයි එකකින් පරිමිත මෙය සාමාන්‍ය සිංහල පාඨක ලෝකයා අරමුණු කර ගනිමත් සැකසී ඇත. මෙබඳු විෂය පථයක් ආවරණය වන සේ භුන්ථයක් සැකසීම කෘතහස්තලේඛකයෙකුට මිස සුළුතරයෙකුට කළ නොහැකිය. කෙනෙකු සතුව විශ්ව කෝෂයට බදු දැනුමක් තිබිය හැකිය එහෙත් ඒ දැනුම පාඨකයා වෙත වහනය කිරීම ලේසි පහසු කාර්යයක් නොවේ මේ අභියෝගය ගමගේ මහතා සාර්ථක ලෙස ජයග්‍රහණය කොට ඇත සිංහල ගුරු සිසු දෙපිසේ ම ඥාන පථය පෘථුල කිරීම සඳහා ප්‍රයත්න දරන ගමගේ මහතා සාමාන්‍ය සිංහල පාඨක ලෝකයාගේ ඥානාහි වෘද්ධය පිණිස කැප වීමද පැසසුම් කටයුතු වෙයි ගමගේ මහතාගේ මේ කෘතිය ජංගමශීලී අතිශය සංකීර්ණ වර්තමාන සිංහල පාඨක සමාජය වෙත නොකල්හි හමා ආ අමා පවනක් වේවා යි තම
එච්. එම්. මොරටුවගම
Rs 275.00
The Buddha's Ancient Path
A prominent monk of Sri Lanka, well-known in both East and West, explains the central teachings of Buddhism, focusing on the Four Noble Truths and the Noble Eightfold Path. In a lively and inspired style, he explores the path in detail, citing many stories from Canon and commentaries. ‘The book is written in a firm and clear style … These interpretations, authoritative and unimpeachable, may be taken as a trustworthy guide.’ —(I. B. Horner)
Rs 350.00
The Road To Liberation
The BPS is an approved charity dedicated to making known the Teaching of the Buddha, which has a vital message for all people. 
Founded in 1958, the BPS has published a wide variety of books and booklets covering a great range of topics. Its publications include accurate annotated translations of the Buddha's discourses, standard reference works, as well as original contemporary expositions of Buddhist thought and practice. These works present Buddhism as truly is-a dynamic force which has influenced receptive minds for the past 2500 years and is still as relevant today as it was when it first arose. 
For more information about the BPS and our publications, please visit our website, or write an e-mail, or a letter to the:
Rs 80.00