Buddhism

Bodhipakshika Dharma Wistharaya
සතර අපාය ආදී දුක්ඛයන්ගෙන් මිදී නිවන් දැකීම සඳහා බුදුන් වහන්සේ විසින් දේශනා කර ඇති මාර්ගය නම් සත්තිස් බෝධිපාක්ෂික ධර්‍මයන් වැඩීමයි. අතීතයේ යමෙක් නිවන් දුටුවාහු නම් ඒ හැම නිවන් දුටුවේ ද සත්තිස් බෝධි පාක්ෂික ධර්‍ම මාර්ගයෙන්ම වේ. එමෙන්ම අනාතගතයෙහි යමෙක් නිවන් දක්නේ නම් ඒද සිදු වන්නේ මේ සත්තිස්  බෝධිපාක්ෂික ධර්‍ම මාර්ගයෙන් ම වේ. එහෙයින් නිවන් දක්නට වෙර දරන සැදැහැතියෝ මේ ධර්‍ම පිළිබඳව නුවණින් විමසිය යුතුය. ඒ සඳහා ලියැවී ඇති පහසුවෙන් තේරුම් ගත හැකි ග්‍රන්ථය නම් මේ බෝධිපාක්ෂික ධර්‍ම විස්තරය වේ. 
Rs 510.00
Keles Ekdahas Pansiyaya
කෙලෙස් යනු සිත කිළිටි කරන, නිර්වාණ මාර්ගය අඳුරු කරන අපේ සිතේ නිතර ඇතිවන සිතුවිලිය. ධර්මය පිළිබඳ නොදන්නා පුද්ගලයන්ගේ සිතු තුළ මෙම ක්ලේශයන් නිතර වර්ධනය වේ. නිවන් දැකීමට වෙර දරන පුද්ගලයන් විසින් තම සිත කෙලෙසුන්ගෙන් මිදි පිරිසිදු කර ගැනමට නම් ඒ කෙලෙස් පිළිබඳ ප්‍රමාණාත්මක අවබෝධයක් ලැබිය යුතුය. කෙලෙස් එක්දහස් පන්සියය ග්‍රන්ථය යනු එම කෙලෙස් පිළිබඳ තත්ත්වාකාරයෙන් අවබෝධ කර ගැනීමට අපට ඇති එකම ග්‍රන්ථය වේ.
Rs 570.00
Mekala Niunu Aththo
අතිපූජනීය රේරුකානේ චන්‍දවිමල මහ නාහිමියන් අරබයාම ලියවුණු ග්‍රන්ථයක් වන අතර උන්වහන්සේගේ අපවත්මීමෙන් වර්ෂ පූර්ණ මහා පින්කම් මාලාවේදී ලක්දිව කීර්තිමත් දේශකයන් වහන්සේලා විසින් විවිධ වූ මාතෘකා පදනම් කරගෙන පැවැත්වූ දම් දෙසුම් මෙලෙස ග්‍රන්ථයක් ලෙසින් ඔබ හමුවට ලබා දී ඇත.
Rs 880.00
Dharma Vinishchaya
ධර්ම විනිශ්චය - මෙකල බොහෝ බෞද්ධයන්ගේ සිත්වල ඇති වී ඇති දහම් ගැටළු රාශියකි. එහෙත් ඒවා සඳහා විසඳුම් ලබා දීම හා ලබා ගැනීමට ඇති ක්‍රමෝපායන් අල්පය. ධර්‍මය පිළිබඳව සැකයක් ඇත්නම් එය ධර්‍මාවබෝධයට ගැටළුවකි. එලෙස බුද්ධ ධර්‍මය පිළිබඳ ඇති වූ ගැටළු තැන් සියයකට දුන් පිළිතුරු එක්තැන් කොට සකස් කරන ලද ධර්‍ම විනිශ්චය ග්‍රන්ථය සැදැහැවතුන්ගේ ධර්‍ම මාර්ගයෙහි ඇති සැකයන් බොහොමයක් දුර කරනු ලබයි. එබැවින් ධර්‍මය අවබෝධ කරන්නට උත්සහ කරනු ලබන සැදැහැවතුන් හටද ධර්‍මය අධ්‍යයනය කරන ලබනු විද්‍යාර්ථීන්ට ද එකසේ ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි ධර්‍ම විනිශ්චය.
Rs 490.00
Punyopadeshaya
අවබෝධයෙන් යුතුව පින් කරන්නවුන් සඳහාම ලියැවුණ පොතකි පුණ්‍යෝපදේශය. අපි විසින් සිදු කරනු ලබන නොයෙකුත් පින්කම් වල ඇති ආනිසංසයන් දැක්වෙන කථාවන් උදාහරණ කොට ලියැවි ඇති මෙම ග්‍රන්ථය පින් කරන්නවුන් තව දුරටත් පිනෙහි යෙදවවීම අරමුණ කර ගත්තකි. මෙම ග්‍රන්ථය නොදැන පින් කරම් කෙරුමට වඩා දැන ගන පින් කම් කිරීමටත් අකුශලයෙන් වැළකී කුශලයෙහි යෙදීමටත් , නොයෙකුත් වන්දනා ගාථා සහ බෞද්ධ ආරක්ෂණ විධින් ද දක්වා ඇති නිසාවෙනුත් සැදැහැවතකු ළග තිබිය යුතුම අත්පොතකි.
Rs 500.00
Buddha Neethi Sangrahaya
බෞද්ධ සංස්කෘතිය තුළ හැදී වැඩුන ද බෞද්ධ දර්ශනය පිළිබඳ දැනුම බොහෝ බෞද්ධයන්ට අද නැත. එහෙයින් ජීවිතයේ යම් යම් අවස්ථාවල බුදු දහමට අනුව ජීවිතය හැඩ ගස්වා ගැනීම පිළිබඳ ගැටළු රාශියක් අද නිර්මාණය වී ඇත. බුද්ධ නීතී සංග්‍රහය එම ගැටළුවලට පිළිතුරු සපයයි. ජීවිතයේ බොදුනුවන් පිළිපැදිය යුතු දහම් මාර්ගයට අවශ්‍යය කරන උපදෙස් රාශියක් ත්‍රිපිටකය තුළින් එකතුකොට බුද්ධ නීති සංග්‍රය තුළ විස්තර කෙරෙයි. 
Rs 370.00
Pattana Maha Prakarana Sannaya
බුදුන් වහන්සේ හේතුඵල දේශනය සිදු කර ඇත්තේ එක් ක්‍රමයකට නොව ක්‍රම තුනකිනි. එනම් ආර්ය සත්‍යය ක්‍රමය, පටිච්ච සමුප්පාද ක්‍රමය සහ පට්ඨාන ක්‍රමය යනුවෙනි.  එලෙසම පටිච්ච සමුප්පදාය තුළ ද දොළොස් ආකාර වූ හේතුඵලයන් දක්වා ඇත. එහෙත් ඒ කිසි තැනක තෘෂ්ණාව ආදි ධර්‍ම ඵලයට හේතුවන සැටි විනා එලෙස හේතුවන්නේ ඇයි දැයි විස්තර කර නොමැත. නමුත් පට්ඨාන ප්‍රකරණය යනු එලෙස කුඩා ධර්‍ම කොටසක නොනැවතී සිට සෑම හේතුඵල ධර්‍මයන් පිළිබඳව ම බුදුරදුන් කර ඇති දේශනාවයි. මෙය හුදෙක් තවත් ග්‍රන්ථයක් නොව මෙය ඉතා ගැඹුරු වූ ද විශාල වූ ද ධර්‍ම කොටස් නොයෙක් ක්‍රම මගින් විස්තර කොට ඇති හේතුඵල දේශනයයි. එබැවින් නුවණැත්තන් කියවා අවබෝධ කර ගත යුතු ග්‍රන්ථයක් වන මෙම පට්ඨාන ප්‍රකරණ ග්‍රන්ථය  ඉතා ගැඹුරු වූ අර්ථ ඇති බැවින් අවබෝධයෙන් යුක්තවම කියවීම ඉතා වැදගත්ය.මක්නිසාද යත් මෙය එකී පට්ඨාන ප්‍රකරණ පාලි ග්‍රන්ථයට නිර්මාණය කරන ලද සිංහල අනුවාදය බැවිනි.
Rs 1,880.00
Sasanawatharanaya
වර්තමානයේ පැවිදි භූමියට ඇතුළත් වන්නවුන් ඉතා අල්පය. එලෙස අල්ප වූ පිරිසගෙන් ද මෙම පැවිදි දිවිය දිවි ඇතිතෙක් ගත කරන්නෝ ද සීමිතය.  එයට ප්‍රධාන හේතුව වන්නේ පැවිදි ජීවිතයේ ඇති වටිනාකම අවබෝධ කර නො ගැනීමයි. ඒ සඳහා සුදුසු ගුරූපදේශයන් නො ලැබීමයි. ශාසනාවතරණය නම් වූ මෙම ග්‍රන්ථය මගින් පැවිදි වන්නට බලාපොරොත්තු වන්නන්ට ද පැවිදිව ජීවිතය ගත කරන කුඩා සාමණේර භික්ෂුවගේ සිට වැඩිහිටි භික්ෂූන් දක්වාම පැවිදි දිවියේ ඇති වටිනාකම මනාව පැහැදිලි කර දෙයි. පැවිදි දිවිය පිළිබඳ අවබෝධය වැඩි වන්නට වැඩි වන්නට මෙම එහි ඇල්ම ඇති කොට ගෙන වැඩ කටයුතු කෙරෙයි. එහෙයින් මේ ග්‍රන්ථය හැකි සෑම අවස්ථාවකම ගිහි දායක පක්ෂය විසින් සෑම භික්ෂූන් වහන්සේ නමක් වෙතම පූජා කිරීමට උත්සාහ කිරීම ඉතා පින් වැඩෙන පින් කමකි.
Rs 700.00
Shasanavataranaya
What is the purpose of becoming a bhikkhu? How should one get about being a bhikkhu? What are the rituals and meditations which one should observe as a bhikkhu? How should a bhikkhu prepare his robes and behave when accepting alms? – The learned thera explains all, which has been translated into lucid English by D.J. Percy Silva. It is a handbook to be cherished by all the bhikkhus in the Theravada tradition.
Rs 415.00
Abhidharmaye Mulika Karunu
අභිධර්මය මනාව ඉගෙනීමට නම් අභිධර්මය පිටකය මැනවින් හදාළ යුතුය. එහෙත් එය කළ හැකි ඉතා අපහසු කාරණාවකි. අභිධර්‍මය යන්න වචන පමණකින් අවබෝධ කළ නොහැක්කකි එබැවින් ඒ සඳහා ගුරූපදේශ සහිතව අභිධර්‍මය උගත යුතුය. ඒ සඳහා ශ්‍රී ලංකාවේ නිර්මාණය වී ඇති පත පොත අතරින් මේ අභිධර්මයේ මූලික කරුණු ග්‍රන්ථය පළමු පියවර වේ. අභිධර්මය පිළිබඳ ඉගෙන ගන්නා කෙනෙකුට ඒ පිළිබඳව පිරිසිදු මූලක දැනුමක් අවශ්‍යය වේ එය මේ පොතින් සම්පූර්ණ වේ. තවත අභිධර්‍මය පිළිබඳ කරුණු පහසුවෙන් අවබෝධ කර ගැනීමට වචන මාත්‍රයක් පමණක් ම නොකියා ධර්‍ම විස්තර ද මෙම ග්‍රන්ථය තුළ සඳහන්ව ඇති බැවින් අභිධර්‍මය ඉගෙන ගන්නා කාහට වුවද මෙය අභිධර්‍ම අත්පොතක් ලෙසට භාවිතා කළ හැකිය.
Rs 410.00
Abhidharma Margaya
අභිධර්‍මමාර්ගය යනු අභිධර්‍මය ඉගෙන ගන්නන්ම අරමුණු කරගෙන ලියැවුණ ග්‍රන්ථයකි. සාමාන්‍ය ටීකා සම්ප්‍රදායෙන් මිදී ඉතා පහසුවෙන් මෙම අභිධර්‍මය අවබෝධ කර ගත හැකි පරිදි අවශ්‍යය පාඨයන් සකස් කර තිබීම මෙම ග්‍රන්ථය බොහෝ ප්‍රචලිත වන්නට හේතු වී ඇත.
Rs 650.00
Wanchaka Dharma Ha Chiththopalesha Dharma
සිතේ ඇතිවන සිතුවිලි පිළිබඳ නිවැරදි අවබෝධයක් සම්මුති සත්‍යය තුළින් දැකිය නොහැකිය. එහෙත් බුදුන් වහන්සේ ඒ පිළිබඳ පරමාර්ථ සත්‍ය තුළින් පැහැදිලි කරන ලදී. එය අභිධර්‍මය ලෙස හඳුන්වයි. වඤ්චක ධර්‍ම යනු එවැනිම පරමාර්ථ සත්‍යයකි. එ
Rs 480.00
Upasampada Seelaya
සාමණේර දස ශීලය ආරක්ෂා කරන සාමණේර භික්ෂු නම විසිවයස් සම්පූර්ණ වූ පසු අධි ශීලයෙහි පිහිටුවීම මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් සිදු කරනු ලබයි. මෙම අධිශිලයට පත්වීම උපසම්පදාව ලෙස ව්‍යවහාර කෙරෙත්. වර්තමානයේ සම්බුද්ධ ශාසනය තුළ සිදු කරනු ලබන ඉහලම විනය කර්මය ලෙසට ද මෙම උපසම්පදා විනය කර්මය හැඳින්වෙයි. කෙසේ නමුදු ගත පැවිදි කළ හැකි වුවද සිත පැවිදි කිරීම නම් අමාරු කටයුත්තකි. එලෙසම උපසම්පදාවෙහිද එම කටයුත්ත ඉතා අපහසුය. ගත උපසම්පදා කිරීම මහා සංඝරත්නය සිදු කළ ද සිත උපසම්පදා කිරීම නම් ඒ පිළිබඳ අවබෝධයෙන් සිදු කළ යුතුය. එනිසා මෙම උපසම්පදා ශීලය මගින් එකී සිත උපසම්පදා කිරීම සඳහා අවශ්‍යය වන අවබෝධය එකදු අකුරක් නෑරම පැහැදිලි කරයි. උපසම්පදාපේක්ෂකයා හට ද උපසම්පදාවට පත් වූ භික්ෂුන් හට ද එකසේ වැදගත් වන ග්‍රන්ථයක් ලෙසට මෙම උපසම්පදා ශීලය හැඳින්විය හැකිය. 
Rs 760.00
Vinaya Karma Potha
‘‘විනයො නාම සාසනස්ස ආයු“ විනය යනු බුද්ධ සසුනේ ආයුෂයයි. මෙහිදි මෙම විනය කර්‍මයන් ආවට ගියාට සිදු කිරීමක් නැත්තේය. නිවැරදි ලෙස සීමා බන්ධනය කොට විනය කර්‍මයන් සඳහා සුදුසු විනයධර භික්ෂූන් එක්ව එකී විනය කර්‍මයන් සිදු කරයි. එයට හේතුව නම් විනය කර්‍ම සිදු කරන අවස්ථාවන්හි දී විනයාගත ක්‍රම නොඉක්මවා ඉතා පිරිසිදු ලෙසම එය කළ යුතු බැවිනි. මෙලෙස ඉතා පිරිසිදු ලෙස විනය කර්‍මයන් සිදු කරන්නට ඒ පිළිබඳව මනා අවබෝධය අවශ්‍යය වේ. පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රදායන් රැකගෙන විනය කර්‍මයන් සිදු කරනු ලැබුව ද අද වන විට සමහරක් භික්ෂූන් විසින් ශාසන විනයේ ස්වභාවය නොදැන විනය කර්‍ම සිදු කිරීම හේතුවෙන් අවිනය පැතිරීමේ අවස්ථාවන් ඇත. එකී අවස්ථාවන් මඟ හැර දන්නා සහ නොදන්නා හැමට සම්බුද්ධ ශාසනය තුල වූ විනය කර්‍මයන් පිළිබඳ අවබෝධයක් සහ එම විනය කර්‍මයන් පිරිසිදු ව සිදු කරන අකාරය පිළිබඳ ව ද මෙම විනය කර්‍ම ග්‍රන්ථය මගින් දැනගත හැකිය. 
Rs 530.00
Ubhaya Prathimokshaya
‘‘විනයො නාම සාසනස්ස ආයු“ විනය යනු බුද්ධ සසුනේ ආයුෂයයි. භික්ෂු සාසනයේ පැවත්මට භික්ෂු භික්ෂුනීන් යන දෙපරිසම මෙම විනය ආරක්ෂා කළ යුතුය. මෙහිදි උභය ප්‍රාතිමෝක්ෂය ග්‍රන්ථය තුළින් පිරිමසන්නේ සංඝ සමාජයට අත්‍යවශ්‍යම වන විනය ශික්ෂා පද පිළිබඳ අවබෝධයයි. සංඝ සමාජය තුළ සිල්වත් භික්ෂුවක් බිහි කිරීමට අවශ්‍යය වන මෙම උභය ප්‍රාතිමෝක්ෂය පිළිබඳ ලියැවුණ ග්‍රන්ථයන් දෝෂ සහිත විය. එබඳු දෝෂයන් මඟ හැර ඉතා නිවැරදිව සකස් කරන ලද මෙම ග්‍රන්ථය සම්බුද්ධ ශාසනයේ පැවත්මට හා දියුණුවට උපකාරි වන්නකි. මහා සංඝරත්නය වෙත පූජා කිරීම සඳහා ඉතාමත් යෝග්‍යය ග්‍රන්ථයකි.
Rs 390.00
The Explanation Of The Factors Of Enlightenment
The Explanation of The Factors of Enlightenment - An in-depth exploration of the factors of Enlightenment which are 37 in all by one of the leading exponents of Buddhist philosophy in Sinhalese; the book is a translation from the Sinhala original.
Rs 600.00
Out-of-Stock
Four Noble Truths
Out-of-Stock
Four Noble Truths - The most in-depth and advanced exploration of the Four Noble Truths written in the Sinhalese is now made available to English readership by Mr. Viranjeewa Weerakkody who is the translator of this treatise.