Buddhism

-10%
Nivan Maga Soya
මහණෙනි, යමෙක් ඇස කන නාසය දිව ශරීරය සිත සහ ඒවාට අරමුණු වන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතුවිලි කෙරෙහි සතුටු නොවෙයිද, ඒවා මම මාගේ වශයෙන් නොගනියිද, එයම සිත තුළ පවතින රාගයේ කෙළවර වෙයි. සිත තුළ පවතින ද්වේෂයේ කෙළවර වෙයි. සිත තුළ පවතින වැරදි දැකීමේ කෙළවර වෙයි. සිත තුළ පවතින සැකයේ කෙළවර වෙයි. මානයේ කෙළවර වෙයි. දඬු මුගුරු ගැනීම, ආයුධ ගැනීම, කෝළාහළ කිරිම, විරුද්ධව කථා කිරිම, කේළාම් කීම, බොරු කීම යන අකුසලයන්ගේද කෙළවර වෙයි. 
(මධු පිණ්ඩිකසුත්‍රය)
Rs 1,125.00
Rs 1,250.00
-10%
Gihiyan Wu Apatada Mee Bhavayedi Magapala Sapura Gatha Hakiya
" ගිහියන් වූ අපට ද මෙම භවයේ දී මගඵල සපුරා ගත හැකිය." නමින් ලියැවුණු මෙම ග්‍රන්ථය කුඩා වුව ද ඒ තුළ අන්තර්ගතව ඇත්තේ සත්‍ය ලෙසින් ම ගිහියනට අවැසි වටිනා කාලෝචිත දහම් කරුණු වේ. තව ද මෙම ග්‍රන්ථයේ ඇති විශේෂත්වය නම් කතුවරයාණන්, ත්‍රිපිටක ග්‍රන්ථ පරිශීලනය කොට එතුළින් දැන කියා ගත් දහම් කරුණු ත්‍රිපිටක ග්‍රන්ථ හා සූත්‍ර නමින්ම සනාථ කොට තිබීමය. එය ග්‍රන්ථයේ වටිනාකම තිව්‍ර කිරීමට හේතු වී ඇත. බුදු දහම පිළිබඳ විමසන්නා වූ ධම්මකාමී පින්වතුන් හට මෙය මහත් වූ පිටිවහලක් සේ මම දකිමි.
Rs 157.50
Rs 175.00
-10%
Maga Phala Adath Labiya Haakida
බුදුරජාණන් වහන්සේ
"සුභද්‍රය, යම් ශාසනයක ආර්ය අෂ්ඨාංගික මාර්ගය නැත්තේ නම් එහි පළමුවන ශ්‍රමණයා ද නැත, දෙවන ශ්‍රමණයා ද නැත. තුන්වන ශ්‍රමණයා ද නැත. සතරවන ශ්‍රමණයා ද නැත. යම් ශාසනයක ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඇත්තේ නම් එහි පළමුවන ශ්‍රමණයා ද ඇත. දෙවන ශ්‍රමණයා ද ඇත. තුන්වන ශ්‍රමණයා ද ඇත. සතරවන ශ්‍රමණයා ද ඇත. සුභද්‍රය, මේ ශාසනයෙහි ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඇත්තේය. ඒ නිසා සුභද්‍රය පළමුවන ශ්‍රමණයා ඇත්තේ මෙහි ය. දෙවන, තෙවන, සිව්වන ශ්‍රමණයා ඇත්තේ මෙහි ය. සුභද්‍රය, අනිත් තැන් ශ්‍රමණයන්ගෙන් හිස් ය. "ඉමෙව සුභද්ද භික්ඛු සම්මා විහරෙය්‍යුං න සුඤ්ඤො ලෝකො අරහන්තෙහි අස්ස" සුභද්‍රය, මේ භික්‍ෂුන් මනාකොට වාසය කෙරෙන්නේ නම් ලෝකය රහතුන්ගෙන් හිස් නොවන්නේ ය.
Rs 270.00
Rs 300.00
-10%
Rathnartha Sudhani Nam Wu Sinhala Dhammapadaya
රත්නාර්ථ සුධනී නම් වූ සිංහල ධම්මපදය ඇතුළත් කර සකස් කරණ ලද සිංහල බෞද්ධයන් සමීපයේ තිබිය යුටු  ඉතා වටිනා ග්‍රන්ථයකි.
Rs 202.50
Rs 225.00
-10%
Buddhasthupa
" නව අරහාදී බුදු ගුණයෙන් නුවණින් සිහි කරත් සිහි කරත් ම, සැදැහැවත් බැතිමතාගේ හෘදයාභ්‍යන්තරයෙහි රමණීය බුද්ධස්තූපයක් නිර්මාණය වෙයි. හැම සැදැහැවත් හදවතක් (සිතක්) තුළම එබඳු බුදු ගුණ සෑයක් නිමවා ගැනීම සඳහා උපකාරක ආකෘතියක් සෙයින් නිබැඳුණකි, මේ ' බුද්ධස්තූප ' ග්‍රන්ථය "
සම්පාදක හිමියන් විසින් ග්‍රන්ථාරම්භයෙහි ඉදිරිපත් කර ඇති මෙම කෙටි සටහන බුද්ධස්තූප ග්‍රන්ථයේ නිමිත්ත, අන්ත‍්‍රගතය ආකෘතිය හා ප්‍රයෝජනය පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් ලබා ගැනීමට උපකාරවත් වේ. අරහං, සම්මා සම්බුද්ධ, විජ් ජාචරණ සම්පන්න, සුගත ආදී නව බුදුගුණ විස්තර කෙරෙන පරිච්ඡේද නවයෙකින් සමන්විත මෙම ග්‍රන්ථය එක් එක් බුදු ගුණය විස්තර කරනු ලබන්නේ බුදුරජාණන් වහන්සේ විසින් ම දේශනා කළ සූත්‍ර ධර්ම ආශ්‍රිත කරුණු ඉදිරිපත් කරමින් බුද්ධානුස්සති භාවනාව වඩනු කැමති, එමගින් සාර්ථක ප්‍රතිඵල ලබනු කැමති බෞද්ධ ජනතාවට මෙහි අන්තර්ගත ධර්ම කාරණා බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.
Rs 315.00
Rs 350.00
-10%
Pretha Wasthuwa
මේ ප්‍රේත වස්තුව පාලි පේතවත්ථු අටුවාව සරල සිංහලයට නැඟීමෙහි ප්‍රතිඵලයකි. ඒම නිසා ප්‍රේත වස්තු කථා පහසුවෙන් තේරුම් ගැනීමට මේ ග්‍රන්ථය සහාය වෙයි.ප්‍රේත වස්තුවෙහි කථාවස්තු අතර ගාථාද දක්නට ලැඛෙයි. මේ ග්‍රන්ථයෙහි ගාථා කථා වස්තු වලට ඇතුළත් නොකොට ගාථාවන්හි අර්ථ සපුරා සිංහලයට නගා ඇත. එහෙත් ග්‍රන්ථය අවසානයෙහි ප්‍රේත වස්තුවේ සියලු ගාථා අර්ථ සමඟ දක්වා ඇත. ග්‍රන්ථයෙහි කථාවස්තූන්හි සඳහන් කොට ඇති අංක මඟින් එයින් පැවසෙන අර්ථය සහිත ගාථාව කුමක්ද යනු හඳුනාගත හැකි ආකාරයට මෙම ග්‍රන්ථය රචනා කර ඇත.
Rs 1,665.00
Rs 1,850.00
-10%
Deviyo Saha Prethayo
සූත්‍ර පිටකයට දීඝ නිකාය, මජ්ඣිමනිකාය, සංයුක්ත නිකාය, අංගුත්තරනිකාය, ඛුද්දකන්කාය යැ' යි පෙළ පොත් පහක් ඇත. එයින් ඛුද්දකනිකායට ඛුද්දක පාඨ, ධම්මපද, සුත්තනිපාත, විමානවත්ථු, පේතවත්ථු, ථේර ගාථා, නිද්දේස, පටිසම්භිදාමග්ග, අපදාන, බුද්ධවංස, පොත් පහළොවක් අන්තර්ගත වේ. ඒ ග්‍රන්ථ විමානවත්ථුපාළි සහ පේතවත්ථු පාළි යන පොත් දෙකේ ම ඇතුළත් වන්නේ දෙවිවරුන් සහ ප්‍රේතයන් පිළිබඳ කථාන්තරය. එම කථා සංක්ෂිප්ත ව පාලි ගාථා වලින් විමානවත්ථු පාළි හා පේතවත්ථු පාළි පොත් දෙකේ දැක්වේ. ඒ කථා විස්තර සහිත ව අන්තර්ගත වෙන්නේ විමානවත්ථු අට්ඨ කථාවේ සහ පේතවත්ථු අට්ඨ කථා නම් පොත් දෙකේය. මහාචාර්ය කෝන්ගස්තැන්නේ ආනන්ද හිමියන් විසින් රචිත මෙම කෘතිය මගින් එම කරුණු ඉතා සංශිප්ත ලෙස ඉදිරිපත් කරණු  ලබයි.
Rs 270.00
Rs 300.00
-10%
Samanera Bana Daham Potha
මහණකම යනු ලොවේ ඇති හැම කමකට ම ව) උතුම් බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ උතුම් මහණකම ලැබෙන්නේ පෙර මහ පිනකින් ම ය.කුඩා කල සිට ම යහපත් ගුරු ඇසුරින් හොඳට සිල් සපුරමින් සංවර ව කීකරු ව ඒ පැවිදි දිවිය රැක ගත්තොත් පුර පස වැඩෙන සඳ මඬල මෙන් ඒ පැවිද්දා ලොව එළිය කරන බව බුදුරජාණන් වහන්සේ වදාළ හ. පැවිද්ද ඉතා නිදහස් නොවහල් දිවියකි. පරාර්ථ චර්යාවෙන් පිරුණු දිවියකි.සැදැහැවතුන් ගේ සිවු පසයෙන් යැපුණ ද අභිමානයත් අනතිමානයත් තෘප්තියත් සපිරුණු ජීවන චර්යාවකි. සිල්වත් උගත් ගුණවත් පැවිද්දා දඹරන් කඩක් හා සමානව අගය කළ හැකි, එහෙත් මිල කළ නොහැකි සුපුෂ්පිත පුෂ්පයකි.සිත් පුබුදු කරවන අයුරින් නවතායෙන් යුතුව සැකැසුණු මේ සාමණේර බණ දහම් පොත අපේ පුංචි හාමුදුරුවරුන්ගේ උතුම් ගමන් මඟට මා හැගි එළියක් දල්වන රුවන්මුවා පහන් ටැඹක් ම වන බව ඉතා ළෙන්ගතු ව සඳහන් කරනු කැමැත්තෙමි.
තිරිකුණාමලේ ආනන්ද මහ තෙර
Rs 225.00
Rs 250.00
-10%
Maha Sathipattana Suthra Sajjayanaya
ආචාර්ය පූජ්‍ය හේනේපොල ගුණරතන නාහිමි
මහා සතිපට්ඨාන සූත්‍ර සජ්ඣායනය
ඕමල්පේ සෝභිත නා හිමියන්ගේ මහා සතිපට්ඨාන සූත්‍ර සජ්ඣායනය මට මුලින්ම අහන්න ලැබුණේ අහඹු ලෙස යූ ටියුබය ඔස්සේය. ඒ සජ්ඣායනය තුළ තිබූ විශේෂත්වය මට එකවරම දැනුණි. ඒ සජ්ඣායනය භාවනාවට යොදාගත හැකි බව වැටහුණු නිසා මම සෝභිත හිමියන්ට දුරකතනයෙන් සම්බන්ධ කරගෙන සම්පුර්ණ සූත්‍ර සජ්ඣායනය ගෙන්වා ගත්තෙමි.උන්වහන්සේගේ සජ්ඣායනාවේ විශේෂත්වයන් කිහිපයක් මම දකිමි. එකක් නම් උන්වහන්සේගේ සජ්ඣායනා ස්වරය යි. එය ගායනාවක් නොවේ. එසේම සූත්‍රය හුදු කියවාගෙන යාමකුත් නොවෙයි. ඒ දෙකටම අයත් නොවන සූත්‍ර දේශනයකට අනුකූල ස්වරයක් රටාවක් ඒ තුළ ඇත. එය නියම අර්ථයෙන්ම සඣායනාවකි. එසේම උන්වහන්සේගේ පාලි උච්ඡාරණය ඉතාම නිවැරදි ය. එසේම පැහැදිලි ය. අද වන විට අන්තර්ජාලයේ හා විවිධ මාධ්‍ය තුළ පාලි ගාථා හා පිරිත් සජ්ඣායනා බොහොමයක් විකාශනය වෙතත්, බොහෝ විට ඒවායේ උච්ඡාරණයන් නිවැරදි නැත. සෝභිත හිමියන්ගේ පාලි භාෂා උච්ඡාරණය අනෙකුත් දේශකයන්ටත් ආදර්ශයකි.
තවද උන්වහන්සේගේ සජ්ඣායනාව තුළ එක් කොටසක් සජ්ඣායන කර අවසන් වූ විට කෙටි නිහඬ බවක් ඇත. එය ඉතාම වටිනා අංගයකි. දේශනා කළ කොටසේ අර්ථ නැවත මෙනෙහි කිරීමට එය හොඳ අවස්ථාවකි. උන්වහන්සේගේ දේශනා ශෛලිය තුළ සජ්ඣායනා කරන දෙයෙහි අර්ථය තේරුම් ගෙනම දේශනා කරන බව වැටහේ. අර්ථ දැනම දේශනා කරන නිසා අවශ්‍ය තැන්වල දී හඬ උස් පහත් කිරීමටත් අවශ්‍ය තැන් වල දී කෙටි නිහඬ බවක් ඇතුළත් කිරීමටත් උන්වහන්සේට හැකියාව ලැබී ඇත. මම දිනපතාම පාහේ මේ සජ්ඣායනාවට සවන් දෙමි. මහා සතිපට්ඨාන සූත්‍රයේ එන වටිනා දහම් කරුණු නැවත නැවත සිහිපත් කරගැනීමට එහි අරුත් විමසීමට උන්වහන්සේගේ සජ්ඣායනාව මහත් උපකාරී වේ.අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ විමුත්තායතන සූත්‍රයේ දහම පුහුණු කරන කෙනෙක් කෙළෙස් ප්‍රහීණ කොට විමුක්තියට පත්විය හැකි අවස්ථා පහක් දැක්වේ. දහම් ශ්‍රවණය කරන අවස්ථාව දහම් දෙසන අවස්ථාව, ඇසූ දහම විස්තර වශයෙන් සජ්ඣායනා කරන අවස්ථාව, ඇසූ දහම මනසින් මෙනෙහි කරන අවස්ථාව හා මැනවින් සිතසමාධිගත වූ අවස්ථාව යනු එම විමුත්තායතනයන් ය. එබැවින් සූත්‍ර ධර්ම නිවැරදිව සජ්ඣායනා කිරීම හා එම සජ්ඣායනා වලට සවන් දීම අපේ සිතේ කෙළෙස් දුරුකරන විමුක්තියට මග පාදන අවස්ථාවන් ය. පුජ්‍ය ඕමල්පේ සෝභිත නා හිමිපාණන්ගේ මහා සතිපට්ඨාන දේශනාව බොහෝ දෙනෙකුගේ සද්ධාව වැඩි දියුණු කිරීමටත්, දහම් අවබෝධය වැඩි දියුණු කිරීමටත් හේතු වේවා.!
Rs 891.00
Rs 990.00
-20%
Great Female Disciples Of The Buddha
Females were no less capable than their male counterparts in spiritual attainments. In the spiritual firmament of 2600 years ago India, the world's first order of nuns was instituted. These nuns reached the acme of spiritual perfection and also gained higher powers and faculties. The first Buddhist nun was none other than the Buddha's foster mother, Maha Pajapati Gotami. Regarding her status and achievement, the Buddha boldly declared, "She is wise, of acute intelligence and understanding, compassionate and of great intuition."
Rs 480.00
Rs 600.00
-10%
Devatha Namaskaraya
ඳේවතා නමස්කාරය' නම් මෙම ග්‍රන්ථය තුළින් දෙව් බඹුන් පිළිබඳව සමාජයේ ඇති මිථ්‍යා මත බිඳහෙලා බුද්ධ දේශනා ඇසුරෙන් නොපෙනෙන ලෝකය පිළිබඳව ද බුදු සසුන හා බැඳුණු දෙව් බඹුන් පිළිබඳව ද නිවැරදි කරුණු රැසක් ඉතා අලංකාරවත් ලෙස සමාජගත කොට ඇත.
Rs 180.00
Rs 200.00
-10%
Sowan Palayehi Mahimaya
"සෝවාන් ඵලයෙහි මහිමය " නමැති මෙකී කෘතියේ වෙසෙස් බව වනුයේ සෝවාන් ඵලය පිළිබඳ ව මින් පෙර මතු කර ඇති දුර්මතනිර්භය ව ඛණ්ඩනය කරමින්, මුල් බුදු සමයට අදාළ ව ත්‍රිපිටකානුගතව සත්‍ය කාරණ ඉස්මතු කිරීම යි. සම්භාව්‍ය සූක්ෂ්ම සරල සුවිශේෂී භාෂා රටාවක් පරිභාවිත කිරීම ද මෙකී කෘතියේ සාර්ථකත්වයට හේතු වූ බව පෙනේ. එය වූ කලී බෞද්ධ දර්ශනය පිළිබඳ ලේඛකයා ගේ ප්‍රභාවිත බහුශ්‍රැත බවත් සුපෝෂිත භාෂා පටුත්වය ත් විශද කරවන්නකි.සාම්ප්‍රදායික ගතානුගතික බණ පොත් රාමුවෙන් මිදී සිය විවේක බුද්ධි පළපුරුද්ද භාවිත කරමින්, සමස්ත ත්‍රිපිටකය ගැඹුරින් විමර්ශනය කරමින්, නිරීක්‍ෂණ පරීක්ෂණ නිගමන වශයෙන් ගොනු කරගත් දත්ත විද්‍යානුකූල ක්‍රම වේදයකට අනුගත ව සම්පාදනය කරමින් ලේඛකයා දැක් වූ සම්ප්‍රදාය විරෝධී අතිශය ප්‍රබල ලියමන, බුද්ධිගෝචර පාඨකයා ගේ මන්‍ය ලෝලනය කිරීමට සමත්ය.
විශාරද තිළිණ සූරීයපති බාහිර කථිකාචාර්ය
Rs 675.00
Rs 750.00
-10%New
Aranaka Nivena Sitha
 "අරණක නිවෙන සිත" නැමති මෙම කෘතිය මානසික දියුණුව උදෙසා අරණ්‍යගත භාවනාවේ ඇති වටිනාකම විවරණය කරන අතර  ධර්මාවබෝධය උදෙසා වෙරදරන සිව්වණක් පිරිසට ම අතිශය ප්‍රයෝජනවත් වන්නකි.
Rs 2,250.00
Rs 2,500.00
-20%New
Sri Lankeya Shasanika Mathagatum Ha Nirakarana Krama
ශ්‍රී ලාකේය ශාසනික මත ගැටුම් හා නිරාකරණ ක්‍රම (අනුරාධපුර සහ පොළොන්නරු යුගය ඇසුරෙන්) මෙම පර්යේෂණාත්මක කෘතිය පුරාණ ශ්‍රී ලංකාවේ අතිශයින් තීරණාත්මක යුග දෙකක් තුළ භික්ෂු සමාජයෙහි උද්ගත වූ සංකීර්ණතා ගැටලු, ගැටුම් හා ඒවා නිරාකරණය කිරීම විෂයෙහි එවකට පැවති දේශපාලන තන්ත්‍රය හා ඒකාබද්ධව ශාසන භාරධාරී තෙරවරුන් විසින් අනුගමනය කළ ධර්ම විනයානුකූල ක්‍රියාමාර්ග පිළිබඳ වැදගත් කරුණු රාශියක් අනාවරණය කරයි. ඒවා ශාස්ත්‍රීය පදනමකින් යුතුව ඉදිරිපත් කිරීම කරුණු කිහිපයක් නිසා වැදගත් වන අතර අතීත සංසිද්ධීන් ප්‍රාමාණික පරිදි ඉස්මතු කිරීම. වර්තමාන ගැටලු නිරාකරණය සඳහා උපස්තම්භක වීම, ඉදිරි පර්යේෂකයන් සඳහා මාර්ගෝපදේශ සැපයීම මෙන්ම ශාස්ත්‍රීය අධ්‍යයනයන්හි නියුක්ත ආචාර්ය ශිෂ්‍ය දෙපක්ෂයට ප්‍රයෝජනවත් ග්‍රන්ථයක් වීම යනාදී ප්‍රතිලාභ රාශියක් මෙම කෘතිය ඇසුරින් ලබා ගත හැකිය.
Rs 1,200.00
Rs 1,500.00
-10%New
Poya Dolaha
පෝය දොළහ නම් මෙම කුඩා පොත්පිංච බටුවත්තේ රාහුල හිමියන් විසින් රචනා කරන ලද අතර මෙම ග්‍රන්ථය තුළ පෝය දොළහ පිළිබදව ඉතා සංශිප්ත ලෙස විස්තර කර ඇති ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය. බෞද්ධයකු සුරතව නිසැකව  තිබිය යුතු කුඩා ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය.
Rs 162.00
Rs 180.00
-10%New
Thun suthraya sahitha seth pirith
තුන් සුත්‍රය සහිත සෙත් පිරිත් නම් මෙම කුඩා ග්‍රන්ථය පූජ්‍ය බටුවත්තේ රාහුල හිමියන් හා පූජ්‍ය ඕමන්තේ සෝභිත හිමියන් විසින් රචිත ඉතා වටිනා ග්‍රන්ථයක් වන අතර මෙහි තුන් සුත්‍රය සහිත සෙත් පිරිත් හි සිංහල තේරුමද අන්තර්ගත වේ.
Rs 108.00
Rs 120.00
-10%New
Thun Suthraya Sahitha Bodhi Puja Saha Buddha Wandana
දහසක් කරදර බාධක මැදින් සහනය සොයා ජීවිත යාත්‍රාව ගෙනයන මිනිසාට බෝධි පූජාව හා බුද්ධ වන්දනාව වනාහි අතිශයින්ම මානසික ඖෂධයකි. චිත්ත අවිවේකීතාවය, මානසික අසහනය ආදි දැයින් පිරී ඇති සිත පාරිශුද්ධතාව කරා ගෙන යන උතුම් වූ අධ්‍යාත්මය සුවපත් කරලීමේ වැඩ පිළිවෙළක් ලෙසද එය හැදින්විය හැකිය. පූජ්‍ය නෙල්ලියද්දේ ධම්මකිත්ති හිමියන් විසින් රචිත තුන් සූත්‍රය සහිත බෝධි පුජා සහ බුද්ධ වන්දනා නම් මෙම ග්‍රන්ථය තුළින් ශ්‍රාවකයා නිසි මගට යොමු කොට චල බවින් අචල බවට ගමන් කරලීමට මග පාදනු නොඅනුමානය.
Rs 288.00
Rs 320.00