Maha Sathipattana Suthra Sajjayanaya
ආචාර්ය පූජ්‍ය හේනේපොල ගුණරතන නාහිමි
මහා සතිපට්ඨාන සූත්‍ර සජ්ඣායනය
ඕමල්පේ සෝභිත නා හිමියන්ගේ මහා සතිපට්ඨාන සූත්‍ර සජ්ඣායනය මට මුලින්ම අහන්න ලැබුණේ අහඹු ලෙස යූ ටියුබය ඔස්සේය. ඒ සජ්ඣායනය තුළ තිබූ විශේෂත්වය මට එකවරම දැනුණි. ඒ සජ්ඣායනය භාවනාවට යොදාගත හැකි බව වැටහුණු නිසා මම සෝභිත හිමියන්ට දුරකතනයෙන් සම්බන්ධ කරගෙන සම්පුර්ණ සූත්‍ර සජ්ඣායනය ගෙන්වා ගත්තෙමි.උන්වහන්සේගේ සජ්ඣායනාවේ විශේෂත්වයන් කිහිපයක් මම දකිමි. එකක් නම් උන්වහන්සේගේ සජ්ඣායනා ස්වරය යි. එය ගායනාවක් නොවේ. එසේම සූත්‍රය හුදු කියවාගෙන යාමකුත් නොවෙයි. ඒ දෙකටම අයත් නොවන සූත්‍ර දේශනයකට අනුකූල ස්වරයක් රටාවක් ඒ තුළ ඇත. එය නියම අර්ථයෙන්ම සඣායනාවකි. එසේම උන්වහන්සේගේ පාලි උච්ඡාරණය ඉතාම නිවැරදි ය. එසේම පැහැදිලි ය. අද වන විට අන්තර්ජාලයේ හා විවිධ මාධ්‍ය තුළ පාලි ගාථා හා පිරිත් සජ්ඣායනා බොහොමයක් විකාශනය වෙතත්, බොහෝ විට ඒවායේ උච්ඡාරණයන් නිවැරදි නැත. සෝභිත හිමියන්ගේ පාලි භාෂා උච්ඡාරණය අනෙකුත් දේශකයන්ටත් ආදර්ශයකි.
තවද උන්වහන්සේගේ සජ්ඣායනාව තුළ එක් කොටසක් සජ්ඣායන කර අවසන් වූ විට කෙටි නිහඬ බවක් ඇත. එය ඉතාම වටිනා අංගයකි. දේශනා කළ කොටසේ අර්ථ නැවත මෙනෙහි කිරීමට එය හොඳ අවස්ථාවකි. උන්වහන්සේගේ දේශනා ශෛලිය තුළ සජ්ඣායනා කරන දෙයෙහි අර්ථය තේරුම් ගෙනම දේශනා කරන බව වැටහේ. අර්ථ දැනම දේශනා කරන නිසා අවශ්‍ය තැන්වල දී හඬ උස් පහත් කිරීමටත් අවශ්‍ය තැන් වල දී කෙටි නිහඬ බවක් ඇතුළත් කිරීමටත් උන්වහන්සේට හැකියාව ලැබී ඇත. මම දිනපතාම පාහේ මේ සජ්ඣායනාවට සවන් දෙමි. මහා සතිපට්ඨාන සූත්‍රයේ එන වටිනා දහම් කරුණු නැවත නැවත සිහිපත් කරගැනීමට එහි අරුත් විමසීමට උන්වහන්සේගේ සජ්ඣායනාව මහත් උපකාරී වේ.අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ විමුත්තායතන සූත්‍රයේ දහම පුහුණු කරන කෙනෙක් කෙළෙස් ප්‍රහීණ කොට විමුක්තියට පත්විය හැකි අවස්ථා පහක් දැක්වේ. දහම් ශ්‍රවණය කරන අවස්ථාව දහම් දෙසන අවස්ථාව, ඇසූ දහම විස්තර වශයෙන් සජ්ඣායනා කරන අවස්ථාව, ඇසූ දහම මනසින් මෙනෙහි කරන අවස්ථාව හා මැනවින් සිතසමාධිගත වූ අවස්ථාව යනු එම විමුත්තායතනයන් ය. එබැවින් සූත්‍ර ධර්ම නිවැරදිව සජ්ඣායනා කිරීම හා එම සජ්ඣායනා වලට සවන් දීම අපේ සිතේ කෙළෙස් දුරුකරන විමුක්තියට මග පාදන අවස්ථාවන් ය. පුජ්‍ය ඕමල්පේ සෝභිත නා හිමිපාණන්ගේ මහා සතිපට්ඨාන දේශනාව බොහෝ දෙනෙකුගේ සද්ධාව වැඩි දියුණු කිරීමටත්, දහම් අවබෝධය වැඩි දියුණු කිරීමටත් හේතු වේවා.!
Terms and conditions of use

Publisher : POTHUPITIYE AMARASEKARA PAHALAVITHANA
ISBN : 978-624-5191-61-1
Pages : 360
Weight : 465 g
Binding : Soft Binding
Name : මහා සතිපට්ඨාන සූත්‍ර සජ්ජායනය
- Language
- Sinhala
- Publisher
- POTHUPITIYE AMARASEKARA PAHALAVITHANA
- Author
- Omalpe Sobhitha Thero
Shipping
The customer must choose from the following mail services that the BCC provides in the online purchase form: Order Processing (within 3 working days)
- DHL
- Domex
- AirMail
- Sri Lanka Post (Domestic)
Upon receipt of confirmation of payment, the Buddhist Cultural Center will release purchased books to the mail service selected by the customer in the online purchase form. The BCC hereby exempts itself from any and all responsibilities pertaining to the shipment or postage of goods. The time taken for delivery, and quality of service, will depend on the express mail service or shipping service selected by the customer in the online purchase form.
Returns Policy
In the case of returns, a formal complaint must be lodged (in writing) within 14 days of the purchase. The return of purchased items is only acceptable under the following circumstances:
- Manufacturing defects in items such as audio or video cassettes, CDs and DVDs.
- Printing or binding defects in printed material
- The shipment of an item that was not ordered, or the failure to ship an ordered item.
The Buddhist Cultural Center will bear no expense for postage of formal complaints, or returned items. The Buddhist Cultural Center is exempt from any and all liability pertaining to manufacturing defects if foul play is suspected or discovered.
Refund Policy
The BCC will consider a refund on a purchased item only if said item becomes unavailable after purchase. A request for a refund must be made within 2 days of the transaction. The average period of time taken for a refund can range between 14 and 21 days.
feedback Report comment