Out-of-Stock Sri Lankave Pali Sahithyaya Out-of-Stock ශ්‍රී ලංකාවේ පාලි සාහිත්‍යය - ලොව පතළ මහා විද්වතෙකු වූ මහාචාර්ය ගුණපාල මලලසේකර ශුරීන්ගේ Pali Literature of Ceylon නම් වූ ඉංග්‍රීසි භාෂාවෙන් රචිත ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය "ශ්‍රී ලංකාවේ පාලි සාහිත්‍ය යනුවෙන් ඔබ අතට පත් කර ඇත. Rs 641.92 Details View details
Palipathawali Palipathawali - This book intended to serve as a supplementary readers to the new Pali Bhashataranaya by the same author which were widely used in schools from the early decades of the last centure. Rs 170.00 Add to cart Buy
Porana Bhashitha Wadan Huruwa පොරාණ භාසිත වදන් හුරුව - සිංහල දරුවනට අත්පොත් තැබීමෙන් පසුව අපේ විහාරස්ථානවලත්, පාසල්වලත්, පුරාණයේ සිට භාවිතා කරන ලද පැරණි පොත් පෙළක එකතුවක් මෙම කෘතියේ අන්තර්ගතව ඇත. Rs 531.00 Add to cart Buy
Wansakatha - Pali Sahithya Ithihasaya 1 වංසකථා - පාලි සාහිත්‍ය ඉතිහාසය 1 - පාලි වංශකතා පිළිබඳව සිංහලයෙන් ලියවුනු ග්‍රන්ථ විරල ය. පාලි භාෂා සාහිත්‍යය පිළිබඳව ඉගැනුමක යෙදී සිටින විද්යාර්ථීන්ට මෙම ග්‍රන්ථයෙන් ඉමහත් සේවයක් සැලසේ.. Rs 212.40 Add to cart Buy
Lowada Sagara Warnanava ලෝවැඩ සඟරා වර්‍ණනාව - දුසිරිත් වලට ලැබෙන අනිටු පල විපාකයන් සුසිරිත් වලට ලැබෙන යහපත් ඉටු විපාකත් දැක්වෙන කෘතියකි.ලෝවැඩ සගරාව බෞද්ධ සැමදෙනාගේ සුචරිත වර්ධනයට මග හෙලිකරන ලෝවැඩ සගරා වර්ණනාව සැබවින්ම හස්තපාර වස්තුවකි. Rs 708.00 Add to cart Buy
Buthsarana බුත්සරණ - ජාතක කථා විපස්සනාදී ඤාණ,ලෝක පිළිබද විමසීම් පුද්ගල දමනය,දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ආදී බුදුරජාණන් වහන්සේගේ උත්තම චරිතය පිළිබද විශිෂ්ට වර්ණනාවකි " බුත්සරණ" Rs 1,000.00 Add to cart Buy
Sinhala Sahithye Swarnayugaya සිංහල සාහිත්‍යයේ ස්වර්ණයුගය - සිංහල සාහිත්‍යයේ ගී යුගය,කථා සාහිත්‍යය,සන්න ගැටපද,ඡන්දස් අලංකාර,ආදී විවිධ අංග පිළිබඳව කරන ලද ශාස්ත්‍රීය නිබන්ධනයකි. Rs 354.00 Add to cart Buy
Anirdishta Pali Patha Sangrahaya අනිර්දිෂ්ට පාළි පාට සංග්‍රහය - පෙළ බස හෙවත් පාලි භාෂාව ශ්‍රී ලංකාවේ දී සිංහල භාෂාව සඳහා නිරවුල් අවබෝධයක් ලබා ගැනීමට රුකුල් දෙන්නක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වල සහ විශ්ව විද්‍යාලයන්හි පාලි භාෂාව විෂයක් ලෙසින් සැලකෙන හෙයින් අනිර්දිෂ්ඨ පාලි පාඨ හැදෑරීම අවශ්‍ය දෙයක් වී තිබේ. එහෙයින් අනිර්දිෂ්ඨ පාලි පාඨ එකතැන් වූ ග්‍රන්ථයකි මෙය.. Rs 885.00 Add to cart Buy
Prachina Wibhaga Saha Wishwa Widdyala Wibhaga Sadaha Niyamitha Shasthriya Lekhana Sangrahaya ප්‍රාචීන විභාග සහ විශ්ව විද්‍යාල විභාග සඳහා නියමිත ශාස්ත්‍රීය ලේඛන සංග්‍රහය - ප්‍රාචීන විභාග - විශ්වවිද්‍යාල පරීක්ෂණ සඳහා නිර්දේශිත ලේඛන සංග්‍රහයකි. සිංහල විශ්ව කෝෂය, වෙසතුරුද සන්නෙ, අභිධර්ම කෝෂය, සමන්නෙසනා ආදී ශාස්ත්‍රීය ප්‍රස්තාවනා සමූහයක් මෙහි අන්තරගතය.. Rs 590.00 Add to cart Buy
Bharatheeya Darshana භාරතීය දර්ශනය - භාරතයේ උපන් සකල දර්ශනවාදයන් පිළිබඳව කෙරෙන තුලනාත්මක විග්‍රහයකි. භාරතීය දර්ශනය එකිනෙකට වෙනස් වූ සම්ප්‍රදායන් රාශියකින් යුත් සුවිශාල විෂයකි. දර්ශනය විෂයක් වශයෙන් උගන්නා සියලුම ශිෂ්‍යයන්ට වඩාත් ඵලදායී වන අන්දමට මෙම භාරතීය දර්ශන පොත සකස්කර තිබේ.. Rs 531.00 Add to cart Buy
Pracheena Prarambha Vibhaga Nava Nirdeshitha Pali Nirdishta Grantha ප්‍රාචීන ප්‍රාරම්භ විභාග නව නිර්දේශිත පාලි නිර්දිෂ්ට ග්‍රන්ථ මහාවග්ග පාලි, සංයුත්ත නිකාය, ජාතකට්ඨ කථා පෙළ, සන්න,විශ්ලේෂණ, ප්‍රස්තාවනාව සමගින් කෙරෙනා විවරණයකි. Rs 708.00 Add to cart Buy
Pali Nirdishta Grantha - Buddhi Winodani 2 ප්‍රාචීන මධ්‍යම විභාගය සඳහා නිර්දිෂ්ඨ පාලි ග්‍රන්ථ මජ්ඣිම නිකාය, ථේරගාථා, පාලි ථූපවංශය, තෙලකටාහ ගාථා මෙම පොතෙහි ඇතුලත්ය.. ප්‍රාචීන විභාග සඳහා ඉදිරිපත් වන සිසුන් හට මෙමෙ පොත ඉතා වැදගත්ය.. Rs 708.00 Add to cart Buy
Out-of-Stock Kavya Rasaya Ha Bhashawa Out-of-Stock සංස්කෘත කාව්‍යනුශාසනය පිළිබඳ රස, ගුණ, රීති, අලංකාර දෝෂ ආදිය භාශාත්‍රයේම නිදසුන් දක්වමින් මෙහි සංග්‍රහ කොට තිබේ.. තවද සංස්කෘත පාලි හා සිංහල භාෂාවන් පිළිබඳව සම්භවය හා ව්‍යාප්තිය ද, ඒ ඒ යුගයෙහි පහල වූ ග්‍රන්ථ මාලාවේ සංක්ෂිප්ත තොරතුරු ද සංග්‍රහ කොට ඇත. Rs 375.00 Details View details
Patama Patawali - 02 ධම්මපදට්ඨකතා, ජාතකට්ඨකතා, රසවාහිනී ආදී කෘති වලින් උපුටා ගත් පාලි ඡේද ඇතුලත් මෙය පාලි භාෂාව හදාරන අය හට උපකාරීවන කෘතියකි.. Rs 265.50 Add to cart Buy
Pali Nirdishta Grantha - Buddhi Winodani 3 බුද්ධි විනෝදනී - 3 ප‍්‍රාචීන අවසාන (පණ්ඩිත විභාග නව නිර්දේශිත පාලි නිර්දිෂ්ට ග‍්‍රන්ථ නව විෂය නිරිදේශාන්කූලව ප‍්‍රාචීන අවසාන විභාගයට අයත් පාලි භාෂා නිර්දිෂ්ට ග‍්‍රන්ථ කොටසේ දීඝනිකාය (1 හා 2 භාගයන්හි සූත‍්‍ර 3 - බ‍්‍රහ්මජාල සුත්තං කූටදන්ත සුත්තං මහානිදාන සුත්තං* සුත්තනිපාතය (උරගවග්ගය යන කොටස් පිළිබද සාරංග ප‍්‍රස්ථාවනාවන් සමගින් ඒවායෙහි පෙළ, සන්නය, විස්තරාර්ථ විභාග දක්වා අටුවා හා ටීකා මතයන්ද ගෙනහැර දක්වමින් විද්‍යාර්ථීන්ගේ පහසුව සදහා සිදු කළ ග‍්‍රන්ථයකි. Rs 767.00 Add to cart Buy
Budu Dahama Saha Sri Lankawe Sesu Agam බුදු දහම හා හින්දු, ක්‍රිස්තියානි , ඉස්ලාම් යන ලංකාවේ ප්‍රචලිතව පවතින ආගම් හතර පිළිබදව ලියැවුණු නිරාකූල සංක්ෂිප්න විස්තරයකි. Rs 236.00 Add to cart Buy
Out-of-Stock Pali Wyakarana Out-of-Stock ව්‍යාකරණ විධි නවයක් ඔස්සේ පාලියේ සෑම ව්‍යාකරණ විධියක් ම ඉතා සරලව හා උදාහරණ සහිතව මෙහි පේනවා ඇත. විශේෂයෙන් ශිෂ්‍යයන් ට අමාරු යයි සැලකෙන කාරක ව්‍යාකරණ විධියත්, උක්තානුක්ත ව්‍යාකරණ විධියත් මෙහි ඉතා සරලව උගන්වා තිබීම වැදගත් ය. Rs 500.00 Details View details
Out-of-Stock Teeka Adhyanaya Out-of-Stock පාලියෙන් ලියැවුණු ටීකා සාහිත්‍යය ඉතා දුර්ලභ අර්ථ විවරණ සහිත ග‍්‍රන්ථ පද්ධතියකි. ඒ සම්බන්ධ නිශ්චිත ලිපි පෙළක් ලෝකයේ කවර බසකින්වත් මෙතෙක් පල වී නැත. එහෙයින් මේ ලිපි පෙළ ඉතා වැදගත් ලිපි පෙළක් බව කිව යුතුය. Rs 1,250.00 Details View details
Sanskrutha Alankarawediyo පරිච්ඡේද තුනකින් සමන්විත වන මෙම කෘතියෙන් සංස්කෘත අලංකාර ශාස්ත‍්‍රයේ විකාශනය, අලංකාරවාදය, දණ්ඞීන් හා කාව්‍යාදර්ශය යන මාතෘකා පුළුල් විමර්ශනයකට ලක් කර ඇත. Rs 250.00 Add to cart Buy
Pali Sinhala Pirith Potha බෞද්ධ ලෝකයේ ප‍්‍රබලම ශාන්තිකර්මයක් හා ආගමික චාරිත‍්‍ර ධර්මයක් බවට පත්ව ඇති පරිත‍්‍රාණ ධර්මය පිළිබද කිරිවත්තුඩුවේ ශ‍්‍රී ප‍්‍රඥාසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සම්පාදිත ''පාලි - සිංහල පිරිත් පොත'' මෙතෙක් එම විෂය පිළිබද සම්පාදිත ශේෂ්ඨ කෘතිය ලෙස විද්වත් ලෝකයේ සම්භාවනාවට පාත‍්‍ර වී ඇත. Rs 2,900.00 Add to cart Buy
Out-of-Stock Sinhala Bodhi Wansaya Out-of-Stock බෞද්ධ දර්ශනයට පිවිසගෙන ඇති සෝවාන්, සකෘදාගාමී, අනාගාමි, අර්හත් යන සතර මාර්ගයෙහි පිහිටි ඥානය බෝධි නම් වේය යන අර්ථය ද අවධාරණය කරමින්, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය ද, මහමෙවුනා උයනෙහි ප‍්‍රතිෂ්ඨාපනය කරන ලද ශ‍්‍රී මහා බෝධීන් වහන්සේගේ වංශකතාවට සමගාමීව ශ්‍රෝතෘ ජනයා තුළ ශ‍්‍රද්ධා භක්තිය ජනනය වන ලෙසින් විශිෂ්ඨ කෘතියකි. Rs 350.00 Details View details
Out-of-Stock Wansaththappakasini Mahawansa Teekawa Out-of-Stock වංසත්‍ථපපකාසිනී මහාවංස ටීකාව - මහානාම හිමියන් විසින් සම්පාදිත පාලි මහාවංසයට සපයන ලද පාලි ටීකාව වංසත්ථප්පකාසිනි නමින් හැදින්වේ. මහාවංසයට සපයන ලද විස්තරාර්ථ වර්ණනාවක් වුවද එහි ඇතුළත් නැති වැදගත් කරුණු රාශියක් ද මෙම ටීකාවෙහි දක්නට ලැබීම විශේෂත්වයකි. Rs 750.00 Details View details
Aithihasika Wagvidya Praweshaya ඓතිහාසික වාග්විද්‍යා ප්‍රවේශය - ඓතිහාසික වාග් විද්‍යාව පිළිබද සංක්ෂිප්ත ප‍්‍රස්ථාවනා ග‍්‍රන්ථයක් වන මෙම කෘතිය, භාෂාධ්‍යයනයෙහි යෙදෙන්නවුන් සදහා පොදුවේත්, නූතන වාග් විද්‍යාවෙහි එක් අංශයක් වන ඓතිහාසික වාග් විද්‍යාව හදාරන්නවුන් සදහා විශේෂයෙනුත් සකස් කරන ලද්දකි. Rs 1,475.00 Add to cart Buy
Janakatha 01-Sinhala Pali Sanskrutha ජනකථා 1 (සිංහල, පාලි, සංස්කෘත) - රකුසිය නසා දිනූ කුමාරයා, සැලමුතු පෙම, හැට හතර මායම් හා ජනකථා තුන මෙහි සිංහල, පාලි හා සංසකෘත යන භාෂා තුනෙන් ම ලියැවී තිබේ. සංස්කෘත කොටස එම සංස්කෘත අකුරු ම භාවිතා කරමින් ලියැවී තිබේ. භාෂාවන් හදාරණ අයට මහඟු අත්වැලකි. Rs 250.00 Add to cart Buy
Bhashana Sanskrutham භාෂණ සංස්කෘතම් - එක් එක් ස්ථානවලදී සංස්කෘත භාෂාවෙන් කතා කරන අන්දම නිරූපණය කරන පොතකි. එක් එක් වාක්‍ය සංස්කෘත නාගර අක්ෂරයෙන් ද එය උච්චාරණය කරන ආකාරය හා සිංහල අර්ථය ද දක්වා ඇති මෙය සංස්කෘත ආරම්භයට සුදුසු ය. Rs 460.00 Add to cart Buy
Sarala Sanskruthashikshakaya 1 සරල සංස්කෘත ශික්ෂකය 1 - මේ සරල සංස්කෘත ශික්ෂකය නම් පොත් වැලෙහි පළමු වැන්නය. මෙය වනාහි මුල පටන්ම නාගර අකුරුත් සමගම සංස්කෘත භාෂාව පුහුණු කරන ආධුනිකයන් සදහා පිළියෙල කරන ලද්දකි. තවද සංස්කෘත භාෂාව උගන්නවුනට මුලදීම කියවන හෝඩිපොත වශයෙන් සකසන ලද්දකි. Rs 380.00 Add to cart Buy
Out-of-Stock Pali-Sinhala Pariwarthana Puhunuwa Out-of-Stock පාලි - සිංහල පරිවර්තන පුහුණුව - ප‍්‍රාචීන ප‍්‍රාරම්භ සහ මධ්‍යම විභාග සදහා පෙනී සිටින ශිෂ්‍යයන්ට, පිරිවෙන් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලට පෙනී සිටිනා අයටද දහම් පාසල්වල පාලි භාෂාව ඉගෙන ගන්නා ශිෂ්‍යයන්ට ද ප‍්‍රයෝජනවත් වන පරිදි මෙම පරිවර්තන පුහුණු ග‍්‍රන්ථය සම්පාදනය කර ඇත. Rs 300.00 Details View details
Out-of-Stock Wairagyashathakaya Out-of-Stock වෛරාග්‍යශතකය - ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය සදහා ඉදිරිපත්වන වීද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය සදහා සංස්කෘත පෙළ, අන්වය හා පදගතාර්ථ සහිතව සංස්කරණය කරන ලද්දකි. Rs 300.00 Details View details
Out-of-Stock Wag Widyathmaka Sanskrutha Bhasha Adhyayanaya Out-of-Stock වාග් විද්‍යාත්මක සංස්කෘත භාෂා අධ්‍යයනය - ප‍්‍රාචීන අවසාන විභාගයට පෙනී සිටින විද්‍යාර්ථීන් හට ප‍්‍රයෝජනවත් වන අයුරින් සම්පාදනය කරන ලද කෘතියකි. Rs 250.00 Details View details
Out-of-Stock Sidathsangarave Pasukaleena Bhasha Salasum karanaya Out-of-Stock සිඳත් සඟරාවේ පසුකලීන භාෂා සැලසුම්කරණය - සිදත් සගරා විෂය කොටගෙන බිහි වූ හා සිදත් සගරාව ආශ‍්‍රය කරමින් බිහි වූ ව්‍යාකරණ ග‍්‍රන්ථ වලින් සිදුව ඇති භාෂා සැලසුම්කරණයන් හෙළිදරව් කිරීම මෙම කෘතියෙහි මූලික අරමුණ වේ. Rs 600.00 Details View details
Selalihini Sandeshaya සැළලිහිණි සංදේශය - සංදේශ සාහිත්‍යයේ අතිශය රසවත් කාව්‍ය නිර්මාණයන්ගෙන් යුතු පොතක් ලෙස සැලකෙන මෙය තොටගමුවේ ශ‍්‍රී රාහුල හිමියන් විසින් රචනා කරනු ලැබ ඇත. මෙම නව සංස්කරණය වර්තමාන සිසු පරපුරේ ප‍්‍රයෝජනය සඳහා සෑම පද්‍යයක් වෙනුවෙන් ම පද පිළිවෙල අර්ථය සහ ටිප්පනි යන අංග තුනෙන් ම සමන්විතව සැකසී තිබේ. ටිප්පනි යටතේ අර්ථාවබෝධයට අපහසු පදයන් සම්බන්ධව විස්තර දක්වා ඇති අතර සාහිත්‍යමය රසවින්දනය සඳහා ද අවස්ථාව සලසා දී තිබේ. සිසුන්ට ප‍්‍රයෝජනවත් වන පරිදි මෙහි ප‍්‍රස්ථාවනාව ද සැකසී තිබීම විශේෂත්වයකි. ප‍්‍රස්තාවනාව යටතේ ශ‍්‍රී රාහුල හිමියන්ගේ ප‍්‍රතිභාව ද එකල කවි සමය හා රාහුල හිමියන් පිලිබඳව ද කරුණු රැසක් සඳහන් ව තිබේ. Rs 650.00 Add to cart Buy
Out-of-Stock Mayura Sandashaya Out-of-Stock පදගතාර්ථ සහිත මයුර සංදේශය - සංදේශ සාහිත්‍ය ග‍්‍රන්ථ අතුරින් මයුර සංදේශයට ද හිමිවන්නේ නොදෙවෙනි තැනකි. දැනට මෙය අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රයේ විවිධ විභාගයන් සඳහා නියම කර ඇති බැවින් පැරණි සංස්කරණයට වඩා ඉතාමත් පැහැදිලි වර්තමාන සිංහල භාෂාව යොදාගෙන සංස්කරණය කර තිබේ. මේ නිසා ඕනෑ ම අයෙකුට පහසුවෙන් කියවා අවබෝධ කර ගත හැක. සෑම පද්‍යයක් සඳහා ම සැකසුම, අර්ථය, විස්තර හා පද විවරණයක් සපයා තිබේ. වැදගත් තොරතුරු රැසක් ඇතුළත් කරමින් ලියැවුණු වටිනා ප‍්‍රස්ථාවනාවකින් ද යුක්තය. උසස් විභාග සඳහා පමණක් නොව පාසල් අධ්‍යාපන සඳහා වුවද භාවිත කිරීමට සුදුසු වන ලෙස සංස්කරණය කර තිබේ. Rs 590.00 Details View details