Rs 603.00
Rs 670.00
-10%
Research & Criticism Books
There are 190 products.
Ketikatha Wimasuma
කෙටිකතා විමසුම - ශාස්ත්‍රපති, සරත් නිතවල මහතා විසින් සිදු කළ අ.පො.ස. (උසස් පෙළ) - සිංහල 2017 නව නිර්දේශයට අනුකූල කෙටි කතා විචාරයන් මෙම ග්රන්ථයෙහි ඇතුළත් වේ. සිංහල විෂය උගන්වන ඇඳුරුතුමන්ලාටත්, විෂය හදාරන සිසු දරුවන්ටත් වටහා ගැනීමට පහසු ලෙස පැහැදිලි කිරීම් ඉදිරිපත් කර තිබේ.
Rs 427.50
Rs 475.00
Rs 405.00
Rs 450.00
Sambhavya Vichara Uddeepana
Out-of-Stock
සම්භාව්‍ය විචාර උද්දීපන - ජගත් කීර්තියට පත් සම්භාව්‍ය විද්වතුන්ගේ විචාර මතවාද සිංහල පාඨකයාට හදුන්වාදෙන වැදගත් කෘතියකි. ගී ද මෝපසාං, ඇන්ටන් චෙකොව්, බර්ග් එසන්වින්, රිචඞ් හෝගාඞ් සහ ජෝජ් ලූකාස්ගේ තෝරාගත් නිබන්ධ මීට ඇතුළත්ය.
Rs 225.00
Rs 250.00
Gee Kawya Meemansa
Out-of-Stock
ගී කාව්‍ය මීමංසා - පුරාතන සිංහල පද්‍ය කාව්‍යයේ ස්වභාවය පිළිබිඹුු කෙරෙන, එහි රුව ගුණ හදුනා ගැනීමෙහි හා ආස්වාදනයෙහි ප්‍රවර්ධනයට තුඩුදෙන කාව්‍යබස් වහර හා වර්ණනා ශක්තියෙහි ප්රබෝධයට ඉවහල් වන විචාර ග්රන්ථයකි.
Rs 292.50
Rs 325.00
Rs 80.00
Rs 100.00
Beddegama Rasasvadaya Ha Wicharaya
Out-of-Stock
බැද්දේගම රසාස්වාදය හා විචාරය - අ.පො.ස (උ/පෙළ) සිංහල විෂය සඳහා නිර්දේශිත වන බැද්දේගම නව කතාව සබැඳි ව විචාරයන්, පැහැදිලි කිරීම් විධිමත් ව මෙහි කතෘ විසින් සිදු කර ඇති මෙම කෘතිය ගුරු-සිසු දෙපාර්ෂවයට මෙන් ම පොදු පාඨකයන්ට ද සුදුසු වේ.
Rs 360.00
Rs 400.00
Purathana Gadya Wimasuma
පුරාතන ගද්‍ය විමසුම
Rs 337.50
Rs 375.00
Nuthana Padya Sangrahaya Vicharaya
නූතන පද්‍ය සංග්‍රහය විචාරය - ශාස්ත්‍රපති, සරත් නිතවල මහතා විසින් සිදු කළ අ.පො.ස. (උසස් පෙළ) - සිංහල 2017 නව නිර්දේශයට අනුකූල පද්‍ය විචාරයන් මෙම ග්රන්ථයෙහි ඇතුළත් වේ. සිංහල විෂය උගන්වන ඇඳුරුතුමන්ලාටත්, විෂය හදාරන සිසු දරුවන්ටත් වටහා ගැනීමට පහසු ලෙස චිචාරයන් සඳහන් කර ඇත.
Rs 315.00
Rs 350.00
Prathyakshaya Saha Wishwasaya
Out-of-Stock
අද සමාජය වන විට නැවතත් දේව සංකල්ප සහ අමුනුෂ්‍ය සංකල්ප වරින් වර හිස ඔසවන බවක් පෙනි යයි. මේ පිළිබඳ ඇති බෞද්ධ සංකල්පය පිළබඳ විග්‍රහයක් ප්රත්යක්ෂය සහ විශ්වාසය කෘතිය මගින් ගම්‍ය වේ.
Rs 360.00
Rs 400.00
Budu Dahama Saha Buddhagama
Out-of-Stock
සූත්‍ර, විනය හා අභිධර්ම ලෙසින් දක්වා ඇති බුදු දහම පසු කාලීනව එකතු වූවා යැයි සැලකෙන විවිධ පුද පූජා හා වන්දනා ක්‍රම පිළිබඳව සුවිශේෂී විග්‍රහයක් ඉදිරිපත් කරමින් නිර්මාණය වූ අගනා කෘතියක් ලෙසින් දැක ගත හැක.
Rs 927.00
Rs 1,030.00
Palibhasha Wimarshanaya
පාලි භාෂා විමර්ශනය- විභාග සදහාත් විශ්ව විද්‍යාලවල විභාග සදහාත් සූදානම් වන විද්‍යාර්ථීන්ගේ ප්‍රයෝජනය සදහා සම්පාදනය කරන ලද නිබන්ධනයකි.
Rs 162.00
Rs 180.00
Kaviya, Geethaya Ha Samajaya
Out-of-Stock
කවිය, ගීතය හා සමාජය - දශක හතරකට අධික කාලයක් තුළ කතුවරයා විසින් කවියත්, ගීතයත් අරබයා ලියන ලද නිබන්ධ විසිපහක් මෙම ග්රන්ථයට ඇතුළත් වෙයි.
Rs 427.50
Rs 475.00
Dhammapadaya Ha Buaddha Purushartha
ධම්මපදය හා බෞද්ධ පුරුෂාර්ථ - ධම්මපදය හා බෞද්ධ පුරුෂාර්ථ නම් ග්‍රන්ථය උසස් උපාධියක් සඳහා කරන ලද පර්යේෂණයකි. එය මුද්‍රිත ග්රන්ථයක් වශයෙන් නිකුත් කිරීම වැඩි දෙනෙකුට ප්‍රයෝජනවත් වේයැයි යන හැඟීමෙන් දියපත්තුවේ රේවත හිමි විසින් ප්‍රකාශයට පත් කොට ඇත.
Rs 180.00
Rs 200.00
Sri Lankave Bhikshuni Parshadaya Pilibada Wimarshanayak
Out-of-Stock
ශ්‍රී ලංකාවේ භික්ෂුණි පර්ෂදය පිළිබඳ විමර්ශනයක් - ත්‍රිපිටකය ප්‍රධාන මූලාශ්‍ර කරගනිමින් අදාල වංශ කථා හා අටුවා උප මූලාශ්‍ර කර ගනිමින් මෙම ග්‍රන්ථයෙන් අප විසින් සාකච්ඡා කරනුයේ දෙවෙනි වරට ශ්‍රී ලංකාවේ ආරම්භව ක්‍රියාත්මක වෙමින් පවතින භික්ෂුණී පර්ෂදය හා තදනුබද්ධ වූ ධර්ම විනයානුකූල විමර්ශනාත්මක විග්රහයකි. භික්ෂු ශාසනය, භික්ෂුණී ශාසනය ව්‍යවහාරය ශාස්ත්‍රීය නොවන බව අපගේ පිළිගැනීමයි. උපාසක ශාසනය, උපාසිකා ශාසනය යනුවෙන් ව්‍යවහාරයක් නැත. ඇත්තේ බුද්ධ ශාසනය පමණි. 'පරිසා' යන පාලි වචනයට අනුරූප 'පර්ෂද' යන සංස්කෘත පදය වඩාත් සුදුසු යැයි පෙනී යන බැවින් එය මෙහි යොදා ඇත. ත්‍රිපිටක මූලාශ්‍ර වල උධෘත 'බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලා' ඇසුරෙන් බව කරුණාවෙන් සලකන්න.
Rs 315.00
Rs 350.00
Pali Adhyayana Vimarshana
Out-of-Stock
පාලි අධ්‍යයන විමර්ශන - මහාචාර්යය ඔලිවර් අබේනායක මහතා විසින් 1960 වසරේ පටන් පුරා දශක හයකට ආසන්න කාලය තුල විවිධ මාතෘකා යටතේ ලිපි රාශියක් ඉදිරිපත් කොට ලැබ ඇත. එයින් පාලි අධ්‍යයන සදහා ඇති ලිපි සියල්ල ම සංගෘහිත කර ඇති මෙම කෘතිය පාලි විෂයය හදාරණ විද්‍යාර්ථීන්හට මහත් සේ ප්‍රයෝජනවත් වනු ඇත.
Rs 720.00
Rs 800.00
Mahanagakula Sandeshaya
මහානාගකුල සංදේශය - '13 වැනි සියවසෙහි රචිත මහානාගකුල සන්දේසය පොළොන්නරු යුගයේ දක්ෂිණ ලංකාවේ සුප්‍රකට විහාරස්ථානයක් මෙන් ම ධර්ම ශාස්ත්රාලයක් ද වන රම්බා විහාරයෙහි සිට බුරුමයේ අරිමද්දනපුර වැඩවිසූ සංඝරක්ඛිත හිමිපාණන් වෙත යවන ලද පාලි සංග්‍රහයකි.'
Rs 360.00
Rs 400.00
Sambudu Siritha Ha Bauddha Kalashilpa
සම්බුදු සිරිත හා බෞද්ධ කලාශිල්ප - 2016 සිට 2019 තෙක් සිරිසමන් විජේතුංග මහතා විසින් සතිපතා බුදුසරණ පත්‍රයට ලියන ලද ශාස්ත්‍රීය ලිපි ග්රන්ථයට අදාළව යළි සංස්කරණය කරමින් ලියන ලද මෙම "සම්බුද්ධ සිරිත හා බෞද්ධ කලා ශිල්ප" ග්‍රන්ථය තරුණ වියපත් පාඨකයනට ප්‍රයෝජනයත් වේ.
Rs 2,250.00
Rs 2,500.00
Thrisvabhavanirdeshaya
මහා දාර්ශනික වසුබන්ධු තෙරුන් විසින් රචිත ත්‍රිස්වභාවනිර්දේශය පෙළ, සිංහල පරිවර්තනය හා අර්ථ විවරණය - වාසුබන්දු තෙරුන් වහන්සේ බෞද්ධ ලෝකයාට සුවිශාල චින්තනමය වෙනසක් ඇතිකර ගැනීමට මඟ පෑදූ සහ ලෝක දර්ශන කේෂේත්රය තුළ බොහෝ සෙයින් ගෞරවයට හා සැලකිල්ලට පාත්‍ර වන ප්‍රබල ගණයේ දාර්ශනික පරිණතභාවයකින් යුක්ත වූ තෙරුන් වහන්සේ නමකි. උන්වහන්සේගේ කෘතියක් වන ත්‍රිස්වභාවනිර්දේශය තුළ අඩංගු වන්නේ විඥප්තිමාත්‍රතා දර්ශනයේ පදනම සැකසී ඇති ආකාරය පැහැදිලි කරන දාර්ශනික සාකච්චාවකි.
Rs 405.00
Rs 450.00
Sivura
Out-of-Stock
සිවුර - සිවුර පිළිබඳ විවිධ කතා ජාතක කතා මඟින් පළ කර තිබේ. මෙම කතා පුවත් මඟින් හෙළි වන තොරතුරු වෙන් කොට මෙම ග්‍රන්ථය ඇතුළත් කර ඇති අතර ඉන් පෙර පැවති කතාවන් ද එක් කර ඇත. එසේ ම එහි පවතින සමාජ ආකල්ප ආදිය ද බොහෝ දුරට එක් කොට ඇත. ආදිතම ඇඳුම විදියට කරුණු එක් කිරීමේ දී රේරුකානේ චන්දවිමල මහ නා හිමියන්ගේ 'ශාසනාවතරණය' හා 'උපසම්පදාශීලය' යන ග්රන්ථ හා වෙනත් එක් කළ තොරතුරු මඟින් එහි පැරණි බව ඔප්පු කිරීමට උත්සාහ කර ඇත. සිවුරේ පවතින පැරණි බව එහි ආරම්භය, අඳින විදිය හා සිවුර සකස් කරන විදිය මෙන් ම විනයානුකූල බව ආදිය ද ඒ සඳහා භාවිත කරන ක්‍රමවේද මෙන්ම ගත යුතු දෑ ආදිය ද විග්රහ කොට ඇත.
Rs 225.00
Rs 250.00
Saga Bala Perali
Out-of-Stock
සඟ බල පෙරළි - ශ්‍රී ලාංකේය සමාජ සන්දර්භය තුළ බෞද්ධ භික්ෂුවගේ කාර්යභාරය සමාජ විද්‍යාත්මකව විමසා බැලෙන මෙම කෘතිය මෙරට ජාතික ඉතිහාසය පිළිබඳව වැදගත් සංරචකයන් රැසක් විග්රහාත්මකව පැහැදිලි කළ කෘතියකි. දේශපාලනය තුළ ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කළ බෞද්ධ භික්ෂූන් වහන්සේ තම සමාජ බලපෑම පදනම් කරගෙන පාලන පක්ෂයේ වෙනස්කම් ඇති කළ ආකාරය පිළිබඳව සමාජ විද්‍යාත්මක විමසා බැලීමකට මෙම කෘතිය තුළින් කතුවරයා උත්සාහ දරා ඇත.
Rs 180.00
Rs 200.00
Bhikshu Samajaya
භික්ෂු සමාජය - ලෝක ඉතිහාසයේ වාර්තාගත දීර්ඝතම අවිච්චින්න මානව සංවිධානයක් වශයෙන් බෞද්ධ භික්ෂු සමාජය විද්වතුන්ගේ නොමඳ අවධානයට පාත්‍ර වූවකි. එබඳු සංවිධානයක පැවැත්මට මූලාධාර වූ විනය ශික්ෂාවවලින් වර්තමාන සමාජ සංවිධානවලට ගත හැකි ආදර්ශ රාශියකි. එහෙත් විනය ශික්ෂා පිළිබඳ සරල සිංහල භාෂාවෙන් විචාරාත්මකව ලියන ලද ග්රන්ථ ඉතා විරලය.
කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය පූජ්‍ය දේවාලේගම මේධානන්ද හිමියන් විසින් රචිත එමෙන්ම නව සංස්කරණයකින් යුක්තව පළ කොට ඇති "භික්ෂු සමාජය" නමැති කෘතිය ඉහත කී අඩුව බොහෝ දුරට සම්පූර්ණ කිරීමට ගත් ප්‍රශස්ථ උත්සාහයක් ලෙස සඳහන් කළ යුතුය. ශාස්ත්‍රීය මෙන්ම ප්‍රායෝගික යන දෙපක්ෂයෙන්ම විනය ශික්ෂා පිළිබඳ ප්‍රාමාණික අවබෝධයකින් යුතු උන්වහන්සේගේ මෙම කෘතිය විද්වත් පාඨක ජනතාවගේ මෙන්ම සාමාන්‍ය බෞද්ධ ජනතාවගේ ද අවධානයට යොමු විය යුතු කෘතියක් බව සඳහන් කරනු කැමැත්තෙමි.
කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය පූජ්‍ය දේවාලේගම මේධානන්ද හිමියන් විසින් රචිත එමෙන්ම නව සංස්කරණයකින් යුක්තව පළ කොට ඇති "භික්ෂු සමාජය" නමැති කෘතිය ඉහත කී අඩුව බොහෝ දුරට සම්පූර්ණ කිරීමට ගත් ප්‍රශස්ථ උත්සාහයක් ලෙස සඳහන් කළ යුතුය. ශාස්ත්‍රීය මෙන්ම ප්‍රායෝගික යන දෙපක්ෂයෙන්ම විනය ශික්ෂා පිළිබඳ ප්‍රාමාණික අවබෝධයකින් යුතු උන්වහන්සේගේ මෙම කෘතිය විද්වත් පාඨක ජනතාවගේ මෙන්ම සාමාන්‍ය බෞද්ධ ජනතාවගේ ද අවධානයට යොමු විය යුතු කෘතියක් බව සඳහන් කරනු කැමැත්තෙමි.
Rs 225.00
Rs 250.00
Polonnaru Ha Dabadeni Kathikavath
Out-of-Stock
පොළොන්නරු හා දඹදෙණි කතිකාවත් - පොළොන්නරු හා දඹදෙණි කතිකාවත් ඇසුරින් මධ්‍යකාලීන ලාංකික භික්ෂු සමාජය පිළිබඳව කෙරෙන ඓතිහාසික හා සමාජවිද්‍යාත්මක අධ්‍යනයක් වන මෙම ග්‍රන්ථය පූජ්‍ය මහාචාර්ය යටදොළවත්තේ ධම්මවිසුද්ධි හිමිපාණන් විසින් කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සඳහා ඉදිරිපත් කරන ලද පර්යේෂණ කෘතියයි.
Rs 405.00
Rs 450.00
Rs 1,800.00
Rs 2,000.00
Sambhawya Adyapanayehi La Wanapothkaranaye Upayogithawaya
සම්භාව්‍ය අධ්‍යාපනයෙහි ලා වනපොත්කරණයේ උපයෝගීතාවය - පිරිවෙන් අධ්‍යාපනය පිළිබදව උනන්දුවක් දක්වන පර්යේෂකයන්ට මෙන්ම පිරිවෙන් පවත්වාගෙන යන පරිවේනාධිපති හිමිවරුන්ට හා පිරිවෙන් ගුරු භවතුන්ටත් මෙම කෘතිය මහත් සේ ප්‍රයෝජනවත් වනු ඇත.
Rs 371.70
Rs 413.00
Rs 315.00
Rs 350.00
Pali Sahithya Wicharaya
පාළි සාහිත්‍යය විචාරය
Rs 67.50
Rs 75.00
Sinhala Sanna Atuva Pilibadi Samajiya Sahithyamaya Paryeshanayak
Out-of-Stock
සිංහල සන්න අටුවා පිළිබැඳි සමාජීය, සාහිත්‍යමය පර්යේෂණයක්
Rs 585.00
Rs 650.00
Pali Sahithya Wivarana
පාලි සාහිත්‍යය විවරණ - ථෙරවාදී බුදුසමයේ භාෂා මාධ්‍ය වන පාලි භාෂාව සහ සාහිත්‍යය අද වනවිට භික්ෂූන් වහන්සේලා සහ සීමිත ගිහි පිරිසක් අතර පමණක් ව්‍යවහාර වන භාෂා මාධ්‍යයක් බවට පත් වී ඇත. පාලි භාෂාව හුදෙක් ලෝකෝත්තර පරමාර්ථ සාධනය කරවන ආගමික භාෂාවක් පමණක් නොව එය සංගීතය, කලාව, ගීතය, කවිය, කෙටිකතා ආදී නූතන සාහිත්‍යමය ප්රවණතාවලින් සමලංකෘත ජනප්‍රිය කලාකාමී භාෂා සාහිත්‍යයක් වශයෙන් සහේතුකව කරුණු ඉදිරිපත් කිරීමට රාජකීය පණ්ඩිත ඇහැලේපොල මහින්ද හිමියන් මෙම කෘතියෙන් උත්සාහ දරා ඇත.
Rs 360.00
Rs 400.00
Japanaye Agama Saha Samajaya
ජපානයේ ආගම සහ සමාජය - ජපන් වංශකථාවල දැක්වෙන පරිදි, එරටේ ජාතික ඉතිහාසය පටන් ගන්නේ ක්‍රි.පූ. 6 වෙනි ශතවර්ෂයේදී ය. නමුත් ඊට බොහෝ කාලයකට පෙර සිටම, වරින්-වර ආසියා මහාද්වීපයෙන් පැමිණි විවිධ සංක්‍රමණිකයන් විසින්, ජපානයේ ඇතැම් පළාත්වල ජනාවාසයන් පිහිටුවා ගෙන තිබුණු බව පුරා-විද්‍යාඥයෝ සඳහන් කරති. ආරම්භයේ සිට, යුගයෙන් යුගයට ජපන් රටේ ඇති වූ විවිධ සමාජ පරිවර්තනයන් ද ඒවා අනුව එරටේ ආගමික වාතාවරණය කලින් කලට වෙනස්වූ ආකාරය ද කතුවරයා මෙම ග්රන්ථයෙහි පැහැදිලිව විස්තර කරයි. ජපානයේ ඉතිහාසය පිළිබඳව පමණක් නොව ජපනුන්ගේ ගතිගුණ පිළිබඳව ද ගැඹුරින් වටහා ගැනීම සඳහා මෙම ග්‍රන්ථයෙන් ලැබෙන පිටිවහල ඉතා විශාලය.
Rs 630.00
Rs 700.00
Rs 270.00
Rs 300.00
Pali Sahithya Adyayana - 2
Out-of-Stock
පාලි සාහිත්‍ය අධ්‍යයන - 2 - මෙම කෘතිය තුළ පාලි සාහිත්‍යයෙහි විවිධ අංශ පිළිබඳව ප්‍රමාණවත් විවරණයක් සිංහල භාෂාවෙන් ඉදිරිපත් කර ඇත. මෙතෙක් මෙම විෂය පිළිබඳව විවිධ විද්වතුන් විසින් එකතු කොටැති ඥාන සම්භාරය සරල ලෙසත් විධිමත් ලෙසත් මෙහි දී ඉදිරිපත් කරනු ලැබ ඇත.
Rs 360.00
Rs 400.00
Pali Sahithya Adhayayana - 1
Out-of-Stock
පාලි සාහිත්‍ය අධ්‍යයන - 1 - මෙම කෘතිය තුළ පාලි සාහිත්‍යයෙහි විවිධ අංශ පිළිබඳව ප්‍රමාණවත් විවරණයක් සිංහල භාෂාවෙන් ඉදිරිපත් කර ඇත. මෙතෙක් මෙම විෂය පිළිබඳව විවිධ විද්වතුන් විසින් එකතු කොටැති ඥාන සම්භාරය සරල ලෙසත් විධිමත් ලෙසත් මෙහි දී ඉදිරිපත් කරනු ලැබ ඇත.
Rs 225.00
Rs 250.00