Rs 320.00
Sinhala Language & Literature
There are 83 products.
Niwaradi Sinhalaya
කොළඹ විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ජේ. බී. දිසානායක මහතා විසින් නිවැරදි සිංහලයෙන් ලිවීමට කැමැත්තක් දක්වන නිවැරදි වහර නොදන්නා ආධුනිකයන් අරබයා නිවැරදි වහර ආධුනිකයන්ට සරලව හා පහසුවෙන් උගත හැකි ලෙස රචනා කරල ලද කෘතියකි නිවැරදි සිංහලය.
Rs 1,250.00
Bhasha Adyanaya Ha Sinhala Wyavaharaya
Out-of-Stock
භාෂා අධ්‍යයනය හා සිංහල ව්‍යාකරණය - විශ්ව විද්‍යාලයීය උපාධි විෂයක් වශයෙන් සිංහල භාෂාව හා වාග් විද්‍යාව හදාරන්නන්ගේ ප‍්‍රමුඛ පාඨ්‍ය ග‍්‍රන්ථයක් වන මෙය මේ රටේ පාසල්වල සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන්ට සිංහලය උගන්වන ගුරුවරුන් හා මුද්‍රිත ජනමාධ්‍යවේදීන් ඇතුළු සිංහල ලේඛකයන් බොහෝ දෙනා විසින් ද පරිශීලනය කරනු ලබන අත්පොතකි.
Rs 600.00
Sinhalaye Wag Vidyathmaka Svarupaya
Out-of-Stock
සිංහලයේ වාග් විද්‍යාත්මක ස්වරූපය - මෙම කෘතිය ජර්මන් ජාතික වාග් විද්‍යාඥයකු වූ විහෙල්ම් ගයිගර් (1956-1943) පඬිතුමා විසින් ඉංග්‍රීසි බසින් ලියන ලද 'The Linguistic Character of Sinhalese' නම් නිබන්ධනයේ සිංහලානුවාදයකි.
Rs 150.00
Sndhi Wimarshana
සන්ධි විමර්ශන - භාෂාවක් අවශ්‍ය පරිදි හසුරුවා ගැනීම සඳහා විද්වතුන් නොයෙකුත් භාෂා ප‍්‍රයෝග උපයෝගී කරගන්නා ආකාරය දක්නට ලැබේ. එම භාෂා ප‍්‍රයෝග එක්තරා සම්මත ක‍්‍රමයක් අනුව යොදා ගැනීම පවතින ක‍්‍රමවේදය වේ. මෙම කෘතියෙන් සිංහල භාෂාවේ සන්ධි විධි අනුව වචන සකසා ගන්නා අන්දම විග‍්‍රහ කර ඇත. එම සන්ධි විධි උදාහරණ සහිතව මෙහි දක්වා තිබේ. සිසුන්ට මෙන් ම ගුරු භවතුන්ට ද භාවිතය සඳහා සුදුසු අත්‍යවශ්‍ය ග‍්‍රන්ථයකි.
Rs 325.00
Buddha Gadya Saha Sakaskadaya
Out-of-Stock
බුද්ධ ගද්‍ය සහ සකස්කඩය - පුරාණ අධ්‍යාපන ක‍්‍රමයේ සුවිශේෂී ස්ථානයක් හිමිවන කෘති දෙකකි. භාෂාව ඉගෙනීමට අත්පොත් තබන දරුවනට මූලික හුරුව ලබාදෙන ග‍්‍රන්ථ ද්විත්වයක් ලෙසද හඳුන්වා දිය හැකිය. දරුවන්ගේ ආකල්ප වර්ධනයත්, ශිල්පය ඉගෙනුමට පදනමත්, නිවැරදි වාග් උච්චාරණයත් මේ කෘතියෙන් ලබා දෙයි.
Rs 190.00
Sinhala Granthaarranaya Hewath Sinhala Katha Sayura
සිංහල ග‍්‍රන්‍ථාර්ණවය හෙවත් සිහළ ගත් සයුර - සිංහල හෝඩිය, නම්පොත හෙවත් විහාර අස්න, මඟුල් ලකුණ හා අසීති අනුව්‍යාඤ්ජන, වදන් කවි පොත, ගණදෙවි හෑල්ල, බුද්ධ ගද්‍ය හා සකස්කඩ, නාමාෂ්ට ශතකය සහ නවරත්නය, ව්‍යාකාරකය යන පැරණි පොත් ද ඒවායෙහි සිංහල අර්ථකථනයන් හා විස්තර විවරණ ද ඇතුළත් කරමින් ලියැවී ඇති පොතකි. පැරණි අධයාපන පොත් රැුසක් බැවින් වත්මන් ළමුන් අතට පත් කිරීම ද සුදුසු ය.
Rs 490.00
Sidath Sagara Wimasuma
Out-of-Stock
සිදත් සඟරා විමසුම - සිංහල භාෂාවේ ව්‍යාකරන නීති සම්බන්ධව ලියැවුණු පැරණි ම පොත වශයෙන් සැලකිය හැකි සිදත් සඟරාව බොහෝ වියත්හු ගුරු පොතක් වශයෙන් සැලකූහ. ව්‍යාකරණ විධි විස්සක් විස්තර කෙරෙන මෙම පොත හැම ශිෂ්‍යයකු ම කියවා බැලිය යුතු පොතකි. කටපාඩම් කළ යුතු, කළ හැකි, ව්‍යාකරණ රීති ඉතා ප‍්‍රයෝජනවත් ය. පැරණි බස්වහර හසුරුවමින් ලියැවී ඇති සිදත් සඟරාව සඳහා ලියැවුණු මෙම විමසුම සිංහල භෂා විද්‍යාර්ථීන් සඳහා ම ලියැවුණකි.
Rs 320.00
Sinhala Pada Warga
Out-of-Stock
සිංහල පද වර්ග - තනි පද,ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග පද,යුගල පද මේ කෘතියේ අන්තර්ගතයි.පාසල් සිසුන්ගේ සිංහල භාෂාමය අවබෝධය පුළුල් කිරීමට මෙය දායක වනු ඇත.
Rs 225.00
Akshara Vinyasaya
අක්ෂර වින්‍යාසය - සිංහල භාෂාවට අක්ෂර වින්‍යාසයක් අවශ්‍ය ව ඇත්තේ විකල්ප අක්ෂර නමින් අක්ෂර විශේෂයක් පවතින හෙයිනි. එනම්, සමාන ශබ්ද ඇති අක්ෂර කිහිපය බැගින් තිබෙන හෙයින් විකල්ප අක්ෂර විශේෂයක අවශ්‍යතාව මතු වී ඇත. එහිදී මතු වන ගැටළු උදෙසා මෙකී ග‍්‍රන්ථය රචනා වී ඇත. එහෙයින් පාසල් ශිෂ්‍යයින් සහ කාර්යාලයීය ප‍්‍රයෝජනය සඳහා මේ ග‍්‍රන්ථය වඩාත් ප‍්‍රයෝජනවත් වනු ඇත.
Rs 200.00
Samana Saha Wiruddha Pada
Out-of-Stock
සමාන පද සහ විරුද්ධ පද - සිංහල භාශාවේ සමානාර්ථ පද සහ විරුද්ධාර්ථ පද කවරේ ද, ඒවා වඩාත් උචිත ලෙස භාවිතයට ගත හැකි වන්නේ කවර තැන්හි ද යන්න අවබෝධ කර ගැන්මට සමාන පද සහ විරුද්ධ පද පිළිබඳ රචිත මෙකී කෘතියෙන් හැකියාව ලැබේ.මෙහි වචන අකාරාදි පිළිවෙලට සකසා ඇති බැවින් පාසල් සිසුන්ට පහසුවෙන් අවශ්‍ය වචන සොයා ගැනීමට ද හැකියාව ලැබේ.
Rs 225.00
Sinhala Bhashadyayana Ithihasaya
Out-of-Stock
සිංහල භාෂාධ්‍යයන ඉතිහාසය - මේ කෘතිය භාෂා අධ්‍යයනය නූතන විද්‍යාත්මක ශික්ෂණ මාර්ගයක් සේ වර්ධනය වීමට පූර්වයෙහි පටන් සිංහල භාෂාවේ ඉතිහාසය සම්බන්ධයෙන් සිදු කෙරුණු විමර්ශන, අධ්‍යයන හා ගවේෂණ සම්බන්ධයෙන් කෙරෙන ප‍්‍රමාණික අධ්‍යයනයකි.
Rs 600.00
Sinhala Bhashave Prabhavaya Ha Pravardhanaya
Out-of-Stock
සිංහල භාෂාවේ ප‍්‍රභවය හා ප‍්‍රවර්ධනය - සිංහල භාෂා ඉතිහාසය හදාරණ ප‍්‍රාචීන හා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් වෙනුවෙන් සම්පාදනය කරන ලද ප‍්‍රශස්ථ කෘතියකි.
Rs 250.00
Sidathsangarave Bhasha Salasumkaranaya
සිඳත් සඟරාවේ භාෂා සැලසුම්කරණය - මේ කෘතියේ දී දඹදෙණි යුගය හා සිදත් සගරාව බිහිවීමට බලපෑ සමාජ, දේශපාලන පසුබිම, දඹදෙණි යුගයේ භාෂා සාහිත්‍යය තත්ත්වය, සිදත් සගරා කතුවරයාගේ අරමුණු, සිදත් සගරාවේ සංස්ථිතිය, සිද්ධාන්ත, සිදත් සගරාවේ ව්‍යාකරණ විධි හා භාෂා සැලසුම් ප‍්‍රයත්න මෙන් ම සිදත් සගරා පිරිවර ග‍්‍රන්ථ වලින් සිදු වූ විවිධ සැලසුම් පිළිබදව අධ්‍යයනයට ලක්කර ඇත.
Rs 380.00
Sinhala Nawakathave Vikashanaya
Out-of-Stock
සිංහල නවකතාවේ විකාශනය - මෙම කෘතියෙන් සිංහල නවකතාව ක‍්‍රමයෙන් දියුණු වී ගිය අන්දමත්, කලින් කලට යුගයෙන් යුගයට, එහි ස්වරූපය හා පරමාර්ථ වෙනස් වූ ආකාරයත්, සිංහල නවකතා, කලාවට හා එහි සන්දර්භයට අළුත් අංග එකිනෙක එකතු වූ හැටිත් සුවිශේෂී විග‍්‍රහයක් කර ඇත.
Rs 350.00
Sinhala Bhasha Vyakarana
Out-of-Stock
සිංහල භාෂා ව්‍යාකරණය - නිවැරදි සිංහල භාෂාව භාවිතයේදී ව්‍යාකරණය අතිශයින් වැදගත් වේ. පාසල් දරුවන්ටත් සන්නිවේදන මාධ්‍යයන්හි නියුතු වූවන්ටත් හෙළ බසට ආදරය කරන සැමටත් ස්වීය භාෂා ඥානය සංවර්ධනය කර ගැනීමට අත්‍යන්තයෙන්ම වැදගත්ය.
Rs 1,000.00
Sinhala Sahithya Sangrahaya Igenumata Athwelak
Out-of-Stock
සිංහල සාහිත්‍ය සංග්‍රහය ඉගෙනුමට අත්වැලක් - උසස් පෙළ සාහිත්‍ය විෂයානුබද්ධ ග්‍රන්ථයක් ලෙසින් ඔබ අතට පත් වන මෙය පෙළපොතෙහි අභ්‍යාස සඳහා පිළිතුරු සැපයීම හා ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරුවලින්ද සමන්විත වේ.
Rs 370.00
Sinhala Bhashave Panthi Padanama
Out-of-Stock
සිංහල භාෂාවේ පන්ති පදනම - සිංහල භාෂාව විකාසනය වීමේදී පන්ති පදනම භාෂාව කෙරෙහි බල පවත්වා ඇති අන්දම පරීක්‍ෂා කර බැලීම අරමුණු කොට ගෙන මේ ග‍්‍රන්ථය සැකසී තිබේ.
Rs 150.00
Kumarathunga Wadawaliya
Out-of-Stock
කුමාරතුංග වාදාවලිය - කුකවි වාදය, ගිරා-ගුත්තිල වාදය, ‘‘හිමි, මම් කැත දුවක්මු’’, තිසර-මියුරු වාදය, පාලි වාදය යන ශාස්ත‍්‍රීය වාද පස පිළිබඳ දැනුම අවබෝධ කර ගැනීමට වත්මන් සිසුන්ට, විද්‍යාර්ථීන්ට මෙමගින් අවස්ථාව උදා වනු ඇත.
Rs 850.00
Sinhala Rachanaya Ha Sahithya Rasaswadaya
සිංහල රචනය හා සාහිත්‍ය රසාස්වාදය - ගුරුභවතුන් හට නිවැරදිව සිංහල භාෂාව ඉගැන්වීම සඳහා සකස් කරන ලද ග්‍රන්ථය සිංහල රචනය හා සාහිත්‍ය රසාස්වාදය වේ. සිංහල භාෂාව මුලාරම්භයේ සිටම නිවැරදිව උගෙන ගැනීමටත් රචනාකරණය කිරීම පිළිබඳවත් මෙම ග්‍රන්ථය මගින් පැහැදිලි කරනු ලබයි. ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයේ සිට පිරිවෙන්හි ඉගන ගන්නා ශිෂ්‍යයන් විසින් පරිශීලනය කලයුතු ග්‍රන්ථයකි..
Rs 2,124.00
Sinhala Sahithye Swarnayugaya
සිංහල සාහිත්‍යයේ ස්වර්ණයුගය - සිංහල සාහිත්‍යයේ ගී යුගය,කථා සාහිත්‍යය,සන්න ගැටපද,ඡන්දස් අලංකාර,ආදී විවිධ අංග පිළිබඳව කරන ලද ශාස්ත්‍රීය නිබන්ධනයකි.
Rs 354.00
Thisara Sandeshaya
තිසර සංදේශය - ඉපැරණි ම සංදේශ කාව්‍යය වශයෙන් සැලකෙන මෙම ග‍්‍රන්‍ථයෙන් අවුරුදු පන්සියයකට පෙර ලංකාවේ ඉතිහාසය සමාජ තතු ආගමික පසුබිම ආදී කරුණු ගණනාවක් විවරණය වේ. ඉටු අනිටු ගණ සහ අධ්‍යාපනය සඳහා ඉතා වැදගත් කරුණු රාශියක් පිටු 28 කින් යුත් සංඥාපනයට ඇතුළත් කර තිබේ. සංදේශ කාව්‍යය පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් ලබා ගැනීමට මෙම පොත අනිවාර්යයෙන් ම කියවිය යුතු අතර කාන් රසාස්වාදයේ තීව‍්‍ර වින්‍දනය සඳහා එය උපකාරී වනු ඇත.
Rs 280.00
Gira Sandeshaya
Out-of-Stock
ගිරා සංදේශය - සංදේශ ග‍්‍රන්ථ අතරින් ඉතාමත් රසවත් කාව්‍ය ග‍්‍රන්ථය ලෙස සමහර වියතුන්ගේ ප‍්‍රසාදය හිම් වූ සිංහල විෂයය වෙනුවෙන් විභාග ගණනාවක් ම සඳහා නිර්දේශිත ග‍්‍රන්ථයකි. ඓතිහාසික කරුණු ඇතුළත් ඉතා රසවත් විරිත් කීපයකින් ම සැකසුණු පද්‍ය 254 කින් යුතු මෙම කෘතියෙහි සෑම පැදියකට ම පද පිළිවෙළ, අර්ථය, විස්තරාඛ්‍යාන සහ රස භාව සංකල්පනයන් ද ඇතුළත් කර තිබේ. සුන්දර රසාස්වාදයන් ලබාදෙන අති රමණීය ගී සංකල්පයන්ගෙන් පරිපූර්ණ සංදේශ කාව්‍යයකි.
Rs 390.00
Sawul Sandeshaya
Out-of-Stock
සැවුල් සංදේශය - අලගියවන්න මුකවෙටි තුමා අතින් ලියැවී ඇති මෙම සංදේශය සීතාවක පුරවරයේ සිට සබරගමුව වෙත යැවෙන ලෙස ලියැවී තිබේ. අලංකාර පද්‍යවලින් යුතු ය. මෙය ද කාලානුරූප ව ලියැවුණු සාහිත්‍ය වටිනාකමකින් යුතු පොතකි.
Rs 240.00
Hansa Sandeshaya
හංස සංදේශය - සිංහල සංදේශ කාව්‍ය අතර පැරණි ම සංදේශ කීපය අතරට මෙම සංදේශය ද අයත් වන බව සඳහන් කරන කතුවරයා මෙය ද සෑම කාව්‍යාංගයකින් ම සමන්විත වන අතර එහි අර්ථය ද පැහැදිලිව සඳහන් වේ. එසේ ම සෑම පදයක් සඳහා ම යොදා ඇති කාව්‍ය විස්තරයන්ගෙන් සාහිත්‍ය පිළිබඳ ව දැනුම් රැසක් ගෙන එන බව දක්නට ලැබේ. මේ හැරෙන්නට ඒ ඒ පද්‍ය වල දක්නට ලැබෙන විවිධි ග‍්‍රන්ථි පද සඳහා විවරණය කිරීමක් ද දක්නට ඇත. කවර උසස් විභාගයකට වුවද සූදානම් වන අයට භාවිත කළ හැකි ලෙස සැකසී තිබේ.
Rs 720.00
Sinhala Sahithyaye Negeema
සිංහල සාහිත්‍යයේ නැගීම - සිංහල සාහිත්‍යයේ එන ජනකවි, සිව්පද කාව්‍ය, ගද්‍ය හා පද්‍ය ආදී බොහෝ සංස්කෘතිකමය මාතෘකා ඔස්සේ ලියැවුණු විචාරවත් ග්‍රන්ථයක් ලෙසින් හඳුන්වා දිය හැක. මෙහි එන පටුන කියවන කා හට වුවද මාර්ටින් වික්‍රමසිංහයන්ගේ විචාර බුද්ධියට ගෝචර වූ මාතෘකා එයට කදිම නිදසුන් වේ.
Rs 1,100.00
Nawa Padya Sinhalaya
නව පද්‍ය සිංහලය - නූතන සිංහල පද්‍යය ස්වාධීනව විභාග කරමින් මේ දක්වා ලියවී ඇති හොඳම විචාර ග්‍රන්ථය "නව පද්‍ය සිංහලය" බව බොහෝ විචාරකයින්ගේ මතයයි. කොළඹ යුගයේ එළිසම පද්‍යය හා නිසඳැස් - නිදහස් පද්‍ය පිළිබඳව පුළුල් විචාරණයක් ඉදිරිපත් කරන මෙම ග්‍රන්ථය සිංහල සාහිත්‍ය හදාරන විද්‍යාර්ථීන්ට මෙන් ම උගතුන්ට ද එකසේ ප්‍රයෝජනවත් වේ.
Rs 350.00
Sinhala Sahithya Wansaya
සිංහල සාහිත්‍ය වංශය - සිංහල සාහිත්‍ය වකවාණු සියල්ල පුරාතන, මධ්‍යතන, නූතන යනුවෙන් යුග තුනකට බෙදා ඒ ඒ යුගවලට ඇතුළත්වන කාලසීමා, ඒ වකවාණුවල ලියැවුණු ග‍්‍රන්ථ, ඒ ග‍්‍රන්ථාගතබස ඇතුළත් කරුණු හා ග‍්‍රන්ථස්වභාවය ආදිය ගැන ප‍්‍රමාණවත් විස්තරයක්, විචාරවත් තොරතුරු රැසක් මේ අද්විතීය පර්යේෂණාත්මක කෘතියෙහි අන්තර්ගත වී ඇත.
Rs 5,000.00
Sahithya Kalawa
Out-of-Stock
සාහිත්‍ය කලාව - "කලාවක් වශයෙන් සිංහල සාහිත්‍ය හදාරන්නන් හා එහි රස විඳින්නන් සාමාන්‍ය පාඨකයින් අතර පමණක් නොව සිංහල පණ්ඩිතයන් අතර පවා නැතැයි පවසන මාර්ටින් වික්‍රමසිංහ මහතා සිංහල ගද්‍ය පද්‍ය සාහිත්‍යය, මෙම කෘතිය මඟින් සියුම් විමසුමකට බඳුන් කරයි. ලේඛන කලාවෙහි සමතුන් වනු කැමැතියන්ට ද සාහිත්‍ය රස විඳින්නවුන්ට හා සාහිත්‍ය විවේචනය කරන්නවුන්ට ද මේ ග්‍රන්ථය අත් පොතක් ලෙසින් ප්‍රයෝජනවත් වනු ඇත." ජයදේව-ලංකාදීප
Rs 300.00
Padyawali
පද්‍යාවලී - සාගර පළන්සූරිය මහතා විසින් රසවිදීම සදහා එක්රැස් කළ රචනාවන් ක‍්‍රමානුකූලව යෙදීමෙන් මෙම ග‍්‍රන්ථය නිර්මාණය කර ඇත. නවීන කාලයේ පටන් නුවර කාලය අවසනට අපේ පද්‍යවංශය පිළිබඳව සෑහෙන අවබෝධයක් පද්‍යාවලියෙන් ලැබෙනු ඇත.
Rs 550.00
Muvadevdavatha - Wanarathna Wyakhya
Out-of-Stock
මුවදෙව් දා වත - චමත්කාරජනක කාව්‍ය සංකල්පනාවලින් පරිපූර්ණ ගී විරිතින් ලියැවුණු මෙම කාව්‍යයෙන් ගෙන එන්නේ මඛාදේව ජාතකයයි. පදගතාර්ථ, භාව, ටිප්පනි සහ චන්‍දස් යටතේ එක් එක් කවිය පිළිබඳව දීර්ඝ ලෙස විස්තර සපයා ඇත. ජනප‍්‍රිය බෞද්ධ කථාවකි. සාර්ථක සංස්කරණයකි.
Rs 490.00
Kotte Yugaye Sandesha Wivaranaya
Out-of-Stock
කෝට්ටේ යුගයේ සංදේශ විවරණය - බොහෝ වෙහෙස මහන්සිව විශේෂ කරුණු රැස්කර ලියන ලද පොතකි.උසස් පෙළ සිංහල විෂය හදාරණ සිසුන්ටද, උගන්වන ගුරුවරුන්ටද බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.
Rs 110.00
Sahithya Atuvava
සාහිත්‍ය අටුවාව - සාහිත්‍යය හදාරන්නන්ට හමුවන්නේ අප සංස්කෘතියේ විවිධ දායාදයන්ය. එම දායාදයන් ඇසුරු නොකර දේශාභිමානය හා අප ජාතියේ ප්‍රෞඩත්වය ආදිය පිළිබඳ හැඟීමක් ඇති කර ගත නොහැක. එම නිසා සාහිත්‍යය යනු අධ්‍යාපනික වශයෙන් පමණක් නොව සෑම පුරවැසියෙකුටම තම ජාතික අභිමානය ගොඩනඟා ගැනීමට ඉවහල් වන විෂය ක්‍ෂේත්‍රයකි. ඒ සඳහා දිවයින පුවත්පතට ලියූ ලිපි මුල් කරගෙන සිරි තිලකසිරි විසින් රචිත සිහිත්‍ය අටුවාව ඉතා ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි.
Rs 180.00